Nannbenda

Nannbenda (நண்பேன்டா)

Download Sinhala Subtitle

Release info

Nannbenda 2015 Sinhala Subtitle
A Commentary by user_sinhalasub
මෙම subtites , Kmplayer එකෙන් බලන්න කියලා recommend කරනවා. ඒකෙන් බලනවනම් subtitle language එක Iskoola Pota / Nirmala Text/UI ( Recommend ) ට හරවගෙන බලන්න. subtitle delay වෙනවනම් ඒ කිව්වෙ අදාල අවස්තාවට / වෙලාවට play විය යුතු subtitle එක පසුව හෝ කලින් play වෙනවනම් , kmplayer menu එකේ subtitle track dropdown එකෙන් subtitle delay - ( keyboard එකේ [ button එක click කරන්න ) හෝ subtitle delay + ( keyboard එකේ ] button එක click කරන්න ) කරගන්න. මෙය machine translated subtitle එකක් වන බැවින් ඇතැම් විට ලිඛිත ආකාරයෙන් තිබීමට හැකිබව කරුණාවෙන් සලකන්න. නුසුදුසු වචනද ඇතුලත් විය හැකි බැවින් සැලකිලිමත් වන්න. movie එක download කර ගැනීමට subdl subtitle info page එකෙහි comments බලන්න.https://subdl.com/u/user_sinhalasub Movie Download Link : https://moviesda.cool/nannbenda-2015-tamil-movie/ https://moviesda.cool/nannbenda-movie-360p-hd-download/

Tags

dvd
nannbenda_2015_sinhala_subtitle
nannbenda_2015_sinhala_sub
nannbenda_sinhala_sub
nannbenda_2015_sinhala_subtitle_download
Published on: 2025-03-05
Downloads: 40
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 188 lines.

✌ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් ✌ පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම. ҉ තාරක නුවන් දිල්හාර ҉ කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ❃_______________ ๑۩۩๑ _______________❃

මෙම උපසිරසි බයිස්කෝප් සිංහලෙන් අඩවිය තුලින් නොමිලේ නිකුත් කරන ලද අතර චිත්‍රපටියේ පිටපත පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් දරනු නොලැබේ

සත්‍යා, ඝාතනයකට සම්බන්ධ සිරකරුවෙක්.

ඔහු කෙනෙක් ඝාතනය කිරීම සඳහා හිරෙන් පනිනවා.

ඇත්තටම මොකද්ද ඔහුට වෙන්නේ?

කවුද මේ සත්‍යා?

මාස කිහිපයකට පෙර...

☯☯☯ThARakA NUwaN☯☯☯

මොකද්ද මෙතන වෙන්නේ?

අපි මේ පෙර පුහුණුවක ඉන්නේ.

කවුද තමුසෙලාට අවසර දුන්නේ?

අපිට අපේ හෙඩ් මාස්ටර් අවසර දුන්නේ.

වෙන කාගෙන්ද අපි අහන්න ඕන?

මේ පළාත කුණු ගොඩවල් වලින් ආරක්ෂා කරන මේ ප්‍රදේශය බාර ඉස්පෙක්ටර් මමයි.

තමුන්ට මේ නගරේ මොන දේ කරන්නත් මගේ අවසරය තියෙන්න ඕන.

කරුණාකර අපිට ගහන්න එපා.

ඒයි සත්‍යා…උඹද!

ඇත්ත පොලිස් කාරයෙක් කියලා හිතලා මමත් බය උනා.

මම හොඳයි නේද?

මේ නාට්ටියේ මම ඉස්පෙක්ටර් වෙන්නම්.

ඉස්පෙක්ටර් ගේ චරිතය තමයි දුෂ්ඨයා.

උඹ වීරයාගේ චරිතය කරපන්. ඒක තමයි උඹට හොඳට ගැලපෙන්නේ.

මේ කතාව විස්තර කරද්දී මොකද්ද උඹ කිව්වේ?

මේ අවුරුද්දේ නාට්‍යයේ දී, පොලිස්කාරයා තමා දුෂ්ඨයා.

දුෂ්ඨයාට නැගලා යන දර්ශන තුනක් තියෙනවා.

දැන් දන්නවානේ මට මේ චරිතය අවශ්‍ය ඇයි කියලා.

මගේ ගෙදර අයට කියන්නේ නැතුව මම ලෝන් එකක් අරගෙන තියෙන්නේ.

අර වගේ සීන් කීපයක් තව වැඩි කරපන්.

තංගදුරෙයි බල කරනවා එයාට දුෂ්ඨයාගේ චරිතය ඕන කියලා.

එයා පොලිස් පුහුණුවත් හරියට ඉවර කරලා ඇවිල්ලා ඉන්නේ.

එයාගේ දිහා බලන්නත් බයයි. - නිකන් ඉඳපන්.

කොහේද ඌ?

මෙහෙ බලපන්!

කී සැරයක් නම් ඔයා දුෂ්ඨයාගේ චරිතය කරලා තියෙනවද.

එක සැරයක් මට කරන්න දෙන්න.

මම මෙතනට ආවේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන.

කවුද මේ මිනිහා?

ඔයාට හාස්‍යජනක මූණක් තියෙන්නේ.

ගිහින් මොකක්හරි ටෝෆියක් කාපන්.

දුෂ්ඨයෙක් නම් මම වගේ තද පොරක් වෙන්න ඕන.

උඹ නිකන් ලෙඩ වෙච්ච උණහපුළුවෙක් වගේ.

හයියෙන් කතාකරන්න ධෛර්යයක් ආවද?

උඹට අතීතය අමතක උනාද?

මට කිසිදෙයක් අමතක නෑ.

උඹලා දෙන්නා ස්කොලේ කට කරලා...

...චිත්‍රපටි බලන්න ගියා කියලා මම පැමිණිලි කරා.

කරුණාකරලා මට යන්න දීපන්.

උඹේ කෙල්ලන්ට ලියුම් ගෙනිහින් දෙන්න මම පියුම් කාරයෙක් නෙවෙයි.

ඒ නිසයි මම ඇයගේ තාත්තට ඒක ගෙනිහින් දුන්නේ.

මාත් එක්ක සෙල්ලම් කරන්න එපා!

උඹයි සිවකොසුන්දුයි මට කරපු දේවල් කිසිම දෙයක් අමතක නෑ.

තව මාස තුනකින්, මම නිළ ඇඳුම ඇඳලා…

ඇඳලා?

ඔය සටන නවත්තගනින්!

ශිල්පා, මෙහෙ එන්න.

කියන්න සර්.

මේ දෙන්නගෙන් කවුද දුෂ්ඨයා කියලා ඔයා කියන්න බලන්න.

මෙයාව බැලුවම රොමැන්ටික් වීරයෙක් වගේ.

මෙයා නම් පරපීඩාකාමී දුෂ්තයෙක් වගේ.

ඇයි උඹ එයාගේ නාසය කැඩුවේ?

හැම අවුරුද්දකම මට නාට්ටියට කතා කරලා බල්ලෙක් වගේ එලවලා දානවා.

පසුබිම් සංගීතයක් එපා දැන්.

මොකද එයාට වෙලා තියෙන්නේ?

කන්නේවත් නැතුව ඔයා කොහෙද ගියේ?

ඔහ්, නාට්‍යයටද?

ඔව්…

ඇයි ඉතින් ඒකට බුම්මගෙන ඉන්නේ?

ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ?

මොකක්ද උනේ?

මම දැනගත්තොත් විතරක් සනසවන්න පුළුවන්.

මට ඔයාට කියන්න බෑ.

ඒකට කමක් නෑ. මම කියන එක හොඳින් අහගන්න.

ඔයාගේ තාත්තා නිවාඩුවක් ගන්න යන්නේ ඔයාව හෙට සම්මුක පරීක්ෂණයකට අරගෙන යන්න.

එයා හදන්නේ ඔයාට හොඳින් හරි නරකින් හරි රස්සවක් හොයලා දෙන්න. පරිස්සමින්

දැන් මොකද මම කරන්නේ?

ඔයා කිව්වේ ඉහල පෙළේ ජොබ් එකක් කියලා.

ඔයා කලින්ම කිව්වනම් මම කලින්ම ලෑස්ති වෙනවනේ.

මම ඔයාට කලින්ම කිව්වනම්...

ඔයා කලින්ම ලෑස්ති වෙන්නේ, මොකක්හරි අසනීපයක් හදාගන්නනේ.

සම්මුඛ පරීක්ෂණයේදී අහන ප්‍රශ්න වලට ලැස්ති වෙන්නේ නැතුව.

මම කොහොමද රස්සාව ලබාගන්නේ ...

ඊළඟ සැරේ බලමු බයික් එක හරවන්න.

ඔයා කරදර වෙන්න එපා.

ඒ කම්පැනියේ ලොක්කා මගේ යාලුවෙක්ගේ යාලුවෙක්.

ඔයාට තියෙන්නේ එයා කතාකරනකොට යන්න විතරයි.

අයදුම්පත දාන්න විතරයි තියෙන්නේ රස්සාව අතටම ලැබෙනවා.

නියම මිනිහෙක් නම් දියවැඩියාව අඩු කරගන්න උදේට ඇවිදින්න ඕන...

...එහෙම නැතුව දරුවන්ට රස්සා හොයා හොයා ඇවිදින කෙනා මොකද්ද මන්දා?

ඊයේ අම්මා හදල දුන්න කෑම එකේ මට අවුලක් දැනුනා.

දැන් ඒක තහවරු උනා.

මගේ බඩ දඟලනවා.

බයික් එක නවත්තන්න.

මම හිතුවේ උඹ කොහොමහරි රස්සාව අරගනීවි කියලා.

මට වැසිකිලිය ඉස්සරහා තියලා උඹ පැනලා ගියා නේද.

මම උඹට!

නවත්තන්න.

මාව නවත්තන්න එපා.

මටයි ඌටයි මේ ගෙදර එකට ඉන්න බෑ.

ඒකට ප්‍රශ්නයක් නෑ. ඔයා ඇවිත් ඉන්නේ මගේ බෑග් එක අරගෙන.

විනාඩියක් ඉන්න…

මම කවුරැවත් යන්න ඕන නෑ.

මම හෙට උදෙන්ම ට්‍රිචි යනවා.

හෙට මාසේ පලවෙනිදා නේද? –ඔව්

නවතින්න… නවතින්න.

අල්ලගන්න එයාව!

අල්ලගත්තා එයාව…

මොන හයියකින්ද උඹලා මාව කුණු තක්කාලි ගෙඩියක් වගේ විසිකලේ?

ගේට්ටුව ඇරපන්

අපිට බෑ.

ඔයා වැඩට ආව දවසේ ඉඳන් මේ හෝටලය බල්ලට ගිහිල්ලා.

ලොක්කා අපිට කිව්වා මේ හෝටලේ දියුණුව දකින්න ඕන නම් ඔයාව එලියට ඇදලා දාන්න කියලා.

මුදලාලි ආයුබෝවන්.

පිටිපස්සේ දොරෙන් විසිකරපු මම දැන් තමුසෙගෙ ඉස්සරහ හිටගෙන ඉන්නවා.

මම නිසා මේ හෝටලයට හොඳක් වෙන්නේ නෑ කියලා හිතෙන එක සාධාරණයි.

ඒත් මම මොකද්ද ඔයාට කිව්වේ?

මේක දියුණු කරලා හොඳ තැනකට ගෙනල්ලා මිසක් මෙතනින් යන්නේ නෑ කියල නේද කිව්වේ?

ඇයි ඔයා මෙච්චර ඉක්මන් වෙන්නේ?

මට තමුසෙව ඇතිවෙලා තියෙන්නේ. යනවා යන්න

මම ඔයාට සාප කලොත් ඒක සැබෑ වෙනවා කියලා ඔයාට අමතක වුනාද?

වටපිට කවුරැවත් නැති වෙලාවට ඔයාගේ දෙවන බිරිඳයි ඔයාගේ අසල්වැසියයි…

අනේ එපා…

දන්ත වෛද්‍ය විද්‍යාව ඉගන ගන්න ඔයාගේ දුව ආදරයක වැටෙන කෙනා කෙනා මෙන්ටල්…

කරුණාකර නවත්වන්න…

සාප කරන්න එපා ඔයා කියන ඒවා සැබෑ වෙන්න ඉඩ තියෙනවා.

උඹට පඩි දෙන එක හරියට මුහුදට ලුණු දානවා වගේ

මම අද නිවාඩුයි.

ඇයි උඹ පඩිය අරගෙන පාටියකට යන්නද හැදුවේ?

ඔයා දන්නවා නේද මම මතින් තොර කෙනක් කියලා?

අද මගේ පඩි දවස, අද දවස මගේ මිතුරා වෙනුවෙන් කැප වෙනවා.

මට හොඳ තේ එකක් දෙන්න.

☯☯☯ThARakA NUwaN☯☯☯

මට යන්න දෙන්න, මේක වැරදියි.

මිනිස්සු පළිගන්නේ මේ විදිහටද?

ඔයාගේ හඳහනට අනුව, ඔයාගේ ඉරණම්කාරිව මුණගැහුනොත්...

...ඒ දවස ඇතුලත, එයාව ඔයාට තුන් සැරයක් මුණ ගැහෙනවා.

එක සැරයක් එයා ඔයාගේ ජීවිතයට ආවොත්, ඔයාගේ මුළු ජීවිතයම උසස් තැනකට යනවා.

මුරුගා දෙවියනේ, ඔයා විතරක් බිරින්දෑවරු දෙන්නෙක් එක්ක සන්තෝෂයෙන් ඉන්නවා නේ.

මගේ අම්මා කිව්ව එක ඇත්තනම්…

…ඔයා මගේ දිව්‍යාංගනාව දැන්ම පෙන්වන්න.

ඇයි ඔයා මගේ ඉල්ලීමට මෙච්චර ඉක්මනට පිළිතුරු දුන්නේ.

ඔයා ගොඩක් හොඳ කෙනෙක් නිසා තමයි ඔයාට බිරින්දෑවරු දෙන්නෙක් ඉන්නේ.

කවුද පිළිමය හොරකම් කරන්න හදනවා.

මම නෙවෙයි.

එයා කොහේ යන්න ඇත්ද?

☯☯☯ThARakA NUwaN☯☯☯

ඔයාව දකින්නේ ගොඩ කාලයකට පස්සේ.

දවස් තිහකට පස්සේ.

මිල අධික සපත්තු, කළු කන්නාඩි, ටයි, කබායක් සහ පට්ට ගහපු යට ඇඳුමක්…

ඔයාගේ ජීවන රටාව පොෂ් වුන එකට ස්තුති වෙන්න ඕන...

...උඹ නිකමෙක් වෙලා ඉන්නකොට මගේ තාත්තගේ සාක්කුවෙන් ඩොලර් පනහක් උස්සලා දීපු මට.

මම නිකන් හින්ට් ගහනවා නෙවේ.

මම දන්නවා.

ඒ විදිහට සල්ලි උස්සලා දුන්න පලියට උඹ නිකන් විශ්‍රාම වැටුප් ලබන නාකියෙක් වගේ...

...හැම මාසෙම ඇවිත් මගේ පඩියට කෙලවලා පුච්චලා සාම්බ්‍රානි ඉහලා යනවා.

අනිතිමේදී උඹ යන්න කලින්, සතුටින් උඹ ගුඩ් බායි කියලා...

...සතුටින් උඹ ගුඩ් බායි කියලා හිස් අතින් අත වනනකොට, මගේ මයිල් කෙලින් වෙනවා.

මමත් මේ හින්ට් ගහනවා නෙවෙයි.

මම අද බස් එකන් බැස්සම පට්ට කෑල්ලක් දැක්කා බං.

ඉතින් අනිත් උන් කියනවද එයා සාමාන්‍ය එකක් කියලා?

හරි කියාගෙන පලයන්.

එයා හරියට තරුණ කාලේ ශ්‍රී දේවි වගේ.

එයා එහෙනම් ඇඟිල්ල උරණ පොඩි කෙල්ලෙක් වෙන්න ඇති.

නෝටියා.

මගේ හඳහනට අනුව අම්මා කිව්වා...

මට අයිතිවෙන කෙල්ල මුණ ගැහුනොත්...

…ඒ දවස අතුලත එයා මට තුන් සැරයක් මුණ ගැහෙනවා කිව්වා, එහෙම උනොත් එයා අයිති මටයි.

එයා මගේ ජීවිතය, මගේ බිරිඳ.

මට දැනටමත් එයාව දෙසැරයක් හම්බ උනා.

තුන් වෙනි සැරේටත් මම එයාව දැක්කොත්, එයා මගේ බිරිඳ වෙන එක කාටවත් නවත්තන්න බෑ.

යමු අපි එයාව හොයන්න.

එයාව හොයන්න?

එයා තවම දන්නේ නෑ මම කොහෙද වැඩ කරන්නේ මම කොහෙද ඉන්නේ කියලා.

හැකි ඉක්මනින් එයාව හසුරවන එක තමයි ඇඟට ගුණ.

මේක හොඳයිද?

පල යන්න.

මේ බලපන්.

ඒක හරියන්නේ නෑ.

ඇයි උඹ අවුල් වෙලා?

මම මෙතන රෙදි ගන්න දඟලනවා, ඒ අතරේ උඹ කෙල්ලෙක් ඉන්නවද කියලා හොයනවා.

මම රෙදිත් බැලුවා බන්.

කොහෙද?

මෙහෙ.

මේ ප්ලේට් එකට විතරක් වියදම Rs 1500?

මම මගේ කෙල්ල හොයන්න ටිකක් උත්සහ කරේ.

පල යන්න.

මම ආපහු යන්නේ නෑ.

මොකද්ද මේ?

උඹ නාන්න බයේ දඟලන පොඩි එකක් වගේ .

Nannbenda subtitles in other languages

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left