İlk 200 satır.
'මගේ නම චමන් කෝලි.'
'රජෝරි උද්‍යානේ කෝලි පවුලේ ලොකු පුතා.'
'සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් මං දිල්ලි විශ්ව විද්‍යාලේ හින්දි දේශකයෙක්.'
'ඒ වගේම සෙනසුරාදා ඉරිදට සුදුසුකම් තියෙන අවුරුදු 30ක තනිකඩයෙක්.'
යන්නයි කිව්වේ! ආයේ මෙහෙ එන්නෙපා.
'ගොඩක් ඉරිදාවල් වල වගේ..'
'..අදත් මමයි මගේ මුළු පවුලයි මට මනමාලියෙක් බලන්න ආවා.'
'වෙලා තියෙන්නේ මේකයි, විවාහ වෙබ් අඩවියේ තියෙන පොටෝව..'
'..අවුරුදු 5ක් විතර පරණයි.'
'මේ බැනලා කරලා එළවන අයම..'
'..මීට විනාඩි 15කට කලින් කෝලි පවුලට පුදුම ගෞරවයක් දුන්නේ'
- නියමයිනේ. - එහෙනම් දේවමෑණියන්ව මතක් කරගෙනම පටන් ගමුද?
පුතේ ඔයා මොනාද කරන්නේ?
මෙයා වට්සැප් කරනවා.
ඒක අපි හැමෝම කරනවනේ!
- මෙන්න, මේ ඉන්නේ මගේ පොඩි දුව. - එන්න..
එන්න, එන්න දුවේ.
පුතේ, මේ කෝලි පවුල, මේ එයාලගේ පුතා.
වාඩිවෙන්න පුතේ, වාඩිවෙන්න. එන්න..
මේ මගේ ලොකු දුව. මේ එයාගේ පුතා..
පුතේ, ගිහින් අයියට ආයුබෝවන් කියන්න.
- එන්න පුතේ. - හොඳයි!
හොඳ කොල්ලා.
මොකක්ද නම පුතේ?
බිට්ටු!
බොරුකාරයෝ!
ෆොටෝ එක පෙන්නුවේ නම් නළුවෙක්ගේ..
..හැබැයි ඇවිල්ලා ඉන්නේ තට්ටයෙක්.
- තොගේ අප්පට.. - යනවලා!
මේ මගේ පොඩි මල්ලි, ගෝල්ඩී.
පුර්ණ කාලීනව කාලේ කනවා. ඒත් නිකමට වගේ MA කරනවා.
MA කිව්වට කරන්නේ වෙන එකක් .
ගෝල්ඩී, එපා ඕයි.
- අවලම් හැත්ත. - මෙන්න කාපිය ඔහේගේ සමෝසා, නාකියෝ!
එතකොට මේ තමා කෝලි තාත්තා.
දිල්ලි නගරසභාවේ ලිපිකරුවෙක්.
පහුගිය අවුරුදු 5කැ ඉඳන් මට ගෑනු ළමයි හොයලම..
..එයාගේ කොන්ඩේ සුදු වෙලා.
නාකියා ඔහේනේ!
- එතකොට තමුන්ගේ පුතා තට්ටයෙක්! - ආ හැබෑද?
තමුන් කන්නාඩියෙන් මූණ බලලා නැද්ද?
තට්ටේ තියෙන්නේ දිලිසි දිලිසි!
මේ ඉන්නේ මගේ අම්මා.
ලෝකයා පිළිගත්තත් නැතත්, එයාට නම් මාව අදටත් ගොඩක් කඩවසම්
50 දෙනෙක් එපා කිව්වට පස්සෙත්, අදටත් එයාගේ ධෛර්ය අඩුවෙලා නෑ.
- තට්ටයා! තට්ටයා! තට්ටයා!! - තමුන්ලා ඔක්කොම නැහැදිච්ච එවුන්!
- තමුන්.. - තමුන්..
- තමුන්.. - එනවා.
- තමුන්.. - එන්න අම්මේ, යන්.
- ආයේ මෙහෙ එනවා එහෙම නෙමේ. - අනේ යනවලා!
දැන් තමුසෙත් මකබෑවෙනවා.
ආයෙත් මෙහෙට යෝජනා අරන් ආවොත් මං ඔහෙවත් තට්ටයෙක් කරනවා
- අත ඇරපල්ලා මාව! ඕකිට සාපයක් කරන්න. - මෙතනින් යමු යන්න.
- යමු යන්න. - ඕකිට සාපයක් කරන්න ඕන.
ඔහෙලගෙ පරම්පරාවේ හැම පිරිමියම සදාකාලික තට්ටයෝ වෙන්න ඕන.
මේ වගේ ජරා පවුල් ගාවට නම් අපිව ආයේ එක්ක යන්න එපා.
ඇත්ත. පේන හැටියට මදාවියන්ගේ පවුලක්ද කොහෙද.
- එහෙම දෙයක් නෑ. - මගේ කොල්ලා නූලෙන් බේරුණා
කොච්චර අයව දන්නවද ඔයා. කවුරුමහරි ඇතිනේ.
මේ මොනාද?
මේක කපුටෙක්ගෙද නැත්තම් පරවියෙක්ගෙද?
- මොනාද? - බෙට්ට.
- ඕවත් කතා කරන දේවල්ද? - ඇත්තටම බෙට්ටක්නේ. බලන්නකෝ.
ආ මට තේරුණා.
- මේක රජිනිගේ වැඩක්. - බෙට්ට?
- නෑ ගුරුකම්. - මොකක්ද බන්, රජිනි කොහොමද මෙතන ඉඳගන්නේ?
හෙන බුද්ධිමතී කියලනේ හිතන්නේ..
ඒත් උදේ ඉඳන් රෑ වෙනකම් ගුරුකම්ම තමා
ඕන එකක්.
- අයියේ, ඔයා අපිට ශාස්ත්‍රී මහත්තයව මුණගස්සලා දෙන්නකෝ. -හරි
එයා කලින්ම කිව්වා ට්‍රම්ප් තමා ඇමෙරිකාවේ අගමැති වෙන්නේ කියලා.
බලන්න, ඒක උනානේ.
අම්මේ, එයා අගමැති නෙමේ, ජනාධිපති.
කවුරුහරි උනානේ?
- උඹ මා එක්ක වාද කරන්නෙපා, ගෝල්ඩී. - උඹ උඹේ කැන්ඩි ක්‍රෂ් එක ගහගනින්.
මේ කැන්ඩි ක්‍රෂ් නෙමේ තාත්තේ.
බලන්න, මෙයාගේ ග්‍රහ පිහිටීම් විවාහය කියන වේදිකාව ..
..පහු කරලා බ්‍රහ්මචාරී කියන කෙටි මාර්ගයෙන්..
.කෙලින්ම මෝක්ෂයේ දොරටුව ගාවටයි යන්නේ.
හරි.
හොඳයිනේ.
ඒ කියන්නේ හැමදේම හොඳින්.
තේරුම නම් 31වැනි වියට පා තබන්න කලින් විවාහය උනේ නැත්තම්..
මෙයා ඉදිරියට සන්‍යාස ජීවිතයක් ගෙවයි.
ඉංග්‍රීසියෙන් කියනවා,
- සෙලිබ්‍රේට්. (සමරනවා) - සෙලිබ්‍රේට් නෙමේ, සෙලිබේට් (බ්‍රහ්මචාරී) කියන්නේ.
- අපි සෙලිබ්‍රේට් කරන්නම්. - මොන..
මොන එකටද සෙලිබ්‍රේට් කරන්නේ?
සෙලිබ්‍රේට් නෙමේ සෙලිබේට්.
ඒකෙ තේරුම කොල්ලා තනිකඩවම ඉඳියි.
කසාදයක් සිද්ධ වෙන්නෙම නෑ.
- මොක? - ඔව්.
ඔයා මේ මොනාද කියන්නේ, ගුරුජී?
මම නෙමේ, මෙයාගේ ග්‍රහ පිහිටීම් තමා එහෙම කියන්නේ.
මං නෙමේ කියන්නේ.
- මේක හරි වැරදියි. - නෑ.
- හරි වේවා වැරදි වේවා, එහෙම තමා තියෙන්නේ. - අඬන්න එපා, ගුඩ්ඩි.
- බරපතල කතාවක්නේ. - අම්මේ..
- මොකද මේ? - මෙයා මගේ ලොකු පුතා.
අනේ අඬන්න එපා.
- ලොකු පොඩි කියලා නෑ. - කොහොමද පොඩි එකා..
- ...මෙයා බැන්දේ නැත්තම් බඳින්නේ? - අනේ අඬන්න එපා.
- අනේ මෙයාව සන්සුන් කරවන්න. - හැම අම්මෙක්ටම හීනයක් තියෙනවා..
- ..තමන්ගේ දරුවගේ කසාදෙ දකින්න. - අනේ අඬන්න එපා, මං වැඳලා කියන්නම්.
- විසඳුමක් තියෙනවද? - තියෙනවා.
අවුරුදු 31 වෙන්න කලින් මෙයාව බන්දන්න.
ඒකයි විසඳුම.
හරි.
ඒක නම් කරන්නම්.
හරි පුතේ. හරිනේ?
හැමෝටම ප්‍රසාද් දෙන්න.
- සෙලිබ්‍රේට්. - සෙලිබ්‍රේට්.
මොන...
මෙතන වැරැද්ද ජොගින්දර් අයියගේ.
අම්මේ වැරැද්ද තමා අවුරුදු 5ක් පරණ ෆොටෝ එකයි, අර තොප්පියයි.
බන්, අපි ආසාවට බොරු කිව්වායැ.
තට්ට කොල්ලෙක්ව හම්බෙන්න කවුද කැමති.
නෑ මං කිව්වේ සැරයක් කොල්ලව හම්බුනාම, කොල්ලට හිත යයි, පවුලට හිත යයි.
වැඩෙත් තීන්දුයි.
දැන් මට කියන්නකෝ කොන්ඩේ තියෙන ඵලේ මොකක්ද?
ඒකත් නිකම් නියපොතු වගේනේ, වැඩකට නෑ.
කොල්ලා හොඳ හාදයා. රජයේ රස්සාවකුත් තියෙනවා.
කොලේජ් එකේ ලෙක්චර් කරන්නේ. දන්නෑ මොනා හොයනවද කියලා?
පුතේ ඔයා දුක්වෙන්න එපා.
නිර්මලා ගාව හොඳ තෙලක් තියෙනවා.
ඒක ගාපු ගමන් දවස් තුනෙන් කොන්ඩේ එනවා.
- මං සහතික කරනවා. - ගුඩ්ඩි, ඔයාගේ තෙලෙන් මොකවත් වෙන්නේ නෑ.
ඔයා මෙහෙම කරන්න, කොන්ඩේ හිටවන සැත්කමක් කරගන්න.
චමන්, බලාගෙනයි කොන්ඩ හිටෝගන්න ගියොත් එහෙම.
- අනේ.. - දන්නවද කොච්චර අවදානම්ද කියලා?
- සුරින්දර් මහත්තයගේ බෑනා ඕක ගිය අවුරුද්දේ කරගත්තා. - ඉතින්?
මිනිහා මැරුණා.
- හැබෑට? - නැතුව.
මං පල්ලා බෑ.
ආදර විවාහයක් කරගන්නවා නම්..
..අපිට ගෑනු ළමයි හොයන්න ඕනත් නෑනේ.
දන්නවද, 1986දියි අපේ ආදර විවාහේ සිද්ධ උනේ.
නිකම්ම ඉන්නවා.
අඩුගානේ උත්සහයක්වත් කරපන්කෝ.
තමුසේ කට පියන් සැලඩ් එක කපනවකෝ?
- හා. - පුතේ, ඔයා හිතන්න එපා.
මං ඔයාට කොච්චර හොඳ කෙල්ලෙක් හොයනවද කියනවා නම්..
..මුළු රජෝරියම ඉරිසියාවෙන් පැලෙයි.
දිල්ලියම කියලා කිව්වා නම් ඉවරනේ, ගුඩ්ඩි?
- ඔය හීන වලට බදු ගැහුවා නම්... - අනේ ඔයාලා කටවල් වහගන්න.
කාවවත් හොයන්න ඕන නෑ.
මං හොයන්න කිව්වද?
හැබෑට? එතකොට උඹට ඕන 'සෙලිබ්‍රිටි' කෙනෙක් වෙන්නද?
අම්මේ, සෙලිබ්‍රිටි නෙමේ, සෙලිබේට්.
සෙලිබ්‍රිටි කියන්නේ නළුවන්ට.
- උඹ පයින්න එපා. - මෙහෙම කරපන්. උඹ තනියෙන්මම හිටපන්. නැද්ද ?
ඔව්, උඹ එහෙම වෙයන්.
උඹ දන්නවනේ පුතේ, උඹේ හඳහනේ දෝෂ තියේ කියලා.
ඉතින් මොකද? බඳින්නේ නැතුව කාටවත් සතුටින් ඉන්න බැයිද.
හැබෑට? එක්කෙනෙක්ව කියන්නකෝ.
සල්මාන් ඛාන්.
එයාලගේ වෙනම කතාවක් යන්නේ.
එයාලට අඩුතරමේ හම්බෙනවනේ..
මොනාද?
කෙල්ලෝ. කෙල්ලෝ හම්බෙනවනෙ.
- දිග දිග පෝලිම් ඉන්නේ. - ඔව්, ඔව්!
මට ගෑනු ළමයෙක් නැතුව සතුටින් ඉන්න පුළුවන්.
ඔව්, ඔව්.
පුෂ්පා.
දහස් වතාවක් මං කියලා ඇති හැදිච්චකමට ඇඳන් එන්න කියලා.
- මෙහෙ පිරිමි තුනක් ඉන්නවා. - හෙමින් කියන්න, එයාගේ වරදක්ද.
ඊළඟට මං මේකයි මුණට එවන්නේ.
වතුර දීපන්.
වතුරද ඕන? මෙන්න වතුරම බීපන්.
'සුහානියි පියුෂුයි විවාහ ගිවිසගත්තා.'
'හේයි, සුබපැතුම් වේවා.'
'සුබ පැතුම්.'
'ෂිට් බන්! අන්තිම එකත් අමාරුවේ වැටුණා.'
'අපේ බැච් එකේ දැන් හැමෝම බැඳලානේ.'
'හාහා, තාම කොහෙද., අපේ චමන් තාම ඉතුරුයිනේ.'
'එයා තාම කසාදයක් ගැන හිතනවද?'
'මං හිතුවේ අත ඇරලා දාලා ඇති කියලා.'
හෙලෝ?
ඔයා කෝල් කරනකම් තමා බලන් හිටියේ.
මොකක්ද?
මේ අහන්න, හෙට හම්බවෙමුකෝ?
මගේ යාලුවෙක්ගේ ගෙයක් තියෙනවා.
එහෙ යමු.
මං ඒ වගේ කෙනෙක් කියලා ඔයා හිතනවද?
ඔයාව මම අල්ලලාවත් තියේද?
හරි හරි දැන්, තොත්තුවක් දෙන්නකෝ.
පොඩි එකක්?
මට සැනසිල්ලේ නිදාගන්න බැරිවෙයි.
මට ඉවසිල්ලක් නෑ.
පොඩි එකක් දෙන්නකෝ. අනේ දෙන්නකෝ.
හරි, ඒක දුන්නේ මගේ කම්මුලට.
තොල් වලට එකක් දෙන්නකෝ.
මොනාද කරන්නේ?
ගෝල්ඩී, මගේ සෙරෙප්පු පේන්න නෑනේ.
සෙරෙප්පු නැද්ද?
මගේ දෙක දාගන්න.
දීපන්.
මෙන්න.
හෙලෝ!
මේ මොනා වෙලාද!
No comments yet. Be the first to leave one.