200 บรรทัดแรก
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කල තවත් උපසිරැසියක්.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කල තවත් උපසිරැසියක්.
හන්හෝ. වසරේ ව්‍යවසායකයා.
දැන් මොකද?
තාත්තා චෙනොග්-දොන් වල කඩේ මට දෙන්නේ නෑලු.
එපා වෙනවා.
ඉතිං මොකද?
මම ඔයාට කිවුවානේ ඔය ටයි එක දාන්න එපා කියලා.
සුභ උදෑසනක් බොස්.
මම ආයෝජනය කරන්න කැමති තැනක මට අවස්තාව නෑ වගේ.
අනිවාර්යයෙන්ම මට 30% කොටස් ඕනේ.
අපි මෙහෙන් කරන්න පුලුවන් උදව් කරන්නම්
ඒ නිසා වැඩේ කරගෙන යන්න.
මොකද?
ජන්ග්වූන් කඩ සංකීර්ණය ගැන,
අපි එහෙ හිටපු හැමෝම වගේ අයින් කලා,
ඒත් වඩු වැඩ කඩයක් තියෙනවා යන්න අකමැති.
චෝයි මහතා, ඔයා කොච්චර කාලයක් තිස්සේ මෙහෙ ඉන්නවාද?
අරක්කු බිස්නස් එක පටන් ගන්නකොට ආවේ, අවුරුදු 21ක්.
ඔයාට අමතක වෙලා නෑ නේද හරියට ටයි එකක් දාන්නේ කොහොමද කියලා?
- බෑන්ග් මහතා. - ඔවු බොස්?
කොල්ලෝ ටික අරගෙන ගිහින් මේ වැඩේ ඉවර කරන්න.
දැන්ම.
මොකක්හරි අවුලක්ද සර්?
මුකුත් නෑ.
මම එලියට යනවා සිගරට් එකක් බොන්න.
මම කිව්වානේ මෙහෙ ආයුධ ගොඩාක් තියෙනවා කියලා.
වැඩකාරයන්ට හොද ආයුධ ඕනේ.
කිම් ජොන්ග්-ගී මහතා?
අත උස්සන්න.
කිම් ජොන්ග්-ගී මහතා?
මේක නීති විරෝධියි.
මට අයිතියක් තියෙනවා මෙතන ඉන්න.
ඔයාට පුලුවන් අයිතීන් ගැන කතා කරන්න පස්සේ.
මට අවශ්‍ය එකම දේ, ඔයාගේ අත්සන මෙතනට. එතකොට අපිට කන්න යන්න පුලුවන්.
මම තුනට ගනන් කරනවා.
එක...
දෙක...
තුන...
බලන්න මේ කවුද කියලා!!
මේ අපේ ජන්ග් සහෝදරයානේ!!
ඔයා වෙනදා කන්නේ ගක්බැප් නේද?
මාත් කැමතියි මේ වගේ තැන් වලිනුත් කන්න.
ඇයි ඔයා මේ වගේ තැනක කන්නේ තනියම?
කෝ ඔයාගේ බිරිද?
ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි යන්ග් මහතා.
චුන්ඩෝ සමාගමේ අයිතිය මට දෙන්න.
මම ඒ වැඩේට මාස හයක් තිස්සේ මහන්සි වුනා.
ඔසන්ග් සමාගමේ වැඩ හරියට කරගන්න බැරි වෙච්ච නිසා නෙමෙයිද?
මේ මොකද්ද?
ඔයාට ආපහු පහලට වැටිලා IT වැඩ කරන්න බෑනේ.
ඔයාට තියෙන්නේ හොද ඉස්කෝලෙකට යන එක.
ඉතිං මොකද?
මොකද?
ඔයා බුද්ධිමත් පිස්සෙක්.
ඒත් ඔයා දන්නවාද දෙයක්?
ඔයාගේ කටින් IT කියලා කියවෙන්නේ වැරදියට.
බැල්ලිගේ පුතා..
ඔයාට තාම මාව පේන්නේ ඔයාගේ සේවකයෙක් විදියටද?
ඔයාට පුලුවන්ද ඔයාගේ සපත්තුවත් හරියට මදින්න?
ඔයා හිතනවාද ඔයාට මාව පාලනය කරන්න පුලුවන් කියලා?
කීයටවත් නෑ.
ඔයා වගේ මෝඩයෙක්ව පාලනය කරන්න පුලුවන් කාටද? කාටවත් බෑ.
අපි ගිහින් ගක්බැප් ටිකක් කමු.
ඔවු. මේ මම...
මේකෙන් චුන්ඩෝ සමාගමේ වැඩ හොදින් වෙයිද?
පුද්ගලික ආයෝජන වලින් අපිට පුලුවන් කොටස් පාලනය කරන්න.
මට අහන්න ලැබුනා ඩොන්ග්-චෝල් ගේ කට්ටියත් මේ වැඩේට බැහැලා කියලා.
අපි තමයි මුලින් ගියේ.
අපි වැඩේ පටන් ගත්තාම එයාලාට මුකුත් කියන්න බෑ.
අමතක කරන්න එපා.
මැරයෝ හැමදාම ජීවත් වෙන්නේ එයාලාගේ බෙල්ලේ පිහියක් තියාගෙන.
මේ තැනට එන්න අවුරුදු 18ක් ගියා.
සුභ පැතුම් සර්.
"සුභ පැතුම්"?
ඒකට තාම කල් වැඩියි.
කොහෙද යන්නේ සර්?
නිදහසේ ඉන්න ටිකක්.
"හෝප් ඩිනර්"
මගේ මගේ...
මේ තරම් හොදට ඇදගෙන ඇවිත් කන්නේ මැකරල් රාමෙන් ද?
අවුරුදු 10කට කලින් මෙතන කඩේ කලේ තරුණ කෙල්ලෙක්. අයිතිකාරයෝ වෙනස් වුනාද?
එයා මැරුණා.
කන්න පුතේ.
මගේ බිල දෙන්න.
ඇයි ඔයා කෑවේ නැත්තේ?
කලින් වගේ රස නැද්ද?
මට ගෙවන්න දෙන්න.
ඔයා තනියම කන්න කැමති කෙනෙක් නෙමෙයි වගේ නේද?
කොහොමද ඔයාට වෙන කෙනෙක් නැත්තේ,
- කෑම කන්න මේ වයසේදීවත්? - මොකක්? මම ඉක්මනින් එනවා.
ඒක දුකයි...
කීයද මගේ ගාන?
මැඩම්, මට ඇත්තටම සමාවෙන්න, මගේ පර්ස් එක නැතිවෙලා.
ඒකට කමක් නෑ. මේ මහත්තයා ඒකටත් එක්ක ගෙවයි.
මොකක්?
- පරිස්සමින් යන්න. - මම හදිස්සියකට යන්නේ.
- ස්තූතියි. - වද වෙන්න එපා පුතා.
- යන්න යන්න. - හේයි!!
- හේයි කොල්ලෝ!! - පරිස්සමින් පුතේ..
සර්, ඔයා ගෙවන්න ලෑස්තිද?
ගාන එකක් වොන් 10,000 ගානේ ඔක්කොම වොන් 50,000 යි.
කොහොමද ඔයා වොන් 10,000 ක් ගන්නේ මේ වගේ කෑමකට?
අනික් කොහොමද වොන් 50,000 ක් වුනේ?
මේ මහත පිස්සු...
මම මේක පස්සේ ඔයාට හරිගස්සන්නම් පොඩි තෑග්ගකින්.
ඔයා වගේ සාර්ථක කෙනෙක්ට පුලුවන් හොද මනුස්සයෙක් වෙන්න.
"හෝප් ඩිනර්"
මම ආයේ මේ ගුබ්බෑයමට එන්නේ නෑ.
මේ මම.
ඔයා බැලුවද ඩොන්-චෝල් කට්ටිය ගැන?
ජීස්... මම කොහෙද මේ?
හරි. මොකක්හරි මගේ ඇග උඩට වැටිලා මට සිහිනැති වුනා.
පුතේ..
මොකක්? මොන පුතෙක්ද?
ඔයා නැගිටලාද?
මොකද්ද ඔයා කියන්නේ?
ඇයි මෙයා මට පුතේ කියන්නේ?
- මොන... - වැඩිය කතා කරන්න හදන්න එපා.
මම දොස්තරට කතා කරන්නම්.
- ඔයා නැගිටලා? - මොකක්? ඔයා මාව දන්නවාද?
ඔයා හොදින්ද පුතේ?
ඇයි ඔයාලා මට පුතේ කියන්නේ?
මොන මගුලක්ද?
ඇයි මම මෙහෙම වැටිලා ඉන්නේ?
ඔයා මෙතන.
ඔයාට මෙහෙම ඇවිදින්න හොද නෑ. ආපහු කාමරයට යන්න.
ඔයාගේ තාත්තා දැන් එනවා.
- එතකල් ඉන්න. - මගේ තාත්තා මැරිලා.
- ඩොන්-හ්‍යුන්! - මෙන්න ඉන්නවා.
- ඩොන්-හ්‍යුන්. - මේ තට්ටයා කවුද?
පුතේ, මම හිතුවේ ඔයා කවදාවත් නැගිටින්නේ නැතිවෙයි කියලා.
- "පුතේ"? - මම ගොඩාක් බය වුනා.
ඔයා හොදින් නේද?
අනේ, ඩොන්-හ්‍යුන්...
කවුද ඒ කට්ටිය?
මේ තියෙන්නේ කණ්නාඩියක්.
මට මේක විශ්වාස කරන්නත් බෑ.
මතක නැති වීමක්?
ඔවු.
පේන විදියට මෙයාට තියෙන්නේ තාවකාලික මතකය නැතිවීමක්.
මේ නිසා මෙයා කතා කරන විදිය වෙනස් වෙයිද?
මෙයාගේ කතබහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
මොලයේ අනතුරු වෙච්ච ගොඩාක් අයට තමා කවුද කියලා පැටලෙනවා.
සමහර වෙලාවට එයාලාගේ කතබහ හැසිරීම් වෙනස් වෙන්න පුලුවන්.
මේ තාත්තා. මාව මතක නැද්ද?
අපි යමු! කී සැරයක් කියන්නද මම ඔයාගේ පුතා නෙමෙයි කියලා?
මගේ කටහඩට මොකද වෙලා තියෙන්නේ?
මීට කලින් මෙයා මොනවගේ කෙනෙක්ද?
එයා කන්න කැමතියි.
ඒත් කවදාවත් රණ්ඩු වලට නම් ගිහින් නෑ.
- හොද කෙනෙක්. - ඔවු.
උසස් පාසලේ ශිෂ්‍යයෙක්.
ඒක හරි.
- මේ මහත්තයා ගෙවයි. - මොකක්?
මේ එතකොට ඒ කොල්ලාද...
අනික...
මම මේක පස්සේ ඔයාට හරිගස්සන්නම් පොඩි තෑග්ගකින්.
ඒ නාකි ගෑණි?
මොන මගුලක්ද?
මම කියන්නේ මේ කඩේ අවුරුදු ගානකින් ඇරලා නෑ.
මම ඊයේ මේ කඩෙන් කෑම කෑවනේ. මම කී සැරයක් කියන්නද?
කෑම හොදයිද?
ඔයා අහන්නේ ඒකද?
ඊයේ හවස 5ට පමණ, අවුරුදු 17ක උසස් පාසලක ශිෂ්‍යයෙක් ගොඩනැගිල්ලකින් පැන තිබෙනවා.
ඔහු වැටී ඇත්තේ අවුරුදු හතලිහක් පමණ වෙන කෙනෙක්ගේ ඇග මතට.
පේන විදියට ජන්ග් මහතා කොමා තත්ත්වයට පත්වෙලා වගේ අනතුරෙන් පස්සේ.
ජන්ග් පන්-සූ?
නියමයි.
මේ ගෑණි නම්...
මොන මගුලේ ගිහින්ද?
මගුලයි.
මේ මගේ හොදම මාලේ...
මේක කැඩිලා...
අයියෝ...
ඔයා කවුද?
ඔවු, මම...
මම පන්-සූ.
ඔයාගේ සැමියා ජන්ග් පන්-සූ.
- ඔයා මාව විශ්වාස කරන්න. - පස්සට වෙන්න!!
- මම හැමදේම කියන්නම්. - පස්සට වෙන්න!!
- කරුණාකරලා ඉදගන්න. - පොලිස්!!
ඔයා මම කියන දේ අහනවාද?
- මොනවාද මේ කරන්නේ? - මගෙන් අයින් වෙනවා!!
මම ඇත්තටම පන්-සූ.
මම ඔප්පු කරන්නම්. බිමින් තියන්න කඩුව.
ඔයා පන්-සූ නම්, මම ඔයාගේ අම්මා මෝඩයෝ...
ඔයා කොහොමද දන්නේ දොරේ පාස්වර්ඩ් එක?
ඔයා පිස්සන් කොටුවෙන් පැනලා ආපු කෙනෙක්ද?
මම හැමදේම කියන්නම්. සන්සුන් වෙන්න ඉස්සෙල්ලා.
යනවා යන්න!! පස්සට වෙන්න!!!
හන් සූ-යොන්!!
මේ අහන්න!!
හෙලවෙන්න එපා!!
මට යන්න දෙන්න. මේ මගේ ගෙදර!!
හෙලවෙන්න එපා!!
"හොරෙන් ගෙදරට ඇතුල්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට"
ඇයි ඔයා හොරෙන් ගියේ ගෙදරට?
ඔයා කෑම හොරකම් කරන්නද හැදුවේ?
මේ අහන්න නිලධාරිතුමා. ඔයා මොකද්ද...
No comments yet. Be the first to leave one.