முதல் 186 வரிகள்.
අම්මා, මං ඔයාට කිව්වා නේ අනේ කරදර වෙන්න එපා කියලා.
මොකක් ද කරදර වෙන්න එපා කියන්නේ?
පුතේ, පොඩි මඟ පෙන්වීමක් කරන්නකෝ?
පළවෙනි වතාවටනේ මුණගැහෙන්නේ එයාව.
හොඳයි, එහෙනම් මට මේක කියන්න. එයා මොනවා ද කන්න කැමති?
අම්මා, අමන් හැමදෙයක්ම කනවා.
ඔයාට ඕනේ දෙයක් උයන්න.
ඔයාට විශ්වාස ද?
පස්සේ කෑම හොඳ නෑ කියලා එහෙම පැමිණිලි කරනවා නෙමෙයි.
හරි, අම්මා, අමන් ගෙන් කෝල් එකක් එනවා. හැන්දෑවට හම්බෙමු, හොඳද?
බායි. - බායි, පුතා.
ඔයා එන ගමන් ද?
ඔව්, තව විනාඩි දෙකක් විතර යයි.
ඔයා ඇවිත් ද ඉන්නේ? - ඔව්.
ඔයා ඇත්තටම එනවා නේ?
අනේ! ඔයා ඔය හතරවෙනි වතාවට අහන්නේ.
මාව විශ්වාස නැද්ද?
නෑ, තෑගි ගත්තා ද?
මගේ පවුල වෙනුවෙන්, තෑගි. - ඔව්, ගත්තා.
මොනවා ද ඔයා ගත්තේ? - පොඩිපහේ බෝම්බයක්.
විහිළු කරන එක නවත්තන්න. - විහිළු?
මං විහිළු කරන්නේ නෑ. ඇත්තමයි කියන්නේ.
10-02 සීමා කරන්න.
අමන්, මං ඇත්තටම කලබල වෙලා ඉන්නේ.
ඔයා මොකටද කලබල වෙන්නේ?
ඔයා දන්නවා නේ ඇයි කියලා.
අනේ, ඔයා මං නිසා පොඩ්ඩක් වත් කලබල වෙන්න එපා.
මමයි, උඩ ඉන්න දෙවියන් ගැනයි විශ්වාස කරන්න.
ඔයාගේ ද, නැත්නම් මගේ ද?
රාජකාරිය කරන ඕන කෙනෙක්?
ඔයා කොහෙ ද ඉන්නේ?
අත හරින්න.
සීමා කළා, මිනිහා බිම. - අමන්. අත හරින්න.
අත හරින්න. මොන මඟුලක් ද ඔයාලා කරන්නේ?
අත හරින්න.
එතකොට කාව ද මෙතනට අරන් ඇවිත් තියෙන්නේ?
ඔහු පකිස්ථානුවෙක්.
එතකොට ඒක විතර ද එයා කරපු අපරාදේ?
ඔහු බෝම්බ ගැන කතා කර කර හිටියා, සර්.
එතකොට එයා ළඟ තිබිලා මොනවාහරි හොයාගන්න පුලුවන් වුණා ද?
අපිට මේවා ලැබුණා, සර්.
මං මේක සැක කළේ ඔවුන් පාවිච්චි කරපු මොකක්හරි..
.අලුත් භාෂාවක් වෙන්න ඇතියි කියලායි, සර්.
පේන විදිහට නම් අරාබියානු ශෛලියේ එකක් වගේ.
මෙන්න මෙතන...
...එතකොට මෙතන.
එහෙම නේ?
එතකොට ගෑනු ළමයා?
එයාගේ ඇඳුම් ටික මේ දැන්ම එයාට දෙන්න ඕනේ!
මෙතනම, මේ දැන්ම! - ඇය ඉන්දියානුවෙක්.
මං හිතන්නේ ඇය තමයි ඔහුගේ අපරාධ සහායක.
හරියට හින්දි-පකිස් මෙහෙයුමක් වගේ, සර්.
එතකොට මේ කොල්ලා ත්‍රස්ථවාදියෙක් කියලා පේනවා ද, පර්සි මහත්තයා?
මේ සේරම දිහා බලද්දි, එහෙම නෙමෙයි ද?
මේක තමයි නියම වෙලාව මේකට මොනවා හරි පියවරක් ගන්න, සර්.
මේක තමයි නියම වෙලාව තමුන්ගේ නිල ඇඳුම ගලවන්න.
බූරු තඩියා.
දැන්ම එයාව නිදහස් කරලා තමුන්ගේ මෝඩකම වෙනුවෙන් සමාව ඉල්ලනවා.
අනිවාර්යයෙන්ම.
ස්තුතියි.
නැවත වතාවක් සමාව ඉල්ලා සිටිනවා, අලී මහත්තයා.
මට කණගාටුයි, අලී මහත්තයා. - හොඳයි..
ඩෝනට් වලින් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා කියන එක පැහැදිළියි, නේද?
යමු යන්න.
මේක නම් විශ්වාස කරන්නත් බෑ.
මන්දබුද්ධික මෝඩයෝ!
මං මේක මගේ චැනල් එකටත් දානවා.
ඒ වගේම ට්විටර් එකටත්.
මං ඔය සේරම එවුන්ව අස් කරලා දාන තැනට වැඩ කරනවා.
කොහෙන් ද එයාලට හයියක් ඔයාගේ ඇඳුම් ගලවන්න?
එතකොට ඇඳුම් ටික ආපහු මේ විදියට දීපු ඒක.
අඩුම තරමේ එයාලට මේවා මැදලා දෙන්න තිබුණා? - වස්තුවේ.
අපි හිටියේ පොලිස් ස්ටේෂමක නේ. - ඉතින්?
ඇඳුම් වේළලා මැදලා දෙන තැනක නෙමෙයි නේ? - ඉතින්.
මට ඔයාව මේ විදියට ගෙදර එක්කන් යන්න බෑ නේ?
අලුත් ඇඳුම් ටිකක් අරගමු.
කෝ බලමු.
ආශා, අහන්නකෝ, මට නම් හිතෙන්නේ අපි මේක අද කළේ නැත්නම් හොඳයි කියලායි.
මේක අසුභ පෙරනිමිත්තක්.
මොකක් ද? - වෙන මොනවා ද ඉතින්, ඔයාගේ ගෙදර අයව මුල්ම වතාවට හම්බෙන එක?
මගේ අම්මා කෝල් කළා, එයාලා දැනටමත්.. - ආශා.
අද එච්චර හොඳ දවසක් නෙමෙයි.
මට හිතෙන්නේ අපි වෙන.. - කට වහගෙන ඔච්චර හිතන එක නවත්තන්න.
අනේ, කොහොම ද හිතන්නේ නැතුව ඉන්නේ?
ටික වෙලාවකට කලින් මං ඇඳුම් නැතුව පොලිස් ස්ටේෂමක හිටියා.
එතකොට දැන් මං යන්න හදන්නේ පළවෙනි වතාවට ඔයාගේ..
..ගෙදර අයව හම්බවෙලා අපේ කසාදේ ගැන කතා කරන්න.
හැමදෙයක්ම හරි ඉක්මනට වෙනවා, ආශා.
මට එක මරාලයක් කඩන් වැටුණා..
..තව එකක් මගේ කකුල් දෙක ළඟට වැටුණොත් එහෙම.
වස්තුවේ, මං කියන දේ අහන්න.
අපි මේක වෙන දවසක කරමු. - සංසුන් වෙන්න.
මුකුත්ම වෙන්නෙ නෑ.
අන්න ඒකයි මටත් තියෙන බය. එකපාරටම මොනවත්ම වුණේ නැති වුණොත්?
මං කියන්නේ, මට ඇත්තටම ඕනේ මොනවාහරි දෙයක් වෙනවා දකින්නයි.
මට ඔයාගේ ගෙදර අය කැමති වෙන්න ඕනේ. එයාලා මට කැමති වෙන්න ඕනේ.
අපි.. - ඔයා කට වහගන්නවා ද, නැත්නම් මං වහන්න ද?
ඔයාම කරන්න.
ඒක වෙන විදියට වෙන්න දෙන්න.
කවුරුවත් ඔයාව බයිට් කරන්නේ නෑ.
විශ්වාස ද?
විශ්වාසයි.
හොඳයි.
මොක ද..
හොඳයි, කමක් නෑ මොන දේ වුණත්..
..අපි දෙන්නා අතර කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ.
පොරොන්දු වෙනවා ද?
පොරොන්දු වෙනවා.
මං ඔයාට ආදරෙයි.
මාත් ඔයාට ආදරෙයි.
එන්න.
ඔයා කවදාවත්ම මට ඔයාගේ ගෙදර අය ගැන විස්තර කියලා නෑ නේ.
එයාලා ගැන පොඩි දේවල් ටිකක් කියන්නකෝ..
..ඒක මට ලේසි වෙයි.
ඔයා එයාලව මුණගැහෙන්නනේ යන්නේ.
කවුද ගෙදර ඉන්නේ? - හැමකෙනෙක්ම.
හැමකෙනාවම ඔයාට හම්බවෙයි, යමුකෝ.
අම්මා, බලන්නකෝ රාජුයි, සිම්රනුයි.
ගොඩක් හොඳයි, පුතා.
මැරියන්!
ගොඩක් හොඳයි, අම්මා.
ඔයා තාම ලෑස්ති වුණේ නැද්ද?
එයා මාව බලන්න එනවා යෑ.
වාව්, නියමයි!
ඔයා මේ තරම් දේවල් මාව බලන්න ආපු වෙලාවේ දි නම් හැදුවේ නෑ.
දැන් කියන්න හදන්න එපා ඔයාගේ සැමියා ඔයාව දාලා ගියේ..
..අපි මේ තරම් දේවල් ඔයාව බලන්න ආපු වෙලාවේ හැදුවෙ නැති නිසා කියලා.
සමාවෙන්න, පුතේ.
මගේ මොළේ ට මොනා වෙලා ද මන්දා.
මං කරදරෙන් ඉන්න කොට එක එක විකාර කියවෙනවා.
කිසි ප්‍රශ්නයක් නෑ අම්මා, මං දැන් ඒකට පුරුදු වෙලා ඉන්නේ.
ගණන් ගන්න එපා.
ඉක්මනට ගිහින් මොකක්හරි ඇඳගන්නවා.
ඒ වගේම ගිහින් බලනවා ඔයාගේ මල්ලි කොහේ ද ගිහින් ඉන්නේ කියලා.. - අම්මා.
හෙලෝ. ඔව්.
කීයට ද පන්තිය තියෙන්නේ?
මං දන්නවා. - අංජලී, බලන්න කවුද ආවේ කියලා.
හායි, අංජලී. - ඔයා කවුද?
ඔයා මාව අඳුරන්නේ නැද්ද? - නෑ?
ඔයා මාව දන්නේ නෑ? - නෑ.
ආශා නැන්දා.
අම්මා, ආශා නැන්දා ඇවිත් ඉන්නේ.
ගොඩක් හොඳයි, පුතා. එයාලට ඇතුළට එන්න කියන්න.
යමු.
මේ මොක ද වුණේ? - මට බබෙක් ලැබෙන්න ඉන්නේ.
බබෙක් ලැබෙන්න?
සුභ පැතුම්.
කොල්ලෙක් ද, කෙල්ලෙක් ද? - දෙන්නම.
මොනවගේ නම් ද දාන්න හිතුවේ?
රාජුයි, සිම්රනුයි.
හොඳයි.
මේ ඉන්නේ අමන්. - හායි.
හලෝ කියන්න. - බෑ.
මං ළඟ එයාට දෙන්න ගොඩාක් ආස හිතෙන තෑග්ගක් තියෙනවා. - හරි.
ගොඩාක්, ගොඩාක්,ලස්සන හුරතල් බෝනික්කෙක් ඔයාට.
වාව්. - හරියට ඔයා වගේමයි.
හරිම ලස්සනයි. - මෙන්න ගන්න.
අනේ, දෙවියනේ!
සමාවෙන්න. - නෑ, ප්‍රශ්නයක් නෑ.
පොඩි ළමයෙක් නේ. මොනා කරන්න ද ඉතින්?
ඔයා ළමයිට කැමතියි නේද?
ඔව්, මේ වගේ ළමයෙක්ට නම් නෙමෙයි.
අපේ ළමයි කොයි වගේ වෙන්න ද ඕනේ?
මං වගේ වුණොත් හොඳයි.
ඔයා වගේ වුණොත් හොඳයි නේද?
ආශා. - එනවා, අම්මා.
යමු. අම්මා.
අම්මා. - ආශා.
මගේ වස්තුව.
පුතේ ඔයා, හරියට කෑම ටික කන්නේ නැද්ද?
මෙච්චර කෙට්ටු වෙලා තියෙන්නේ.
ඔයා ටීවි එකේ දකිද්දි හොඳ පෙනුමට ඉන්නවා නේ.
අම්මා, මේ විදියටම තමයි මාව ටීවි එකෙත් පේන්නේ.
ඇයි පුතේ ඔයා හැම සති අන්තයකම අපිව බලන්න එන්නේ නැත්තේ?
මං ගොඩක් ආසාවෙන් හිටියේ ඔයාව බලන්න. - අම්මා.
මේ විදිහටම, කසාදෙන් පස්සෙත් වුණොත්.. - අම්මා.
අමන්. - ආයුබෝවන්.
අම්මා, ඔයා පොරොන්දු වුණා නේ.
ස්තුතියි, පුතා.
ඔයාගේ නැන්දා කෝල් කළා, ඒ ගෑනි අහනවා..
..මොක ද මුස්ලිම් කොල්ලෙක් කියලා.
මං කිව්වා ආශා ගේ සතුට වෙනුවෙන් කියලා.
එච්චරයි, ප්‍රශ්නේ ඉවරයි.
මොක ද, පුතේ. අපේ ආශා ව සතුටින් තියනවා නේද?
ඔව්.
ටිකක් හයියෙන් කතා කරනවා, අපි පන්ජාබියෝ.
No comments yet. Be the first to leave one.