Deadpool & Wolverine

Deadpool & Wolverine

Sinhala வசனம் பதிவிறக்கம்

வெளியீட்டு விவரம்

Deadpool and Wolverine 2024 1080p 10bit BluRay 8CH x265 HEVC-PSA
கருத்துரை வழங்கியவர் Cobra23
Bluray Update For Baiscope.lk Sinhala subtitle of this movie.

குறிச்சொற்கள்

other
வெளியிடப்பட்ட தேதி: 2024-10-30
பதிவிறக்கங்கள்: 175
காது கேளாதோருக்கானது: No

Sinhala வசனங்களின் மாதிரிக்காட்சி

முதல் 200 வரிகள்.

ඒ ලෝගෝ මියුසික් එකට ආතල් නගිනවා, නේ?

මට සමාවෙන්න, මට මෙතනට එන්න ලැබුණු එක ගැන

චූන් වෙලා ඉන්න‍ෙ. කාලෙකින් නේ ආවේ.

ලොකු කාලයක ඉඳන්, මට එන්න හම්බෙයි කියලා හිතුනෙම නෑ.

ඩිස්නි ෆොක්ස්ලව සල්ලි දීලා ගත්තා...

ඒකෙන් ලොකු එපා කරපු අයිතිය පැවරීමේ ප්‍රශ්ණයක් ඇතිවුනා,

බ්ලා, බ්ලා, බ්ලා.

ඒත් ඊට පස්සේ, අන්තිමේදී එයාලට මාව ඕනේ වුනා,

තමුන්ටම කියලා චිත්‍රපටියක් හදන්න හොඳ නැති එපාම කරපු එකාව.

කොටින්ම ෆිල්ම් සෙට් එකක්ම කරගත්තු එකාව.

මාවල් හෙන ගොං අනේ!

මේ බලන්න, අපි දන්නවා මේ

චිත්‍රපටියේ මාතෘකාව,ඒ හින්දා...

මං දන්නවා ඔයාලා බලං ඉන්නේ මොකක් ගැනද කියලා.

අපි කෝමද මේක කරන්න යන්නේ ලෝගන්‘ගේ මතකයට

අපහාසයක් නොකර?

මං ඔයාලට කියන්නංකෝ ඒක කරන විදිය.

අපි එහෙම දෙයක් කරන්නේ නෑ.

මං ඔයාලට කියන්නංකෝ පොඩි රහසක්.

වුල්වරීන් මැරිලා නෑ.

අනිවා, ඒක නියම අවසානයක් වුනා සුපිරි දුක්බර කතාවකට,

ඒත් ඉක්මනට සනීප වෙන සුපිරි බලය වැඩ කරන්නේ ඒ විදියට නෙමෙයි.

ඔයාලා හිතන්නේ මං ආතල් එකට මේ එලියේ පහලියේ උතුරු ඩකෝටා වල ලස්සන පැත්තක,

එකම වුල්වරීන්ව ගොඩ දාන ගමන් ඉන්නව කියල ද? අනේ, නැතුවට කමක් නෑ.

ඒත් මගේ මුලු ලෝකෙම දෛවය අවධානමේ වැටිලා තියෙන්නේ.

මිනිහ ජොල්ල පහේ බුදියගෙන ඉන්නවා කියල නං හිතන්නෑ ඩයල් එක මැරිලා නං වෙන්න බෑ

මේ ඉන්නෙ.

හොයාගත්තා.

ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්.

රෙද්ද!

බැල්ලිගේ පුතා!

තෝ...

හු*පං! තෝ පාහර බල්ලා!

මගේ ලෝකේ විනාසයි!

ඒකටනං තෝන්තු වෙලා ගියා.

දැන් නං හෙනම සන්සුන් වෙලා ඉන්නේ.

මේ බලහං,මං එච්චර විද්‍යාත්මක මනුස්සයෙක් නෙමෙයි,

ඒත් ඔයානං අම්බානකට මැරිච්ච පාටයි.

ඒත් දකින්න ලැබුනු එක ගැන සතුටුයි.

හැබැයි අවංකෙන්ම, මට ඉස්සර ඉඳන්ම ඕනේ වුනා ඔයාත් එක්ක දිග ගමනක්

යන්න, ලෝග්.

ඔයායි මමයි දෙන්නා එකතුවෙලා ඩෙඩ්පූල්

සහ වුල්වරීන්. හත්පලේ කෙලවලා දාන්න.

හිතාගන්න පුලුවන්ද අපි දෙන්නගේ ආතල්, විනාස කරපුවා,

පිහදාගන්න ඉතුරු වෙන ඒවා?

සුබ දවසක් මිත්‍රයා!

මට ඉක්මනට පණ දෙන්න නම් ඉතිං...

ලොකු මාවල් සල්ලි මල්ලකට ඇරෙන්න වෙන මොකකටවත් බෑ.

මං දන්නවා, හියු.

ඒත් නෑ, නෑ, නෑ, නෑ.

ආ...හ්, තොට උත්තම විදියට සිරාවටම මැරෙන්න ඕනේ වුනානේ. මල හත්තිලව්ව!

මට සිරාවටම දැන් ඔයාගෙන් උදව්වක් ගන්න පුලුවන් වුනානං.

පොඩ්ඩක් ඉන්න!

මං උඹලට අනතුරු අඟවනවා! මං තනියම නෙමෙයි ඉන්නේ!

වේඩ් වින්ස්ටන් විල්සන්!

තමුන්ව කාල ප්‍රභේද අධිකාරිය මගින් අත්අඩංගුවට පත්කරගන්නවා.

මෙයත් ඇතුලුව බොහෝමයක් අපරාධයන් වෙනුවෙන්,

එලියට එනවා!

අපි තමුන්ට අවස්ථාවක් ලබා දෙනවා...

තාවකාලික නලුවෙක් මාව මරන්න හදනවා.‍

අවසාන අවස්ථාව‍!

තමුන්ගේ ආයුධ ඉවත් කරලා සාමකාමීව යටත් වෙනවා!

මං තමුසෙලාට මගේ ආයුධ නං දෙන්නේ නෑ!

ඒත් මං පොරොන්දු වෙනවා ඒවා පාවිච්චි කරන්නේ නෑ කියලා.

මනුස්සයෙකුගේ ඇඟේ අස්ථි 206 ක් තියෙනවා.

ගොසිප් ගර්ල් බලද්දී නැග්ගාම 207 යි.

ඕ...න්න එහෙනං, උපරිම උත්සාහය.

මගේ අම්බානකට තෙත් වෙලා තියෙන්නේ.

පැහැදිලිවම කිව්වොත්, මේ කිසි දෙයක් ගැන මං ආඩම්බර වෙන්නේ නෑ.

හිතුමතේ ප්‍රචන්ඩත්වය, මලකුණු එක්ක සෙල්ලං කිරිල්ල්‍,

මට ඒ වගේ කෙනෙක් වෙන්න උවමනාවකුත් නෑ.

මට වෙන්න ඕනේ මොන වගේද දන්නව ද?

ඒක තේරුම් කරලා දෙන්න නම්,

මට ඔයාලව ආපස්සට ගෙනියන්න වෙනවා.

කාලය හා අවකාශය අතරින් මම ආපු පුංචි ගමන,

හැමදෙයක්ම වෙනස් වුනු දවස දිහාවටම.

මට විශ්වාස කරන්නත් බෑ අන්තිමේදී මං මෙතනට ආවා කියන එකත්.

මං මේ මොහොත වෙනකං ගොඩක් කාලෙක ඉඳන් බලන් හිටියේ.

ස්තුතියි, සර් මාව මුණගැහීම සම්බන්ධයෙන්.

මම තදින්ම විශ්වාස කරනවා

මගේ සේවාවන්

බොහෝම ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාලගේ සංවිධානයට.

ඔන්න, මං දන්නවා

මං දන්නවා මාව අහුවුනා අතේ තල තල ඉද්දී ස්ටාක් කුලුනේ ලොබි එකේ දී.

- මට ශුවර් ඔයාත් ඒක කරලා ඇති. - අතේ තල තල?

මට සමාවෙන්න, මොකද්ද ඒකේ තේරුම?

නෑ, මට සමාවෙන්න. ඒකෙන් කියන්නේ අර‍

සෙල්ලං හල්ක් අත් තියෙනවා නේද‍? ඒවා දාගෙන පහල බලාගෙන,

පුලුවන් තරම් තදට අල්ලගෙන මැද හරිය පිටි කොටන්න වගේ...

මට තේරුණා, හරි, බොහොම ස්තුතියි.

හිතේ මැවිලම පෙනුනා. සාරාංශේ තේරෙන්න ඇතිනේ.

මොන හේතුවකටද ඔයා මෙතනට ආවේ?

ඔහ්, හොඳයි අහ්,

මම ලොකු සැලකිල්ලක් දක්වනවා.

මං දන්නවා මං හැම දේකින්ම ආතල් ගන්නයි හදන්නේ, ඒත් මං

සංවේදී කෙනෙක්, මට ඒ හැඟීම පාවිච්චි කරන්න ඕනේ...

... වැදගත් දෙයක් වෙනුවෙන්.

මට වැදගත් මිනිහෙක් වෙන්නයි ඕනේ.

ඒ වගේම මගේ කෙල්ලට මම වැදගත් කෙනෙක් කියලා පෙන්නන්න.

ඒ වගේම,

ඔයාට කියන්න, මට දැනෙන්නේ මං නාස්ති

කරනවා වගේ මං කතා කරන හොඳම ටික.

ලොකු මිනිහා මෙතනට එන්නේ එහෙම නැද්ද?

ලොකු මිනිහා?

ඔව්, මේ ටික මම කියන්න ඕනේ එයා මෙතනට එනවනං.

ඔයාට දකින්න පුලුවන් තරමට,දැන්ට, මමයි මෙතන ලොක්කා.

මෙතන ලොකු මිනිහා මම.

මමයි මෙතන අවස්ථාවේ හැටියට ලොකු මිනිහා.

ඒ වගේම මෙතන ලොක්කා මේ වගේ‍ දේවල් කරන්නේ නෑ.

- කැමියෝ එහෙම? - මීටින් එහෙම.

මූලික මට්ටමේ මීටින්.

මූලික මට්ටමේ?

ඔයා නෙමේද වාහන පදින කෙනා?

කවුරුත් වරද්දගන්න තැනක්,

මම මගේ රස්සාව පටන් ගත්තේ ස්ටාක් මහත්තයගේ

ඩ්‍රයිවර් විදියට තමයි.

ඒත් ඉතා ඉක්මනින්ම මාව

ප්‍රධාන ආරක්ශකයා?

ප්‍රධාන ආරක්ශක, අනිවාර්යෙන්ම, ඔව්, ඔව්, ඔව්, ඔව්.

මම ඔයාගේ හැකියාවන් දිහා බලද්දී.

මට පෙනුනා ඔයා මගහැරලා තියෙනවා

මීට කලින් කණ්ඩායමක සාමාජිකත්වය දරලා තියෙනවද නැද්ද කියන එක ගැන.

ඔයාට පුලුවන්ද ඒ ගැන‍ පොඩි පැහැදිලි කිරීමක් කරන්න?

අපොයි, ඔව්, අනිවාර්යෙන්ම. මම විශේෂ බලකායේ හිටියා,

මම කණ්ඩායම් නායකයා ,

ආරම්භකයා වශයෙන් හිටියා, X-Force වල

කණගාටුයි, ඒ හැමෝම ක්‍රියාන්විතයේදී මැරුණා.

කොහොමද ඒක වුනේ?

ඇත්තෙන්ම, පොලිසිය කියන්නේ නම් ගුරුත්වාකර්ශණය

කියලා, ඒත් ඇත්තම කතාව,

එයාලා එච්චර පරීක්ශා කරලා ගත්තු සෙට් එකක් නෙමෙයි.

විශේෂයෙන්ම කේබල් එහෙම.

හෝව්, හෝව්, හෝව්, හෝව්, මට පේනවා මේක අවුල් වගේ කියලා.

කරුණාකරලා ලියන එක නතර කරන්න.

මට,මට ඕනේ ඇවෙන්ජර් කෙනෙක් වෙන්න.

මට ඇවෙන්ජර් කෙනෙක් වෙන්නයි ඕනේ.

ඇයි ඔයාට ඇවෙන්ජර් කෙනෙක් වෙන්න ඕනේ?

ඔයාගේ වටේට බලන්නකෝ, මම කියන්නේ එයාලා ශූරයින්ගෙත් ශූරයෝ.

එයාලා කරන්නේ වැදගත් දේවල්.

මටත් ඕනේ ඇවෙන්ජර් කෙනෙක් වෙන්න.

සර්, මමයි මගේ කෙල්ලයි අතරේ පොඩි විරසකයක් ඇතිවුනා,

ඉතිං මම මගේ ජීවිතේ එකලාසියක් කරගත්තේ නැතොත්...

...මගේ හැකියාවන්ගෙන් මොනාහරි නොකලොත්,

මම හිතන්නේ නෑ ඒ දේ... ඇත්තටම මට හරියයි කියලා,

මට එයාට දොස් කියන්නත් බෑ.

ඇවෙන්ජර්ස් කියන්නේ සුවිශේෂී හැකියාවන් තියෙන සුපිරි වීරයෝ කණ්ඩායමක්...

...ඒකේ ලොකු අර්ථයක් තියෙනවා

නිකංම සටන් කරනවට වඩා අමුතු ඇඳුම් ඇඳගෙන.

මම අදහස් කරන්නේ, මිනිස්සු අපි ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ. පොඩි ළමයිනුත් එහෙමයි.

මොකක්, අපි?

මං දැනන් හිටියේ නෑ ඔයාත් ඇවෙන්ජර් කෙනෙක් කියලා.

ඇත්තටම ඇවෙන්ජර්ස් අනුබද්ධයි.

ඔහ්, මොකද්ද ඔයාගේ සුපිරි බලය? සමාන්තරව වාහනේ පාර්ක් කරන එකද? මට සමාවෙන්න.

ඒක කැත කතාවක්.

මං කට දොඩවනවා කලබල වුනාම. ආපහු එ්ම වෙන්නෑ.

- කෙටියෙන්ම කියන්නං. - අනේ කියන්න.

ඔයා මොහොතකට කලින් කිව්වා...

ඔයාට ඇවෙන්ජර් කෙනෙක් වෙන්න ඕනේ කියලා ඔයාට අවශ්‍ය නිසා.

ඔව්, සර්, එහෙම කිව්වා.

ඒත් ඇවෙනජර්ස්ලා ඒ දේ කරන්නේ එයාලට අවශ්‍ය නිසා නෙමෙයි.

එයාලා ඒ දේවල් කරන්නේ මිනිස්සුන්ට එයාලව ඕනේ නිසා.

ඔයාට ඒ දෙකේ වෙනස පේනව ද?

ඔව්, සර්.

අනේ, මිස්ටර් හෝගන්,

මට ඕනේ නෑ මගේ මුලු ජීවිතේම එකම දේ කරන මිනිහෙක් විදියට ගත කරන්න .

හොඳයි.

අපොයි. ඔයා නැගිට්ටා.

ඔව්, මේක තමයි අපි නැගිටින වෙලාව.

රෙද්ද.

ප්‍රශ්ණය වෙන්න පුලුවන් ඔයා

ඕනේවට වඩා ලොකු තැනකට යන්න බලන එක.

වැඩිය උත්සාහා කරන්න යන්නත් එපා එතකොට ඔයාට වරදින එකක් නෑ.

මං හිතන්නේ ඔයාට හොඳ හදවතක් තියෙනවා. මම ඔයා කියන දේ විශ්වාස කරනවා.

ඒත් හැම කෙනාට ලෝකේ බේරගන්න ජාතියේ චරිත නෙමෙයි.

මමත් එහෙම නෑ. ඒත් මං සතුටින්,

නේද? මම මගේ තැන හොයාගත්තා.

ඔයාගේ තැනත් හොයාගන්න.

හරිද. එලියට බැහැලා බලන්න.

අපි ඔයා ගැන අවධානයෙන් ඉන්නං. සුබපැතුම්.

කාර් එක ගේන්නකෝ. මට මිල්ක් ශේක් එකක් බොන්න යන්න ඕනේ.

ප්‍රතික්ශේප වීමට මට බඩගිනි හැදෙනවා.

එපා, එපා, කරුණාකරලා.

හරි, ස්තුතියි.

දන්නවනේ කියමන? එක දොරක් වැහෙද්දී,

වැඩපලේ ලොකර් එක ඇරෙනවා.

දැන් විකුණමුකෝ සහතික කරන ලද කලින් පාවිච්චි කරපු වාහන,...

ඇත්තටම, කානිවල් කියන්නේ මිනිවෑන් එකක්මත් නෙමෙයි.

ඒක බහුකාර්ය වාහනයක්.

එතකොට Kia එක

Honda Odyssey එක්ක සන්සන්දනය කලොත් කොහොම ද?

Odyssey එක?

ඒක නියම ප්‍රශ්ණයක්. මේක වජිබිල්ලේ වාහනයක් නෙමෙයි.

ඔයාට කියන්න, නරක වචන නැතුව උත්තර දෙන්න පුළුවන්.

මට සමාවෙන්න, ටැමී. මට ළමයි නෑනේ.

මට ඒ ගැන බලාපොරොත්තුවක් නැතුව නෙමෙයි.

යෝනිගත ලිංගික සංසර්ගයේ යෙදෙනවා ගොඩක් අඩුයි.

- ඊලඟ වතාවේ හරියයි යාලුවා. - ඔව්.

මේ බලන්නකෝ, ඔයා ඕනේ වෙලාවක සුපිරි වීර වැඩේ කරන්න යන්න පුළුවන්.

මං කියන්නේ, මං කැමතියි ඔයා සූට් එක අඳිනවා දකින්න.

මම ඒක මගේ ලොකර් එකේ දාගෙන ඉන්නේ මට අඳින්න පුළුවන් නිසා නෙමෙයි.

கருத்துகள்

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left