200 บรรทัดแรก
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද තවත් උපසිරැසි මාලාවක්...
මම ආසයි ඔයා නිල් ඇදගෙන ඉන්නවාට.
මම කියන්නේ, ඔයා හැම පාටටම ලස්සනයි.
ඒත්, මම ඔයාව දැකපු පලවෙනි දවසේ ඇදගෙන හිටියේ නිල්.
ඒනිසා නිල් අදින හැම වෙලාවෙම,
ඒ දවස මට මතක් වෙනවා.
ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා කලින් දැනගෙන හිටියේ නැති එක මතක් වෙනවා.
එදා ඔයා මගේ ඇගේ දෙයක් අගුලුවලින් මුදා හැරියා.
එහෙම දෙයක් තියෙනවා කියලා මමවත් දැනගෙන හිටියේ නැති දෙයක්.
හරියටම ඊටපස්සේ, මම දැනගත්තා මගේ ජීවිතයේ කිසිම දෙයක්,
කලින් වගේ වෙන එකක් නෑ කියලා.
ඒ වෙලාවේ මම සම්පූර්ණයෙන්ම පරිවර්තනය වුණා.
ඔයා තමයි ඒක කලේ.
මගේ රස්සාව තමයි තියෙන දත්ත භාවිතා කරමින් විශ්ලේෂණාත්මක ප්‍රතිපල දෙන එක.
මම මගේ රස්සාව හරියට කලා.
ඔයා මගේ ගැන හිතාගෙන ඉන්න විදියෙන්වත් මගේ ප්‍රතිපල වෙනස් වෙන්නේ නෑ.
ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා වෙන බැංකුවකට යන්න.
වෙන කෙනෙක් ඔයා වෙනුවෙන් දත්ත විශ්ලේෂණය කරලා දෙයි ඔයා කැමති විදියට.
ඒත් එයාලා කරන්නේ හොද වැඩක් නෙමෙයි. සුභ උදෑසනක්.
මොකක්?
මුකුත් නෑ.
ජිල්, මොකද?
මුකුත් නෑ.
මම හිතන්නේ එයා පැණි වලට වඩා විනාකිරි වලට කැමතියි කියලා.
ගෑනියෙක්.
ආහ්...
හරි එහෙනම්...
- හේයි.. - හායි..
ඉදගන්න.
- ස්තූතියි. - ඒක සුලු දෙයක්.
ඉතිං...
ඒ වාර්තාව....
ඒ වාර්තාවේ කිසිම අඩුපාඩුවක් නෑ.
මම හිතපු විදියටම ඔයා හොදට හැමදෙයක් ගැනම බලලා තියෙනවා.
මම ඒකට සතුටු වෙනවා.
ඔයා මෙතන නියමෙට වැඩ කරගෙන ඉන්නවා වගේ.
- මම හැමතිස්සෙම උත්සාහ කරනවා. - හොදයි...
හොදයි හොදයි...
ඉතිං, ABA සම්මන්ත්‍රණය තියෙන්නේ සැප්තැම්බර් අන්තිම සතියේ.
නිව් ඔර්ලියන්ස් වල හියැට් හෝටලයේ රාත්‍රි දෙකක්.
ඒවගේම... අපි යන්න ඕනේ...
ඔයා යන්න..
මම හිතන්නේ මට තව ටිකක් අත්දැකීම් අවශ්‍යයි කියලා.
හොදයි. මට පුලුවන් ඒකට උදව් කරන්න.
- මට දැන් ආයේ වැඩ පටන් ගන්න තියෙනවා. - හොදයි.
හොදයි, හොදයි, හොදයි... හොදයි හොදයි..
මගේ අලුත් යාලුවන්ගෙන්, මම හිතන්නේ ජිල් තමයි ලගම යාලුවා.
අපි හැමදාම වගේ වැඩ ඉවර වෙලා එලියට යනවා.
- කොහොමද ඔයාගේ ලොක්කා? - එයා නියමයි..
එයාට තියෙන්නේ හොද දැනුමක්. ඒවගේම එයා හරි දැඩි තීරණ ගන්නවා.
ඒත් එයා කියනවානම් ඔයා මොකක් හරි හරියට කලා කියලා,
ඒ කියන්නේ හොදක් කියනවානම්, ඒක මෙහෙ ගන්න අමාරු දෙයක්.
මම හිතන්නේ ඒක තමයි ඔයා දවල්කෑම මේ තරම් ඉක්මනින් කන්නේ.
හේයි... අඩුකරමින් මේක කොලපාටයි.
ඒත් මට දැන් ආපහු යන්න වෙනවා.
මට ඔයාට හැමදෙයක්ම කියන්න හිතෙනවා. මට මීට වඩා සතුටක් නෑ.
ඔවු. දැන් ඔයා ඉන්නේ මගෙන් හැතැක්ම 450 විතර ඈතින්.
ඔයා දන්න හැමදෙනාම වගේ.
ම්ම්ම්... ඒක කරන්න එපා.
ඒක හොද අවස්තාවක්. මට බෑ කියන්න බැරි වුනා.
අනික, ඔයා දන්නවානේ මම මොනවගේ කෙල්ලෙක්ද කියලා.
කොහොමහරි, මට දැන්න යන්න වෙනවා.
මම ඔයාට ආදරෙයි. බායි!!
ආහ්.. මේක බලපන්කෝ..
පොඩ්ඩක් කතා කරමුද??
හේයි...
ඔවු ඒ මම තමයි.
එකට බොමු.... ම්ම්...
ආහ්...
- සෝයර් වැලන්ටිනි. - ම්ම්ම්ම්..
ලස්සන නමක්.
සෝයර් වැලන්ටිනි.
- ඒක නියම නමක්... - ස්තූතියි...
මේ නම දාලා තියෙන්නේ මගේ සීයාව මතක් වෙන්න. මගේ අම්මාගේ පැත්තෙන්.
එයා මැරිලා තියෙන්නේ ඇහේ පිලිකාවකින්.
අයියෝ... අපරාදේ ... මම හිතුවේ නෑ...
ඔය පොඩි මුහුණ...
ඒක විහිලුවක්ද? - හේයි.. අපිට පිලිකාවකට හිනාවෙන්න බැරිනම් අපි මොක්කුද?
ආහ්.. ඒක නරකයි...
සාතන්ට ජය.
- මට දෙයක් පොරොන්දු වෙන්න ජෙසී. - මම මාර්ක්.
හරි. අද රාත්‍රිය ඔයාට අවශ්‍ය විදියට ගෙවෙයි.
කිසිම අවුලක් නැතිව.
ඒත් ඊටපස්සේ, ඔයා ආපහු මට කතා කරන්නවත් මාව සම්බන්ධ කරන්නවත් බෑ.
හරියට අපි හමු වුනේ නෑ වගේ.
ඒකට කැමතිද?
හරි. ජෙසී ඒකට කැමතියි...
ඉතිං...
මේක තමයි මගේ ගෙදර.
හරි... තව...
මේ මගේ කාමරේ.
- අයියෝ මට බෑ.. - මොන මගුලක්ද මේ?
අනේ දෙවියනේ...
මම හිතුවේ, ඔයා කියපු විදියට ඔයාට අවශ්‍ය මේක කියලා... අනික ඔයානේ පටන් ගත්තේ..
මගුල.
එපා...
ඔයාගේ ජීවිතය ඔයාගෙන් ඈතට යනවා. දන්නවාද?
ෆෝන් එක වෙනස් කරලා, අලුත් ඊමේල් එකක් හදාගන්න එක සාමාන්‍යයි.
දවල්ට කන වෙලාව හැමදාම වෙනස් කරන එක සාමාන්‍යයි.
කියන හැම දෙයක්ම දෙපාරක් හිතන එක
වෙනස් විදියකට තේරුම් ගනීවිද කියලා හිතන එක
සාමාන්‍යයි...
ළගට එන්න තහනම් කියලා නියෝග ගන්න එක... සාමාන්‍යයි.
අලුත් නගරයකට ජීවත් වෙන්න යන එක... සාමාන්‍යයි.
ඒත් ඔයා හැමතැනම ඔයාගේ පස්සෙන් හොරෙන් එනකෙනා දකින එක?
හොදයි.. තර්කානුකූලව ගත්තොත්, මේ මගේ ස්නායු
මගේ හිතේ මැවෙන දේවල් එක්ක, මගේ ලොකුම බය කරා මාව ගෙනියනවා...
මම ඒක දන්නවා.
ඒත් මම තර්කානුකූල නෑ.
මම ඉන්නේ නන්නාදුනන නගරයක තනියම.
ඒවගේම මට කවදාවත් සුරක්ෂිතයි කියලා දැනිලා නෑ.
එක විනාඩියකටවත්.
දැන් මම මොනවද කරන්නේ?
මම කොහෙද යන්නේ?
එක්කෝ මම මේ හැමදෙයක්ම අමකත කරලා මේක මගේ ජීවිතේ කියලා පිලිගන්නවාද?
ඒක මට නිකම් මගේ ජීවිතේ නෙමෙයි වගේ.
නෑ. මට අවශ්‍ය ඒ වගේ ජීවත් වෙන්න නෙමෙයි.
ඔයාට අමුතු සිතුවිලි පහලවෙනවාද සෝයර්?
සිතුවිලි කියන්නේ...
දිගටම ජීවත් වෙන්න අවශ්‍ය නෑ වගේ..
- දිවි නසා ගන්නවා වගේද? - හරි.
ඔයාට කවදා හරි හිතිලා තියෙනවාද දිවිනසා ගන්න ඕනේ කියලා?
හිතිලා තියෙනවා, ඉස්සර.
එතකොට ඔයා හිතලා තියෙනවාද කොහොමද දිවි නසා ගන්නේ කියලා?
ඔයා දන්නවාද රෝගනාශක දර්ශකය කියලා එකක්?
ඒක...
ඒක තමයි මිනිස්සුන්ගේ ලේ වල විශ සහිත බෙහෙත් ප්‍රමාණය
මනින්න තියෙන දර්ශකය.
ඒක වැඩි නම්, ඒ කියන්නේ බෙහෙත් වලට හොදයි.
ඒක අඩු නම්, ඒ කියන්නේ බෙහෙත හොද නෑ.
අන්න එහෙමයි මම හිතන්නේ මගේ අවසාන පැය කිහිපය ගෙවෙන්න අවශ්‍ය.
බෙහෙත් පරීක්ෂා කරලා.
ඒක හරියටම හිතලා තියෙනවා.
ඔවු. මගේ තාත්තා හැමතිස්සේම කිවුවේ ඇයි ඔයා කාවහරි විශ්වාස කරන්නේ ලොකු වැඩක් කරන්න,
එයාලාට පොඩි වැඩක් වත් කරගන්න බැරි නම් කියලා.
මෙතන තව කොල ටිකක් තියෙනවා ඔයාට පුරවන්න.
- සාමාන්‍ය කොල. - එච්චරද? මට සනීපද දැන්?
අපිට පුලුවන් ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න,
මේ කොල පුරවලා ඉවරවුනාට පස්සේ.
හොදයි.. මම කැමතියි ඔයා එක්ක තව දවසක් වෙන් කරගෙන කතා කරන්න.
ඔයා හොදට ඇහුන්කන් දෙනවා.
මම හිතන්නේ මම තමයි එහෙම කියන පලවෙනියා...
මම මේකේ තියෙන හැම දෙයක්ම කියවන්න ඕනෙද?
ඒක ඔයාගේ වැඩක්. මම කලින් කිව්වා වගේ මේක වැදගත්.
පෞද්ගලිකත්වය, වගකීම් මේ වගේ දෙවල් කියවන්නද කියන්නේ?
මම මගේ වැඩේ ඉවරයි.
මම කතා කරපු කෙනාට ලබන සතියේ වෙලාවක් වෙන් කරන්න පුලුවන් නම්...
පොඩ්ඩක් ඉදගන්න වැලන්ටිනි මෙනවිය.
මේ පුරවපු කොල ගැන කතා කරන්න කෙනෙක් දැන් එයි.
නෑ. අපි දැන් මේ ගැන කතා කලානේ...
වැඩි වෙලාවක් ගන්නේ නෑ.
හරි.
- සෝයර් වැලන්ටිනි? - ඔවු.
මම ඩෙනිස්. මගේ පස්සෙන් එන්න.
මේ අහන්න... මට වැඩි වෙලාවක් නෑ.
මට ආපහු වැඩට යන්න තියෙනවා...
- මම මෙතන මොකද කරන්නේ? - මට ඔයාගේ බෑග් එකේ තියෙන දේවල් බලන්න දෙන්න.
ඇයි?
බය වෙන්න එපා. ඔයාගේ විතරක් නෙමෙයි මෙහෙම බලන්නේ .
මම මෙහෙට එන හැමෝගේම මෙහෙම බලනවා.
ආහ්.. සමාවෙන්න... මේ මගේ දේවල්.
සුභ දහවලක්. මම බෝල්ස් හෙදිය.
ඔයාගේ ඇදුම් ගලවනවාද යට ඇදුම් නැතුව?
කරුණාකරලා. යට ඇදුම් නැතුව අනික් ඇදුම් ගලවන්න.
ඒවගේම ඔයාගේ හැම ආභරණයක්ම.
ඔයාට තේරෙනවාද?
ඔයාට ඇදුම් ගලවන්න උදව් අවශ්‍ය නම්...
- මොකටද? - ඔයාගේ ඇගේ හදුනාගැනීමේ ලප තියෙනවාද බලන්න.
නැත්නම් කැලැල්, උපන් ලප, ඉන්නන්...
මේ ඔයාගේ ආරක්ෂාවට සහ මෙහෙ ඉන්න අනික් රෝගීන්ගේ ආරක්ෂාවට.
මේ අහන්න... මට තේරෙන්නේ නෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා...
හෙදියක් විදියට මට තියෙන්නේ ඔලුවේ ඉදලා කකුල් දෙක වෙනකල් පරීක්ෂා කරන්න.
මේක රෝහලේ ප්‍රතිපත්තියක්.
මෙතන මුකුත් වෙන දෙයක් නෑ.
මට මෙහෙන් යන්න වෙනවා.. මට වැඩට යන්න පරක්කුයි...
- මේ දොර වහලා. - ඒ ඔයාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න.
කරුණාකරලා ඔයාගේ යට ඇදුම් නැතුව අනික් ඇදුම් ගලවන්න.
ඒවගේම ඔයාගේ ආභරනත්.
මට කිසිම අසනීපයක් නෑ.
මට අවශ්‍ය වෙලා තිබුනේ කාට හරි කතා කරන්න. මාව බලපු කෙනා කිවුවේ...
එයාද ඔයාට මෙහෙම කරන්න කිවුවේ?
වැලන්ටිනි මෙනවිය, ඔයා මට සහයෝගය දෙන්න බෑ කියලාද කියන්නේ?
එහෙමනම් මොකද වෙන්නේ?
ඒක අනිත් අයට හොද වෙයි, හැබැයි ඔයාට නම් නෙමෙයි.
මම කියන විදියට කලොත් තමයි හොද.
ආපහු හැරෙන්න.
අත් දෙක උස්සන්න.
එච්චරයි. මේක ඇදගන්න.
මට දැන් යන්න පුලුවන්ද? මම ඔයා කියපු හැමදේම කලානේ.
ඔයා කලබල වෙලා.
මේක ගන්න.
- එතකොටවත් මට යන්න දෙනවාද? - ඔයාට සනීපයක් දැනේවි.
මගේ පස්සෙන් එන්න.
මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා.
ඔයාගේ නම සොයර් වැලන්ටිනි.
ඔයා ඒක දන්නවානේ.
මෙතන ඔයා අත්සන් කරලා කැමැත්ත දීලා තියෙනවා මෙහෙ පැය 24ක් ඉන්න.
නෑ. මට කිව්වේ මේවා සාමාන්‍ය කොල ටිකක් කියලා විතරනේ.
ඔයා අත්සන් කරලා තියෙනවා.
මේ බලන්න...
No comments yet. Be the first to leave one.