முதல் 200 வரிகள்.
නෝනාවරුනි මහත්වරුනි, මොස්කව් නගරයට ගොඩබෑම ආරම්භ වන බැවින්,
කරුණාකර සියලුම ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාවිරහිත කරන්න.
ස්තූතියි.
කරුණාකර ඔය උපකරණය ක්‍රියාවිරහිත කරන්න.
ඉලෙක්ට්‍රොනික උපාංග පාවිච්චියෙන් ගුවන් යානයේ පාලක පද්ධතියට බලපෑම් ඇති වෙන්න පුලුවන්.
මොන බොරුද?
මිනිස්සු මේ වගේ දේවල් ගැන
හැමතැනම කතාවෙනවා,
දැන් කිසිමකෙනෙක් ඔය කතාව විශ්වාස කරන්නෑ.
එයා කියන ඒවා ගනන් ගන්න එපා. පොඩි කාලේ එයාගේ ඔලුව වැදිලා මොලයට හානි වෙලා.
නෑ. මේවා පාවිච්චිය කියන තරම් බලපෑමක් කරනවානම්,
මේවා කවදාවත් ගුවන් යානයකට ගේන්න දෙන්නෑ.
ඔයා මම කියන දේට එකගනම් දිගටම අත් බැඳගෙන ඉන්න.
දැක්කනේ?
ඔයාට ඔය ගේම් එක ගහන එක ඔච්චරටම වැදගත්ද?
මම දිනන්න ඔන්න මෙන්න කියලා ඉන්නේ.
මොන මගුලක්ද?
කුඩා විදුලිය බිඳවැටීමකුයි සිදුවුනේ.
ඔබට දැකගන්න පුලුවන් විශාල වශයෙන් සිදුවන විදුලි කෙටීම්
ඉහල අවකාශයේ.
බියවීමට දෙයක් නෑ.
මම කැමතිම නෑ ගුවන් ගමන් වලට.
අධික වශයෙන් සිදුවන විදුලි කෙටීම් හා කුනාටු තත්වය නිසා සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.
අන්තිම පාරට ඕක ඇන්දේ කවදද?
මතක විදිහටනම් උපාධිය ගත්ත දවසේ
ඔයා උපාධිය ගත්තේ නෑනේ.
නමුත් සාමුහික හැඟීම නිසා මාත් මේක ඇඳගෙන හිටියා.
මට කලු පෑනක් දෙනවද?
මං ගාව මේක තිබුන්නැත්නම් මොකද වෙන්නේ.
- මාව විහිලුවකට ගත්තද? - ඔව්.
මේක ලෝකය වටා සංචාරය කරන සංචාරකයන්ට විශේෂ වෙබ් අඩවියක්.
මේකේ GPS තාක්ෂණය භාවිතාවන නිසා තරුණ තරුණියන්ට පුලුවන් වෙනවා,
ලෝකයේ ඕනෙම නගරයක තියෙන හොදම බීමහල් සහ සමාජශාලා හොයාගන්න.
මොස්කව් නගරයටත් මේක ව්‍යාප්ත කිරීමේ සැලැස්ම...
ෂෝන්?
ඉතුරුටික කියන්න පුලුවන්ද.
මොස්කව් නගරයටත් මේක ව්‍යාප්ත කිරීමේ සැලැස්මේ තියෙනවා හොදින් බීමත් වීමේ
සහ රුසියානු සිරභාරයට පත්වීමේ හැකියාව.
මේ මගේ හැටිද නැත්නම් මට පිස්සු හැදීගෙන එනවාවත්ද?
ටික වෙලාවකටවත් විහිලු කරන එක නවත්තන්න පුලුවන්ද.
මම නෙවෙයිද අර Zvezda සමාගම හවුල්කාරයෝ වෙන්න කැමති කරවාගත්තේ
අපි ජයග්‍රහනයේ මාවතට ඇවිල්ලා ඉන්නේ.
"හොදම කෙල්ලෝ හොයන්නේ මෘදුකාංග ඉංජිනේරුවන්ව."
ඒක හොඳ අදහසක්.
රුසියානුවෝ මේකට ඇබ්බැහි උනාම,
අපි කෝටිපතියෝ වෙනවා.
56 දෙනෙක් දැනට වෙබ් අඩවියේ ලියාපදිංචි වෙලා.
ඇමරිකානුවෙක්.
අපි ලෝකේ වටේ මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ ඇමරිකානු කෙල්ලෙක් හොයාගන්නද.
එයාට වෙන අතක් බලාගන්න කියන්න.
ස්වෙස්ඩා? ස්වෙස්ඩා.
- බෙන්? - ඇයි?
මම ඔයාට කවදාවත් කරදරයක වැටෙන්න ඉඩ දීලා තියෙනවද?
ඔව්.
හදුන්වාදීමේ කතාව ස්කයිලර්ට කරන්න දෙමු.
අපි එනකම් ඉන්නවද?
ඔයා ලෑස්තිද?
අපේ කණ්ඩායම් වැඩ හැමවෙලාවෙම සාර්ථකයි.
කියලා වැඩක් නෑ.
ඔයගොල්ලෝ මොකද මෙතන කරන්නේ?
මම එවපු ඊමේල් එක දැක්කේ නැද්ද?
අපිට ඔයාලව අවශ්‍ය නෑ.
මගේ යාලුවා දැනට මේ වැඩේට ඩොලර් දොලොස්දාහක් විතර වියදම් කරලා තියෙන්නේ.
ගමන් ගාස්තු නැතුව.
මොන මගුලක්ද මෙතන වෙන්නේ? මට පේන විදිහට අර මගේ වෙබ් අඩවිය.
ඔව් ඒක නියමයි. බොහොම ස්තූතියි ඔයාට.
ඊලග සැරේ NDA එකක් එවලා ඉන්න.
ඔයා අදහස් කරේ පාහරයෝ නැති ගිවිසුමක් කියන එකනේ?
ආරක්ෂක අංශයට කතා කරන්න.
ස්කයිලර්, ඇයි තමුසේ මෙහෙම කරන්නේ?
මේක තමයි ව්‍යාපාර වල ස්වාභාවය.
මේක තමයි අපරාධ වල ස්වාභාවය.
මොස්කව් වල වැඩ වෙන්නේ මෙහෙමයි.
ආරක්ෂක නිළධාරියෙක් ඔයාලට එලියට යන පාර පෙන්නයි.
අර යකා පුදුම කාලකන්නියෙක්නේ.
බලන්නකෝ මෙහෙ ලස්සන - මට පේනවා.
මාර ලස්සනක්.
ලස්සනයි තමයි. ඒ උනාට අපි අතරමං වෙලාවත්ද?
නෑ. සිතියමට අනුව අපි ඉන්නේ ගොඩනැගිලි දෙකකට මෙහායින්.
හරි ඔහොම ඉන්න, ඔහොම ඉන්න.
- "මොස්කව්" කියන්න. - මොස්කව්.
- අපි කොහොමද මෙතන හොයාගත්තේ? - මෙයාගේ වෙබ් අඩවියෙන්.
- එයා ලස්සනද? - ඔව්,
හැබැයි ඉතිං වම් පැත්තේ ඉන්න කෙනා විතරයි.
නැට්, එයාගේ යාලුවාගේ ඇදුම මහ විකාරයක්.
බොරු කියන්න එපා. ඔයා ඒවගේ ඇදුම් වලට කැමතීනේ.
ඔව්. මේ මිනිහා ලෝකේ ඉතුරුවෙලා ඉන්න අන්තිම මිනිහා උනොත්නම්...
බය වෙන්න එපා. එහෙම වෙන්නෑ.
අපි යමුද?
මොනවා හරි බොන්න යමු.
අපි අහසේ පාවෙලා යන තරමට බොන්න ඕනේ.
අමතක කරලා දාපං වෙච්ච දේ කිසි තේරුමක් නෑ.
ඒකේ තේරුමක් තියෙනවා.
අපේ අනාගතේ විනාශවෙලා ගිහින්.
හරි. අපි උන්ට විරුද්ධව නඩු දාමු.
රුසියානු නීතිය දන්න නීතිඥයෙකුත් හොයාගෙන.
මොන මගුලේ රුසියානු නීතියක්ද?
මේක හින්දා බලපොරොත්තු නැති කරගන්න එපා. අපි මොකක් හරි ක්‍රමයක් හොයාගමු.
- තමුසේ කොහොමද ඔහොම ඉන්නේ හැමවෙලාවෙම? - ඔහොම කියන්නේ?
සර්ව ශුභවාදී විදිහට.
මට මේ වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. මට දැන් පුරුදුවෙලා.
ඔයාට තරහ යන්නෙම නැද්ද...
පුතා, අරයා ඉන්නේ කවුරුහරි එනකම්.
කවුරුහරි ඇවිල්ලා කතා කරනකම්.
කතා කරලා කසාද බදිමු කියනකම්.
මොකක්?
ඒ කාලකන්නියා.
කොල්ලනේ, ඔයාලත් මෙතනද.
වැඩේනම් නියමෙට කරලා තිබුනා.
බලන්න, මේකට ඔච්චර කේන්ති ගන්න එපා.
ඔයාලා මෙතෙන්ටත් ඇවිල්ලානේ ඉන්නේ,
මෙතෙන්ට එන හැමෝම බඩගිනි වෙච්ච වෘකයෝ වගේ. ඔයාලා දෙන්නා බැටලු පැටව් දෙන්නෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවා.
ඔයාලාව අනිත් උන් කාලාදායි.
තමුසේ කැමති ඇති වෘකයෙක් කියලා හිතාගෙන ඉන්න,
නමුත් ඇත්තටම නම් ඔහේ නරියෙක්.
තේරුම් ගන්න. ව්‍යාපාරවල ස්වාභාවය මේකයි.
සමහරුන්ට දරාගන්න පුලුවන්.
සමහරුන්ට බෑ.
ලස්සන ෂර්ට් එකක්.
ස්තූතියි. ඔහේගේ අම්මා මේක මගේ කාමරේ දාලා ගිහින් තිබුනා අමතක වෙලා.
කිසිම මිනිස් සමාජයක් ඉතුරුවෙන්නෑ මත්පැන් සහ ආගම නැතුව.
ඒකයි මම ආගමික විදිහට බොන්නේ.
යාලුවා, අර ඇමරිකානුවා.
ඇත්තට?
"මොස්කව් නුවර අතරමං වෙලා. කරුණාකර උදව් කරන්න."
නරකම නෑ.
එහෙනම් උදව් කරමු.
- සමලිංගිකයෝ. - ඔව්.
සමාජ රෝග.
කමක් නැද්ද.
ස්තූතියි මහත්වරුනි.
මරු වැඩේ. ස්තූතියි.
අර බලන්න. මම කිව්වේ එයා නියමයි කියලා.
ඔයා හොද වැඩක් කරලා තියෙන්නේ.
"මොස්කව් නුවර අතරමං වෙලා. කරුණාකර උදව් කරන්න"?
දග්ලෝබ්ට්‍රොට්.කොම්
දැන් රාජකාරිමය වශයෙන් වහලා දාලා.
මොකද උනේ? ඔයාලා ලක්ෂපතියෝ උනාද?
නෑ නෑ කෝටිපතියෝ.
එහෙම නැත්නම් පිස්සු හැදිච්ච මිනිහෙක්ගේ යාලුවෙක්ද?
- මම බෙන්. - පිස්සු හැදිච්ච මිනිහෙක්.
ඈන්. මේ නැටලී.
උපදේශයට ස්තූතියි. ඒක ගොඩක් ප්‍රයෝජනවත් උනා.
ෂෝන් තමයි ඒ වැඩ කරන්නේ.
ඔයා කරන්නේ මොන වැඩද?
ඉතුරු වැඩ ඔක්කොම.
මට ලාගර් එකක් දෙනවද? බියර් එකක්?
කවුරුහරි දන්නවද රුසියානු භාෂාව?
රොකී 4 චිත්‍රපටියෙන් ඉගෙනගත්ත පොඩ්ඩ විතරයි.
මම නේපාලයට යන ගමන්. ෆොටෝ ඇරං,
ඒවා ප්‍රදර්ශන ශාලාවකට දාන්න ආසයි
ඔයාට අවස්ථාව ලැබෙයි.
නැට් තමයි මගේ විශ්වාසවන්ත සහායිකාව.
මම කරන්න හිතාගෙන හිටපු දේවල්නම් ගොඩක් තිබුනා. නමුත් ඒවා හරිගියේ නෑ,
ඒක හින්දා මම රස්සාව නවත්තලා දාලා අම්මට ලියුමක් ලියලා මෙහෙට ආවා.
ඇයි එකපාරටම එහෙම කරේ?
කොල්ලා තරහ වෙලා.
අපි ඒක ගැන කතා නොකර ඉමුද?
සමාවෙන්න.
ඔයාලා මොකද කරන්නේ?
ඇත්තට, ඔයාලා මොකද කරන්නේ?
මොකක් හරි හොද දෙයක් වීමේ හැකියාව ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.
නේද?
නැත්නම් කිසිම වැඩක වගකීමක් ගන්න අකමැතියිද.
ඔයාත් එක්තරා විදිහක පාහරයෙක්.
ෆොටෝ ගන්න වෙලාව.
විකාර විදිහට ඉන්න එහෙම එපා. එන්න.
- හරි, හරි. - හරි.
එක, දෙක, තුන!
මොකක්?
සමාවෙන්න මගේ අවාසනාව.
ඒපාර මොකද කරේ ෂෝන්?
රුසියාවනේ.
මොකක්ද වෙන්නේ?
මොනවද ඒ?
දේවතා එළිවත්ද?
මම කවදාවත් මෙහෙම දෙයක් දැකලා නෑ.
මොන මගුලක්ද?
නියමයි.
මගේ ෆෝන් එක වැඩ කරන්නෑ.
කොහෙවත් කරන්ට් එක නෑ.
- දෙවියනේ - මාර ලස්සනයි.
මේක සාමන්‍ය දෙයක් නම් නෙවෙයි.
දෙවියනේ.
නැට්.
බලන්න අරක දිහා.
ෂෝන් ඔයා දැක්කද ඒක?
මොකක්ද එයා කරන්න හදන්නේ?
දෙවියනේ!
දුවන්න!
යන්න! දුවන්න! දුවන්න! දුවන්න! දුවන්න!
නැටලී! ඉක්මන් කරන්න!
ඔක්කොම එකට ඉන්න!
ලොක් කරන්න!
දුවන්න!
ඉක්මන් කරන්න.
එන්න! එන්න!
දෙවියනේ.
- මගුල. - දෙවියනේ.
එන්න! එන්න! එන්න!
No comments yet. Be the first to leave one.