Badmaash Company (Badmaa$h Company)

Badmaash Company (Badmaa$h Company) (बदमाश कंपनी)

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Badmash Company 2010 EU PDVD Rip Xvid MP3 E Sub(www mastitorrents com)
கருத்துரை வழங்கியவர் CinemaSubz
Subtitles by CinemaSubz http://cinemasubz.blogspot.com/

குறிச்சொற்கள்

DVD
pdvd
XviD
TS
வெளியிடப்பட்ட தேதி: 2019-08-31
பதிவிறக்கங்கள்: 95
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

1994 - මුම්බායි

...සමාවෙන්න! අද මේ නගරයට කියන්නෙ බොම්බේ කියලා..

නගරෙ නමත් එක්ක ගොඩක් දේවල් වෙනස් වුණා...

...පාරවල් වල ඉඩකඩම් වල නම් වෙනස් වුණා.

එෆ්. එම්. කියලා කිව්වෙ මුදල් ඇමතිට... නැතුව එෆ්. එම්. රේඩියෝ එහෙම නෙමෙයි.

ගෙවල් එකකට දෙකකට විතරයි වර්ණ රූපවාහිනී තිබුණේ.

නාලිකා දෙකකුයි, අමිතාබ් බච්චන් ගේ චිත්‍රපටියි ඇරෙන්න, අපිට කාලෙ කන්න වෙන දෙයක් තිබ්බෙ නෑ....

ළමයි එක්ස්බොක්ස් වෙනුවට පාරෙ ක්‍රිකට් සෙල්ලම් කළා.

ජංගම දුරකථන කියන්නේ අපිට විද්‍යා ප්‍රබන්ධ වගේ.

මුම්බායි වල ඉඳලා දිල්ලි වලට ඇමතුමක් ගන්න පයිසා 90ක් වෙනුවට රුපියල් 90ක් ගියා.

පොලිස්කාරයින් රුපියල් 10ක් හරි 20ක් හරි පාරෙන් ගහගද්දි,

පාරෙ ඉන්න හිඟන්නො පයිසා 50ක් අරගන්නවා.

සපත්තු, ඇඳුම් පැළඳුම්, නිය කපන ඉඳලා කාර් දක්වාම තියෙන...

...සේරම අත්‍යාවශ්‍ය දේවල් කුණු කොල්ලෙට විකිණුනා.

විදෙස් රැකියා කරන්නන් විතරයි මැක්ඩොනල්ඩ්ස් ගියේ.

ඒ වගේම හැමකෙනෙක්ටම විදෙස්ගත වෙන්න පුලුවන් වුණෙත් නෑ.

එදා අපිටත් වාසනාව තිබුණෙ නෑ. ඒත් අද කාලෙ වෙනස්.

අද අපි අපේ විභාග සේරම ඉවර කළා...

කරන්, මට මේක විශ්වාස කරන්නත් බෑ යාළුවා, විභාග ඉවරයි!

එහෙනම් අපි ඇත්තටම බැංකොක් යනවා!

ඒ ඔයා උපන් රට නේද?

අයියෝ සමාවෙන්න, ඔයාලා සේරම එක වගේනේ, ඒකට මං මොනා කරන්නද?

අපි යන්නෙ බැංකොක්, සික්කිම් නෙමෙයි.

මේ ඉන්නෙ ටෙන්සි. සින්ග් කෑල්ල නැතුව.

මෙයාගෙ තාත්තා හමුදාවේ.

මුම්බායි එද්දි මෙයාට වයස 10යි.

මොකක්ද තියෙන වෙනස...

බැංකොක්... සික්කිම්... නෙදර්ලන්තය, ඒ සේරම එක වගේ.

කරන් මෙයාව පරිස්සම් කරගන්න... නැත්නම් මං මූට ගහනවා.

කටවහගන්නවා චන්දු, කියන්න එපා චීන්නුන්ටත් හැඟීම් තියෙනවා කියලා.

පර මෝඩයා... මොකද උඹ හිනාවෙන්නේ... මේක නම් පර හින්දි කටක්!

මේ ඉන්නෙ චන්දු. මෙයාගෙ තාත්තා...

...චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණයෙක් නිසා...

...මෙයා තමයි ලෝකෙන්ම ඉන්න චිත්‍රපට පිස්සා..

ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද...?

65%ක් විතර. එතකොට ඔයා?

මං සමත් වුණොත් මට ඒ ඇති. එතකොට කරන් ඔයා?

ඇයි ඔයා එයාගෙන් අහන්නේ?

දැනට නම් මෙයා නිශ්ශබ්දයි. හැබැයි පන්තියෙන් පළවෙනියා වෙන්නෙ මෙයා.

එතකොට මේ ඉන්නෙ මම. ඉගෙනීමෙන් අංක 1, ක්‍රීඩා වලින් අංක 1...

මුදල් වලින් ඇරෙන්න අනිත් හැමදෙයකින්ම මමයි අංක එක වුණේ...

ඒත් මට ඇත්තටම අංක 1 වෙන්න ඕනෙ වුණෙත් මුදල් වලිනුයි.

අපි තුන්දෙනාම, පරාජිතයෝ. කවදාවත්ම අපි නගරෙන් එහා ගිහින් තිබුණෙ නෑ...

...එතකොට අද පළවෙනි වතාවට අපි පිටරටකට යනවා, අතේ සතයක් වත් නැතුව.

ඇත්තම කිව්වොත් අපිට බැංකොක් යනවට සල්ලි ලැබෙනවා.

කෝ ඔයාගෙ ආචි සහෝ?

එයා ඒවි.

ෆ්ලයිට් එක මගඇරුනොත්, - කෑ නොගහා ඉන්නවකෝ.... පරාජිතයෝ...

කොහොමද කොල්ලනේ?

කොහොමද ආචි සහෝ...?

කොල්ලො, මං ඔයාට කිව්වේ බූට්ස් සපත්තු දාගෙන එන්න කියලයි.

ඔව්, මං ලග බූට්ස් සපත්තු නෑ.

ප්‍රශ්නයක් නෑ කොල්ලො...

මේක අරගෙන මේස් එක ඇතුළට දාගන්න....

...ඔයත්, මේක ඩොලර් 5000ක මිටියක්.

එතකොට ඔයා මේක පරිස්සමින් ඔයාගෙ යට කලිසම ඇතුළට දාගන්න.

යට කලිසම?

තනපටක් ඇඳන් ඉන්නවද? නෑ නේ? එහෙනම් යට කලිසම ඇතුළට දාගන්න.

ඔයාලට මොනවා වෙලාද...

නෑ...කරන්...ඕක දාගනින්...

ඩොලර් 500ක් විතරයි වලංගු.

ඔයාලා ගෙනියන අනිත් ඒවා හොර සල්ලි. දැන් තේරුණාද?

අපිව අහුවුණොත්?

මං ඔයාටත් වඩා කලබල වෙලා ඉන්නේ...

...ඔතන තියෙන්නේ මගේ සල්ලි නිසා.

මං ඔයාලට ඒක තේරුම්කරලා දුන්නා නේද? එහෙනම් ඇයි මේ කලබල වෙලා? ආහ්?

කිසි කලබලයක් නෑ සහෝ. කරන්, ඕක ඇතුළට දාගනින්කෝ බන්.

පැත්තකට ගිහින් ඕක දාගන්න. - ඇයි ඔයාලා වාද කරන්නේ?

විනාඩියක් ඉන්න, මාව තවත් කලබල කරවන්න එපා....

...මං අන්තිම වතාවට මුළු සෙල්ලම ගැනම පැහැදිළි කරන්නම්.

ආපහු මගෙන් අහන්න එපා.. දැන් ඔයාලා ඩොලර් ටික අරගෙන බැංකොක් යනවා.

බැංකොක් වලදි ඔයාලා මං වෙනුවෙන් ෂොපින් කරනවා. මං බෑග් ටික අඩුක් කරනවා.

ඔයාලා බෑග් අරගෙන ආපහු බොම්බේ එනවා.

කස්ටම් එකේ ඉන්න මගේ මිනිස්සු ටික ඉතුරු ටික බලාගයි.

ඒ හැම බෑග් එකකටම මං ඔයාලට රුපියල් 10,000 ගානේ ගෙවනවා.

ඒ වගේම මුළු බැංකොක් චාරිකාවයි, කෑම බීම, නවාතැන් සේරම නොමිලේ.

මං ගානේ ඒ සේරම. තව ප්‍රශ්න මොනවාහරි තියෙනවද?

ආචි අයියා, ෆ්ලයිට් එකේදි වයින් නොමිලේ නේද?

ඔව්, ඒක නොමිලේ තමයි බේබදු චීනෝ.

ඒක අල්ලලා දාන්න. ඔයා කෙල්ලෙක්ව දැක්ක ගමන් පස්සෙන් යන්න පටන්ගන්නවානේ..

උඹ වයින් ඇරෙන්න වෙන මොනවාහරි ගැන හිතනවද?

සල්ලාලයා!

බැංකොක් ඔයාලා හැමෝටම හොඳ තැනක් වෙයි යාළුවනේ.

මං හිතන්නෙ නෑ ඔයාලා ආපහු ඒවි කියලා. දැන් යමු.

එන්න.

ස්තූතියි.

මැඩම්, මේ මොකක්ද?

කතුරක්... - ඔබට මේක ගෙනියන්න බෑ. - ඇයි?

ඇයි කියන්නේ? මේක භයානකයි, ගෙනියන්න දෙන්නෙ නෑ.

ඒත් කතුරක් භයානක නෑ නේ. - යාළුවනේ බලන්න!

මේක භයානක නෑ. මේක හැමතිස්සෙම මගේ බෑග් එකේ තියෙනවා.

කණගාටුයි.

ඒත් ඔෆිසර්, මං නම් හිතන්නෙ නෑ මේක භයානකයි කියලා...

...මොකද මේක නිතරම මං ලග... - සමාවෙන්න.

ඔහේ නම් මහ ඉස්කුරුප්පුවක් මිනිහෝ...

මොකද? - මුකුත් නෑ... - යමු.

එහාට වෙයන් බන්... කණගාටුයි...

විනාඩියක් ඉන්න සර්.

කණගාටුයි මැඩම් කරුණාකරලා එහාට වෙන්න...සමාවෙන්න...

හොඳයි කොල්ලනේ, අඳුරගන්න බුල්බුල්. ඇයත් අපිත් එක්ක යනවා.

බුල්බුල්, මේ චන්දු, කරන්...

සින්ග්... ටෙන්සින්ග්....

ඔයත් ගෙනියනවද?

මොකක්ද?

එයා අදහස් කළේ ඔයත් ඩොලර් අරගෙන යන කෙනෙක්ද කියලායි.

එයා ඇත්තටම ඩොලර් ටික හංගගෙන ඇත්තේ එයාගෙ තනපට ඇතුළෙ. මට ඒක හොඳටම විශ්වාසයි.

මෝඩයො.

ඔයත් එහෙමයි. - මාත් ඔයාට ආදරෙයි...

තාත්තා කියනවා මං දවසක ලොකු මිනිහෙක් වෙයි කියලා.

මගේ පුතා...

ඔයා බොම්බේ වලින් නෙමෙයි... නේද?

ඇයි ඔයා එහෙම කියන්නේ?

නෑ, ඔයා කන්නේ බොම්බේ වල කෙල්ලො වගේ නෙමෙයි.

ඔව්... මං කෑම පාලනය කරන්න කැමති නෑ.

හොඳයි.

ඔයා කිව්වෙ නෑ නේ ඔයා කොහෙ කෙනෙක්ද කියලා?

එයාලා කතා කරන්නෙ නෑ.

ඒ සේරම විනෝදෙට...

හැමෝම කකුල් උඩට ගන්න...

සුභ රාත්‍රියක්.

මේ තමයි එයාගෙ විදිහ.

හැමෝම මෙතනදි කෑ ගහනවා.

සැරදේවා බැංකොක් දෙවිඳුනි! සැරදේවා ආචි සහෝ!

මගේ දරුවනේ, මම ඔයාලට ස්වර්ගය පෙන්නන්නම්.

යමු යමු.

ප්‍රාර්ථනා කරමු අපේ වාසනාව ඉහළටම පියාසලන්න කියා...

ප්‍රාර්ථනා කරමු අපේ ටී-ෂර්ට්ස් ෆෙරාරි එකක් එක්ක ගැලපෙන්න කියා...

ප්‍රාර්ථනා කරමු අපේ බැංකු ශේෂයන් පිරී තිබෙන්න කියා...

ප්‍රාර්ථනා කරමු මැඩෝනා මාගේ හොඳම මිතුරිය වන්න කියා...

විටෙක මේ ප්‍රාර්ථනාවන් ඉතා අල්පයි ලෙස දැනේ...

දෙවියන් අපෙන් අසනුයේ අප කුමක්ද කර ඇත්තේ කියලයි...

ප්‍රාර්ථනා කරමු, ඔහුට අපේ බිල්පතුත් ගෙවීමට අණ කිරීමට හැකිවේවා කියා...

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

ප්‍රාර්ථනා කරමු අප දෙසටම එල්ල වූ ආලෝකය අපත් සමගම රැදෙන්න කියා...

ප්‍රාර්ථනා කරමු අපට ඉහළින් හැඟීම් රැඳී තියේවා කියා...

හත්වරක් ජේම්ස්-බොන්ඩ් නරඹමු...

ඉර බසින විට දෙපස තුරුලතා වැවුණු මාවතක තිබෙන නිවෙස්...

විටෙක මේ ප්‍රාර්ථනාවන් ඉතා අල්පයි ලෙස දැනේ...

දෙවියන් අපෙන් අසනුයේ අප කුමක්ද කර ඇත්තේ කියලයි...

ප්‍රාර්ථනා කරමු, ඔහුට අපේ බිල්පතුත් ගෙවීමට අණ කිරීමට හැකිවේවා කියා...

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

දඟකාරයි...

චෙක්පතක් දෙමු, ඔවුන් කාඩ්පත් පිළිගන්නෙ නෑ. වෙන මොනා කරන්නද?

ඩිනාර්, ඩොලර්, යුරෝ, ෆ්‍රෑන්ක්. ලෝකෙම බැංකුවල භාවිත මුදල්...

දසලක්ෂපතියෙක්, නමුත් මගෙ සාක්කුව හිස්...

හඟවනුයේ මා කිරි පැණි මත ජීවත්වන බවයි...

ඇඳුම් පැළඳුම්, යාන වාහන, දියමන්ති සහ රන් පොලු...

මා ආදරය වෙනුවෙන් ජීවත් වුවද මා දිස්වනුයේ තරුවක් ලෙසයි...

ස්වප්නයන් විශාලයි...

එඩිතර විශ්වාසය ඉහළයි...

අපට එය තවත් ඉහළ නැංවීමට අවශ්‍යයි...

අපට ආකාශය අවශ්‍යයි...

අපට එය පහසුවෙන් ලබාගත නොහැකි නම්...,

නැගිට, එය සොරාගමු...

ජැකුසීස් ඇතුළු හෝටල් කිහිපයක් ද...

අපේ නම් වලින් බියර් බෝතල් ද...

වර්සැක් වලින් ඇඳුම් පැළඳුම් ද...

විදෙස් යුවතියන් ද, ඉන්දියානු සෙල්ලම් ද...

විටෙක මේ ප්‍රාර්ථනාවන් ඉතා අල්පයි ලෙස දැනේ...

දෙවියන් අපෙන් අසනුයේ අප කුමක්ද කර ඇත්තේ කියලයි...

ප්‍රාර්ථනා කරමු, ඔහුට අපේ බිල්පතුත් ගෙවීමට අණ කිරීමට හැකිවේවා කියා...

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

කිංකිණි නද දෙමින් හැම සාක්කුවක්ම පිරියන්...

අප ලග ඇත්තේ එකම එක කාසියයි...

ඒකෙන් මොනා කරන්නද....?

අනේ මගෙ දෙවියනේ!

අපි එයාව ඇරලලා ආපහු එන්නම්.

අපි ආපහු එනවා...ඔව්...විනාඩි විනාඩි දෙකක් විතරයි...යමන් මෝඩයෝ...

උඹ නම්...

පලයන් බන්.

ඒයි... උඹ ලග කොන්ඩම් එකක් තියෙනවා නේද? කොන්ඩම් එකක්?

මං දන්නෙ නෑ බන්.

හරි අහගනින්.

යාළුවනේ...

හරි...හරි.

අපි උඹ එනකම් කාමරේ බලන් ඉන්නවා, හරිද?

මොන කාමරේද? - මගේ කාමරේ.

කොන්ඩම් එක පාවිච්චි කරපන්!

විනාඩියක් හිටපන්.

මූ නම් මාර වාසනාවන්තයි.

උඹට විනෝද වෙන්න ඕනේද?

ඇය අර එකියක්! - මොකක්?

නවතින්න...ආපහු එන්න... - ඒකි බඩුවක්.

ඒකි මොකක්ද බන්?

ඒකි මිනිහෙක්.

Badmaash Company (Badmaa$h Company) subtitles in other languages

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left