İlk 200 satır.
රවුමක් ගිහින් එමුද, මිස්ටර්?
ජෙනිෆර්!
කොච්චර දෙයක්ද ඔයා ආපු එක!
කෝ බලන්න...
මාටි, ඔයා කතාකරන්නෙ හරියට සතියක් තිස්සෙ මාව දැකල නෑ වගේනෙ...
මං දැක්කේ නැහැ තමයි...
ඔයා හොඳින්ද? අවුලක් නෑනේ?
හා...
ඔක්කොම හොඳයි...
මාටි!
ඔයාට මාත් එක්ක ආපහු යන්න වෙනවා!
කොහේටද?
ආපහු අනාගතයට!
ඔය මක් කරනවද ඩොක්ටර්!
මට ඉන්ධන ඕනේ.
ඉක්මන් කරන්න! නගින්න කාරෙකට...
බෑ බෑ බෑ... අනේ මං මෙහෙට ආවා විතරයි.
ජෙනිෆරුත් මෙතන. අපි මගෙ අලුත් වාහනෙන් වැව ළඟට යන්න කියලා...
ඉතින්, එයාවත් අරන් එන්න... මේ සිද්ධියට එයාත් සම්බන්ධයි.
මොන... සම්බන්ධ? මොනවද කියන්නේ? අපිට අනාගතේදි මොකක් ද වෙන්නේ?
අපි අතින් අපරාධයක් වත් වෙනවද?
නෑ... නෑ මාටි... ඔයාලා දෙන්නට ප්‍රශ්නයක් නෑ, ඒත් ප්‍රශ්නේ ඔයාගේ දරුවො ගැනයි, මාටි.
ඔයාගේ දරුවෝ ගැන වැදගත් යමක් කරන්න තියෙනවා!
ඩොක්, අපි පොඩි රිවස් එකක් ගැහුවොත් මොකද අසූ අටට අද්දන්න මේ පාර දිගත් මදිනේ...
පාර?
අද අපි යැවෙන දිහාට නම් ඕනැන්නෙත් නෑ, "පාරවල්."
අනේ, මාටී!
මාටි! මේ බලන්න මගෙ අලුත් ගිනි පෙට්ටිය.
මගේ අනික් වාහන ඩිටේලින් කම්පැනියෙන් ගහපු එක...
පියාඹන ඩිලෝරියන් එකක්?
මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ?
මොන ඇන්නෑවක්ද ඒ ගියෙ?
කුලී වාහන.
ඒ ගියේ ටැක්සි? මං හිතුවේ අපි අහසින් යනව කියල.
හරියට හරි.
හරි, ඩොක්. මොකද්ද දැන් මේ වෙන්නේ?
අපි කොහේද? නෑ නෑ... අපි කවදද?
අපි ගොඩබහින්නේ, කැලිෆෝනියාවේ, හිල්වැලි නගරයට.
වෙලාව හවස 4:29 යි. අද 2015 ඔක්තෝබර් 21 වෙනිදා බදාදා.
දෙදාස් පහළවේ!?
ඒ කියන්නෙ අපි දැන් මේ අනාගතයේ ඉන්නේ!
අනාගතේ! මොනවද කියන්නෙ? එහෙම කොහොමද වෙන්නෙ?
අ... ජෙනිෆර් මේ...
මං දන්නෑ මේක කොහොම කියන්නද කියලා. හැබැයි...
ඔයා මේ ඉන්නේ කාල යන්ත්‍රයක් ඇතුළේ.
එතකොට මේ 2015 අවුරුද්ද...?
දෙදාස් පහළවේ ඔක්තෝබර් විසි එක.
දෙයියනේ, ඒ කියන්නෙ මේ සේරම ඇත්ත?!
මාටි, අපිට ඇත්තටම අනාගතය බලන්න පුළුවන්!
ඩොක්, දැන්, ඔයා කියන විදිහට, අපි දෙන්නා බැඳලා ඉන්නෙ, නේ?
හා...
කොහොමද අපේ වෙඩින් එක? ලොකුවට තිබුණද?
මාටි, අපි අපේ වෙඩින් එක දකින්න යන්නේ -මරුනේ.
මට දකින්න පුළුවන් මගේ මගුල් ඇඳුම. -මරේ මරු...
අපි කොහෙද ඉන්නව ඇත්තේ? ලොකු ගෙදරක, ළමයි ගොඩාක් එක්ක...
අපිට ළමයි කීයක්-
ඩොක්! මක් කරනවද! -සංසුන්වෙන්න මාටි.
මේක, නිද්‍රා ප්‍රේරක ඇල්ෆා රිද්ම ජනකයක්...
කවුරුවත් තමන්නෙ අනාගතය ගැන ඕනවට වඩා දැනගන්න බෑ. ඒකට මෙයාගෙ ප්‍රශ්න පත්තරේ!
ඔහොම ඉඳලා ඇහැරුණාම වැඩිය නෑ හීනයක් දැක්කා වගේ හිතෙයි, එච්චරයි.
එහෙනම් මොනවටද මෙයාව මෙහෙ උස්සං ආවෙ? -මට තීරණයක් ගන්න වුණා.
එයා කාල යන්ත්‍රය දැක්කා. මේ තොරතුරුත් එක්ක මට මෙයාව දාලා එන්න බෑ නෙ.
වදවෙන්නෙපා. එයා මගේ සැලැස්මට අත්‍යවශ්‍යම නැහැ.
හරි එහෙනම්, ඩොකා ඔයානෙ.
මෙන්න අපේ පිටවීම.
දැන් බැහැලා ඇඳුම් මාරුකරගන්න.
මේ දැන්? මේ අනෝරාවක් මැද්දෑවෙ?
ඉන්න තව තත්පර 5 ක්.
කිරිගහට ඇන්නැහේ...
පුදුමයි. ඇත්තටම පුදුමයි.
නරක වෙලාවට කාලගුණ විද්‍යා එක වගේ කොලිටියට මෙහෙ තැපෑල දුවන්නෑ නෙවැ.
මගෙ අමුතු වෙස් පෙරළිය ගැන සමාවෙන්න මාටි, මට ඒත් බය මාව අඳුනගන්න බැරිවෙයි කියලා...
මං තරුණ කිරීමේ සායනයට ගිහින් ෆුල් සර්විස් එකක් දාගත්තා...
මගෙ මූණේ රැළි අයින්කළා, ඉසකෙයියා හිටෙව්වා, ලේ වල වැඩ කරගත්තා.
ඇත්තටම මාව පෙනුමෙන් අවුරුදු තිහ-හතළිහකින් තරුණ වුණා.
මගේ ප්ලිහාවයි මහ බඩවැලයි දෙකත් අලුත දාල තියෙන්නෙ.
මොනවද හිතෙන්නෙ?
ඒක ලස්සනයි, ඩොක්!
අනාගතය...
පිස්සු හැදෙයි!
මට ටිකක් ඇවිදල බලන්න හිතයි, ඩොක්.
සේරම හරි වෙලාවට වෙයි, මාටි... අපේ සැලැස්මටම වෙලාව මදි...
කියමුකො ටිකක් මගේ අනාගතය ගැන. මං දන්නවා මම ඉහළ තැනකට යැවෙයි කියල...
ඒත් කොයි වගේ තැනක්ද? හොඳ රොක් ස්ටාර් කෙනෙක් වගෙද?
වැඳල කියන්නම් මාටි, ඕනවට වඩා තමන්ගෙ ඉරණම පස්සෙන් පන්නන්න එපා.
රයිට්... රයිට්...
කොහොම හරි, මං පොහොසත්, නේ?
මාටි, ප්ලීස්, ගලවන්න ඔයාගෙ ෂර්ට් එක...
මේ ජැකට් එකයි සපත්තුයි දාගන්න.
මට තියෙනවා මෙහෙයුමක්!
හිතපු තිතටම වෙනවනේ!
පවර් ලේස්. සුපිරියිනේ!
මේක මට ලොකු වැඩියි නේ.
මිම්ම වෙනස් කරනවා: FIT.
කලිසමේ සාක්කු දෙක ඇදගන්න එළියට.
මේ කාලෙට හැම ළමයම කලිසම අඳින්නේ නොපිටට.
මෙන්න ඔයාගෙ තොප්පිය...
එළ. මේ ඉන්නෙ පුතාගෙම කපාපු පළුව වගේ!
මොකක්? -උදව් වෙන්න මට ජෙනිෆර්ව ගන්න...
ඉතින්, මොකක්ද කරන්න යන්නේ.?
කකුලෙන් අල්ලගන්න...
හරි...
හරි, දැන් මොකක්ද?
හරියටම තව මිනිත්තු 2 කින්,
ඔයා යනවා කැෆේ 80s එකට.
කැෆේ එයිටීස්,
හා, පරණ කාලෙ සිහිවෙන්න හදපු තැනක්. කතාව ඉවර නෑ.
ඇතුළට ගිහින්, පෙප්සියක් අරගන්න... මං ගානෙ, මෙන්න පනහක්.
අරන් "ග්‍රිෆ්" කියල මිනිහෙක් එනකම් ඉන්න.
හරි, "ග්‍රිෆ්..."
ග්‍රිෆ් අහයි "අද රෑට ඔයා එනවද-නැද්ද" කියල...
එයාට කියන්න එන්න බෑ කියල.
එයා මොනවා කළත් මොක කිව්වත්, බෑම කියන්න. කිසි උනන්දුවක් පෙන්නන්නෙපා.
පස්සෙ මාරු වෙන්න. මෙතනටම ඇවිත් මං එනකං ඉන්න.
වෙන අය එක්ක කතාබහ තහනම්. මොනවත් අල්ලන්න තහනම්.
කිසි දෙයක් කරන්නත් තහනම්, කා එක්කවත් පැටලෙන්න බෑ.
තව, කිසිම දෙයක් දිහා නොබලා ඉන්න බලන්න.
මට තේරෙන්නෑ ඩොක්, මට මතක හැටියට ඔයා කිව්වෙ, මේ මෙහෙයුම ළමයි වෙනුවෙන් කියල.
බලන්න මොකක්ද වෙන්නේ කියලා... ඔයාගෙ පුතාට!
මගේ පුතා?
දෙයියනේ, මෙයා මං වගේමයි.
"අත් අඩංගුවට රැගෙන පැය දෙකක් ඇතුළත
මාටින් මැක්ෆ්ලයි ජුනියර් වැරදිකරු ලෙස සනාථ කොට
ප්‍රාන්ත බන්ධනාගාරයට යවන ලදී"? පැය දෙකකින් මෙච්චර හරියක්?
දැන් උසාවි වැඩකරන්නෙ ගිනිකසයො වගේ. මේ කාලෙ නීතීඥයො නෑ නෙවැ.
දෙයියනේ, මේක සිරාම නඩුවක් නේන්නං!
ඕක තවත් නරකට හැරෙනවා. එන සතියෙදි ඔයාගෙ දුවත්,
අයියව හිරෙන් පන්නගන්න යනවට අවුරුදු 20ක් හිරබත් කනවා.
මගේ දුව! මට දුවෙකුත් ඉන්නවාද?
මේ පේනවද? මේ වින්නැහිය දුරදිග යන්නෙ ඔයාගෙ මුලු පවුලම විනාස කරගෙන.
මේ ඩොක්, මේ දිනේ බලන්නකො... මේ හෙට පත්තරේ නේ...
හරියට හරි, මං තව ඉස්සරහට ගියා මොනව වෙයිද බලන්න.
මං ඒ හැමදේම අද සිද්ධිය වෙනකන් ගළපගෙන ආවා.
ඒකටයි අපි මෙහෙ ආවේ, මේ සිද්ධිය නවත්තන්න.
කෙළියා! පරක්කුයි!
ඉන්න! දැන් ඔයා කොහෙද යන්නෙ? -ඔයාගෙ පුතාව පරක්කු කරවගන්න.
අද එයා වෙනුවට ඔයා තමයි කැෆේ එයිටීස් එකට යන්නෙ!
පොරගෙ නම ග්‍රිෆ්, උත්තරේ "බෑ!"
මේ! ජෙනිෆර්ට මොකද කරන්නේ? එයාව මෙතන තනියම තියල යන්න බෑනෙ.
බය වෙන්න එපා, එයා හොඳින් ඉඳියි. පොඩි වෙලාවකට විතරයිනෙ...
මාටි, ඔය ග්‍රිෆ් කියන හාදයා එක්ක ගනුදෙනු පරිස්සමෙන්.
මිනිහගෙ මදර්බෝඩ් එක ටිකක් කරවෙලා තියෙන්නෙ.
අනාගතය.
ටෙක්සාකෝ වෙත සාදරයෙන් පිළිගන්නවා!
තරුලාභී පද්ධතියෙන් ඔබේ වාහනයට විශ්වාසවන්ත නඩත්තුවක් ලැබෙනු ඇති.
ඔයිල් පරීක්ෂාව...
ගොඩබෑමේ ගියර පරීක්ෂාව...
ඒ මෝරා ඇනිමේෂන් කියල පේනව හැබැයි...
ආයුබෝවන් මිත්‍රවරුනි! මං තෙවන ගෝල්ඩි විල්සන්.
විල්සන් වායු පා යානා පරිවර්තන සේවයෙන්.
ඔබ දන්නවාද, මගේ සීයා හිල් වැලීවල නගරාධිපතිව හිටි කාලයේ දී.
ඔහු බොහෝම වදවෙන්න වුණා වාහන තදබද ප්‍රශ්නය නිසා.
ඒත් අද. ඔබට වාහන තදබදය ගැන වද වෙන්න දෙයක් නෑ...
ඔබේ පරණ වාහනයත් එක්ක අපේ ආයතනයට එන්න.
අපි ඔබේ වාහනය අලුත්ම පියාසර රථයක් කරවන්නම්.
ඩොලර් $39,999.95 ක් වැනි ඉතා සුළු මුදලකට!
හමුවෙමු... තෙවන ගෝල්ඩි විල්සන්,
දැන් රටපුරා අපේ ශාඛා 29යි...
මතක තියාගන්න, හොඳින් පා වෙන්න.
අප ගාව තියෙනවා හොට් සල්සා... අවකාඩෝ (අලිපේර)...
කොත්තමල්ලි සලාද, ඔයා කැමති විදිහකට,
බෝංචි, චිකන්...
බීෆ් නැත්තන් පෝක් එක්ක...
බී-බීෆ් නැත්තන් පෝක් එක්ක...
බී-බී-බීෆ් නැත්තන් පෝක් එක්ක...
වේටර්. වේටර්?
ෂාදරයෙන් පිළිගන්නවා කැෆේ එයිටීෂ් වෙත...
අමෙරිකාවේ නැවුම්ම ආපන ශාලාව...
අමෙරිකාවේ නැවුම්ම ආපන ශා-ශාලාව...
අමෙරිකාවේ නැවුම්ම ආපන ශා-ශා-ශාලාව...
අද අපගේ අති විශේෂ, බාබකිව් ක්‍රමයට පිළියෙල කළ සුෂි.
ඔයා කැමතිද අපේ හොස්ටේජ් ස්පෙෂල් එකට?
ඔයා කැමතිද අපේ හොස්ටේජ් ස්පෙෂල් එකට? -විෂි... බාබකි... සුශේෂ... අද අප්... ඒ...
ඒයි! ඒයි! ඇති!
පෙප්සි එකක් විතරක් දාන්න.
අඩේ, මැක්ෆ්ලයි!
හා! මං මෙහෙදි නිතරම ඔහෙව දැකලා තියෙනවා.
තමුසෙ මාටි මැක්ෆ්ලයිගේ පුතා, නේද?
බිෆ්?
ඔයා මාටිගෙ කොලුවා නේද?
අද වහින්න වගෙ...
හරි කරදරයි නේද උලමෙක්ගෙ නමින් ජීවත් වෙන්න වෙච්ච එක?
මොනවද මේ දොඩවන්නෙ?
හෙලෝ. හෙලෝ? ගෙදර කවුදෝ?
හා? හිතපිය ළමයා! හිතපිය!
ඔයාගෙ තාත්තා?
මිස්ටර් කාලකණ්ණි...
මොකක්?
ආන්න හරි.
මූර්ධජ ණ යනු දෙකේ "කාලකණ්ණියා".
බලන්න, ජෝජ් මැක්ෆ්ලයි, මං දන්න හැටියට ඔහොම...
මං මේ කතා කරන්නේ ජෝජ් මැක්ෆ්ලයි ගැන නෙමෙයි...
මං කතා කරන්නේ මිනිහගෙ පුතා ගැන!
ඔයාගෙ තාත්තා, මාටි මැක්ෆ්ලයි සීනියර්...
තමන්ගෙ ජීවිතේ එහෙම් පිටින්ම දියකරලා ඇරගත්තා කක්කුස්සි වළකට!
මං එහෙම කරගත්තද?
නෑ මං කිව්වෙ, අපෙ තාත්තා එහෙමත් කරගත්තද?
ඒයි නාකියා!
මම තමුසෙගෙං ඉල්ලුවෙ වැක්ස් කෝට් දෙකයි! එකක් නෙමෙයි, ඇහුන්නැද්ද?
අනේ ළමයෝ මං දෙවෙනි එක ගිය සතියේ කළා නේ.
No comments yet. Be the first to leave one.