I Am Mother

I Am Mother

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

I Am Mother 2019 720p BluRay x264-[YTS LT]
ความคิดเห็นโดย Dr.Nilusha
ලස්සන movie එකක්. අමුතු කතාවක් තියෙන්නේ. අම්මා ගේ ආදරයයි තාක්ෂණයයි එකට කතා කරනවා. හැමෝම බලන්න. පුලුවන් අය comment එකක් දාලා යන්න.

แท็ก

BluRay
x264
720p
720
TS
YTS
เผยแพร่เมื่อ: 2020-05-06
ดาวน์โหลด: 33
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද විසිදෙවෙනි උපසිරැසි මාලාව.

UNU-HWK නැවත ජීවය ඇතිකිරීමේ මධ්‍යස්ථානය

වදවීයාමෙන් පසු දින : 001

පවතින මිනිස් කළල ගණන : 63,000

වත්මන් මිනිස් ජනගහනය : 000

ෂ්... පොඩ්ඩක් ඉන්න...

දැන් හරි පොඩ්ඩෝ...

ඇයි මෙහෙ තව පොඩි ළමයි නැත්තේ අම්මේ?

මෙහෙ තව හිටියා.

මේ යුද්ධෙට කලින්.

මට මනුස්සයෙක් වෙන්න බෑ.

ඇයි ඒ?

එයාලා හැමදේම විනාශ කලා.

මිනිස්සු හොද වෙන්නත් පුලුවන්.

එහෙනම් ඇයි ඔයා එක්කෙනෙක් විතරක් හැදුවේ?

යන්න ඇතුලට.

හොදට බලන්න.

මේ මගේ සහෝදර සහෝදරියෝද?

ඔයා කැමතිද මෙයාලාව මුණ ගැහෙන්න?

මෙයාලා හරිම පොඩියි. ඒත් දවසක,

මෙයාලාත් ඔයා වගේ ලොකු වෙනවා.

ඔයා හිතනවාද මට නංගි කෙනෙක් නැතිව මල්ලි කෙනෙක් ලැබෙයි කියලා?

ඔයා කැමති කාටද?

දෙන්නාටම.

ලොකු ලොකු පවුලක්.

හැමෝම එකට.

ඒකෙන් ඔයා සතුටු වෙනවාද?

ඔවු.

ඒකෙන් මමත් සතුටු වෙනවා.

ඇයි අපි එකට ඉපදුනේ නැත්තේ?

අම්මාට ඉගෙන ගන්න කාලය අවශ්‍ය වුනා.

හොද ළමයෙක් හදන විදිය..

ලේසි වැඩක් නෙමෙයි.

ඔයා හිතනවාද ඔයා ඉක්මනින් ඒක කරයි කියලා?

සමහරවිට.

එතකොට අපිට පවුලක් වෙන්න පුලුවන්.

අපි දැනුත් පවුලක්.

මම කියන්නේ ලොකු පවුලක්.

කවදාහරි දවසක.

වදවීයාමෙන් පසු අවුරුදු : 13.867

වත්මන් මිනිස් ජනගහනය : 001

මොකද්ද ප්‍රශ්නේ?

කොයි තරම් කාලයක් තිස්සේ මෙහෙම වෙනවාද?

- ඒකට කමක් නෑ. - අම්මේ.

එන්නකෝ...

හොදයිද?

ගොඩක්.

හිතන්න දොස්තර ළග ලෙඩ්ඩු 5ක් ඉන්නවා.

හැමෝම ඉන්නේ විවිධ අවයව බද්ධ කිරීමට.

ඒත් සුදුසු අවයව හොයාගන්න නෑ.

එක දවසක්, හයවෙනි ලෙඩෙක් එනවා දොස්තර මුණ ගැහෙන්න.

එයා ඉන්නේ දරුණු ජීවිත අවධානමක.

මේ අලුත් ලෙඩාව සනීප කරන්න පුලුවන්,

අනිත් පස් දෙනාගේම අවයව අරගෙන බද්ධ කලොත්.

දොස්තර මේ වැඩේ පරක්කු කලොත්, මේ අලුත් ලෙඩා මැරෙනවා.

ඒත් එයාගේ අවයව අරගෙන මුල් පස්දෙනාව සනීප කරන්න පුලුවන්.

දොස්තර හයවෙනි ලෙඩාව සනීප කලොත්,

එක ජීවිතයක් බේරෙනවා, හැබැයි ජීවිත පහක් නැතිවෙනවා.

මොකද්ද දොස්තර ගත යුතු තීරණය?

දුව?

තීරණය මොකද්ද?

ඔයා පාඩම් කලේ නැද්ද?

ටිකක්.

අපි එහෙනම් වෙන පාඩමක් කරමු.

හෙට අනිද්දා ඔයාගේ උපන්දිනේ එනවා නේද?

ඔයාගේ ළකුණු බලාපොරොත්තු වුනාට වඩා අඩු වුනොත්

ගිය අවුරුද්දට වඩා, ලැජ්ජයි නේද?

ඒත් ඔයා හොද දියුනුවක් පෙන්වනවා. අපි බෙන්තම් නියමය කරමු.

අන්න හොද ළමයා.

මූලික සිද්ධාන්ත වලින් කියවෙනවා,

මනුස්සයෙක් සාදාචාරාත්මකව බැදී සිටිනවා,

පුලුවන් උපරිමයටම වේදනාව අඩු කරන්න.

දැන්, හිතන්න ඔයා තමයි දොස්තර.

ඔයා ළග තියෙනවා මේ ලෙඩ්ඩු හතර දෙනාටම ගැලපෙන අවයව.

මොකද්ද ඔයා ගන්න තීරණය?

මම කියන්නේ, කොම්ටේ කියන විදියට මට අනිත් අයගේ සුභසිද්ධිය උදෙසා දුක් විදින්න වෙනවා.

ඔයා ඒකට කැමතිද?

මම මේ අයව දන්නවාද?

මෙයාලා හොද මිනිස්සුද?

අවංකද නැද්ද?

කම්මැලි අයද හොදට වැඩ කරන අයද?

මම ජීවිත බේරගන්න දොස්තර විදියට,

මගේ ජීවිතේ පවා පුද කරලා, බේරගන්නේ මිනීමරුවෙක් නම්, හොරෙක් නම්...

එයා අන්තිමේදී තව මිනිස්සු ගොඩකට කරදර කරනවා නම්, මේ මගේ කැප කිරීම නිසාම.

ඔයා හිතන්නේ නෑ හැම මිනිහෙක්ම එක වගේ වටිනවා කියලා.

ඒවගේම සමාන අයිතියක් තියෙනවා කියලා ජීවත් වෙන්නත් සතුටු වෙන්නත්.

මම ගිය මාසේ ඔයා කන්ට් ගැන උගන්වද්දී ඒක කලා.

මට අවශ්‍ය වුනේ නෑ ඔයාට විභාගයක් ගැන කියලා බය කරන්න.

අනික ඒක ඔයාගේ විභාගයකට වඩා මං ගැන තක්සේරුවක්.

ඔයා හොදින් කරයි දුව.

ඔයා හැමතිස්සේම හොදයි.

- ඔයා චිත්‍රපටියක් කරනවාද? - ඔවු.

- ඔවු. - කාල් රේයිනර්ද අධ්‍යක්ෂණය කරන්නේ?

- හේයි, ඒක නියමයි. - ඒක නම් ඇත්තටම නියමයි.

අපිට එයා ගැන කතා කරන්න පුලුවන් ඊළග පාර ඔයා ආපුවාම.

- හරි. අද ආවාට ස්තූතියි. - හරි. මටත් සතුටුයි.

- ගොඩාක් ස්තූතියි. - ස්ටීව් මාර්ටින්. ස්තූතියි.

අම්මේ?

අම්මේ, නැගිටින්න.

අම්මේ!!

හේයි පොඩි පැටියෝ...

මේ ඔයාගේ වැඩක්ද?

නගින්න, නගින්න, නගින්න...

විදුලිබලයට මොකද වුනේ ?

අම්මේ මේ බලන්න.

- ඔයා මෙයාව ඇල්ලුවාද? - නෑ.

මෙයාව කොහෙන්ද හොයාගත්තේ?

මෙයා වායුදොර ළග හිටියේ.

මෙයා ආවේ එලියෙන් වෙන්න බැරිද?

ඒක වෙන්න බෑ.

ඒත් අපිට එහෙම අවධානමක් ගන්න බෑ.

ඔයා කිවුවේ එලියේ මුකුත් ජීවත් වෙන්නේ නෑ කියලානේ.

සමහරවිට එලිය දැන් හරිගිහින් ඇති.

එයා මේ බිත්ති වලින් එලියේ ජීවත් වුනානම්, ඒ කියන්නේ එයා ලෙඩෙක් වෙන්න පුලුවන්.

අම්මේ ඉන්න. - අපි මෙයාව පරීක්ෂා කරන්නෙවත් නැද්ද?

පොඩ්ඩක් ඉන්න!!

ඔයා හිතන්නේ නැද්ද, පොඩි හරි අවස්තාවක් තියෙනවා කියලා...

අම්මේ අනේ...

ඔයාට දුක හිතිලා.

ඒක වෙන්න පුලුවන්.

ඒත් මගේ අනුමානයන් හරි.

එලියේ තියෙන වායු දූෂණ තත්ත්වය ඔයාට දරාගන්න බැරිවෙයි.

අනික මේ තාම ඉදිලා නැති කට්ටියට කවුද දවසක ගෙදර ගැන කියලා දෙන්නේ?

මට සමාවෙන්න දුව.

ඔයා දැන් නා ගත්තොත් හොදයි.

හරි අම්මේ.

එයාලා ගමන් යන්නේ තව කට්ටිය එක්ක.

සමහරු වෘකයෝ එක්ක. සමහරු බල්ලෝ එක්ක. වෙන සුරතලුන් නෑ.

ඒත් එයාලා නැතුව, එස්කිමෝ එයට ජීවත් වෙන්න බැරි වෙයි.

ඔයා මේ වායු දොර ළගට එන්න එපා.

මම‌ මේක පිරිසිදු කරලා විෂබීජ නැති කරනකල්.

ඔයා ඊයේ ඇදපු ඇදුම් කෝ?

ඒක හොදන්න දැම්මා, මම හිතන්නේ.

ඒක හොදයි.

මම හිතුවේ ඔයාට රෙදි හෝදන තැන අමතක වෙලා කියලා.

ඒක විහිලුවක් කරන්න කරපු උත්සාහයක්.

ඔයා දැන් හොදයි.

ස්තූතියි.

ඔයාට දැන් බලන්න පුලුවන්.

සුභ උපන්දිනයක් දුව.

මට මේක බලන්න පුලුවන්ද?

ඔයා මේකට කැමතිද?

මට ඔයාගේ පරණ ඒවා විසිකරන්න වුනා. මම දන්නවා ඒවා ඔයාගේ කැමතිම ඒවා කියලා.

මේවා නියමයි අම්මේ.

ඔයාට කෑම තව රත් කරලා දෙන්නද?

නෑ නෑ. මෙහෙම හොදයි.

ඔයාගේ හිතේ මොකක්හරි අවුලක් තියෙනවා.

මට ඒතරම් බඩගින්නක් නෑ.

ඔයා දන්නවානේ ඔයාට කැමති දෙයක් මාත් එක්ක කතා කරන්න පුලුවන්.

මට පුලුවන් වෙන දෙයක් හදලා දෙන්න.

ඒක නෙමෙයි.

එහෙනම් මොකද්ද?

ඔයා වැරදි නම් මොකද?

ඔයාගේ අනුමානයන් හරි...

ඔයා කොහොමද දන්නේ එලියට යන්නේ නැතිව?

එහෙම කරන එකෙන් ඔයාට අසාත්මික වෙන්න පුලුවන්.

මාව විනාශ කරන්න වෙයි එතකොට.

ඔයා හෙමෙ ඉන්නේ අසතුටෙන්ද?

- නෑ... ඒත්... - මට අවශ්‍ය ඔයා සතුටෙන් ඉන්න එක විතරයි දුවේ.

- මම නිකම් හිතුවේ... - ඔයා කවදාහරි දැකලා තියෙනවාද මට වරදිනවා?

සමහරවිට ඔයා කේක් එකට කැමති වෙයි.

මම වෙනස් විදියකට හැදුවේ.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

හලෝ?

හලෝ?

මට කරදර කරන්න අවශ්‍ය නෑ.

මේ තැන අතහැරලා දාලා වගේ පේන්න තිබුනේ.

මම...

මට උදව් වෙන්න!!

කරුණාකරලා!

මට වෙඩි වැදිලා!!

ඔයාට මාව ඇහෙනවාද? මම ඉන්නේ තනියම.

හේයි!!

ඔයා ඔය ඇදුම දාගන්න.

ඔයා එහෙම කරන්නේ නැත්නම් ඇතුලට ගන්න විදියක් නෑ.

මට සමාවෙන්න. ඒත් එකම විදිය මේක තමයි.

මොකටද තවත් බලාගෙන ඉන්නේ?

අම්මා.

බලන්න. මට මෙහෙම තව ඉන්න බෑ.

එයා දැනගන්න අවශ්‍ය නෑ.

මට මේකට මොකක් හරි කරන්න දෙන්න.

ආහ්...

හරි.

මට පුලුවන් දෙයක් කරන්නම්.

ඒත් ඔයාට පේන්නේ නැතිවෙන්න ඉන්න වෙනවා.

මම පුලුවන් තරම් ඉක්මනින් ආපහු යනවා.

මම මේක ඇරියේ තත්ත්පර කිහිපයකට විතරයි.

ඔයා හිතනවාද මේ ඇදුම ඇන්දාම ඔයා පරිස්සම් කියලා?

මම එලියට ගියේ නෑ.

ඒක උත්තරයක් නෙමෙයි. ඔයා මට පිටුපෑවා.

මට විතරක් නෙමෙයි, මේකේ ඉන්න අනික් හැමෝටම.

අනිත්අය?

ඔයාගේ පවුලේ අය.

ඔයා හරි අම්මේ.

මම කරපු දේ වැරදියි.

ඒ වගේම හරිම භයානකයි.

ආයේ මෙහෙම දේවල් කරන්‌නේ නෑ.

නෑ. ආයේ වෙන්නේ නෑ.

එන්න දුවේ. මම හිතනවා ඔයා මීට වඩා හොදින් විභාගයට මුහුණ දෙයි කියලා.

දැන්?

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left