لومړۍ 200 کرښې.
Episode 04
අපොයි !
ආචාර කිරීමේ උත්සවය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ .
ස්වාභාවික ලෝකය ,
සියල්ලෙහිම ආරම්භයයි .
ඇදහීම් පිළිබඳව ඉගැන්වීමේදී ,
ලන් වංශය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ලබනවා .
පැහැදිලි හේතුව , සැකයක් තිබේනම් විමසීම , නිගමනය පැවසීම , කරුණු නැවත මෙනෙහි කිරීම
මෙම කරුණු සතර
ඔබ අවවාද ලෙස පිළිපැදිය යුතුයි .
එසේයි ගුරුතුමනි .
ලන් වංශයට අයත් නීතිරීති 3500 තිබෙනවා .
වංචනික ලෙස ක්‍රියා නොකල යුතුයි .
අවසරයකින් තොරව රහසිගත ආයුධ භාවිතයට නොගත යුතුයි .
ආධුනිකයින් පරීක්ෂා කිරීමකින් තොරව බඳවා ගැනීම හෝ
අයහපත් පුද්ගලයින්ට දැනුම ලබාදීමත් නොකල යුතුයි .
තියුණු මෙවලම් රහසිගතව තබා නොගත යුතුයි .
ස්නානය කිරීමෙන් පසු අලුත් වස්ත්‍රවලින් සැරසිය යුතුයි .
නළල් පටය පැළදීම මඟින් ආත්ම සංයමය ඇති වෙයි .
අවසරයකින් තොරව අන් අයගේ නළල්පට ස්පර්ශ නොකල යුතුයි .
නළල්පටය වෙනත් කිසිදු කටයුත්තක් සඳහා භාවිතා නොකල යුතුයි .
අමිහිරි ශබ්ද ඇතිකරන පබළු වැනි ද්‍රව්‍යය නොපැළඳිය යුතුයි .
ඔබගේ ඉණ වටා ආභරණ තුනකට වඩා නොපැළඳිය යුතුයි .
ඔබගේ නිළඇඳුමේ ස්වභාවය රහසිගතව වෙනස් නොකල යුතුයි .
තමන්ගේ අභිමතය පරිදි නොහැසිරිය යුතුයි . - මෙහි නීතිරීති තුන්දහස් පන්සියයකට වඩා තිබෙනවා .
එය කියවා අවසන් කිරීමට පැය ගණනාවක්ම ගතවෙයි .
සැකයක් ඇත්නම් එය නිරාකරණය කරගත යුතුයි .
යහපත් ලෙස හැසිරිය යුතුයි , අන් අයට හිරිහැරයක් නොවන පරිදි කටයුතු කල යුතුයි .
අන් අයට අපහාස නොකල යුතුයි .
රළු වදන් භාවිතා නොකල යුතුයි .
අයහපත් ලෙස හැසිරීමෙන් වැළකිය යුතුයි .
අසමගිය ඇති නොකල යුතුයි .
ඔබ ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට පසුබට නොවිය යුතුයි .
ගුරුවරුන්ට ගෞරව කලයුතු අතර වැඩිහිටියන්ට ගරු කලයුතුයි .
ජ්‍යෙෂ්ඨයින් සිටගෙන සිටින විට , ඔබට අසුන්ගත නොහැකියි .
ඔවුන් අසුන් ගත්තාට පසු , ඔබට අසුන්ගත හැකියි .
උගත් පුද්ගලයාට ගුරුවරයෙකුට මෙන් ගරු කිරීමත් සදාචාරාත්මක , අවංක පුද්ගලයාව උදාහරණයක් ලෙස අනුගමනය කිරීමත් සිදු කලයුතුයි .
කුමන ආකාරයේ දුර්ලභ කුරුල්ලෙක්ද ඔබ සඟවාගෙන සිටින්නේ ?
අරපිරිමැස්ම යහපත් ගුණාංගයක් ලෙස පුහුණු විය යුතුයි .
අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතනොකල යුතුයි .
අධික ලෙස විනෝද නොවිය යුතුයි .
බලයක් ඇති හා බලපෑමක් කල හැකි පුද්ගලයින් සමඟ සම්බන්ධ නොවන්න .
ධනවත් හා බලවත් පුද්ගලයින්ව අනුගමනය නොකල යුතුයි .
මෙය කුමක්ද ?
මට පැමිණෙන අතරමගදි කැනරි කුරුල්ලෙකු හමුවුණා .
මම දින තුනක්ම ඌ පසුපස ලුහුබැන්ඳා .
කුමක්ද ඔබ සිතන්නේ ?
ඌ අපූරුයි නේද ?
සිත්ගන්නා සුළුයි .
රන්වන් පියාපත් තිබෙන නිසා ,
අපූරුයි .
ඔබට පවසනවා නම් ,
ඌ මීටත් වඩා බොහෝ අපූරුයි .
උදාහරණයක් ලෙස ...
නොසැලකිලිමත් නොවිය යුතුයි .
ආක්‍රමණශීලි නොවිය යුතුයි .
දිළිඳුකමට අවමන් නොකල යුතුයි .
කිසිවෙකුට හිරිහැර නොකල යුතුයි .
සුහදව , ආචාරශීලීව සහ නිහතමානීව කටයුතු කලයුතුයි .
ඔබගේ ප්‍රඥාව විදහා පෑමත් කුසලතා ප්‍රදර්ශනය කිරීමත් නොකල යුතුයි .
මොහු තාමත් සිටින්නේ මා සමඟ අමනාපයෙන් .
ඔබේ අධ්‍යයන කටයුතු අතපසු නොකල යුතුයි .
ලන්ලින් ජින් වංශය ආචාර කරනු ලබනවා .
ලන්ලින් ජින් වංශය වෙනුවෙන් පැමිණි ජින් සෂුවැන් වන මා , ඔබතුමන්ට ආචාරය පුදකරනවා .
ඔබතුමන්ගේ අති මහත් දැනුම් සම්භාරයෙන්
අශිෂ්ටත්වය හෙළාදකින බව මා හොඳින්ම දන්නවා .
මාගේ පියාණන් , ඔබතුමා වෙනුවෙන්ම සම්භාව්‍ය කෘති එකතුකොට තිබෙනවා .
හරුවෝ විසින් රචිත කළමනාකරණය පිළිබඳව දැක්වෙන ග්‍රන්ථ පෙළක් .
එය රන් හුයකින් අලංකාර කොට තිබෙනවා .
මා සිතනවා ඔබතුමා මෙයට සතුටු වේවි කියා .
කොතරම් අනර්ඝද .
නමුත් කිසිම ප්‍රයෝජනයක් නැහැ .
නිශ්ශබ්ද වෙන්න .
චිංහ නියෙ වංශය ආචාර කරනු ලබනවා .
චිංහ නියෙ වංශය වෙනුවෙන් පැමිණි මා නියෙ හුවයිසං , ඔබතුමාට මාගේ ආචාරය පුදකරනවා .
නියෙ වංශය නියෝජනය කරමින් ,
මා ඔබතුමන්ට තිළිණ කර සිටිනවා තද රත් පැහැ මැටියෙන් නිමවූ පිඟන්මැටි බඳුන .
මන් යාවො .
චිංහ නියෙ වංශයෙන් අතවැසි මන් යාවො ,
අපගේ නියෙ නායකතුමන් වෙනුවෙන් ඔබතුමාට ,
මෙම තද රත් පැහැති මැටියෙන් නිමවූ පිඟන්මැටි බඳුන තෑගිකර සිටිනවා .
මෙම රත් පැහැති මැටි බඳුන පෞරාණිකයි එමෙන්ම ගාම්භීර බවින් යුක්තයි .
සරලයි නමුත් ගුණාත්මක බවින් පොහොසත් .
එය ලන් ගුරුතුමන්ගේ ඉගැන්වීම් ශෛලියට බෙහෙවින් ගැළපෙනවා .
ඔහු කවුරුන්ද ?
මා සිතනවා ඔබතුමා මෙම තිළිණය බාරගනීවි කියා .
ඔහු මන් යාවො .
ඔහු ජින් නායකතුමාගේ අනියම් බිරිඳගේ දරුවා නේද ?
විවාහ යෝජනාවක් සඳහා ඔහු ජින් වංශයට ගිය බවයි පැවසෙන්නේ .
නමුත් ඔහුව ජින්ලින්ටයිවලින් පහරදී එලවා දමා තිබෙනවා .
ඉන් අනතුරුව ඔහු නියෙ වංශයේ අනුගාමිකයෙක් බවට පත්වී තිබෙනවා .
ඔවුන් දෙදෙනාම ජින් නායකතුමන්ගේ දරුවන් වුවත් ,
ඔවුන් දෙදෙනාට සලකනු ලබන්නේ එක් අයෙක් ස්වර්ගයේ සිටින ලෙසටත්
අනෙකා අපායේ සිටින ලෙසටත් බවයි පවසන්නේ .
නිහඬ වනු !
මට අසන්නට ලැබුනා නියෙ නායකතුමන්ට බොහොම දක්ෂ සහායකයෙකු සිටින බව .
අද දින ඔබගේ අලංකාර කතා විලාසය දුටු නිසා ,
එය සැබවින්ම මා අපේක්ෂා කල ආකාරයමයි .
මෙම රත් පැහැති බඳුන දුර්ලභ නිර්මාණයක් බවයි පෙනෙන්නේ .
නිසැකවම එතුමා එයට කැමැති වේවි .
ස්තූතියි , මාස්ටර් සවූ ජූන් .
තරුණ මාස්ටර් , කරුණාකර ඔබගේ ආරාධනා පත්‍රය ඉදිරිපත් කරන්න .
ආරාධනා පත්‍රය ?
ආරාධනා පත්‍රයක් නොමැතිව මේඝ අසපුවට ඇතුලුවිය නොහැකියි .
ජේඩ් අවසරපත ( jade token ) නොමැති නම් ඇතුලුවිය නොහැකියි .
ප්‍රමාද වූවන්ට ඇතුල්විය නොහැකියි .
මෙයයි චීෂන් වන් වංශයේ ආරාධනා පත්‍රය .
මට උදව් කරන්න !
උතුමාණන් මට අණ කරනු ලැබුවේ
රහසිගතව විමර්ශන කටයුතු සිදුකරන ලෙසයි .
සතුරාට අප කරනු ලබන දේ පිළිබඳව දැනගැනීමට ඉඩලබා නොදිය යුතුයි .
අපගේ අරමුණ කුමක්ද කියා සැමටම ප්‍රදර්ශනය කල යුතු නැහැ .
වන් චින් ,
ඔබ වැනි සුළු වාංශිකයින් බොහෝ ප්‍රවේශම් සහගත ලෙසයි කටයුතු කරන්නේ .
මම ඔබට පවසන්නම් ,
චීෂන් වන් වංශය පිළිබඳව සඳහන් කරන විට ,
මෙය අපගේ බලය ප්‍රදර්ශනය කල අවස්ථාවක් ලෙස සැලකිය නොහැකියි .
යුන්මං ජියන් වංශය වෙනුවෙන් පැමිණි මා ජියන් චං , ජියන් වන්යින් .
මාගේ පියාණන්ගේ නියෝගය පරිදි ...
නිසැක වශයෙන්ම ,
මට අදයි දැන ගැනීමට ලැබුනේ ,
මේඝ අසපුවට ඇතුල් වීම එතරම් අපහසු දෙයක් නොවන බව .
තරුණ වන් මාස්ටර් පැමිණෙන බව අප දැනගෙන සිටියේ නැහැ .
ලන් වංශය ඒ වෙනුවෙන් ඔබගෙන් සමාව අයදිනවා .
මෑත සියවසේදී ,
වන් වංශය කිසිමදිනක ලන් වංශයේ දේශන සඳහා සහභාගි වූයේ නැහැ .
තරුණ වන් මාස්ටර් මෙහි පැමිණියේ ,
මෙතුමාගෙන් කිසියම් උපදේශයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ද ?
ලන් නායකතුමනි ,
ඔබ වැරදියි .
මා මෙහි පැමිණියේ දේශනය සඳහා නොවෙයි .
මම මෙහි පැමිණියේ පුද්ගලයෙක්ව ඇරලවීමටයි .
ඇරත් ,
චීෂන් වන් වංශය සෑමවිටම අන් අයටයි අධ්‍යාපනය ලබාදෙනු ලබන්නේ .
නිසැකවම , අපට ඔබගේ දේශනය සඳහා සහභාගි වීමට අවශ්‍යතාවයක් නැහැ .
ඔහු බොහොම අහංකාරයි .
මෙවැනි අවස්ථාවක ,
තරුණ වන් මාස්ටර් , කුමකටද මෙහි පැමිණියේ ?
කවුරුන්ද මේ අධමයා ?
මට අධමයා කියා ඇමතීම සුදුසු නැහැ .
මම යුන්මං ජියන් වංශයෙන් වෙයි වූශියැන් .
කිසිවෙකු මට බාධා කිරීමට තරම් එඩිතර වී නැහැ .
මගේ සොහොයුරා ජියන් චං , දැන් ආචාර කරමිනුයි සිටියේ .
ඔබ කෙසේද මෙලෙස පැමිණ කලබලයක් ඇති කරන්නේ ?
මෙලෙසද චීෂන්හි වන් වංශය ,
අන් අයට අධ්‍යාපනය ලබාදෙන්නේ ?
හොඳයි .
අද මම ඔබට පෙන්වන්නම් චීෂන් වන් වංශය කෙසේද ,
අපට ඇහුම්කන් නොදෙන පුද්ගලයින් සමඟ ගනුදෙනු කරන්නේ කියා .
තරුණ වන් මාස්ටර් .
එය ඉතා සුළු කරුණක් පමණයි ,
කුමකටද ඔබ කලහකාරී ලෙස හැසිරෙන්නේ ?
යුන්මං ජියන් වංශය ආචාරධර්ම පිළිබඳව නොදන්න බවයි පෙනෙන්නේ .
අද මම ඔබට පාඩමක් ඉගැන්වූයේ නැත්නම් ,
මිනිසුන් පවසාවි අපි අපගේ නීතිරීති වලට අනුකූලව කටයුතු නොකරන බව .
ලන් වංශයේ සදාචාර සම්පන්න නිවුන්නු ,
නිසැක වශයෙන්ම කීර්තිය ලැබීමට සුදුසුයි .
තරුණ වන් මාස්ටර් ,
අද මේඝ අසපුවේ ආචාර කිරීමේ උත්සවය පැවැත්වෙන දිනයයි .
මම සිතනවා තරුණ වන් මාස්ටර් තමන්ව පාලනය කරගනී කියා .
මම චීෂන් වන් වංශය වෙනුවෙන් පැමිණි වන් චින් .
උතුමාණන්ගේ අණ අනුව දේශනය සඳහා සහභාගි වීමටයි මම පැමිණියේ .
වන් චින් වන මා සහ මගේ බාල සොහොයුරු වන් නින් ,
මේඝ අසපුවට පැමිණි පළමු අවස්ථාව මෙයයි .
ඔබගේ නීතිරීති අපට හුරුපුරුදු නැහැ .
ගුරුතුමාත් ලන් වංශයේ නායකතුමාත් අපට සමාව ලබාදේවි යැයි සිතනවා .
එසේ නම් ,
මම එය බාරගන්නම් .
තරුණ වන් මාස්ටර් ,
ආචාර කිරීමේ උත්සවය අවසානයි .
කරුණාකර අමුත්තන්ගේ කුටියට ගොස් විවේක ගන්න .
හෙට දින පැවැත්වෙන දේශනය සඳහා ,
කරුණාකර නිසි වේලාවට මෙහි පැමිණෙන්න .
චීෂන් වන් වංශය දේශනයට සහභාගි කරවීම සඳහා පිරිසක් එවා තිබෙනවා .
එය කලාතුරකින් සිදුවන්නේ .
එමෙන්ම එම පිරිස ඇරලවීමට පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ දෙවන තරුණ මාස්ටර් වන් චාඔ .
වන් චාඔ ,
ඔහු සාමාන්‍යයෙන් හැසිරෙන්නේ අවිනීත , අහංකාර පුද්ගලයෙකු ලෙසයි .
මා අද දින දුටුවාට වඩා ඔහු බොහොම දරුණු ලෙසයි හැසිරෙන්නේ .
ඉතින් ,
වෙයි සහෝදරයා , ඔබ බොහොම විශිෂ්ඨයි .
ඔබ වන් චාඔට මුහුණ දීමට තරම් නිර්භීත වූවා .
ඔබ හැරෙන්නට ,
එවැනි වෙනත් කිසිදු අයෙක් නැහැ .
කුමකටද අපි ඔහුට බියවිය යුත්තේ ?
එවැනි නපුරු පුද්ගලයින්ට විරුද්ධ වීමෙන් ,
බොහෝ විනෝදයක් ලැබිය හැකියි .
වෙයි සහෝදරයා ,
මමත් ඔබ මෙන් ධෛර්යයමත් වීමට කැමතියි .
ඔහුට තිබෙන ධෛර්යය ,
සාමාන්‍ය පුද්ගලයෙක්ට තිබෙන ධෛර්යය සමඟ සැසඳිය නොහැකියි .
මා ඔබට පවසන්නම් .
ඔබගේ ධෛර්යය වර්ධනය කර ගැනීමට පෙර ,
ක්‍රීඩා කල යුත්තේ කෙසේදැයි ඔබ දැනගත යුතුයි .
ක්‍රීඩා කිරීම ?
කෙසේද ක්‍රීඩා කල යුත්තේ ?
මට හැකියි ඔබට එය ඉගැන්වීමට .
අපි මේඝ අසපුවේ ඇතුලතත් පිටතත්
ක්‍රීඩා කරමින් සිටියොත් කෙසේද ? අපූරුයි නේද ?
කන්ද පිටුපස කුඩා දිය පහරක් තිබෙනවා .
No comments yet. Be the first to leave one.