The first 200 lines.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ●●●●●۩۞۩ දිදුල Kd සිල්වා ۩۞۩●●●●● කරුණාකර කතෲ අයිතිය සුරකින්න.
සියා.. ඔය මොකද කරන්නෙ? මිනිස්සු අපිට හිනාවෙයි. මම මෙතනින් යනව.
සමාවෙන්න, හැම සතේකින්ම විනෝද වෙන්න ඕනෙනෙ? අපි බිස්නස් ක්ලාස් සීට් වල නිතරම යන්නෙ නෑනෙ.
බිස්නස් ක්ලාස් සීට් වල නොගියට මොකද? මීට කලින් ප්ලේන් එකේ ගිහින් තියනවනෙ!
විනාඩියක් ඉන්න. මොන සල්ලි ගැනද ඔයා කතා කරේ?
මේ ට්‍රිප් එකට අපි කීයක් වියදම් කරනවද? අපිට මේ ට්‍රිප් එක ලැබුනෙ 'ලකී ඩ්‍රෝ' එකකින් දිනල.
මම නිසා.. ඔයා දන්නවනෙ!
ඔයාගෙ කෑම එක රස බලන්න මැඩම්. - ස්තූතියි.
සමාවෙන්න! - ඔව් මැඩම්.
මම ඉල්ලුවෙ එලවළු කෑම.
කණගාටු වෙන්න එපා මැඩම්. මම ඔයාට එලවලු කෑම අරන් එන්නම්.
දන්නවනෙ.. මෙයත් අරගොල්ලොගෙන් කෙනෙක්!...
කමක් නෑ සර්. මම එයාට මොනවහරි ගේන්නම්.
එක දෙයක් කියන්නද සියා.
ඔයා මස් කෑල්ලකට අත තිබ්බිත් හරි, කෑවොත් හරි.. ඔයා මැරෙනවද?
ඇයි අවස්ථාවක් කර ගන්නෙ?
ෆීජී.. ඔන්න අපි එනවා.
මෙහෙන්.
කොච්චර ලස්සන තැනක්ද!
මොනාද හිතන්නෙ?
සියා, මම කවද හරි ඔයාව මේවගේ ලස්සන තැනකට එක්ක එන්න හිටියෙ.. ඒත් ඒ මගේ සල්ලි වලින්
සතුට නොමිලේම ලැබෙද්දි නම් හොඳයි.
..ඒත් ඒව මම හම්බකරොත් තමයි විකාරයක් වෙන්නෙ..
විවාන්.
"හැම රාත්‍රියක්ම...සුසුම් හෙලනවා."
"ඔබේ මතකයන්.. නින්ද නැති කරනවා."
"මගේ හදවත මට ඇහුන්කම් නොදෙයි..."
"පුංචි මත් බවක් ඇති වෙනවා."
"හැමදේම බොඳ වී යනවා."
"මගේ හදවත කිසිවක් නොදනී."
"එය දැන් මට හිමි වී ඇත.. නමුත් දැන් එහි අමුත්තක් මට දැනෙයි."
“මට ඔබව තේරුම්ගත නොහැකියි.“
"විටෙක නිහඬයි.. විටෙක උස් හඬින් ගී කියයි."
"එය සැම විටම ඔබේ වර්ණනාවන් ගැන ගී ගයයි."
"ඔබ සත්‍යක්ද නැතිනම් මායාවක්ද."
"ඔබ දැනගත යුතුයි මා ඔබ ගැන උමතු වී ඇති බව."
"මගේ හදවත මට ඇහුන්කම් නොදෙයි."
"ඇය මා තුල වැජඹෙයි."
"මගේ හදවත තුල.. ජීවය මෙන්."
"මෝසමට ඇද හැලෙන වැහි බිඳු සේ."
"කතාවක් මෙන්."
"එය හදවත තුළ පවතිනවා."
"සැමවිටම ඔබ සමඟ ආදරයෙන් බැඳෙයි."
“මට ඔබව තේරුම්ගත නොහැකියි.“
"විටෙක නිහඬයි.. විටෙක උස් හඬින් ගී කියයි."
"එය සැම විටම ඔබේ වර්ණනාවන් ගැන ගී ගයයි."
"ඔබ සත්‍යක්ද නැතිනම් මායාවක්ද."
"ඔබ දැනගත යුතුයි මා ඔබ ගැන උමතු වී ඇති බව."
"මගේ හදවත මට ඇහුන්කම් නොදෙයි."
"ඔබව දකින විට."
"මගේ හදවත මා හැරදා ඔබ පසුපස යයි."
"ඔබ එය සමඟම සිටිනවා, ඔබයි එහි එකම සැනසුම."
"ඔහුට සිටින එකම කෙනා ඔබ පමණයි."
"විටෙක නිහඬයි.. විටෙක උස් හඬින් ගී කියයි."
"එය සැම විටම ඔබේ වර්ණනාවන් ගැන ගී ගයයි."
"ඔබ සත්‍යක්ද නැතිනම් මායාවක්ද."
"ඔබ දැනගත යුතුයි මා ඔබ ගැන උමතු වී ඇති බව."
"මගේ හදවත මට ඇහුන්කම් නොදෙයි."
නැගිට්ටද බබා.
සුභ සංවත්සරයක්!
සුභ සංවත්සරයක්!
ඇයි ඔයා උදේම නැගිට්ටෙ? - පෝර්න් සයිට් චෙක් කරන්න!
මම රස්සාවල් වලට දාපු ඇප්ලිකේෂන් වලට උත්තර ඇවිල්ලද කියල බැලුවෙ.
කිසිම පිළිතුරක් නෑ.
සියා
කොෆී.
ඔව්. මම කැමැත්තෙන් හිටියෙ. - මම එන්නම්.
විවාන්.
මේක ගේන්නද එහෙනම් ඔයා ඊයෙ ගියේ.
වාව්! ඔයා හරිම බුද්ධිමත්නෙ.
මොනව කියනවද! දැන් මේ මාලෙ තවත් ලස්සනයි.
කසාදෙන් පස්සෙ හුඟක් වැදගත් දේවල් 2ක් තියනව කියනව..
සැමියාගේ පරාජය සහ..
එතකොට...
දියමන්ති මාලය!
ඒක හරිම ලස්සනයි.
මම ඇත්තටම ඒක කැමතියි.
ඒවගේම මම ඔයාට ආදරෙයි.
තප්පරයක් ඉන්න..
මේව ගන්න කොහෙන්ද සල්ලි?
සල්ලි? හොඳ ප්‍රශ්නයක්.
මම හොරකම් කරන්න දන්නෑ, බැංකු මංකොල්ල කන්නත් බෑ..
ලොතරැයියක් දිනලත් නෑ, මට රස්සාවකුත් නෑ ඉතින්. - විවාන්.
ඔයා ඉතුරුකරපු සල්ලි ගත්තද?
ඔයා ඔයා ඒව මම නිසා නාස්ති කරන්නෙ?
නාස්ති කරනව?
මම නාස්ති කරනව නෙමෙයි, ආයෝජනය කරනව. ඔයාගෙ සතුට වෙනුවෙන්.
ඒත් පේන විදියට මට ඒක බැරිවුනා.
වැරදියට තේරුම් ගන්න එපා.
ඇත්තම මම මේකට කැමතියි.
ඔයාටත් ආදරෙයි. - ඇත්තට?
ඔව්.
දෙන්නටම සුභ පතනවා විවාහ සංවත්සරය වෙනුවෙන්. - ස්තූතියි.
මේ ඔයාට ආරාධනා පත්‍රයක්.
ආරාධනාවක්. -ඔව්.
මට පෙන්නන්න.
සර් ඔයාලව ගෙනියන්න එයි 11 වෙද්දි. - ස්තූතියි.
ගෙනියන්න එයි!
සංවත්සරය වෙනුවෙන් විශිෂ්ට දිවා ආහාර වේලක් වෝටර්ෆ්‍රන්ට් හිදී!
තවත් පුදුම සිතෙන දේ සමඟ!
ඒත්..
හරිම ලස්සනයි.
මට එලියට යන්න හිතෙන්නෑ. ආපහු යමු.. කාමරේට.
එන්න එහෙනම්. - සමාවෙන්න.
කාර් එක ආවද?
අරකෙ තමයි ඔයාල යන්නෙ.
දෙයියනෙ.. - ඔය ඇත්තමද?
මම ඒකට කැමතියි.
අපි ඉක්මනට යමු.
හායි. - හායි.. විවාන්.
මම තමයි කැප්ටන්.
මම සියා. හමුවීම සතුටක්. - මෙහෙන් එන්න.
මේක ඔයාට.
මාත් එක්ක.. මේ පැත්තෙන්.
මම මෙතනට හුඟක් කැමතියි.
මේ තමයි ඔයාලගෙ මේසෙ මැඩම්.
සුභ සංවත්සරයක්, මිස්ටර් සහ මිසිස් අගස්ති.
මම මේ හීනයක්ද දකින්නෙ?
මේ තැන, මේ දේශගුණය, මේ කේක් එක..
මම කිව්වෙ...
ඔයා දන්නවද?
මේ තමයි මගේ ජීවිතේ ලස්සනම දවස් 6. හැමදේටම ස්තූති කරන්න ඕනෙ ඔයාට.
ස්තූති කරන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා.
මේ අන්තිම රාත්‍රිය නෙමෙයි.
මොකද වෙන්නෙ අන්තිම රැය නොවුනට.
හෙට ඉඳන්.. ආපහු රස්සාවල් හොයන්න.. EMI ගෙවන්න..
ආතතිය.. ආතතිය.. ආතතිය..
හිතුවමත් පිස්සු හැදෙනව.
මට දැන් 30යි. ඒක ආයෙ කවදාවත් එන්නෑ.
මගේම කියල බිස්නස් එකක්, මගේම කියල ආශාවක්..
තව අවුරුදු 10කට පස්සෙත් මට කියන්න බෑ.. ... ඒ දේවල් ගැන පස්සෙ හිතන්න පුලුවන් කියල.
ඒත් සතුට හොයාගෙන යද්දි මට සතුටෙන් ඉන්න එක ගැන අමතක වෙනව.
සතුට කවදාවත් කිසිකෙනෙක් මත රඳාපවතින්නේ නැහැ.
යාලුවො කවදාවත් එකම වෙලාට හමුවෙන්නෑ.
මේ හමුවීම හුඟක් වැදගත් එකක් වෙන්න ඕනෙ, නැත්තම් මීට කලින් අපි මුණගැහිල තියෙන්න බෑ.
නියමයි. - ස්තූතියි.
මගේ නම ඛාන්. - මම..
මම දන්නව ඔයාව. - ඇත්තට?
ඔයා තමයි මිස්ටර් ඛාන්, එතකොට ඔයා ත්‍රස්තවාදියෙක් නෙමෙයි. - මම ඒකට කැමතියි.
මගේ බිරිඳ සියා. - හමුවීම සතුටක්.
මම අබ්දුල් රසාක් ඛාන්.
ඔයාලගෙ සත්කාරකයා සහ මිත්‍රයා.
හමුවීම සතුටක් මිස්ටර් ඛාන්.
මේ රිසෝට් එක මගේ. මමයි ඔයාලට ආරාධනා කරේ. මේකත් ඔයාලගෙ හොලිඩේ පැකේජ් එකේ කොටසක්.
ස්තූතියි.. අපිව හොඳට පිළිගත්තා..
මට ඒ ගැන සතුටුයි මැඩම්.
ඔයා ලස්සන මාලයක් දාගෙන ඉන්නෙ.
ඉතින් මම ඔය දෙන්නටම විවාහ සංවත්සරය වෙනුවෙන් සුභ පතනවා.
ඔයා ෆීජී වල කොච්චර කල් ඉඳන්ද ඉන්නෙ? - අවුරුදු 10ක විතර ඉඳන්.
අපි දෙන්නද මුණගැහිලත් අදට අවුරුදු 10ක් වෙනව.
ඒ කියන්නෙ අද ඔයාලගෙ 10වෙනි සංවත්සරයද? - නෑ නෑ.. පස් වෙනි එක.
අපි කසාදෙට අවුරුදු 5කට කලින් මුණගැහුනෙ. - එහෙමද?
අපි සමරමු!
ඩොන් පෙරීනියොන්. 1995.
මේක ලිමිටඩ් එඩිෂන් එකක් මැඩම්.
ඔයාලගෙ විශේෂ දවසෙදි..
'ඉක්මනට එන්න.. මම තරු වල ආශ්වාදය ලබනවා!
මට පුදුමයි මිස්ටර් විවාන්.
නියමයි.
දන්නවද.. ඩොන් පෙරීනියොන් ෂැම්පේන් එකක් බිව්වම මොකද කියන්න යන්නෙ කියල?
'ඉක්මනට එන්න.. මම තරු වල ආශ්වාදය ලබනවා.' - නරකම නෑ..
මිනිස්සු කීපදෙනයි මේ ගැන දන්නෙ.
ලස්සන චිත්‍ර ටික මිස්ටර් ඛාන්.
මේ කැන්වස් හිස්නෙ.
ඒව හිස් නෑ මැඩම්.
මේව පිරිල තියෙන්නෙ.. මම කියන්න අකමැති රහස් වලින්.
ඒව කාටවත් කියන්නෑ.
මගේ පුංචි පුංචි රහස්.
මේ ගැන තව දෙයක් කියන්න පුලුවන් මිස්ටර් ඛාන්. - මොනාද?
මේව පිරිල තියන්නෙ මේ දිහා බලන කෙනා ඒව ගැන හිතන දේවල් වලින්.
පේන විදියට ඔයා රහස් වලට කැමති නෑ වගේ..
රහස් හරිම සෙක්සි!
ඒවගේම හරිම අපිරිසිඳුයි. - ඇත්තට!
ඉතින් ඔයා මොකද හිතන්නෙ?
ඒකත් රහසක් මිස්ටර් ඛාන්. ඒවගේම රහස් හරිම සෙක්සි.
ඔයා දන්නවද!
මට බෑ මගේ මිලියන 8ට ප්‍රේක්ෂකයන්ට අසාදාරණයක් කරන්න.
ඒ කිව්වෙ?
මේ රෙස්ටුරන් එක වෙබ් සයිට් එකකට සම්බන්ධ කරල තියෙන්නෙ.
ඒක "ලයිව් ගේමින් වෙබ්සයිට්" එකක්. ගේම් එකේ නම තමයි ''ටේබල් 21''.
ඒනිසා ඔයාල වගේ බුද්ධිමත් ලස්සන මිනිස්සු මේ ගේම් එක සෙල්ලම් නොකරොත්, මිලියන 8ක ප්‍රේක්ෂකයන්ට ඒක සාදාරණයක් වෙන්නෙ නෑ නේද?
මොනවගේ ගේම් එකක්ද, නැත්තම් වෙබ්සයිට් එකක් ගැනද ඔයා කතා කරන්නෙ මිස්ටර් ඛාන්?
ඒක මම ඔයාල එක්ක කරන සජීවී ක්‍රීඩාවක්.
මේසෙ එක පැත්තක ඔයාල ඉන්නව. අනිත පැත්තෙ මම ඉන්නව.
මම ඔයාලගෙන් ප්‍රශ්න 8ක් අහනව.
විනාඩියක් ඉන්න. කවුරු ගැනද ප්‍රශ්න අහන්නෙ? - ඔයාලගෙ ජීවිත වලට සම්බන්ධ ප්‍රශ්න.
හැම ප්‍රශ්නයකටම ඔයාලට මොකක්හරි වැඩක් පැවරෙනව.
මොනවගේ වැඩක්? - ප්‍රශ්නෙට සම්බන්ධ වැඩක්..
ඒ නිසා මේක හරිම සරලයි.
ප්‍රශ්න 8යි, උත්තර 8යි, වැඩ 8යි.
ඒත් උත්තර දෙන්න පුලුවන් "ඔව්", "නෑ" කියල විතරයි.
yes, no විතරයි.
නියමයි!
ගේම් එකක් තියනව නම් තෑගි මුදලකුත් ඇතිනෙ? - දැක්කනෙ.. ගේම් එකට කැමැත්තක් ඇති වෙලා.
අනිවාර්යෙන්ම මිස්ටර් විවාන්. තියනව.
කීයක්ද? - කියන්න බලන්න.
ෆීජියන් ඩොලර් මිලියනයක්.
නෑ නෑ නෑ..
ඒක ෆීජියන් ඩොලර් මිලියන 10ක්!
මොකද්ද?
No comments yet. Be the first to leave one.