The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 14
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2022-01-03
ډاونلوډونه: 44
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

ඔබ අවදියෙන්ද ?

හොඳයි හොඳයි

දැන් වෙලාව උදෑසන පහට පමණ ඇති.

මම සිතුවා හිස පටිය නොමැතිව ඔබට නොසන්සුන් බවක් දැනෙනවා ඇති කියලා ,

එනිසා මම එය ඔබට පැළැන්ඳුවා

මම මේ දැන් පොකුණේ පතුල දක්වා පිහිනා ගියා

ඌ කොයිතරම් දක්ෂයෙක්ද යන වග මට වැටහුණා

හඳුන්කූරක් දැල්වීමට යන කාලයටත් වඩා අඩු කාලයකින් ඌ අපව සොයාගනීවි

ජියං චං සඳහන් කළ සිදුර මට හමුවුනේ නැහැ

මෘගයා විසින් එය අවහිර කරන්නට ඇතැයි මට සිතෙනවා

ඔබේ තුවාලයත් සමඟ,

ඔබ වතුරට නොයා යුතුයි

මම එතරම් දුර්වල නැහැ.

නමුත් ඔබ...

වන් නින් දුන් බෙහෙත් කෙසේද ?

ජියං චං ගොස් බොහෝ වෙලාවක් ගතවෙනවා ,

උපකාර ලබාගැනීමට කොපමණ කාලයක් ගතවේද කියලා මම දන්නේ නැහැ

මට සිතෙන්නේ අපට මෙහි ටික කලක් රැඳී සිටින්නට සිදුවේවි

ඒ වගේම අර මෘගයා පිළිබඳවත් යමක් කිරීමට සිදුවේවි

ඔබ සිතන්නේ එම මෘගයා මොන වගේ කියලද ?

ඉදිබුවෙක්

විශාල ඉදිබුවෙක්

ඌට සමාන හැඩයක් ඇති මිථ්‍යා සත්වයෙක් ඉන්නවා

මිථ්‍යා සත්වයෙක්ද ?

ඔබ සඳහන් කළ මිත්‍යා සත්වයා , ෂුවැන්වු මෘගයා නේද ?

ෂුවැන්වු සත්වයාව ෂුවැන්මිං ලෙසද හැඳින්වෙනවා

ඌ ඉදිබුවෙකුගේ සහ සර්පයෙකුගේ සංයෝජනයක් , ඒ වගේම ජල දේවතාවෙක් ලෙසද සලකනවා

නිවැරදියි

කුමන මිථ්‍යා සත්වයෙක්ද එලෙස සිටින්නේ ? ඌට නරක් වූ දත් පිරි මුවක් තිබෙනවා සහ මිනිසුන්ව ආහාරයට ගන්නවා

අපි පරිකල්පනය කල ඔහුගේ පෙනුම සහ යථාර්ථය අතර ලොකු වෙනසක් තිබෙනවා !

ඒ සැබෑ ෂුවැන්වු මෘගයා නොවෙයි

නමුත් මම අසා තිබෙනවා ඔහුටම සමාන වෙනත් මෘගයෙක් සිටින බව

වෙනත් ෂුවැන්වු මෘගයෙක් ?

ඒ කුමක්ද ?

ඔබට මතකද ලන් යී ගුරුතුමිය කලින් සඳහන් කළේ කුමක්ද කියලා ?

සංහාරයේ ඉදිබුවා

සංහාරයේ ඉදිබුවා ?

ෂුවේ චොංහයි විසින් පුරාණ රාක්ෂයෙකුව පාලනය කළා,

සංහාරයේ ඉදිබුවා

මට මතකයි.

ඔබ සඳහන් කළ පරිදි, ඌ මේ විශාල ඉදිබුවා හා සමානයි.

එසේනම් මේ ඉදිබුවා ,

ෂුවේ චොංහයි වසර සිය ගණනකට පෙර හැර ගිය, සංහාරයේ ඉදිබුවාද ?

නිවැරදියි

කවුද එය ගණන් ගන්නේ

එය කුමක් වුවත් ,

අපි පොරොන්දු වුනා නේද දුර්වලයින්ට යුක්තිය ගෙන එමින් ඔවුන්ව ආරක්ෂා කරන බවට ?

අද ඒ විශාල ඉදිබුවාව ඝාතනය කිරීමට හැකිවුනොත් ,

එවිට එය ධෛර්ය සම්පන්න ක්‍රියාවක් ලෙස සලකාවි

නමුත් අවාසනාවකට ඌ අපව මරා දැමුවොත්,

එසේනම් අපව වසර සිය ගණනක් පැරණි...නැහැ....වසර දහස් ගණනක් පැරණි...

නැහැ , නැහැ

වසර දස දහස් ගණනක් පැරණි මෘගයෙකු විසින් මරාදමා තිබෙන බව පවසාවි

ඒ කතාව මිනිසුන් අතර පැතිරුනොත් අපට ආඩම්බර වීමට හැකිවේවි , නේද ?

ස්වතන්ත්‍ර ඝාතන ශෛලය

සිදරයට තත් හතක් තිබෙනවා , ඝනකම් සහ සිහින් තත්.

මේ තත් වෙන වෙනම හෝ එකට වාදනය කල හැකියි

මස්මාංශ , ඇටකටු හරහා ගොස් ඇතුලාන්තයේ සිට පහර දෙනු ලබනවා

අපි ඇතුලාන්තයේ සිට පහරදිය යුතු බවට මමත් එකඟ වෙනවා

නමුත් මමත් ලන් වංශයේ ස්වතන්ත්‍ර ඝාතන ශෛලය පිළිබඳව කරුණු කිහිපයක් අසා තිබෙනවා

ඒ අනුව ඉදිබුවාගේ කටුව ඇතුලත චලනය වීමට තරම් ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ ,

එය ඔබේ කාර්යයට බාධාවක් විය හැකියි

අනික , ඔබේ පාදයේ ආබාධය හේතුවෙන්,

ස්වතන්ත්‍ර ඝාතන ශෛලීය හැකියාව බෙහෙවින් අඩුවේවි

මට සවන් දෙන්න.

සංහාරයේ ඉදිබුවාගේ කටුව බලකොටුවක් වගෙයි , බොහොම ඝනකමයි

පෙනෙන ආකාරයට එය බිඳ දැමීම ඉතාම දුෂ්කරයි

නමුත් ඊට අමතරව,

කටුව ඇතුලත ඇති මාංශමය කොටස,

ඉතාම දුර්වලයි සහ ඉතාම සංවේදියි

මට මේ කටුව තුලට රිංගා

එහි දුර්වලතාවය සොයා ගැනීමට හැකියි

ඉන්පසු එයට පහර දීම කෙරෙහි අවධානය යොමු කරන්නම්

මම ඌව බලෙන් කටුවෙන් එලියට ගන්නම්

ඌ කටුවෙන් පිටතට පැමිණි පසු,

ඔබට ස්වතන්ත්‍ර ඝාතන ශෛලය භාවිතා කර පහර දියහැකියි

අප දෙදෙනා එකතුව ඇතුලතින් සහ පිටතින් පහරදෙමු

අපේ අවසන් හුස්ම දක්වා සටන් කරමු

අපි බලමු කවුද මුලින්ම මැරෙන්නේ කියලා.

ප්‍රවේශම් වෙන්න

එය කෙසේද ?

වාසනාවකට ඔබ ඇතුලට ආවේ නැහැ

මෙහි ඇති දුර්ගන්ධය ඔබට වමනය ඇති කරවන්නේ නැහැ ,

නමුත් එය ඔබව ක්ලාන්ත කරවනවා

ලන් ජන්

මෙම යක්ෂයා ඉතා බිහිසුණුයි

එය මිනිසුන්ව පමණක් නොවෙයි ,

ඔවුන්ගේ ආත්මයත් ආහාරයට ගන්නවා

යින් යකඩය වගෙයි

අතිශයින් දරුණු අමනාපයක්

පෙනෙන ආකාරයට, මෙම කඩුව නිසායි

ඉදිබුවා මෙහි සිරවී සිටින්නේ

ලන් ජන්!

වෙයි යින්!

වෙයි යින්

අවදි වෙන්න.

සුභ පැතුම්, පියාණෙනි!

පිල්ලිවල බලය වැඩිවෙලා.

සියලුම ප්‍රධාන වංශවල එක්සත් වීම ඉක්මනින්ම බලාපොරොත්තු විය හැකියි

වන් ෂුට ෂුවේ යන්ව සොයාගන්න ලෙස පවසන්න

හොඳයි

යූයැන් සහ චිංහවල ෂුවේ යන් හා සම්බන්ධ අය සිටිනවා නම් ,

ඉක්මනින්ම ඒ පිළිබඳව විමර්ශනය කරන්න

හොඳයි

නමුත් පියාණනි ,

මට නොතේරෙන දෙයක් තියෙනවා.

ඔබ සතුව යින් යකඩ කැබලි තුනක් තිබෙනවා

තවමත් අන්තිම එක සොයන්නේ ඇයි ?

කැබලි තුන කොතරම් බලවත් වුනත්,

අවසන් කැබැල්ල නොමැතිව ඒ පිල්ලි සම්පූර්ණයෙන්ම පාලනය කල නොහැකියි

මට වැටහෙනවා

ෂුවේ යන් මේ ආකාරයටම පිල්ලි නිර්මාණය කරනවා නම්,

අපට කැබැලි තුනක බලය තිබුනත්,

අපට ඔහුට විරුද්ධ විය නොහැකියි

මම එය කිරීමට සූදානම්.

යන්න.

ඌ මියගියාද ?

ලන් ජන්, ඌ මියගියාද ?

ඔව්.

ඔව් ?

ඇත්තටම මියගියාද ?

ඔව් එසේ තමයි

ලන් ජන්

දැන් මට ඇසුණා,

බොහෝ මිනිසුන්ගේ කෑගැසීම් සහ විලාපදීම් ,

එය මාව සිහිසුන් කළා

මම සිහිනයක්ද දකින්නේ ?

නැහැ

මම කවදාවත් සිතුවේ නැහැ,

යම් දවසක,

ඔබ මේ ආකාරයට යමෙක් පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ආකාරය මට දකින්නට ලැබේවි කියලා

ලන් ජන්

මම හිතුවේ නැහැ එයින් මට බේරෙන්න හැකිවේවි කියලා

වෙයි යින්

ඔබට උණ තිබෙනවා

එයින් සුවයක් දැනෙනවා ලන් ජන්

එය බොහොම කම්මැලියි

ඇයි ජියං චං තවමත් මාව බේරගන්න ආවේ නැත්තේ ?

බොහොම නිහඬයි.

ලන් ජන්

ඔබට මා වෙනුවෙන් ගීතයක් ගායනා කළ හැකිද ?

මම දන්නවා ඔබ මාව ගණන් ගන්නේ නැහැ කියලා.

එය ඉතා ප්‍රසන්නයි

එය ඉතා ප්‍රසන්න ගීතයක්

ලන් ජන්

මෙම ගීතයේ නම කුමක්ද ?

වෙයි වූශියැන් . ඔබ අවදි වුනා නම්, දැන් නැඟිටින්න.

ඔබ බොහොම බරයි

ගලක් පවා ඔබට වඩා සැහැල්ලුයි

ඒ ඔබයි

මාව වැරදියට තේරුම් ගන්න එපා.

මම ඔබ වෙනුවෙන් මෙහි ආවේ නැහැ

කෙසේ වුනත් , මම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා

වෙයි වූශියැන්

ඔබ අවදියෙන්ද ?

ජියං චං

වෙයි වූශියැන්

අවසානයේදී ඔබ අවදිවුනා

ජියං චං

ඔබ අවසානයේදී පැමිණියා

කොපමණ දවස් ගණනක් ගතවුනාද ?

ලන් ජන් කොහෙද ?

ඔහු ගියා.

ඔහු ගියා ?

ඔහුට තවමත් තුවාලයි.

තුවාල සිදු නොවූයේ කාටද ?

දැන් ගූසු ලන් වංශය අවුල් ජාලයක් වෙලයි තිබෙන්නේ

ඉතින් ඔහු තනිවම ආපසු ගියා

එසේනම් ඔහු...

වෙයි වූශියැන් !

ඇයි ඔබ මුලින්ම මට ස්තූති නොකරන්නේ ?

ඔබ දන්නවද , ඔබව බේරගන්න,

තරුණ ජින් මාස්ටර් සහ මම දින හතක් නිදි නොමැතිව ගමන් කළා

දින හතක් ?

එපමණ කල් ගියාද ?

ඔව්

මෙයට ආසන්නතම ස්ථාන වෙන ගූසු සහ චිංහ ,

ඒවා සියල්ලම වන් වංශය විසින් අත්පත් කරගෙන තිබෙනවා

අපට යාමට ඉතිරි වී තිබුනේ ලන්ලින් පමණයි

අපි තරුණ ජින් මාස්ටර්ට ස්තුතිවන්ත විය යුතුයි.

තරුණ ජින් මාස්ටර් අපි වෙනුවෙන් ජින් නායකතුමන්ගෙන් උපකාර ඉල්ලා නොසිටියා නම් ,

වන් වංශයට එරෙහිව සටන් කරන මෙන් ඔහුගෙන් ඉල්ලා නොසිටියා නම්,

අපට ඔබව බේරාගැනීමට නොහැකි වෙනවා

මගේ ළඟ කඩුවක් නැහැ.

මම යුන්මං වෙතට ආපසු යාමට තීරණය කලා නම්,

එයට දින හතකටත් වඩා ගතවේවි

ඔව් මට අමතක වුනා ඔබලා ළඟ කඩු නැහැ කියලා

වන් චාඕට කුමක්ද සිදුවුනේ ?

ඔහුගේ කණ්ඩායම කොහෙද ?

ඔවුන් ඔබලාව නැවැත්තුවේ නැද්ද ?

දැන් ඔබ එය සඳහන් කල නිසා,

ඔවුන් දැන් නිහඬයි . මම දන්නේ නැහැ මෑතකදී වන් වංශයට කුමක්ද සිදුවෙන්නේ කියලා

වන් චාඕව සහ වන් ෂුව පිටතට යවා තිබෙනවා

ඔවුන් යමක් සොයමින් සිටින බවයි පෙනෙන්නේ

එසේ නොවුනා නම් කෙසේද අපි ඔබ දෙදෙනාව ගුහාවෙන් පිටතට ගන්නේ ?

කොහොම වුනත්,

ඔබ මේ වතාවේ අපිව බේරුවා.

බොහොම ස්තූතියි.

තරුණ ජියං මාස්ටර්

දැන් ඔවුන්ව බේරාගෙන ඇති නිසා, අපි මෙතනින් යමු.

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left