Mischievous Kiss

Mischievous Kiss (장난스런 키스)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Playful Kiss Complete Season
கருத்துரை வழங்கியவர் CinemaSubz
Complete Season by CinemaSubz http://cinemasubz.blogspot.com/

குறிச்சொற்கள்

other
வெளியிடப்பட்ட தேதி: 2019-08-31
பதிவிறக்கங்கள்: 87
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

Cinema Subz හී 'අචිනි ඒරන්දිකා' විසින් කළ උපසිරැසි ගැන්වීමකි... මෙය නොමිලේ බෙදාහරිනු ලබන්නක් බැවින් කරුණාකර කතෘ අයිතිය සුරකින්න...

* 1 වන කොටස *

ඕ හා නී.

ඕ හා නී? ඔව්.

මොනවද මගේ හා නී පැටියා උදේ පාන්දරින්ම කල්පනා කරන්නෙ?

ළමයිනේ, හොඳට ඉගෙන ගන්න ඕනෙ, හරිද?

හරි.

හොඳටම, හරිද? හරි!

මට තේරුනා...

කොරියාවෙ උසස් පාසලක තුන් වැනි වසර ශිෂ්‍යයින් විදිහට...

ඔයාලා කොච්චර හොඳට ඉගෙනගනියිද!

දැන් නිදියන එක නවත්තලා පාඩම අහගන්නවා.

වටපිට බලන එක නවත්තන්න!

ඔයාලට කොච්චර මහන්සියක් දැනුනත් කමක් නැහැ.

ඔයාලා අනිත් හැම පන්තියකටම වඩා මහන්සි වෙන්න ඕනෙ, හරිද?

ඔයාලා දන්නවද මම කොච්චර කේන්තියකින්ද ඉන්නෙ කියලා?

පේන විදිහට ප්‍රතිඵල ඇවිත් වගේ. ඔව්.

ඔව්, මට හිතෙන්නෙ අපි අන්තිම අයගේ ගොඩේ ඇති.

මේක පළවෙනි වතාව නෙමෙයිනේ.

ඉතින් මොකටද හැමවෙලේම වැඩ කරන්න මහන්සි වෙන්නෙ?

ඔයාගෙ ගෙදර දැන් හදලා ඉවරයි, නේද? ඔයාලා ගෙට ගෙවැදීමේ උත්සවයක් තියන්නෙ නැද්ද?

මම තාමත් බඩු සේරම ලෑස්ති කරලා නැහැ.

මොකද මගේ තාත්තා හැමදාම ගෙදර එද්දී රෑ වෙනවා, මටත් වෙලාවක් නැහැ.

බොන්ග් ජූන් ගූට කියන්නකෝ! මම එයාව කළින් දැක්කා.

එයා මෙන්න මේ විදිහට ඔයා දිහා බලාගෙන හිටියා.

එයා එහෙම නැහැ. ඇයි ඔයා එහෙම නැහැ කියන්නෙ?

බොන්ග් ජූන් ගූ ඔය විදිහට ඉන්නෙ ඔයා නිසයි.

ඔයාට ඕවා එපා වෙන්නෙම නැද්ද?

මොකක්? ඔයා කිව්වෙ මේක ගැනද?

අමාරුවෙන් කඩේකට දුවලා ගිහින් කුකුල් මස් අරගෙන කනකොට ඒවා එපා වෙනවද,

එහෙනම් මොකටද ඒවා කන්න ගන්නෙ?

හා නී, ඔයාට නූඩ්ල්ස් කද්දී එපා වෙනවද?

නූඩ්ල්ස් කඩේක අයිතිකාරයෙක්ගෙ දුව විදිහට, ඔයාට නූඩ්ල්ස් එපා වෙනවද?

ඔයාට කවදාකවත් මගේ තාත්තගේ නූඩ්ල්ස් එපා වෙන්නෙ නැහැ.

ඒක හරි, ඔයාලගේ නූඩ්ල්ස් ඇත්තටම හරිම රසයි.

මම එකඟයි.

ආයුබෝවන්.

ආයුබෝවන්.

"ආයුබෝවන්"?

එයා දැන් කිව්වෙ "ආයුබෝවන්" කියලා නේද?

ඇයි මේක එන්නෙ නැත්තෙ?

ඔයාට ස්තූතියි.

"ස්තූතියි"?

තුන් වැනි වසර විභාග වලින්, බෙක් සියුන් ජෝ ඉහලම ලකුණු අරගෙනලු.

ඉතින් ඒක ප්‍රශ්නයක්ද?

මුලු ලකුණු 500 යි!

මොකක්? බෙක් සියුන් ජෝ ආපහු සැරයක් උපරිම ලකුණු අරගෙන?

එයා මනුස්සයෙක්ද? එයා නම් කොහෙත්ම මනුස්සයෙක් වෙන්න බැහැ.

එයා දේවදූතයෙක්.

වනාන්තරයක ඉඳන් ආපු දේවදූතයෙක්.

ඒක වුණේ මේ විදිහට. මම සුදු අශ්වයෙක්ගෙ පස්සෙන් ගියා. ඌ එක පාරටම අතුරුදහන් වුණා.

එකපාරටම, ඌ මගේ ඉස්සරහට ආවා!

කොහොමද ඒක වුණේ...

ඌට ඕනෙ වුණේ මාව හපන්න?

ඔයා කිව්වෙ හපන්න කියලද? ඔව්.

පළවෙනි පාර මට තේරුම්ගියා ඒක හරියට වැම්පයර් කෙනෙක් කරන දෙයක් වගේ කියලා.

පළවෙනි සැරේම වැම්පයර්ලත් කරන්නෙ ඕකමයි.

ගෑනු කෙනාගෙ බෙල්ල ආදරෙන් අල්ලගන්නවා.

ඊට පස්සෙ හපාගෙන හපාගෙන යනවා!

අනේ! හා නී.

ඔයා කුකුල් කකුලක් කෑවානම් හරි. කුකුල් කකුලක්, හපන්න මේක!

අනේ මට බැහැ!

මොකද ඔයා බැහැ කියන්නෙ? හපන්න!

ඒ සියුන් ජෝ!

එයා හරිම කඩවසම්!

සියුන් ජෝ අයියේ.

මේක බොන්න. මම මේක අරගෙන වැඩි වෙලාවක් නැහැ.

මගේ අම්මා කිව්වා ඔයාගෙ අම්මාව මතක් කළා කියන්න කියලා.

මම ජැන් මී

හොන්ග් ජැන් මී.

මගේ අම්මයි ඔයාගෙ අම්මයි යාළුවෝ.

ඒක ආයමත් එන්නෙ නැහැ වගේ.

හා නී. මේක එන්නෙ නැහැනේ.

මම දැන් හා නී ගෙන් උදවු ගන්නවා.

හා නී, ඉක්මනට එන්න!

මෙන්න, අයියේ.

අයියේ, ඔයා මේ සැරෙත් මුලු ලකුණු ගාණම ගත්තා නේද? ඔයා නම් නියමයි!

ඔයා නිසයි මම ඔයාට කිව්වෙ ඒක එයාට කියන්න කියලා.

එයාට කියන්න?

අපිට ඉක්මනින්ම උපාධි ලැබෙනවා.

ඔයා හදන්නෙ මේ විදිහටම ඉන්නද?

ඒක හරි! මට එයාට ඒක කියන්න බැරිවුණා,

ඒනිසා එයා මගේ හදවතේ තියන දේ දන්නෙ නැහැ, ඒ නිසයි එයා ඒක පෙන්නන්නෙ නැත්තෙ.

මොකද එයාට ලැජ්ජයි!

මොනවද ඔයා බලන්නෙ? මම මේ බලන්නෙ "ලැජ්ජයි"කියන එකේ තේරුම.

ඒක හරි. මම එයාට මගේ හිතේ තියන දේ කියන්න ඕනෙ.

ඒත් කොහොමද මම කියන්නෙ?

මම ඒක එයාට කිව්වම එයාගෙ හිතේ ලොකු හැඟීමක් ඇතිවෙයි.

මේක කොහොමද?

"මගේ ආදරණීය සියුන් ජෝ, මම ඔයාට ආදරෙයි!"

ඒකත් නරකම නැහැ.

ඒක නරකම නෑ කිව්වා? ඔයා මොනවද මේ කියන්නෙ?

ඔයා මේ සැරේ මොනවද බලන්නෙ? මම මේ බලන්නෙ "නරකම නැහැ" කියන එකේ තේරුම.

ඔයා හැමවෙලේම මොනවහරි හිතනවා නේද?

මට කරන්න මොනවහරි කියන්නකෝ?

සත්තුන්ට නම් මොනවහරි කියන්න ඕනෙ වුණොත් එයාලා නටනවා.

නටනවා? ඔව්.

මාළුවෝ, කුරුල්ලො, පෙන්ගුයින්ලා වුණත්...

ගෙවල්වල ඉන්න මැස්සො වුණත් එහෙමයි.

සත්තුන්ට එකිනෙකාට ආදරේ ප්‍රකාශ කරන්න ඕනෙ වුණොත්, එයාලා නටනවා...

...හංස විලේ නැටුම.

හංස විලේ නැටුම?

අපි ආයෙත් මුණගැහුනා.

අද චිත්‍ර ඇඳීමේ දවස.

ඔයා තුන්වැනි වසරේ කෙනෙක්නේ. ඔයා ඉගෙන ගන්නෙ නැද්ද?

අපි ඉගෙන ගන්නෙ නැහැ.

ඔයාට ඔච්චරයිද කියන්න පුළුවන්? මට හිතෙන්නෙ කියවලාම ඔයාගෙ පෙණහැල්ල දැන් හිර වෙලා වගේ.

මගේ අත අතාරින්න.

ඒක පුංචියි... නේද?

මොකක්ද? මුකුත් නැහැ.

සියුන් ජෝ කැමති ඔය වගේ ගෑණු ළමයිටද?

ඕක අහන්නත් දෙයක්ද? ඇයි එයා පිරිමියෙක් නෙමෙයිද?

ඇයි මේ ජුන් ගූ අයියා තාමත් නැත්තෙ?

එයා දන්නෙ නැද්ද අද එයාව තමයි අඳින්නෙ කියලා?

මොකක්ද ඒ? මොකක්ද ඒක? මොකක්ද?

මාව අතාරිනවා!

මොකක්ද මේ?

කුකුල් මස් කුකුල් මස්?

මොන ජාතියෙ කුකුල් මස්ද?

එක්තරා වර්ගයක කුකුල් මස්.

මොකක්! මේ චීන කුකුල් සුප්, චීන කුකුල් මස්...

මේක ගන්න, ඔයාටමයි මම ගෙනාවෙ. ඇයි ඔයා මේක මට දෙන්නෙ?

බලන්න ඔයා දිහා! ඔයා හරිම කෙට්ටුයිනෙ.

ජුන් ගූ අයියේ, වැඩේට ලෑස්ති වෙන්න!

ඔයාට නාස්ති කරන්න වෙලාවක් නෑ. හරි හරි, මම එන්නම්!

ඔයා මේක තනියම බොන්න.

තව ටිකක් පාත් වෙන්න.

ඔයාගෙ අත ටිකක් උස්සන්න.

ඔයාගෙ කකුලත් ඒවගේම උස්සන්න.

මේ වගේද? තව ටිකක් උඩට.

මේ වගේද? තව ටිකක්.

මේ හරිද? නවත්තන්න!

අද දවසේදී අඳින්නෙ මේ ආකෘතියයි.

එහෙනම්, පටන් ගන්න.

මගේ මුළු ඇඟම රිදෙනවා.

මේක හරිම අමාරුයි, ඒත් ඒකට කමක් නැහැ.

හා නී මාව අඳිනවා. හා නී මං දිහා බලාගෙන ඉන්නවා.

පොඩි වේදනාවක් දැනුනට කමක් නැහැ.

ආදරෙන් බැඳුණු කෙනෙක් වුනාම මෙහෙම දුකක් විඳින්න ඕනෙ.

මොකාද ඔය?

මේක දිහා පොඩ්ඩක් බලන්න.

මේක බැලුවට පස්සෙත් ඔයාට හිනාවෙන්න පුළුවන්ද, සොන්ග් කැන්ග් යී ගුරුතුමී?

මේකෙ මේ සුදු පාටට තියෙන බහුතරය සොන්ග් ජී ඕහ් ගුරුතුමාගෙ පන්තියෙ ළමයි.

එතකොට මේ නිල් පාටට තියෙන රවුම් ගොඩ සොන්ග් කැන්ග් යී ගුරුතුමීගෙ පන්තියෙ ළමයි.

ගොඩක් ඉන්නවා, නේද?

ඒක හරි, හරියට මුහුද වගේ.

සොන්ග් ගුරුතුමී! ඇයි?

ඔයාට නෙමෙයි, සොන්ග් ගුරුතුමීට.

සොන්ග් ගුරුතුමී!

සොන්ග් කැන්ග් යී ගුරුතුමීගෙ පන්තිය මේ මුළු ඉස්කෝලෙම විනාස කරලා දැම්මා.

විශේෂයෙන්ම මුන් ටික

ඕ හා නී, ඩොක් ගෝ මින් ආහ්, ජන්ග් ජූ රී සහ බොන්ග් ජුන් ගූ.

මුන් හතරදෙනාට කරන්න පුළුවන් දෙයක් ගැන ඔයාට හිතන්න බැරිද?

ඇයි අපිට බැරි මේ හතරදෙනාව විභාගයෙන් අයින් කරලා දාන්න?

මේක නම් ඇත්තටම මහ කරදරයක්! හරිම කරදරයක්...

බෙක් සියුන් ජෝ අපේ ඉස්කෝලෙට ආපු එක නම් ඇත්තටම ලොකු ආඩම්බරයක්.

එන්න, මේක ඉක්මනට ඉවර වෙයි.

මාංශ පේශීන් අඳිනකොට ත්‍රිමාන ගතියක් තියෙන්න ඕනෙ.

හැමෝටම තේරුනා නේද?

ජොන්ග් ගූ අයියේ, ඔයා දැන් එන්න.

හරි, හරි.

මගේ ඇඟම ගල් වෙලා වගේ!

මගේ කකුල, කකුල!

හරිම අමාරුයි.

ඔව්, ඒක තියෙනවා.

හරි, හරි, ඒක මෙතන තියෙනවා.

හා නී! ඇයි?

මොකද?

මොකද වුණේ?

මොකක්?

මේ මොකක්ද? මං මේ වගේද?

හා නී, එයාගෙ බිල! හරි, මම දෙන්නම්.

මම දැන්මම ගෙවනවා. හොඳයි, සර්.

අද රෑට මේවා වේලෙයි, එතකොට වැඩේ ඉවරයි.

මට තාමත් ඒගැන හරියටම කියන්න බැහැ,

මම පොඩි කාලෙ ඉඳන්ම මෙහෙ හිටියත්.

ඔයා ලොකුයි වගේ පේන්නෙ නැහැ.

මේ කාලෙ මිනිස්සු කැමති නැහැ ගොඩක් වේලෙනවට. එයාලා කියනවා ඒක හොඳ නැහැ කියලා.

ඔයා ඔහොම කියන්නෙ මගේ හිත හදන්න, නේද?

ඔයා එහෙම කිව්වෙ නැද්ද, තාත්තෙ? ඔව්.

තාත්තෙ. ඇයි?

ඔයා කොහොමද අම්මාට යෝජනා කළේ?

යෝජනා කළේ?

නැහැ, ඒක කිව්වෙ.

නැහැ... තාත්තෙ, ඔයා දන්නවනේ අර මගේ යාළුවා ජූ රී?

ඔව්. එයා කෙනෙක්ට කැමතියි,

ඒත් එයා හරිම කරදරෙන් ඉන්නෙ ඒක එයාට කියන්නෙ කොහොමද කියලා.

ඒ වෙලාවෙදි, මගේ කාර් එක ඇත්තටම නියමයි.

මම ඔයාගෙ අම්මාව අධි වේගයකින් ගෙනිහින් ඇරලුවා.

ඒ කාර් එක කිසිම විදිහකින් කඩන්න බැහැ.

රෝද වැඩ කළේ හරියට අශ්ව බල ශක්තියකින් වගේ.

ඔයාගෙ අම්මා ඇහුවා, "ඔයාට පිස්සුද? කියලා"

එයා බය වෙලා කෑගහන්න පටන් ගත්තා.

ඊට පස්සෙ? ඊට පස්සෙ...

මම නවත්තන්නෙ නැතුවම වේගයෙන් ඉස්සරහට ගියා.

"ඔයාට මාව සිප ගන්න ඕනෙද, ඔයාට මාව විවාහ කරගන්න ඕනෙද?"

"ඔයාට මාත් එක්ක එලියට යන්න ඕනෙද? මාව විවාහ කරගන්න ඕනෙද?"

"ඔයාට මාත් එක්ක ඉන්න ඕනෙද, මැරෙනකම්ම මාත් එක්ක ඉන්න ඕනෙද?"

ඉතින්, එයා කිව්වාද එයාට ඔයාත් එක්ක ඉන්න ඕනෙ කියලා?

නැහැ.

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left