لومړۍ 200 کرښې.
ඔබ මට පහරදීමට තරම් එඩිතර වුනාද ? මගේ මාමාවත් මට කවදාවත් පහරදීලා නැහැ
ඇත්තටම ?
ඔබේ මාමා හැමදාම ඔබේ කකුල් කඩන බවට තර්ජනය කරනවා නේද ?
ඒ කතාවට කියන දෙයක් විතරයි
ඔබට කුමක්ද අවශ්‍ය ? මම ඔබට පවසන්නේ...
හන්ගුවං ජූන් ! හංගුවන් ජූන් , වරද මගෙයි
හංගුවන් ජූන් , මට පැහැදිලි කරන්න ඉඩදෙන්න . හංගුවන් ජූන් !
මේ ගැටලුව තවමත් අවසන් නැහැ . ඔබ බලා සිටින්න !
පොඩි පිස්සෙක්
මම නිතරම සිතුවේ ජියං චං සදහටම මගේ පැත්තේ සිටීවි කියලායි
ඒ වගේම ලන් වංජි හැම විටම මට විරුද්ධ පැත්තේ සිටගනීවි කියලයි
නමුත් මෙසේ වෙයි කියලා මම කවදාවත් සිතුවේ නැහැ
දැන් සියල්ල සම්පූර්ණයෙන්ම කනපිට හැරිලයි තිබෙන්නේ
ලන් ජන්
මම හොඳින්
කුමක්ද සිදුවුනේ ?
මෙය සාමාන්‍ය නපුරු ශාපයක් පමණයි
එය මා සොයා පැමිණි විට , මම එය බිඳ දමන්නම් . මට එයින් ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ
කාලය පැමිණි විට , ඒ සඳහා ඔබ මට උපකාර කල යුතුයි
මට එය තනිව කිරීමට අපහසුයි
හොඳයි ,
ඔබ ඔහුව සොයාගත්තාද ?
ඔහු කොහෙද ?
ඔහු අප සොයමින් සිටි පුද්ගලයාමද ?
ඔබ මෙය ජින් ලින්ගේ ශරීරයෙන් ඔබේ ශරීරයට මාරු කරගත්තා නේද ?
ඔබට ජියං වන්යින්වත් මුණගැසුනාද ?
අප දෙදෙනා මේ ලෝකයේ ජීවත් වෙලා සිටින තාක්කල් , අප දෙදෙනාට කෙසේ හෝ මුණගැසීමට සිදුවෙනවා
අපි යමු . මම ඔබව රැගෙන යන්නම්
මට සදියැන්ගෙන් කසපහරක් ලැබුනා විතරයි . මගේ කකුල නිකම්ම හිරිවැටිලා , කැඩිලා නැහැ
අනික ,
මම වගේ වැඩුණු මිනිසෙක්ව ඔසවාගෙන යාම ඉතාම අශෝභන දෙයක්
එය අශෝභනද ?
එසේ නොවෙයිද ?
ඔබට වරක් මාව ඔබේ පිට මත තබාගෙන යාමට අවශ්‍ය වුණා
එය කළ හැක්කේ කෙසේද ? ඔබේ මතකය වැරදි ඇති . මට ඔබව ඔසවාගෙන යාමට හේතුවක් නැහැනේ
ඔබට කිසිමදිනක මේ දේවල් මතක් වුනේ නැහැ
ලන් ජන්
ඔබේ පාදය හොඳින්ද ?
එය හොඳින්
මුරණ්ඩු වෙන්න එපා
කෙසේද...
මම ඔබව ඔසවාගෙන ගියොත් ?
සෑම කෙනෙක්ම පවසනවා මට දුර්වල මතකයක් තියෙනවා කියලා
කෙසේ හෝ , මම බැහැ කිව්වොත් බැහැම තමයි . මාව ඔසවාගෙන යන්න එපා
ඔබ කුමක්ද කරන්නේ ?
ලන් ජන්
ඔබ ඩැෆාන් කන්දේදී මාව හඳුනා ගත්තාද ?
ඔබ දැනගත්තේ කෙසේද ?
දැන ගැනීමට අවශ්‍යද ?
ඔබ මට පැවසුවා
මම ඔබට පැවසුවා ?
ඒ ජින් ලින් නිසාද ?
නැත්නම් වන් නින් නිසාද ?
පෙනෙන ආකාරයට එකක්වත් හරි නැහැ වගෙයි
ඔබම ඒ ගැන සිතන්න
මට පවසන්න
වෙස්මුහුණ
පෙනෙන ආකාරයට ඔහු ඇත්තටම අපගේ පැරණි මිත්‍රයෙක් වගෙයි
මම දන්නේ නැහැ....මම දන්නේ නැහැ . මම...
මම...කිසිම දෙයක් දන්නේ නැහැ
ඇත්තටම මම කිසිම දෙයක් දන්නේ නැහැ
හන් ගුවං ජූන් ,
ඒ ඇත්තටම මම නොවෙයි
හන් ගුවං ජූන් ,
මම අහම්බෙන් එතනට ගියා විතරයි . මම ඇත්තටම කිසිවක් දන්නේ නැහැ !
ඔබ දන්නේ නැහැ
එසේනම් මට කතා කරන්න ඉඩදෙන්න
සමහර විට මම දිගින් දිගටම කතා කලොත් , ඔබටත් යමක් මතක් වේවි
මේ තරුණ මාස්ටර් ?
හංගුවන් ජූන් , වයින් තිබෙනවාද ?
ෂින්ලු කඳුවැටිය මත ,
මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් තිබෙන බවට කවදත් කටකතාවක් තිබුණා
නමුත් කිසිම කෙනෙක්ව සැබෑවටම ගොදුරු වී තිබුනේ නැහැ
ඉතින් මේ සියල්ලම කටකතා පමණයි
මෙම කටකතා සාමාන්‍ය මිනිසුන්ව ෂින්ලු කඳුවැටියෙන් ඈත් කර තබනවා
එනිසා එහි ප්‍රධාන අරමුණ මිනිසුන්ව ආරක්ෂා කිරීමයි
එය පළමු පෙළේ ආරක්ෂක උපක්‍රමයක්
මෙම තරුණ මාස්ටර් ,
ඔබ තරමක් හුරුපුරුදුයි වගේ...
පළමු පෙළ ආරක්‍ෂාවක් තිබෙනවා තිබේ නම්, දෙවැන්නක්ද තිබිය යුතුයි
දෙවන පෙළ ආරක්ෂක උපක්‍රමය වන්නේ ෂින්ලු කඳුවැටියේ සිටින ආත්මයන් සහ රාක්ෂයන්
කටකතා වලට බය නැති සාමාන්‍ය මිනිස්සු ,
ෂින්ලු කඳුවැටියට ගියොත් හෝ අහම්බෙන් ඇතුළු වූවොත් ,
ඔවුන් ආත්මයන් සහ රාක්ෂයන් දුටු විට බියෙන් පලා යනවා
තුන්වන පෙළේ ආරක්ෂක උපක්‍රමය වන්නේ ,
ගල් බලකොටුව අසල ඇති වංකගිරියයි
පළමුව යෙදූ ආරක්ෂක උපක්‍රම දෙක සාමාන්‍ය මිනිසුන්ව බලකොටුවෙන් ඈත් කරනවා නම් ,
එවිට මෙම තුන්වන ක්‍රමය ,
ධ්‍යානවේදීන්ව බලකොටුවෙන් ඈත් කරනවා
නමුත් එය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍ය ධ්‍යානවේදීන්ට පමණයි
ඔවුන් සතුව ඉන්ද්‍රජාලික ආයුධ තිබුනොත් , අධ්‍යාත්මික සුනඛයන් සිටියොත් , නැත්නම් වංකගිරි පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති ධ්‍යානවේදීන් සිටියොත් ,
එසේත් නැත්නම් හංගුවන් ජූන් වැනි ආධ්‍යාත්මික මට්ටමක් ඇති ධ්‍යානවේදීන් සිටියොත් ,
එවිට මෙම ආරක්ෂාව බිඳී යනවා
ආරක්ෂක උපක්‍රම තුනක් භාවිතා කරලා තියෙන්නේ කිසිවෙක් එම බලකොටුව සොයා නොගන්නා ලෙසට වග බලා ගැනීමටයි
මේ මිනිසුන්ව ආහාරයට බලකොටුව පිහිටුවපු කෙනා කවුද කියලා දැන් හොඳටම පැහැදිලියි
මෙම ප්‍රදේශය අයත් වන්නේ චිංහ නියෙ වංශයටයි.
නියෙ වංශය හැර,
වෙනත් කිසිවෙකුටවත් මෙතරම් පහසුවෙන් මෙවැනි ආරක්‍ෂාවක් පිහිටුවිය නොහැකියි
අනික , අද ඔබව ගල් බලකොටුව අසලදී දකින්නට ලැබුණා
එය තවත් සාක්ෂි ලබාදෙනවා
චිංහ නියෙ වංශය විසින් ෂින්ලු ගල් බලකොටුව ගොඩනැගීම පිටුපස ඇති සැබෑ අරමුණ කුමක්ද ?
බිත්ති ඇතුළත තිබූ සිරුරු පැමිණියේ කොහෙන්ද ?
එය ඇත්තෙන්ම මිනිසුන්ව ආහාරයට ගත්තාද ?
නියෙ නායකතුමනි ,
ඔබ අද ඒ පිළිබඳව පැහැදිලි විස්තරයක් නොකලොත් ,
සියලුම ධ්‍යානවේදී වංශ එක්ව ඔබෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරාවි
එසේ වුනොත් , සමහරවිට කිසිම කෙනෙක් ඔබේ පැහැදිලි කිරීම් වලට සවන් නොදේවි
කිසිම කෙනෙක් ඔබව විශ්වාස නොකරාවි
එ....එය මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් නොවෙයි !
ඒ මගේ වංශයේ මුතුන් මිත්තන්ගේ සොහොන පමණයි
මුතුන් මිත්තන්ගේ සොහොන ?
ඔබේ මුතුන් මිත්තන්ගේ මිනී පෙට්ටිවල සිරුරු නැහැ , නමුත් අසිපත් තිබෙනවා ?
හංගුවන් ජූන් ,
මම එය පැවසීමට පෙර , ඔබට හැකියිද මට පොරොන්දුවක් ලබාදෙන්න ?
අපේ වංශ දෙක පරම්පරා ගණනාවක් තිස්සේ මිත්‍රශීලීව සිටි නිසා සහ අපේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා දිවුරුම් දුන් සහෝදරයන් වූ නිසා මට පොරොන්දු වෙන්න
මම ඊළඟට කුමක් පැවසුවත් , ඔබ...
ඔබ සහ ඔබ ළඟ සිටින තැනැත්තා මෙය පිටත සිටින කාටවත් අනාවරණය නොකල යුතුයි
යම් දිනක එය පිටස්තරයින්ට අනාවරණය වුනොත් , ඔබ දෙදෙනා මා වෙනුවෙන් සාක්ෂි දරා නිදහසට කරුණු ඉදිපත් කල යුතුයි
හංගුවන් ජූන් , ඔබ සැමවිටම ඔබේ වචනය රකිනවා.
ඔබ මට පොරොන්දු වන තාක් කල් , මම ඔබව විශ්වාස කරනවා
ඔබට අවශ්‍ය පරිදි සිදුවේවි
එසේනම් මට ඔබගෙන් විමසන්න දෙන්න
ඔබ පැවසුවා එය මිනිසුන්ව ගිල දමන බලකොටුවක් නෙමෙයි කියලා . එසේනම් එය කවදා හෝ කාවහරි ගිල දමා තිබෙනවාද ?
ඔව් .
නැහැ , නැහැ , නැහැ ! ඒත්...ඒ ඔබ දෙදෙනා සිතන ආකාරයේ දෙයක් නෙමෙයි
ඇත්තටම මෙහි ප්‍රධාන වරදකරුවා මගේ වංශය නොවෙයි
ඒ දශක ගණනාවකට පෙරයි
ෂින්ලු කඳුවැටියේ මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් ඇති බවට කටකතා ආරම්භ වූයේ එකලයි
මම කටකතා පැතිරවීමට උදව් කලා පමණයි
කරුණාකර විස්තර කරන්න.
හන් ගුවං ජූන් ,
මගේ නියෙ වංශය අනෙක් ධ්‍යානවේදී වංශවලට වඩා වෙනස් බව ඔබ දන්නවානේ
ඈත අතීතයේ සිටම , සම්ප්‍රදායික ධ්‍යානවේදී මාර්ගය ආරම්භ වුනේ අසිපත් ධ්‍යානවේදයෙන්
නමුත්....නිසැකවම , වෙයි හැර...
එම පුද්ගලයා...ඔහු තම ධ්‍යානවේදී මාර්ගය ආරම්භ කිරීමට තලිස්මන් භාවිතා කළා
මගේ නියෙ වංශයේ නිර්මාතෘවරයා මස් වෙළෙන්දෙක්
ඉතින් මගේ වංශය පාවිච්චි කරන්නේත් විශාල තලයක් ඇති අසිපත්
මගේ වංශයේ සිටි සියලුම නායකයින්ගේ අසිපත්වලට ඉතාම බලවත් ඝාතන ස්වභාවයක් තිබිලා තියෙනවා
පෙර සිටි නායකයින් සියල්ලන්ටම මනසේ පාලනය අහිමි වුණා . ඉන්පසු ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී හදිසි මරණවලට ගොදුරු වුණා
අනික ඔවුන් සියල්ලන්ටම ආක්‍රමණශීලී ස්වභාවයක් තිබුණා . මෙම ගැටලුවට ඒ හා ලොකු සම්බන්ධයක් තියෙනවා
වංශ නායකයන් ජීවතුන් අතර සිටින විට ඔවුන්ගේ අසිපතේ ප්‍රචණ්ඩත්වය පාලනය වෙන්නේ අයිතිකරුගේ මනසෙනුයි
නමුත් ඒවායේ අයිතිකරුවන් මිය ගිය පසු කාටවත් එම අසිපත් පාලනය කළ නොහැකියි
එවිට , ඒවා දරුණු ආයුධ බවට පත් වෙනවා
මෙය යක්ෂාවේදයට සමානයි
සමාන නැහැ ! සමාන නැහැ !
යක්ෂාවේදයේදී මිනිස් ජීවිත බිලි දිය යුතුයි
නමුත් මගේ වංශයේ අසිපත් වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දීමට අවශ්‍ය නැහැ
ඒ වෙනුවට අපි ඔවුන්ට ප්‍රේතයින් , භූතයින් , යක්ෂයින් සහ රාක්ෂයින් වැනි අයව බිල්ලක් ලෙස ලබාදෙනවා
ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය තුළදී බොහෝ අයව ඝාතනය කර තිබෙනවා
ඉතින් ඔබ අවසානයේදී ඔවුන්ට මෙවැනි බිල්ලක් ලබා නොදුන්නොත් ,
ඔවුන් කලබල වී මුළු නිවසේම සාමයට බාධා කරනවා
ඒ වගේම මේ සෑම අසිපත් ආත්මයක්ම අවනත වෙන්නේ එක් ස්වාමියෙක්ට පමණයි . ඉතින් ඔහු හැර වෙනත් අයෙකුට එය භාවිතා කල නොහැකියි
ඉතින් අපි වගේ ගෝලයින්ට එම අසිපත් විනාශ කල නොහැකියි
පළවෙනි හේතුව , අපි එසේ කලොත් එය මුතුන් මිත්තන්ට කරන අගෞරවයක් වෙනවා
දෙවෙනි හේතුව , එය උණුකර විනාශ කලත් , එයින් තවමත් මෙම ගැටලුව විසඳෙන්නේ නැහැ
ලොකුකමක් පෙන්වනවා වගෙයි
නිවැරදියි !
අපේ මුතුන් මිත්තන් විශාල බාධක ජයගැනීමට භාවිතා කල අසිපත් සියල්ලම වාගේ එසේ ලොකුකමකින් තමයි හැසිරෙන්නේ
වංශයේ නායකයින් ශක්තිමත් වනවිට ඒ අසිපත් ආත්මත් ශක්තිමත් වෙනවා
ඒ නිසා මේ ප්‍රශ්නය එන්න එන්නම බරපතළ වුණා.
නමුත් එක දවසක් , අපේ වංශයේ හයවන නායකයා මෙවැනි අදහසක් ඉදිරිපත් කළා
මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් නිර්මාණය කරන්නද ?
ඒ වගේ දෙයක් තමයි . ඒත් මුලදී එවැනි සැලැස්මක් නෙමෙයි තිබුනේ
ඔහු තම පියාගේ සහ සීයාගේ අසිපත් සඳහා මිනී පෙට්ටි සාදවා ඒවා වටා ගල් බලකොටුවක් ඉදි කළා
ඒත් අමුතුම දෙය නම් , ඔහු ගල් බලකොටුව තුළට කිසිදු ඉන්ද්‍රජාලික ද්‍රව්‍යයක් දමා තිබුනේ නැහැ
නමුත් එම බලකොටුව සිය ගණනකට අධික යක්‍ෂයින් , ප්‍රේතයින් , භූතයින් මර්දනය කිරීමට සමත් වුණා
හංගුවන් ජූන් , මගේ පැහැදිලි කිරීමට සවන් දෙන්න.
අපි මෙසේ සිදුකලේ කාටවත් ගැටලුවක් ඇති කිරීමට නෙමෙයි . අපේ වංශයේ හයවැනි නායකතුමා පැවසුවා ,
මෙම අසිපත් ආත්මයන් නපුරු දේවල් සමඟ සටන් කිරීමට කැමැත්තක් දක්වන නිසා අපිත් ඔවුන්ට සටන් කිරීමට නපුරු දේවල් ලබාදිය යුතුයි කියලා
ඒ නිසා අපි අසිපත් සහ නපුරු දේවල් යන දෙකම එකට වළලලා ඒවා සොහොන් භාණ්ඩ ලෙස සැලකුවා
මෙය අසිපත් ආත්මවල ප්‍රචණ්ඩත්වය අඩුකර ඒවා සන්සුන් කරනවා
මේ ආකාරයට , එය මගේ වංශයේ ඊළඟ පරම්පරාවන්ට සාමය ගෙන එනවා
එසේනම් එය මිනිසුන්ව ආහාරයට ගන්නවා කියලා කටකතාවක් තියෙන්නේ ඇයි ?
එය මිනිසුන්ව ආහාරයට ගන්නේ නැහැ
එය මිනිසුන්ව ආහාරයට ගත්තත් , එය ඔබ සිතන ආකාරයේ දෙයක් නොවෙයි
මගේ වංශය මුලින්ම අසිපත් සොහොන් ඉදි කරන විට , ඔවුන් ඒවා ඉදිකලේ සාමාන්‍ය සොහොනක් ලෙස පෙනෙන ආකාරයටයි
පසුව ,
සොහොන් කොල්ලකරුවන් පිරිසක් එය හාරා දැම්මා
එය හරියට ගින්දර සමඟ සෙල්ලම් කරනවා වගෙයි
එහෙම නේද ?
ෂින්ලු කඳුවැටියේ පෙර පැවති රාජවංශයක සොහොනක් එහි ඇති බවට කොල්ලකරුවන්ට ආරංචි වෙලා තිබුණා
ඒ නිසා ඔවුන් හොඳින් සැලසුම් කර සූදානම්ව පැමිණියා
රත්‍රන් සහ ආභරණ සොයමින් ඔවුන් මුළු සොහොන් ගෙයම උඩු යටිකුරු කළා
නමුත් අවසානයේදී ඔවුන් නිසා යටපත් වී තිබූ අසිපත් ආත්ම නැවත අවදි වුණා
අසිපත් ආත්ම අවදි වුණාද ?
නිසැකවම
වෙනත් වචන වලින් කිවහොත් , සොහොන් භාණ්ඩ ලෙස ක්‍රියා කළ නපුරු දේවල්වලට සොහොන් ගෙයින් පිටතට යාමට හැකිවුණා
ඉතින් අසිපත් ආත්ම සොහොන් කොල්ලකරුවන්ව ආදේශක සුසාන භාණ්ඩ ලෙස තෝරාගත්තා
එයයි සත්‍යය
එම සොහොන් කොල්ලකරුවන් බලකොටුවට ඇතුළු වූ පසු කිසි විටෙකවත් නැවත පිටතට පැමිණියේ නැහැ
ඔවුන්ගේ මළ සිරුරු සහ ඇටකටු පවා කිසිදා හමුවුනේ නැහැ . ඉතින් පිටත සිටින මිනිසුන් කටකතාවක් හදන්න පටන් ගත්තා
ඔවුන් පැවසුවා මෙම ප්‍රදේශයේ මිනිසුන්ව ආහාරයට ගන්නා යක්ෂයින් සිටිනවා කියලා
අපේ වංශය හිතුවේ කටකතාව පැතිරෙන එක නරක දෙයක් නෙමෙයි කියලයි
එසේ වුනොත් , කවුරුත් ඒ ළඟට එන්න කැමති වෙන්නේ නැහැනේ
ඒ නිසා...
අපි මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් ගැන කටකතාවක් හැදුවා
ඔබ දෙදෙනාට මෙය පරීක්ෂා කර බැලිය හැකියි
කුඩා ජින් මාස්ටර් භාවිතා කළ උපක්‍රම මොනවාදැයි මම දන්නේ නැහැ
නමුත් ඔහු ඇත්තටම බිත්තියේ විශාල සිදුරක් හදලා තිබ්බා
ඒත් සමඟම ඔහු සොහොන් කොල්ලකරුවෙකුගේ ඇටසැකිල්ලක් පුපුරුවා හැරියා
No comments yet. Be the first to leave one.