لومړۍ 200 کرښې.
The Untamed
Episode 05
මේඝ අසපුව පිටුපස තිබෙන කන්දේ , නිසැක වශයෙන්ම කුමක් හෝ රහසක් තිබෙනවාද ?
ජි සහෝදරයා , මේ ඔබයි .
ජි සහෝදරයා , මම එය සිදුකලේ සිතාමතා නෙවෙයි .
ඔබයි නිහඬව මගේ පිටුපසින් පැමිණියේ .
මම සූදානම්ව සිටියෙත් නැහැ .
ජි සහෝදරයා ,
ඔබට රහසක් පවසන්නම් .
මට පිටුපස කන්දෙන් යම් ශබ්ද වගයක් ඇසුනා .
මට සිතෙන ආකාරයට කවුරුන් හෝ කන්දට අනවසරයෙන් ඇතුල්වි තිබෙනවා .
ආත්ම උදුරා ගැනීමේ සිදුවීමට එහි යම් සම්බන්ධයක් තිබිය හැකිද ?
ඔබ කුමක්ද කරන්නේ ?
ඔබ කෙසේද මෙලෙස මාව ඇදගෙන යන්නේ ?
එය වේදනාකාරියි !
රිදෙනවා !
ලස්සන අත් අකුරු .
බලාපොරොත්තු වන මට්ටමත් අභිබවා යනවා .
වංජි සහෝදරයා .
ලන් වංජි .
ලන් ජන් !
ඔබට හැකිද ඔය ලෙසට මා දිහා බලන්නේ නැතුව ඉන්න ?
ඔබයි පළමුව මාව නොසලකා හැරියේ . එනිසයි මම ඔබේ උපත් නාමය භාවිතා කළේ .
ඔබට අවශ්‍ය නම්, මටත් එලෙසින්ම අමතන්න .
ඔබේ පාදය බිමින් තබන්න .
ඔබ පවසන ලෙසටම .
ඒ කෙසේ වුවත් , වංජි සහෝදරයා .
මට ඔබෙන් ප්‍රශ්නයක් ඇසීමට තිබෙනවා .
කුමක් නිසාද ඔබ මට මෙතරම් වෛර කරන්නේ ?
දෙවන ලන් මාස්ටර් , ඔබ වචන කිහිපයක් පමණක් පවසා නැවතත් මාව නොසලකා හරිනවා .
මම ඔබෙන් සමාව අයැදියා එමෙන්ම මගේ වරදත් පිළිගත්තා .
එදින රාත්‍රියේදී මම එම බිත්තියට නගින්නේ නැතුව , මත්පැන් පානය නොකර, ඔබත් සමඟ සටන් නොකර ඉන්නයි තිබුණේ .
නමුත් මම දිවුරනවා , මම ඔබේ වංශයේ නීතිරීති කිසිවක් දැන සිටියේ නැති බවට .
එසේ දැන සිටියා නම් , මම ඔබ ඉදිරියේ අධිරජ සිනහව පානය කරන්නේ නැහැ .
මම එය නැවත මගේ කාමරයට ගෙන ගොස් රහසිගතව පානය කල යුතුයි .
මට මෙය පැහැදිලි කරගැනීමට අවශ්‍යයි .
ඔබයි පළමුව සටන ආරම්භ කළේ .
ඔබ මට පළමුව පහර නොදුන්නා නම් , අපට සාධාරණව කතාබස් කළ හැකිව තිබුණා .
කවුරුන් හෝ පළමුව මට පහර දුන්නොත් , මමත් නැවත පෙරළා ඔහුට පහර දෙනවා .
එම නිසා ඔබට මට පමණක් මේ සඳහා දොස් පැවරිය නොහැකියි .
දෙවන ලන් මාස්ටර් , ඔබ මා පවසන දෙයට සවන් දෙනවාද ?
දෙවන ලන් මාස්ටර් , ඔබෙන් බැල්මක් ලබා ගැනීමේ ගෞරවය මට ලබාදිය හැකිද ?
පරිච්ඡේදය තව එක් වරක් පිටපත් කරන්න .
මම ඔබෙන් සමාවත් අයැදියා .
අවංක ආකාරයකින් නොවෙයි .
මම ඇත්තෙන්ම අවංකයි .
මට සමාවෙන්න , මට සමාවෙන්න .
මම ඔබ කැමති වාර ගණනක් එසේ පවසන්නම් .
මට ඔබ ඉදිරියේ දණ ගසාගෙන වුවත් එය පැවසිය හැකියි .
අක්කේ ,
අක්කේ , ඔබ කොහෙද ගොස් සිටියේ ?
අක්කේ ,
අප ගූසුවලට පැමිණිදා සිටම ,
මට ඔබව නිතරම දකින්නට ලැබෙන්නේ නැහැ .
ඔබ ...
ඔබ සැබැවින්ම යමක් සොයනවාද ?
මතකතබා ගන්න , එම යින් යකඩ කැබැල්ලත්
ඩෆැන් කන්දේ තිබූ යින් යකඩ කැබැල්ලට සමාන බව .
ඔබ අනිවාර්යයෙන්ම මතකතබා ගත යුතුයි ,
එය සොයාගෙන නැවතත් මා වෙතට ගෙනා යුතු බව .
අක්කේ ,
මම ඒ පිළිබඳව විමසන්නේ නැහැ .
වෙහෙසට පත්වෙන්න එපා .
ආ-නින් ,
ඔබ මේඝ අසපුවට පැමිණියායින් පසු යම්කිසි අසාමාන්‍ය දෙයක් දැනුනාද ?
නැහැ අක්කේ . ඔබ ලබාදුන් සියලුම ඖෂධ මම ලබාගත්තා .
අපගේ වංශය ශතවර්ෂ ගණනාවක් පුරාවට වෛද්‍යවරුන් වී සිටියා .
නමුත් මට මගේම සොහොයුරාව සුව කරගත නොහැකි වුණා .
එය එසේ නොවුනා නම් ...
අක්කේ ,
නවත්වන්න .
ආ-නින් ,
මම ඔබව කෙසේහෝ රාත්‍රී විරහිත නගරයෙන් පිටතට රැගෙන යන්නම් .
සියලුම පරිච්ඡේද පිටපත් කර අවසානද ?
එය සිදුකර අවසානයි .
ඒ කෙසේ වුවත් , මම හෙට සිට මෙහි පැමිණෙන්නේ නැහැ .
මෙයයි ඔබගේ ත්‍යාගය .
හොඳයි , මට මෙයට යමක් එක් කිරීමට අමතක වුණා .
එය අවසානයි .
කම්මැලි සහගතයිද ?
මම දැනගෙන සිටියා ඔබ මෙයටත් " කම්මැලි සහගතයි " කියා පවසන බව .
ඔබට වෙනත් වචනයක් භාවිතා කිරීමට හෝ නව වචන කිහිපයක් එකතු කිරීමට හෝ හැකිද ?
අතිශයින්ම කම්මැලි සහගතයි .
ඔබ සැබැවින්ම තවත් වචනයක් එකතු කළා , එයට බොහෝම ස්තූතියි .
වෙයි යිං !
මම මෙහි සිටිනවා ! මෙහි සිටිනවා !
ලන් ජන් .
හොඳින් හැසිරෙන්න ! මමත් මගේ අසිපත ගෙනැවිත් තිබෙනවා .
ඔබට තවමත් මෙම පුස්තකාලය අවශ්‍යද ? නැතිද ?
නිර්ලජ්ජිතයි .
කුමකටද ඔබ මේ පිළිබඳව ලැජ්ජා වන්නේ ?
ඔබ කිසිමදිනම මෙවැනි පොතක් කියවා නැති බව නම් මට පවසන්න එපා . මම එය විශ්වාස කරන්නේ නැහැ .
පිටතට යමු .
ද්වන්ද සටනක යෙදෙමු .
බැහැ , බැහැ , බැහැ . මේඝ අසපුව තුල සටන් කිරීම තහනම් , ඔබ එය දන්නේ නැතිද ?
ලන් ජන් !
එපා , එපා , එපා !
ලන් ජන් !
ලන් ජන් .
කොතරම් විනාශයක්ද ! ඔබ !
මෙතනින් යනවා .
ලන් ජන් , මිනිසුන් පවසන්නේ ඔබ ආදර්ශමත් හැසිරීමක් ඇති ගෞරවනීය මහත්මයෙකු බවයි . ඔබට වඩා ආචාරශීලී පුද්ගලයෙකු නොමැති බවයි පැවසෙන්නේ .
නමුත් ඔබ එසේ නොවෙයි .
මේඝ අසපුව තුළ ශබ්ද ඇති කිරීම තහනම් , නමුත් ඔබ මට මෙතනින් පිටවෙන්න කියා කෑගසනවා .
හොඳයි , මම පිටවෙන්නම් . මම කොහොමත් එයට දක්ෂයි .
මාව පිටතට යවන්න ඔබ වෙහෙස වියයුතු නැහැ .
ඔහු ඔබට " ඉවත්ව යනවා " කියා පැවසුවා ?
වෙයි සහෝදරයා , ඔබව නම් සැබැවින්ම විශ්වාස කළ නොහැකියි .
ලන් වංජි යමෙකුට " ඉවත්ව යනවා " යැයි පැවසූ බව , මා ඇසූ පළමු අවස්ථාව මෙයයි .
වෙයි සහෝදරයා , ඔබ එය සිදු කළේ කෙසේද ?
එම තහනමෙන් මිදීමට ඔහුට උපකාර කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වනවා .
සියලුදෙනාම දැනගැනීමට අවශ්‍යයි , එසේ සිදුකල පළමුවැන්නා මම බව .
ඔබ ආඩම්බර වන්නේ කුමකටද ? මෙය ආඩම්බර විය යුතු දෙයක් නොවෙයි .
යමෙක් ඔබට ඉවත්ව යන්නැයි පැවසීම ආඩම්බර වීමට හේතුවක්ද ?
ඔබ නිසා අපගේ වංශය අපකීර්තියට පත්වනවා .
මම ඔහුගෙන් අවංකවම සමාව අයැදියා .
ඔහු එය ප්‍රතික්ෂේප කලා පමණක් නොවෙයි , මට නිහඬ කිරීමේ වශියකුත් යොදනු ලැබුවා .
මා ඔහුට විහිළු කිරීමේ ඇති වරද කුමක්ද ?
නියෙ සහෝදරයා මට ලබාදුන් අලංකාර චිත්‍ර එකතුවක් තිබූ දුර්ලභ පොත අහිමි වීම නම් කණගාටුවට කරුණක් .
මට එය බැලීමටවත් අවස්ථාවක් ලැබුනේ නැහැ .
මම ඔහුට එය බැලීමට ලබා දුන්නත් , ඔහු ඒ පිළිබඳව සතුටින් නොවෙයි සිටියේ . මුහුණේ තිබුණේ බොහෝ කළබලකාරී ස්වාභාවයක් .
කොතරම් නාස්තියක්ද .
ඒ පිළිබඳව සිතන්න එපා . මා ළඟ එවැනි පොත් බොහෝමයක් තිබෙනවා .
හොඳයි , ඔබ මගේ නම එහෙම පැවසුවේ නැහැනේ ?
ඔබ සිතන්නේ මා එවැනි ද්‍රෝහියෙක් කියාද ?
ඔබ ලන් වංජි සහ ලන් චිරන් යන දෙදෙනාවම අමනාප කරගෙන තිබෙනවා . මෙයයි ඔබගේ අවසානය .
කිසිවෙකු ඔබට උපකාර නොකරාවි .
ජියං චං , ඒ පිළිබඳව එතරම් කරදර වන්න එපා . මම පසුව එම ප්‍රශ්නය සමඟ කටයුතු කරන්නම් .
අනික , ඔබ බොහෝ අවස්ථාවලදී මට උපකාර කර තිබෙන නිසා තවත් එක් වරක් මා වෙනුවෙන් එසේ කරන්න .
එය නැවත වරක් සිදුවුවහොත් , මට ඒ පිළිබඳව පවසන්න එපා , මට එවැනි දෙයක් දැකීමටවත් ඉඩ තියන්න එපා .
යනවා , යනවා .
ඒ චීෂන් වන් වංශයට අයත් බකමූණෙක් නේද ?
ඌ කුමක්ද මෙහි කරන්නේ ?
චීෂන් වන් වංශය ?
ඌ ඔවුන්ට අයත් වන බව ඔබ දන්නේ කෙසේද ?
චිංහ පිහිටා තිබෙන්නේ චීෂන් රාජධානියේ පාමුලයි . අපට බොහෝ විට මේ ආකාරයේ බකමූණන් දකින්නට ලැබෙනවා .
පිටස්තරයින්ගේ ඔත්තු බැලීමට වන් වංශය විසින් මෙම බකමූණන් භාවිතා කරන බවයි පැවසෙන්නේ .
කුමකටද ඌ මේඝ අසපුව වෙත පැමිණියේ ?
මා දන්නේ නැහැ .
ඇතැම් විට වන් වංශයට මෙහි දේශන පැවැත්වීමේ කටයුතු ඇතුළු සියල්ලක්ම පාලනය කිරීමට අවශ්‍යව ඇති .
ශියෝජන් ,
මෑතක සිට , පිටුපස කන්දේ ඇති බාධකය තුල අසාමාන්‍ය යමක් සිදුවනවා .
බාධකය තවමත් නොවෙනස්ව පැවතුනත් ඒහි බලය බිඳවැටී තිබෙනවා .
පිටුපස කන්දට ඇතුල් වූයේ කවුරුන්දැයි ඔබ සොයා ගත්තාද ?
වෙයි යිං .
ශියෝජන් , අප බාධකය නැවත ශක්තිමත් කළ යුතුද ?
බාධකය සකස් කර ඇත්තේ අපගේ මුතුන් මිත්තන් විසින් .
ඇය එතුළට නොයන තාක් කල් බාධකය කැඩී යන්නේ නැහැ .
ඇය ?
ඒ පිළිබඳව අමතක කර දමන්න .
වංජි ,
නායකතුමනි .
අවසරයි , නායකතුමනි . දෙවන ලන් මාස්ටර් .
ආචාර කිරීමට අවශ්‍ය නැහැ , කුමක්ද ගැටලුව ?
ජල අවතාර සයිඉ නගරය තුල ගැටලු ඇති කරන බවට ගම්වාසීන් විසින් පැමිණිලි කර තිබෙනවා .
ගොදුරු වූවන් බොහෝමයක් සිටිනවා .
ගම්වාසීන් විසින් ලන් වංශයේ උපකාරය බලාපොරොත්තු වනවා .
ජල අවතාර ?
සයිඉ නගරයේ ජනතාව පිහිනීමට ඉතා දක්ෂයි . එහි දියේ ගිලීමක් සිදුවන්නේ කලාතුරකින් .
ජල අවතාර පැමිණෙන්නේ කොහි සිටද ?
සැබැවින්ම ...
මා ඒ පිළිබඳව දන්නේ නැහැ .
නායකතුමනි , ඔබතුමා වෙනුවෙන් මා එම කටයුත්ත සඳහා පිටත් වන්නද ?
මා හෙට උදෑසනින්ම පෞද්ගලිකව ගොස් ඒ පිළිබඳව සොයා බලන බව ගම්වැසියන්ට දන්වන්න .
නායකතුමන්ට ඉටු කිරීමට බොහෝ රාජකාරි තිබෙනවා .
මෙම ජල අවතාර විනාශ කිරීම වැනි සුළු කාර්යයන් අප වැනි ශිෂ්‍යන්ට ඉටු කල හැකියි .
මට සිතෙන්නේ මෙය පෙනෙනවාට වඩා බොහෝ සංකීර්ණ කටයුත්තක් විය හැකි බවයි .
ඔබ ගොස් සූදානම් වන්න .
හොඳයි .
වංජි , හෙටදින මා සමඟ පැමිණෙන්න .
හොඳයි .
අක්කේ .
අක්කේ .
වන් මෙනෙවිය .
වන් මෙනෙවිය .
තරුණ ජියන් මාස්ටර් .
වන් මෙනෙවිය .
ඔබ කුමකටද මෙහි පැමිණියේ ?
වන් මෙනෙවිය .
කුමක් නිසාද ඔබ ඔහු සමඟ පමණක් කතා කර මාව නොසලකා හරින්නේ ?
ආ-ශියැන් , ඔබ මෙහි පැමිණියාද .
මා පැමිණියා .
අක්කේ , කුමක්ද සිදුවූයේ ?
පසුගිය දින කිහිපය පුරාම වර්ෂාව ඇද හැළුනා .
අද උදෑසන මම ඇවිදීම සඳහා ගං ඉවුර වෙතට ගිය විට , හදිසියේම ක්ලාන්ත ගතියක් දැනුණා .
වාසනාවට , මට වන් මෙනෙවියව හමුවුණා .
ඇය මා සමඟ නැවත පැමිණියා පමණක් නොවෙයි මට ඖෂධ කිහිපයකුත් ලබාදෙනු ලැබුවා .
මට දැන් බොහෝදුරට සුවයි .
අක්කේ , ඇයි ඔබගේ අසනීප තත්ත්වය පිළිබඳව අපට නොපැවසුවේ ?
මෙහි වරද ලන් ජන්ගේ , ඔහු දඬුවමක් ලෙස මාව දින තුනක් රඳවා තබාගත්තා .
අක්කා දින ගණනාවක් මාව නොදැක සිටි නිසා අසනීප වන්නට ඇති .
වන් මෙනෙවිය .
ඔබට බොහොම ස්තූතියි .
අවශ්‍ය නැහැ , තරුණ ජියන් මාස්ටර් .
මම වෛද්‍යවරියක් . මිනිසුන්ව සුව කිරීම මගේ යුතුකමයි .
අක්කේ , මට අසන්නට ලැබුනා ලන් ගුරුතුමන් ධ්‍යානවේදී සමුළුවට සහභාගි වීම සඳහා චිංහ වෙත පිටත් ගිය බව .
එනිසා ඉදිරි දින කිහිපය තුළ අපට දේශන පැවැත්වෙන්නේ නැහැ .
සවූ ජූන් ජල අවතාර පළවා හැරීමේ රාත්‍රී දඩයම සඳහා නගරයට පිටත් වන බව මට අසන්නට ලැබුණා .
දැන්මම පිටත් වුවහොත් , අපට ඔවුන්ව මුණගැසිය හැකියි .
ජල අවතාර ?
No comments yet. Be the first to leave one.