لومړۍ 200 کرښې.
රාබු විකිණීමට තිබෙනවා
රාබු විකිණීමට තිබෙනවා
නැවුම් රාබු.
රාබු විකිණීමට තිබෙනවා
වන් නින් ,
ඔබට රාබු විකුණන විට තව ටිකක් උද්යෝගිමත් විය හැකියිද ?
ඔබ පවසන විදිහෙන් පෙනෙන්නේ අපේ රාබුවලට අමිහිරි රසයක් තිබෙනවා වගෙයි
ඔබ ඒ ආකාරයෙන් රාබු විකුණන්නේ කෙසේද ?
රාබු විකිණීමට තිබෙනවා ! රාබු විකිණීමට තිබෙනවා !
නැවුම් සහ රසවත් රාබු !
රාබු විකිණීමට තිබෙනවා !
නැවුම් සහ රසවත් රාබු !
නැවුම් ! රසවත් ! රාබු විකිණීමට තිබෙනවා !
- සියලුදෙනාම ! ඇවිත් බලන්න. - රාබු විකිණීමට තිබෙනවා
ඊලින් කුලදෙටුවන් විසින් සාදන ලද මැජික් මෙවලම් !
නිවාස සඳහා සහ සංචාරය කිරීමේදී අවශ්‍ය වන තලිස්මන් !
- නිවාස සඳහා... - මට මෙය අවශ්‍යයි !
තරුණ මාස්ටර්ට හොඳ ඇසක් තිබෙනවා . මේ මම දැන් නිර්මාණය කරපු මාලිමාවක්
එය වෙළඳපොලේ ඇති අනෙකුත් මාලිමා යන්ත්‍රවලට වඩා නිවැරදියි , ඒ වගේම කල් පවතිනවා
මම එය මගේ රාබුවලට මාරු කරලා දෙන්නම්
සල්ලි නැහැ ? යන්න, යන්න, ඉක්මනින් යන්න !
මට කරදර කරන්න එපා
එන්න, බලන්න !
ඊලින් කුලදෙටුවන් විසින් පුද්ගලිකව සාදන ලද මැජික් මෙවලම් !
නිවාස සඳහා සහ සංචාරය කිරීමේදී අවශ්‍ය වන තලිස්මන් !
මේ වටිනා අවස්ථාව මඟ ඇරගන්න එපා !
එන්න, බලන්න !
මට සමාවෙන්න
අර ජරා රාබු වෙළෙන්දා !
ඔහුට පිටත රැඳී සිටීමට ඉඩ දෙන්න.
අක්කා...
ඔබ...
ඔබ කුමක්ද සිතන්නේ ? ඇය ඔබව විවාහ කර ගන්නා බවද සිතුවේ ?
නිහඬ වෙන්න !
ආ-ශියැන් ,
මම...
මම ඉක්මනින් විවාහ වෙනවා. ඒ නිසා ඔබට මගේ මංගල ඇඳුම පෙන්වීමටයි අවශ්‍ය වුණේ
මම දන්නවා. මට ඒ ගැන ආරංචි වුණා.
කවුද ඔබට පැවසුවේ ?
ඔබට අදාළ නැහැ
ඒත්...
මම තනිවමයි පැමිණියේ
ඔබට අද මනාලයාව නම් දැකීමට නොහැකි වේවි
මට ඔහුව දැකීමට අවශ්‍ය නැහැ
ලස්සනයි !
අක්කේ , මම ඔබට පැවසුවා නේද ? ඔබ ඇත්තෙන්ම ලස්සනයි
ඔබ දෙදෙනා පැවසූ දේවල් ගණන් ගන්න බැහැ . මට ඒ පිළිබඳව සැලකිය නොහැකියි
ඔබ අප දෙදෙනාවම විශ්වාස කරන්නේ නැහැ . ඔබ එය විශ්වාස කරන්නේ එම අදාළ පුද්ගලයා පැවසුවොත් විතරද ?
මෙතන සිටගෙන සිටීමට අවශ්‍ය නැහැ . එන්න , අපි වාඩිවෙලා කතාබහ කරමු
ආ-ශියැන් , නමක් තෝරන්න.
කා සඳහාද ?
මගේ නූපන් බෑණා වෙනුවෙන්.
හොඳයි
ලන්ලින් ජින් වංශයේ මීළඟ පරම්පරාවේ නම "රු "
අපි ඔහුට "ජින් රුලාන් " ලෙස නම් තබමු
"ජින් රුලාන් ". අපූරුයි !
එය ගැලපෙන්නේ නැහැ . " ජින් රුලාන් " , එහි ශබ්දය ලන් වංශයේ " ලන් " නමට සමානයි.
යුන්මං ජියං වංශයෙන් සහ ලන්ලින් ජින් වංශයෙන් පැවත එන අයෙක්ට " රුලාන් " ලෙස නම් තබන්නේ ඇයි ?
ලන් වංශයේ නමේ කිසි වරදක් නැහැ
ලන් ( ඕකිඩ් ) කියන්නේ මල් අතර ප්‍රධානියා . එය කොතරම් අපූරුද !
ඔබ නෙමෙයි මමයි නම තෝරන්නේ , ඉතින් ඇයි ඔබ සුසුම් හෙලන්නේ ?
හොඳයි
ඔබ දන්නවනේ ඒ ආ-චංගේ හැටි කියලා . ඇත්ත වශයෙන්ම ඔහුයි මට පැවසුවේ දරුවාව නම් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටින්න කියලා
ඔබ දෙදෙනාම වාද කරන එක නවත්වන්න.
මම ඔබට සුප් ගෙන ආවා
රසවත් !
අක්කේ
අක්කා ඔහුටත් බඳුනක් අරන් යනවද ?
මම හැමෝටම ඇති තරම් ගෙනාවා.
මට කණගාටුයි. ඉතිරිව ඇත්තේ කුඩා භාජනයක් පමණයි. මෙය ඔබ වෙනුවෙන්මයි.
මටත් කොටසක් තිබෙනවාද ?
ස්තූතියි, ජියං මෙනවිය.
යුන්මංහි රසය මෙයයි. ඔබට එයට හුරු විය හැකියිද ?
ඔව් නිසැකවම !
මට ආ-යුවාන් වෙනුවෙන් එය ගෙන යාමට අවශ්‍යයි.
කෙසේද ආ-ශියැන්...
ඔහු එහි සතුටින්ද ඉන්නේ ?
ඊලින් කුලදෙටුවන්ට සුබ පැතුම්.
ඔබේ කට පියාගන්න !
ඔබේ තුවාලය කෙසේද ?
එය සුව වුණා
සුව වීමට දින කීයක් ගතවුනාද ?
දින හතක්.
ඔබ මාව දන්නවානේ . එවැනි කුඩා තුවාලයක් එතරම් දෙයක් නොවෙයි
ඒත්,
ඔබ ඇත්තටම මට කඩුවෙන් පහර දුන්නා !
මුලින්ම මගේ අත කැඩුවේ ඔබයි !
ඔබට සුව වීමට දින හතක් ගත වුණා . මගේ අත සුව වීමට මාසයකට වැඩි කාලයක් ගතවුණා !
එයට යථාර්ථවාදී පෙනුමක් ලබා නොදුන්නා නම් අපි කෙසේද ඔවුන්ට ඒත්තු ගන්වන්නේ ?
අනික , මම ඔබේ වම් අතයි තුවාල කලේ , එවිට ඔබට තවමත් ලියන්න පුළුවන්
කැඩුණු අස්ථියක් සුව කිරීමට දින සියයක් ගත වෙනවා . මාසයක් කියන්නේ එතරම් කාලයක් නෙමෙයි
මෙතැන් සිට ඔබ දිගටම මේ වගේද ජීවත් වෙන්නේ ? ඔබට සැලසුමක් තිබෙනවාද ?
සියල්ලම එසේම තිබෙන්න ඉඩහරින්න
ඔවුන් කන්දෙන් පිටවීමට බිය වෙනවා . මම කන්දෙන් පිටව යන විට කිසිවෙකුත් මට කරදර කිරීමට තරම් එඩිතර වෙන්නේ නැහැ
අපිට තියෙන්නේ අනාගතයේදී කිසිම කරදරයක් නොකර ඉන්න විතරයි.
කරදර ඇති නොකරන්න ?
වෙයි වූශියැන් , විශ්වාස කරන්න හෝ නොකරන්න ,
ඔබ කරදරයක් ඇති නොකලත් , කරදර ඔබව සොයා එනවා
සාමාන්‍යයෙන් කෙනෙක්ව බේරගන්න අපහසුයි
නමුත් කෙනෙකුට හානි කිරීමට ඕනෑ තරම් ක්‍රම තිබෙනවා
මම ඔවුන්ට වඩා ශක්තිමත්. ඔවුන් භාවිතා කරන ක්‍රම ගැන සැලකිලිමත් වෙන්නේ කවුද ?
කවුරු ආවත් , මම ඔවුන්ව ඝාතනය කරනවා
ඔබ කිසිම විටෙක මගේ කිසිම අවවාදයකට සවන් දෙන්නේ නැහැ
මා පැවසූ දේ නිවැරදියි කියලා දිනක ඔබට වැටහේවි
ඔබ එය අවසන් කල හැකියිද ?
වෙයි වූශියැන්
හොඳින් සිතා බලන්න.
ඔබ මේ වතාවේ ආපසු ගියොත් , ඔබට අපව ඇතුළු සමීප කිසිම කෙනෙක්ව ,
තවත් දිගු කලක් යනතුරු දැකීමට නොලැබේවි
නමුත් මම දැන් මුණගැසෙන්න යන අයත් ,
මට ඉතාම සමීප පුදගලයන්
ආ-ශියැන්
මෙය මගේ පියාණන්ගේ කුටියේ තිබිලයි මට සොයා ගැනීමට හැකිවුනේ
මම විශ්වාස කරනවා ඔහු ඔබ වෙනුවෙන් එය නිර්මාණය කලා කියලා
එය ගන්න
අපි ඔබ පිටත් වෙනවා බලන්නේ නැහැ . කවුරුන් හෝ එය දුටුවොත් අනවශ්‍ය ගැටලුවක් ඇතිවේවි
අපි යමු.
ආ-ශියැන් !
වන් නින්
ඔබ තවමත් මේ සුප් කෝප්පය අල්ලාගෙන සිටින්නේ ඇයි ?
ආ-යුවාන් වෙත ලබා දීමටයි අරන් යන්නේ
කුමක් සිදුවුනත් , එය හොඳින් අල්ලාගෙන යන්න
අද සිදුවුන දේ ඔබේ අක්කාට පවසන්න එපා , තේරුණාද ?
අපි යමු.
ඇයි ඔබලා හැමෝම මං දිහා බලන්නේ ? කන්න
කන්න.
ඇයි ඔබ සුප් පානය නොකරන්නේ ?
සුප් බොන්න, සුප් බොන්න.
මම ඔබට පවසන්නම්, අද මම කන්දෙන් පිටව නගරයට ගියවිට
ඊලින් කුලදෙටුවන්ගේ ගෝලයෙක් යැයි කියන පුද්ගලයෙකු වෙතට දිව ගියා
ඔහු ඇද තිබූ ඒ තලිස්මන් හරිම අවලස්සනයි ! මට බැලූ බැල්මට කියන්න පුළුවන් ඒවා ව්‍යාජ ඒවා කියලා.
වෙයි වූශියැන්
කුමක්ද සිදුවුනේ ?
ඔබ කුමක්ද අදහස් කරන්නේ ?
මට රාබු කාලා එපා වෙලා . මට කෑමට පිරියක් නැහැ
ඇත්ත
මම තීරණය කලා , මට දවස පුරාම තලිස්මන් නිර්මාණය කරන්න බැහැ කියලා
මටත් අවශ්‍යයි සියලුදෙනාම වෙනුවෙන් අලුත් ආහාර වර්ග හදන්න
ආරම්භයක් විදිහට...
නෙළුම් සිටුවිය යුතුයි
නෙළුම් පැල සිටුවන්නද ?
දවල් සිහින දැකීම නවත්වන්න.
සොහොන් ගොඩැල්ලේ ඇති පස අර්තාපල් වගා කිරීමට පවා සුදුසු නැහැ
ඉතින් නෙළුම් දඬු පැළකරන්නේ කෙසේද ?
මම ඕනෑම දෙයක් කිරීමට දක්ෂ ඊලින් කුලදෙටුවන්
කවුද පැවසුවේ අපේ සොහොන් ගොඩැල්ලේ නෙළුම් වවන්න බැහැ කියලා ?
මම ඔබලාට එය කර පෙන්වන්නම්
එන්න අපි කමු.
මට ඇත්තටම එය කල හැකියි !
මේ කුමක්ද ?
මේ නෙළුම් දඬු සුප්
නෙළුම් ? නෙළුම් යනු කුමක්ද ?
නෙළුම් යනු...
ඔබට එය උත්සාහ කිරීමට අවශ්‍යද ?
හොඳයි
මෙන්න
- එය කෙසේද ? - ඉතා රසවත් ! තව එක හැන්දක්
හොඳයි
මෙන්න
ප්‍රවේශම් වෙන්න . ගිලීමට පෙර නෙළුම් දඬු හපන්න.
- බොහොම රසවත් . තව එක කටක්. - හොඳයි
මෙන්න තවත්.
නෙළුම් දඬු සුප්.
කෙසේද එය ලැබුනේ ?
අක්කේ ඒ...
මම...
වන් නින්
ඔබ මගෙන් යමක් හංගනවා
ජියං නායකතුමා සහ ජියං මෙනෙවිය පැමිණියා
ඔබ වංශ නායකයෙකු වූ විට,
මගේ පියාණන් සහ ඔබේ පියාණන් මෙන් මමත් ඔබට සහය වෙන්නම්
ගූසුවල සදාචාර සම්පන්න නිවුන්නු සිටිනවා එවිට යුන්මංවල නිවුන් වීරයන් සිටිනවා
මාව පහතට ඇද දමන්න එපා.
මම ඔබව මීට පෙර කවදාවත් පහතට ඇද දමා තිබෙනවාද ?
මම වෙයි වූශියැන් , මගේ හෘද සාක්ෂියට එකඟව දුර්වලයන් ආරක්ෂා කිරීමට මට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා
වෙයි යින් !
අපි රකින්න පොරොන්දු වූ පොරොන්දුව මෙයද ?
ලන් ජන්
මට කවදා හෝ සටනකදී ඔවුන්ට මුහුණ දීමට සිදුවුවහොත් ,
එවිට මට ඔබත් සමඟ සටන් කිරීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා
අනාගතයේදී මට මියයාමට සිදුවෙනවා නම් , හන්ගුවං ජූන් අතින් මිය යාමට මම කැමතියි . එවිට අඩුම තරමේ මට කිසිම පසුතැවීමක් ඇතිවෙන්නේ නැතිවෙයි
ඊලිං කුලදෙටුවන් , වෙයි වූශියැන්
ආ-ශියැන් , නමක් තෝරන්න.
ලන්ලිං ජින් වංශයේ මීළඟ පරම්පරාවේ නම " රු "
එසේනම් අපි ඔහුට " ජින් රුලාන් " කියලා නම තබමු
ජින් රුලාන්.
වෙයි වූශියැන්
ඔබ තවමත් එම තේරීමම කරනවාද ?
ඔබ ඕනෑම දෙයක් කිරීමට දක්ෂ ඊලින් කුලදෙටුවන් නේද ?
මට බලන්න අවශ්‍යයි ඔබට ඇත්තටම නෙළුම් වවන්න පුළුවන්ද කියලා.
තරුණ ජින් මාස්ටර් , ශාලාව තුළ සියල්ල සූදානම් කර අවසන්.
අපූරුයි
අලංකාර ලෙස සරසා තිබෙනවා
ඔබලා සියලුදෙනාම මහන්සි වී වැඩ කළා.
සියල්ල අවසන් වූ පසු , ඔබ සැමට අර්ධ දින විවේකයක් ගත හැකියි
එවිට ඔබලාට අමුත්තන් සඳහා ලබාදෙන මංගල රසකැවිලි සහ කේක් සෑදීම සඳහා උපකාර කල හැකියි
හොඳයි , තරුණ මාස්ටර්
ඇයි ඒ එකක්වත් පැලවෙලා නැත්තෙ ?
මම හැදී වැඩුණේ යුන්මං ජියං වංශයේයි
මට නෙළුම් සිටුවීමට නොහැකි වන්නේ කෙසේද ?
No comments yet. Be the first to leave one.