Dil Bechara

Dil Bechara (दिल बेचारा)

ดาวน์โหลดคำบรรยายSinhala

ข้อมูลรุ่น

www 1TamilMV xyz - Dil Bechara (2020) Hindi HDRip - 1080p - HEVC - (DD5 1 - 192Kbps) - 1 3GB - ESub
ความคิดเห็นโดย yohan2004

แท็ก

hdrip
HDRip
1080
HEVC
HD
เผยแพร่เมื่อ: 2020-12-30
ดาวน์โหลด: 51
ผู้พิการทางการได้ยิน: No

ตัวอย่างคำบรรยาย Sinhala

200 บรรทัดแรก

එකොමත් එක කාලෙක රාජ කුමාරයෙකුයි, රාජ කුමාරියෙකුයි හිටියා...

පොඩි කාලේ ආච්චි අම්මා මට කියලා දෙන කතා පටන්ගන්නෙම ඔය විදියට තමයි.

හැබැයි, ඒ වගේ සුරංඟනා කතා වලට කට්ටිය කැමතියි.

අපි ආසයි ආදරය, ප්‍රේමය වගේ පිසුවෙන් පිරිච්ච කතන්දර වලට.

බොලිවුඩ් වල ෆිල්ම් වගේ ඒවට.

කඩවසම් රාජ කුමාරයා, සුන්දර රාජ කුමාරියත් එක්ක...

ආදර සිංදුවකට නටන විදියට.

මුලින්ම ඇසට ඇස ගැටෙනවා. පස්සෙ ආදර බැල්මට අහුවෙනවා.

ඊට පස්සෙ බොරු පොරොන්දු ගොඩකුත් එක්ක ආදර සිංදු යනවා.

අන්තිමේදී... ප්‍රීතිමත් අවසානයක්.

ඒත්, ජීවිතයේදී නම් එහෙම ප්‍රීතිමත් අවසාන සිද්ධවෙන්නෙ නැහැ.

ආච්චි අම්මගෙ කතා වල තිබ්බෙ ඇත්ත තමයි.

එකෝමත් එක කාලෙක රාජ කුමාරයෙකුයි, රාජ කුමාරියෙකුයි හිටියා...

දෙන්නම මැරුණා. කතාව අහවරයි.

☰ ☰ ☰ සිසිල ප්‍රසාද් ☰ ☰ ☰ එකසිය හතලිස් තුන්වන උපසිරැසි ගැන්වීම කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

ගයත්‍රියි මමයි විවාහ වුණේ යෝජිත විවාහයකින්.

ආදර සම්බන්ධයකින් වෙච්චි එකක් නෙමෙයි.

ගිය අවුරුද්දෙ අපි අපේ 50වෙනි විවාහ සංවත්සරය සැමරුවා.

මේ අවුරුදු පනහෙදි, අපි දෙන්නා බොහොම ආදරයෙන් බැඳුණා.

අපිට තිබ්බා ගිවිසුමක්.

හැම උදේකම එයා මට උදේ තේ එක අරගෙන එන්න ඕනෙ.

මට තියෙන්නෙ, හැම රෑකම ලයිට් ඕෆ් කරලා,

එයත් එක්කම ඇඳට යන එක.

ඒත්...

මටත් කලින් එයා යන්න ගියා.

අපගේ යාච්ඥාවන් පිලිගනු මැනව.

ඔබේ සේවකයා වෙනුවෙන්.

-හෙලෝ. - හෙලෝ, කිසී.

- ඇඟට අමාරුවක් වගේ දැනෙනවද? -මේ වෙලාවෙ කතා කරන්න බැහැ.

-නැහැ! - මොකද ඔය කොඳුරන්නෙ?

- හුස්ම ගන්න අමාරුයිද? -මට අවුලක් නෑ අම්මෙ.

ඔයා මොනවද කියන්නෙ, කිසී? සිලින්ඩරය ඉවර වුණාවත්ද?

අම්මෙ, බය වෙන්නෙ නැතුව ඉන්නකො. මං මේ ෆිල්ම් එකක් බලනගමන් ඉන්නෙ.

-ආමේන්. - හලෝ, හලෝ.

කිසී?

බායි අම්මෙ.

මේ කිසි කෙනෙක් මං අඳුරන අය නෙමෙයි.

මාවත් එයාලට එහෙමයි.

ඒත්, අනේ මන්දා මොකද කියලා... මං ගිහිං එයාලව බදා ගත්තෙ කියලා,

නිකමට හිතුණා එයාලගෙ තනිකම අඩුවෙලා යාවි නේද කියලාවත්.

නැත්නම්, මගේ තනිකමද?

මේ කේන්තියෙන් ඉන්නෙ මගේ අම්මා.

දුර්ගේශ්, කොච්චර වෙලාවකට කලින්ද කිසී මෙහාට ආවේ?

පැයකට කලින්.

බොරු කියන්නෙපා හලෝ!

-විනාඩි 15කට කලිනුයි ෆිල්ම් හෝල් එකෙන් මං ආවෙත්. -ඇත්තට?

-ෆිල්ම් එක බලල ඉවරවෙලා. -මොකක්ද ෆිල්ම් එක?

-ඒක මේ අලුත් එකක්... -අලුත් එකක් කිව්වා?

ඒකෙ ඉන්නෙ ඩේවිඩ් ධවාන්ගෙ පුතා.

අර නටන කෙනා.

"ආජා ඩාන්ස් කර්ලියෙ" නේද?

අන්න හරි! "ආජා ඩාන්ස් කර්ලියෙ!"

එහෙම ෆිල්ම් එකක් ඇත්තෙත් නෑ.

තමුන් රික්ෂෝ එක පදින එක කරනවකො.

අපේ කතාවට පනින්න ඕනෙ නෑ.

විකාර කියවනවා මෙතන ඇවිල්ලා.

විකාරද කියවන්නෙ?

මමයි, අම්මයි, රික්ෂෝව පදින දුර්ගේෂුයි.

එකම පොඩි පොඩි පාරවල්.

එකම පොඩි පොඩි කතාවල්.

ජම්ශේද්පූර්වල තමයි මගේ චූටි ලෝකය තියෙන්නෙ.

මගේ නම කිසී බාසු.

ඇයි කියලානම් අහන්නෙපා.

සාදරයෙන් පිලිගන්නවා මගේ කම්මැලි ලෝකයට.

උදේ, රෑ, හැමතිස්සෙම... බෙහෙත්! බෙහෙත්! බෙහෙත්!

තාත්තෙ.

එන්න කිසී, ඇවිත් වාඩිවෙන්නකො.

දවස පටන්ගන්නෙ තාත්තත් එක්ක නැෂනල් ජියෝග්‍රැෆි චැනල් එක බලන එකෙන්.

මං හිතන්නෙ තාත්තා මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආසයිද කොහේ.

කිසී, මේක කාලා ඉන්න.

අම්මේ, මොකක්ද ඔය කරන්නෙ?

කෝ ආ කියන්න බලන්න. ඇයි මේ එපා කියන්නෙ?

ඔයා ආසම චීස් කේක්නෙ.

මට චීස් කේක් පේන්න බෑ.

ඔයාට චීස් කේක් පේන්න බැරිවෙන්නෙ කොහොමද?

බෙංගාලි නෙමෙයිද ඇයි?

අම්මා හිතන්නෙ කුමාරියක් වුණාම ලස්සන වෙන්න ඕනෙ වගේම,

බෙංගාලි කෙනෙක් වුණාම චීස් කේක් වලට ආස වෙන්න ඕනෙ කියලා.

දෙකක් නෑ, පිළිකාවට කලින් දියවැඩියාව හැදිලා තමයි මාව මැරෙන්නෙ.

ඔව්.

මට පිළිකාවක් තියේ. තයිරොයිඩ් පිලිකාවක්.

මේ සිලින්ඩරය තමයි මගේ හොඳම යාළුවා, පුෂ්පින්දර්.

ඒකෙ තියෙන ඔක්සිජන් තමයි මගේ සතුට වෙන්නෙ.

ඒකෙ බර තමයි ඉතිං එපාවෙන්නෙ.

හැබැයි, මට ලොකුම වදයක් දෙන්නෙ ඩොක්ටර් ජා.

හරිම නිර්භීත කෙල්ලෙක්නෙ.

ඔයා ශක්තිමත්ව ඉන්න තාක්කල්, අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

මල විකාර!

මට ඕනෙකක් නෑ ශක්තිමත් වෙන්න.

සාමාන්‍ය කෙනෙක් වෙන්නයි මට ඕනෙ.

සාමාන්‍ය කෙල්ලෙක් වගේ හිනාවෙලා ඉන්නයි මට ඕනෙ. අඬන්නයි මට ඕනෙ.

අයිටම් දාපු රෝස පාට ස්කර්ට් එක ඇඳන් යන කෙල්ල ගැන ඕපදූප පතුරන්නයි මට ඕනෙ.

කොලෙජ් එකේ ලස්සනම කොල්ලත් එක්ක යාළු වෙන්නයි මට ඕනෙ.

ඒත්, මගේ හීන වල පවා ගිටාර් එකක් වෙනුවට,

වීරයට වෙලා තියෙන්නෙ ඔක්සිජන් සිලින්ඩර් එකක් උස්සගෙන ඉන්නයි.

මං හිතන්නෙ, මගේ හීන ටික නැතිවෙලාම යන පාටයි.

ජීවිතයේ මට එකම හීනයක් තියෙනවා.

අභිමන්‍යු වීර්ව හම්බවෙන්න ඕනෙ මට.

එයා තමයි මං කැමතිම සංගීතඥයා.

ඒත්, අනිවාර්‍යයෙන්ම හැම හීනයක්ම ඉටු වෙන්නෙ නැහැනෙ.

හරි එහෙනම්, අදට මේ ඇති.

ආපහු හෙට හමුබෙමුද?

කිසී බාසුගෙ ජීවිතේ තවත් කැම්මැලි දවසකින්.

මේ... මැනී.

මැනී!

මෙහේ ඉන්න එවුන් රජිනි ඛාන්ත්ගේ සිංදු එහෙම දන්නවද දන්නෙත් නෑනෙ?

JP, මේ තමයි එයාට අපේ තියෙන ආදරය පෙන්නන විදිය.

-ඇත්තම ෂෝ එක යන්නෙ හින්දියෙන්. -ඒ කොහොමද?

මං පෙන්නන්න්ද එහෙනම්? හදවත...

දැක්කා නේද JP මගේ වැඩ කෑලි ටික?

ඔය වගේ සිනිදු සුසිනිදු මූණකින් එක පාරක් හැරිලා බැලුවත් ඇති අප්පා.

මයෙ කොල්ලට වරදින්නෙ නෑ කවදාවත්.

දැන් යමං එහෙනම්.

මාර ෂෝ එකක්නෙ මුන්ගෙ.

හොඳ අත්පොලසන් නාදයක් දෙන්න බ්‍රිජ් භූෂන්ට.

තව හයියෙන්!

බොරුවට ප්ලාස්ටික් නාස්ති කරගන්නෙපා.

පොඩි හරි ගෞරවයක් පෙන්නනවලකො.

ඊලඟ ඉදිරිපත් කිරීම තමයි...

ක්‍රිෂාන් බජාජ්ගේ මැජික් සංදර්ශණය!

ක්‍රිෂාන්... !

ඇති! ඇති! තමුසෙ වෙන වෙලාවක එනවා.

අඩෝ මැනී, පරයා තෝ ආපහු ආවද?

මොකද උඹව දිල්ලියෙන් පැන්නුවා වත්ද?

උඹේ බැජ්මේට්ලා ඔක්කොම මේ වෙද්දි MBAs ලා. උඹ තාමත් මෙහේ මොකද කරන්නෙ?

නිශ්ෂබ්ද වෙන්න!

මැනී, ස්ටේජ් එකෙන් අහකට යනවා. දැන්මම!

නැත්නම් මං තමුන්ගෙ තාත්තට කෝල් කරනවා.

7-6-6... තාත්තා හරිම ආස වේවි, මැඩම්.

ලයිට්ස්! මියුසික්!

එමැනුවෙල් රාජ්කුමාර් ජූනියර්.

කිසී බාසු.

අයියෝ, කිස් එකක් දෙන්නම්කො, බාසු.

හා-හා-හාහ්!

ජීවිතේ පලවෙනි පාරට විහිළුවක් ඇහුවමයි මේ.

විහිළුවක් නෙමෙයි මං කිව්වෙ.

කවුද නම තිබ්බෙ Kissie කියලා?

-Kissie නෙමෙයි. -එහෙනම්?

-කිzසී. -ඔහ්හ්.

-Z. - අහ්හ්.

-සැම්බියන් නමක් ඒක. - ඔහ්හ්...

මොන ග්‍රහලෝකෙද ඒක තියෙන්නෙ?

-සැම්බියාව තියෙන්නෙ අප්‍රිකාවෙ. -අහ්හ්, හරි.

මං ඉපදුණේ එහේ.

එහෙනම් ඒක ඔයාගෙ වරදක් නෙමෙයි.

මං මේ නිකං...

කිසී කියන එකේ තේරුම මොකක්ද? මං මේ දැනගන්නයි අහන්නෙ.

හැමදාමත් ඉන්න කෙනා කියන තේරුම.

ඒ කියන්නෙ, ලෝක ඇණයක් කියන එකනෙ.

කටවහනවා.

තමුන් නම් ඇණයක් වෙන්නැති.

මමද? නැතුව ඉතිං... අනිවා.

අහ්හ්!

බයික් එක ස්ටාට් වුණානෙ. එන්න, මං ඔයාව ගිහිං දාන්නම්.

තෑන්ක්ස්.

අර මොකෝ?

- මට යන්න පුළුවනි. - ඇයි ඒ?

තමුන් ලඟ කිසිම ආරක්ෂාවක් පේන්න නෑ.

සීරියල් කිලර් කෙනෙක් වගෙයි පේන්නෙ.

මං සීරියල් කිලර් කෙනෙක්, ඔයා සීරියල් කිසර් කෙනෙක්.

මාර ජෝඩුවක්නෙ! නැද්ද?

කිසී.

හායි, මිස් බාසු.

මං කිසීගෙ අළුත් බෝයි.

ෆ්‍රෙන්ඩ්.

බෝයි ෆ්‍රෙන්ඩ්.

සමහර වෙලාවට මට හිතෙනවා මං අර රියැලටි ෂෝ එකක තරඟකාරියක්ද කියලත්.

ඉවත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි, කාගෙ හරි වෝට් එකක් නිසා...

තව සතියක් එල්ලිලා ඉන්න පුළුවන් වෙනවා.

වයිල්ඩ් කාඩ් වටය පටන්ගත්තාම තමයි, වැඩේ දරුණුවටම සිද්ධවෙන්නෙ.

එමැනුවෙල් රාජ්කුමාර් ජූනියර් දැක්කම මට මතක් වුණේ ඒ වයිල්ඩ් කාඩ් වටය.

කේන්ති ගස්සනවා. අහංකාරයි.

ආදරේට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා.

ඒත්, මට ඕනෙ වුණේ නෑ එයාව අයින් වෙලා යනවට.

එයාගෙ දක්ෂතා තව සතියක් බලන්න මං හිත හදාගත්තා.

ඉතිං...

හේයි මැනී.

මේ සැසියට ඔයාට ගොඩක් දෙනා දකින්න ලැබීම සතුටක්.

කාටද පටන්ගන්න ඕනෙ? කවුද ඉන්නෙ?

හැමෝටම හායි. මං ඕම්කාර්.

21, හොඩ්කින්ස් ලිම්ෆෝමාව.

මේ සතියෙ මට හොඳට නින්ද ගියා.

ඩොක්ටර් ජා කිව්වා මගේ රිපෝර්ට් හොඳයි කියලා.

ඒත්, මට මගේ යාළුවොන්ව මතක් වෙනවා.

ලෙක්චර්ස්, ට්‍රිප් ගියපුවා...

ඔයා එනවද මගේ ෆිල්ම් එකේ රඟපාන්න?

මොකා?

මායි JPයි ෆිල්ම් එකක් ගහනවා. ඔයා කැමතිද රඟපාන්න?

ඔහෙට නම් පිස්සු.

ඩොක්ටර් ජාත් ඉන්නවා මෙතන.

දිගටම විශ්වාසයෙන් ඉන්න.

මිනිහා ඒකට ගැලපෙන්නෙ නෑ. ගාණු චරිතෙකට කෙනෙක් ඕනෙ.

මේ බලනවා, එමැනුවෙල් රාජ්කුමාර් ජූනියර්...

මගේ සම්පූර්ණ නමම හරි ඉක්මණට පාඩම් කරගෙනනෙ.

නෝටි කෙල්ල!

තව කවුරුවත් ඉන්නවද? JP?

අහ්හ්, ඔව් සර්.

මොනවද ඔය දවස තිස්සෙම වීඩියෝ කරන්නෙ?

- සර්, අපි මේ පික්චර් එකක් ගහන්න කියලා. -හැබෑට?

අපි මේ පාර ගහනවා සර්, "JP, උඹලා මේ පාර ගැහුවේ මාර පික්චර් එකක්නෙ" කියලා මිනිස්සු කියන ජාතියෙ පික්චර් පාරක්.

ความคิดเห็น

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left