لومړۍ 200 کرښې.
ඇතුලට නොයනවා නම් හොඳයි
පෙනෙන තරම් අනතුරක් නැතත්,
මෙම ස්ථානය අසාමාන්‍ය ශක්තියකින් පිරී තිබෙනවා .
වෙනත් කෙනෙකුට අයත් ස්ථානයක සිටින නිසා අපි වඩාත් හොඳින් හැසිරෙමු.
මට උදව්කරුවෙක් අවශ්‍යයි. මට උපකාර කිරීමට කැමති කවුද ?
මෝ මාස්ටර් , මම උපකාර කරන්නම් .
එවිට මම කුමක්ද කරන්නේ ?
ඔබ ?
මම නැවත පවසන තුරු ඔබ හෙලවෙන්න එපා, වැටහුණාද ?
යමු
මේ කුමන ආකාරයේ දුර්ගන්ධයක්ද ? විෂ නැසීමට ක්‍රමයක් සොයනවා වෙනුවට ඔබ මෙහි කුමක්ද කරන්නේ ?
මම ඔබට උදව් කිරීමට අඬගසන බව ඔබ දැනගත්තේ කෙසේද ?
මම උදව් කිරීමට ආවේ නැහැ .
කාටහරි මිනියක් භූමදානය කරන්න අමතක වෙලාද ? ඇයි මෙතන මේ තරම් දුර්ගන්ධයක් තියෙන්නේ ?
මේ අහන්න ජින් මෙනෙවිය,
ඔබ මෙහි රැඳීසිටිනවා නම් අපට උදව් කරන්න .
මෙහි රැඳී නොසිටිනවා නම්, ආපසු ගොස් අසුන්ගන්න. ඒ වෙනුවට තව කෙනෙක්ව එවන්න.
කවුද ජින් මෙනෙවිය ? ඔබ ඔබේ වදන් පිළිබඳව සැලකිලිමත් වෙන්න !
මට ඔබ කුමක් කරනවා දැයි බැලීමට අවශ්‍ය වුණා .
හොඳයි, සිජුඉ, උදුන පිරිසිදු කිරීමට මට ජල බඳුනක් ගෙනත් දෙන්න.
හොඳයි
ඇයි ඔබ උදුන පිරිසිදු කරන්නේ ? ඔබ ආහාර සෑදීමට උත්සාහ කරනවා නෙමෙයිනේ ?
මම එසේ කිරීමට තමයි සූදානම් වෙන්නේ .
ඔබ ගොස් දූවිලි පිසදමන්න
මේ පිදුරු සහ අනෙක් සියලුම දේවල් ඉවත් කරන්න
ඉක්මන් කරන්න
කැඳ සාදනවාද ?
කැඳවල ඇත්තේ කුමන හොඳක්ද ? කිසිම රසක් නැහැ
කෙසේ හෝ එය ඔබ වෙනුවෙන් නෙමෙයිනේ සෑදුවේ
කුමක්ද ?
මම මෙතරම් වෙලා මහන්සි වුණා, මට කොටසක් ලැබෙන්නේ නැද්ද ?
මෝ මාස්ටර්, කැඳවලට විෂ නැසිය හැකියිද ?
සිජුඉ බොහොම බුද්ධිමත් .
කැඳ නෙමෙයි නමුත් එය සෑදීමට ගන්නා ඇලෙන සුළු සහල් තමයි ඖෂධය වෙන්නේ. එය පැරණි ජනතාව භාවිතා කරපු පිළියමක්
එසේනම් ඔබ මිනිසුන් පදිංචි නිවසක් සොයාගැනීමට උත්සාහ කල එක පුදුමයක් නෙමෙයි
මිනිසුන් පදිංචි නිවසක පමණයි මුළුතැන්ගෙයක් තිබෙන්නේ ,
ඒ වගේම ඇලෙන සුළු සහල් තිබෙන්නේත් මුළුතැන්ගෙයක පමණයි, එසේ නේද ?
එය නිවැරදියි, එහාට යන්න .
ඔබලා යී නගරයට පැමිණියේ කෙසේදැයි කියලා තවමත් මට පැවසුවේ නැහැ .
ඔබලාට අපව මුණගැසුන එක තවත් අහම්බයක් විය නොහැකියිනේ ?
මම, ලන් වංශයේ සාමාජිකයින් සහ තවත් වංශ කිහිපයක සාමාජිකයින්, මේ සියල්ලෝම එකම දෙයක් පසුපසයි හඹා ගොස් තිබෙන්නේ .
මා පැමිණියේ චිංහ සිටයි .
අප පැමිණියේ ලන්‍යා සිටයි.
කුමන දෙයක්ද ?
මම දන්නේ නැහැ
එය කිසි විටෙකවත් එහි සැබෑ ස්වරූපය පෙන්නුම් කලේ නැහැ
එය කුමක්ද, කවුද, එය මිනිසුන් කණ්ඩායමක්ද කියලා අපි දන්නේ නැහැ .
කවුද එහි සිටින්නේ ?
ඔබ කවුද ?
එලෙසයි සිදුවුනේ. මම නවාතැන් කිහිපයක්ම වෙනස් කළත් දිගින් දිගටම එසේ සිදුවුණා.
ඒ නිසා මම එය පසුපස හඹා ගියා
මට බළලුන් මියගිය ස්ථානයක් හමුවුනොත්, මම එහි ගොස් එය පරීක්ෂා කළා
මට නිසැකවම මෙය පිටුපස සිටින පුද්ගලයාව අල්ලා ගැනීමට අවශ්‍යයි
එතකොට ඔබ ?
අපිත් යූයැන් දක්වා එය හඹා ගියා, එවිටයි තරුණ ජින් මාස්ටර්ව සහ අනෙක් අයව මුණගැසුනේ
අපි සියලුදෙනාම එකම දෙයක් පසුපස හඹා යන නිසා අපි එක්ව කණ්ඩායම්ගත වුණා
අපි අදයි මෙහි පැමිණියේ .
ගල් පුවරුවක් ඉදිරිපිට ගම්මානයක් තිබුණා, එහි සිටි දඩයක්කාරයෙකු අපිට යී නගරය දෙසට යන මාර්ගය පෙන්නුවා
දඩයක්කරුවෙක් ?
මම අද උදේ ලන් ජන් සමඟ පැමිණෙන විට,අපට හමු වූ ඒ ගබඩාව නිසැක වශයෙන්ම සාමාන්‍යය ගොවි ගබඩාවක් පමණයි.
එය දඩයම්කරුවන්ගේ පැල්පතක් නොවෙයි
බළලුන් මරා ඔවුන්ගේ මළසිරුරු අතහැර යාම භයානක දෙයක් ලෙසයි පෙනෙන්නේ. නමුත් එය මොවුන්ට කිසිදු හානියක් කරලා නැහැ
ඒ වෙනුවට මේ සිද්ධීන් නිසා ඔවුන්ගේ කුතුහලය වැඩිවෙලා
ඔවුන් මුණගැසුන ස්ථානය යූයැන්, ඒ ලන් ජන් සහ මම කලින් නැවතී සිටි ස්ථානයයි.
කවුරුහරි හිතාමතාමයි මොවුන්ව ගෙන්වලා තිබෙන්නේ. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ලන් ජන් සහ මාව, මොවුන්ට මුණගස්වන්නයි.
වඩාත්ම ගැටලුකාරී කොටස මෙය නොවෙයි
කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව ප්‍රතිනිර්මාණය කල පුද්ගලයා මේ මොහොතේ යී නගරයේ සිටිනවා විය හැකියි
මෝ මාස්ටර්, කැඳ සූදානම්
එසේනම්....ඔබ ගොස් ඔවුන්ට එය පිළිගන්වන්න
විෂ ශරීර ගතවූ සෑම කෙනෙකුටම කැඳ බඳුනක් ලබාදිය යුතුයි, එය ඔවුන්ට කවන්න
ජින් ලින්
කුමක්ද ?
ප්‍රවේශමෙන්
මේ කුමක්ද ? වසද ?
කුමන වසක්ද ? මේ තමයි ප්‍රතිවිෂ. ඇලෙන සුළු සහලෙන් සෑදු කැඳ
මෙම කැඳවලට විෂ නැසිය හැකිවුනත් නොහැකි වුනත්, මම මින්පෙර කිසිම දිනෙක මෙවැනි කුළුබඩු සහිත කැඳ වර්ගයක් පානය කර නැහැ
මගේ අතින් අහම්බෙන් එයට ගම්මිරිස් කුඩු වැටිලද ?
මෙහි රසය...ඇත්තෙන්ම භයානක ලෙස හුරුපුරුදුයි
සෑම බෙහෙතකම වස ටිකකුත් අඩංගු වෙලා තියෙනවා. සැර ගතිය නිසා ඔබලාට හොඳින් දහඩිය දමාවි
ඉන්පසු ඔබලාට ඉක්මනින් සුවවේවි, වැටහුණාද ?
ඔබලා ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වනවා කියලා හිතෙන්නේ නැද්ද ?
ඔබට කුමක්ද පෙනෙන්නේ ? පිටත කුමක්ද තිබෙන්නේ ?
කතා කරන්න එපා. මම ඇයව නිරීක්ෂණය කරනවා
ඇය පුදුමාකාරයි !
පැත්තකට වෙන්න
කුමක්ද ?
එය කෙසේද ? අපූරුයි නේද ?
එය එතරම් අපූරු නැහැ, යන්තම් පෙනුනා විතරයි
මෝ මාස්ටර් , පිටත ...
පවසන්න එපා. එසේ පැවසුවොත් තවත් පුදුම වෙන්න දෙයක් නැතිවෙනවා
සෑම කෙනෙකුටම තමන්ගේ දෑසින් එය දැක බලාගැනීමට ඉඩදෙන්න
- නැහැ... - නැහැ...
ඔබ මේ වගේ වෙලාවකත් විහිළු කරනවාද ? ඔබ කුමක් සිතනවාද කියා මම ඇත්තටම දන්නේ නැහැ
ඔබත් දැන් මාව යොදාගෙන මෙතන සිටින හැමෝවම රැවැට්ටුවා නේද ? ඔබේ මාමා වගේ කතා කරන්න එපා
සිජුඉ, එය භයානක දෙයක්ද ?
ඔව්
එසේනම් නැවත වරක් නිරීක්ෂණය කරන්න
ඔබේ ධ්‍යානවේදී හැකියාව පුහුණු වීමට මෙය කදිම අවස්ථාවක්
එය භයානක දෙයක් නිසා, ඔබ එය තවත් හොඳින් නිරීක්ෂණය කලයුතුයි
හොඳින් බලන්න, ඇය පිළිබඳව මට විස්තර කරන්න
ඉතින් ඔබට කුමක්ද පෙනෙන්නේ ?
ඇසේ සුදු ඉඟිරියාවක් ඇති ගැහැණු ළමයෙක්
ඇය මිටියි, ඉතා සිහින්, හොඳ පෙනුමක් තිබෙනවා
උණ ලීයෙන් සෑදු හැරමිටියක් අල්ලාගෙන සිටිනවා
ඇගේ වයස අවුරුදු 15 ක් හෝ 16 ක් වියයුතුයි
ඕවලාකාර මුහුණක් තිබෙනවා, ඉතා සියුමැලියි ඒ වගේම සුරූපියි
ඇය සියුමැලි වුවත් යම් ප්‍රමාණයක ශක්තියක් තිබෙනවා
ඇගේ කොණ්ඩා කටුව කෙළවර කුඩා නරියෙකුගේ හිසක් කැටයම් කර තිබෙනවා
සිහින් ශරීරයක් තිබෙනවා
ඇය කිසිම පිළිවෙලක් නැහැ නමුත් අපිරිසිදුයි කියලා සලකන්නත් බැහැ
ඇය ටිකක් පිරිසිදු වුණා නම්,
හුරුබුහුටි රුවැත්තියක් වේවි
නරක නැහැ, නරක නැහැ
ඔබේ නිරීක්ෂණය සවිස්තරාත්මකයි, ඒ වගේම අද්විතීයයි
මේ කුඩා දරුවා උස්මහත් වූ විට භාවාත්මක පුද්ගලයෙක් වේවි
මේ ගැහැණු ළමයා මගේ පපුව තරම් උසයි
ඇඳුම් ඉරිලා තිබෙනවා, එතරම් අපිළිවෙල නැහැ නමුත් ටිකක් හිඟන්නෙක් වගෙයි
ඒ උණ දණ්ඩ අන්ධ අය භාවිතා කරන හැරමිටියක් වගෙයි
ඇසේ සුදු ඉඟිරියාවක් පෙනෙන්නට තිබෙන්නේ ඇය යක්ෂණියක් නිසා නෙමෙයි, ඒ ඇය අන්ධ නිසයි
ඇය උණ දණ්ඩෙන් බිමට තට්ටු කරනවා
ඇය යමක් පෙන්වා දීමට උත්සාහ කරනවා නමුත් ඇයට කතා කල නොහැකියි
ඒ වගේම ඇගේ බෙල්ලේ කළු ඉරි කිහිපයක් තිබෙන බව පෙනෙනවා
නිවැරදියි, නිවැරදියි
ජින් ලින් බොහෝ දේ දුටුවා, නමුත් සිජුඉ සවිස්තරාත්මකව එය නිරීක්ෂණය කලා
මේ තරුණ කාන්තාව ! ඔබ දිගටම අප පසුපස පැමිණෙන්නේ ඇයි ? ඔබට කුමක් හෝ ගැටලුවක් තිබෙනවාද ?
ඇයට කතා කිරීමට නොහැකි වීම පුදුමයක් නොවෙයි. ඇය අන්ධයි, ඒ වගේම ගොළුයි. පව් අසරණී.
ඒ අවතාර වෙස් ගත් පුද්ගලයාද ?
මම එහෙම හිතන්නේ නැහැ. ඒ අවතාර වෙස් ගත් පුද්ගලයා මීට වඩා වෙනස් ආකාරයකටයි ගමන් කලේ
ඒ ඔහු විය හැක්කේ කෙසේද ?
මෝ මාස්ටර්, මේ පුද්ගලයා වස පානය කර තිබෙනවා.
- අපට ඔහුව බේරාගැනීමට සිදුවෙනවා - කෙසේද ඔහුව බේරාගන්නේ ?
එලියේ මීදුමෙත් විශ තියෙනවා. ඔබ පිටතට ගියොත්, ඔබටත් විශ ශරීරගත වේවි.
හොඳ නරක කුමක් වූවත්,
දෑස් දල්වා කැඳවන්න
පිංතාරු කරන ලද ඇස් කැඳවීම !
ඔහුව ඇතුලට ගෙන එන්න, එසේත් නැත්නම්...
අනෙක් සියල්ලම විනාශ කරන්න.
එන්න එපා ! වස විසෙන් ප්‍රවේශම් වෙන්න. සමේ ස්පර්ශය පවා ඔබට විශ වේවි.
ඔබ කවුද ?
ජ්‍යෙෂ්ඨ මාමා, මෙහි ඔබේ පැරණි මිත්‍රයෙක් සිටිනවා
සිජුඉ, දැන්ම ගොස් කැඳ බඳුනක් ගෙන එන්න !
මේ පුද්ගලයා කවුද කියලා අපි දන්නේවත් නැහැ. ඔහු මිතුරෙක්ද සතුරෙක්ද ?
අපි ඔහුව බේරාගත යුත්තේ ඇයි ? ඔහු අපේ සතුරෙක් නම්, කුමක්ද කරන්නේ ?
සර්පයෙක් ගෙට ගත්තා වගේ තියෙයි.
නමුත් ඔහු හොඳ පුද්ගලයෙක් විය හැකියි. පිල්ලි ඔහුව වටකර පහර දුන්නා නේද ?
ඔහු නිසැකවම අපේ සතුරෙක් නෙමෙයි. අනික අවශ්‍යතා ඇති අයට උදව් නොකිරීම මගේ වංශයේ නීතිවලට පටහැනියි.
හොඳයි, ඔබලා සියලුදෙනාම හොඳ මිනිස්සු. කවුරුහරි මිය ගියොත් මට දොස් කියන්න එපා
මෝ මාස්ටර් .
ෂුවංහුවා අසිපත !
එසේනම් ඔහු...
ශියාඕ ශිංචන්
දෙවියනේ ! පිටත බොහෝ පිල්ලි සිටිනවා !
කී දෙනෙක්ද ?
මම දන්නේ නැහැ. මුළු මාර්ගයම අවහිර වෙලා. මම හිතන්නේ සිය ගණනක් සිටිනවා ඇති.
මෙම දොරට ඔවුන්ව වැඩි වේලාවක් රඳවා තබා ගත නොහැකියි
මෝ මාස්ටර්, ඔබ නැවතත් පින්තාරු කරන ලද ඇස් කැඳවීමටද සූදානම් වෙන්නේ ?
ඒ සියලුම පිල්ලි මර්දනය කිරීම සඳහා ඔබට කොපමන ලේ ප්‍රමාණයක් වැය කිරීමට සිදුවෙයිද ? මෙන්න, මගේ ලේ ගන්න !
- මගෙත් ගන්න ! - මගෙත් ගන්න !
ඔබලා වසර කීයක් ධ්‍යානවේදය පුහුණු වුනාද ? ඔබලා සතුව හිස් තලිස්මන් තිබෙනවාද ?
අක්ෂර ඇඳ ඇති තලිස්මන් තිබුනත් කමක් නැහැ
විසිර යන්න !
සොන් ලන් !
ඔහුව බැඳ දමන්න.
සොන් සහෝදරයා. සොන් ලන්
ඔහුගේ දිව කපා දමා තිබෙනවා. කවුද ඒ තරම් කුරිරු ?
මෙහි සිටින කවුරුන් හෝ ආත්මයන්ගෙන් විමසීම හදාරා තිබෙනවාද ?
මම. මම එය හදාරා තිබෙනවා .
- ඔබේ සිදරය ගෙනාවද ? - ඔව්
ඔබ කොපමන දුරට එය හදාරා තිබෙනවාද ? ඔබ එය කලින් භාවිතා කර තිබෙනවාද ?
කැඳවන ආත්මය අපිට බොරු කියයිද ?
හංගුවන් ජූන් පැවසුවා සිජුඉගේ වාදන හැකියාවේ ගැටලුවක් නැහැ කියලා
හංගුවන් ජූන් පැවසුවේ ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවයට අවදානය යොමු කරන්න කියලයි
කැඳවූ ආත්මයට පිළිතුරු නොදී සිටීමට හැකියි, නමුත් ඔහුට මුසා පැවසිය නොහැකියි.
එනිසා ඔහු පිළිතුරු දීමට කැමති තාක්කල්, ඔහු සත්‍ය පවසාවි
ආරම්භ කරමු.
පළමු ප්‍රශ්නය.
ඔහුගේ නම කුමක්දැයි විමසන්න.
ඔහු කුමක්ද පැවසුවේ ?
සොන් ලන්
හොඳයි, ඔබ හොඳින් ඉගෙන ගෙන ඇති බව පෙනෙනවා.
පිළිතුර නිවැරදියි. ඉන්පසු ඔහුගෙන් දෙවන ප්‍රශ්නය අසන්න.
ඔබට හානි කළේ කවුද ?
විය නොහැකියි
ඔහු කුමක්ද පැවසුවේ ?
ඔහු පැවසුවේ....ශියාඕ ශිංචන්
ඔබ...ඔබ එය වැරදියට වාදනය කරන්න ඇති
විය නොහැකියි. "ඔබ කවුද" සහ "ඔබට හානි කළේ කවුද" , මේ ප්‍රශ්න දෙක සරලම සහ බහුලවම භාවිතා වන ප්‍රශ්න දෙකක්.
ආත්මයන්ගෙන් විමසීම හදාරන ඕනෑම කෙනෙක් මුලින්ම වාදනය කිරීමට ඉගෙන ගන්නේ මේ ප්‍රශ්න දෙක.
මම එය දහස් වාරයක් පුහුණු වුණා, දැන් වාදනය කිරීමට පෙර දෙවරක්ම එය පරීක්ෂා කළා. මම එය වැරදියට වාදනය කලේ නැහැ කියලා මට විශ්වාසයි
එක්කෝ ඔබ වැරදියට වාදනය කලා, නැත්නම් ඔබේ සිදරයෙන් වැරදි අර්ථකතනයක් ලබාදුන්නා
එසේ විය නොහැකියි. මගේ අතින් වැරදි තනුවක් වාදනය විය නොහැකියි.
අනික මගේ සිදරයෙන් කිසිසේත්ම වැරදි අර්ථකතනයක් ලබා දෙන්නේ නැහැ.
"ශියාඕ ශිංචන්" යන වචනය ආත්මයන් සාමාන්‍යයෙන් ලබාදෙන පොදු පිළිතුරක් නෙමෙයි
සමහරවිට ඔහු වෙනත් නමක් පැවසුවා නම් මට එය වැරදියට ඇසේවි, නමුත් මේ පැවසූ නම වැරදියට අර්ථකතනය කල හැකි නමක් නෙමෙයි
සොන් ලන් අතුරුදහන් වූ ශියාඕ ශිංචන්ව සොයමින් ගියා කියලා කටකතාවක් පැතිර තිබුණා
නමුත් දැන් ඔහු පවසන්නේ ශියාඕ ශිංචන් ඔහුව ඝාතනය කලා කියලයි
ඔහු තමාගේම හොඳ මිතුරෙක්ට හානි කරන්නේ ඇයි ?
ඔහු එවැනි පුද්ගලයෙකු බව නම් පෙනෙන්නේ නැහැ
සිජුඉ, ඔහුගෙන් තුන්වන ප්‍රශ්නය අසන්න
ඔහුව පාලනය කරන්නේ කවුද ?
No comments yet. Be the first to leave one.