Stree

Stree (स्त्री)

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

Stree 2018 1080p HDTV x264 AAC2 0-ColomboGMGS2
Şunun yorumuyla ColomboGMGS2
The video copy is available here https://archive.org/details/Stree2018ReworkEnglishSinhalaSub

Etiketler

hdtv
transcript
softcoded
resynced
Yayınlandı: 2024-09-07
İndirmeler: 55
İşitme Engelliler: No
FPS: 24

Sinhala altyazı önizlemesi

İlk 200 satır.

මෙම චිත්‍රපටයේ එන සිද්ධි, නම්ගම් සහ චරිත සියල්ල මනඃකල්පිතයි...

ජීවත්වන හෝ මියගිය කිසිදු අයෙකු සමග මෙහි චරිතයක සමානකමක් වේනම් එය හුදු අහඹුවක් පමණි.

මෙහි රූගත කිරීම් අතරතුර කිසිදු සත්ව හිංසනයක් සිදුව නොමැත.

රූගත කිරීම් සඳහා යොදාගත් සත්ත්වයින් නිසි ආරක්ෂාව හා/හෝ ඔවුන්ගේ ස්වභාවික පරිසරයේ පසුව ඇත.

මෙම චිත්‍රපටයෙන් අන්ධ විශ්වාස හෝ අඳුරු මායාවන් ප්‍රසිද්ධ කිරීමක් බලාපොරොත්තු නොවේ.

මෙය හුදු කාල්පනික නිර්මාණයක් වන අතර,

ජීවත්වන හෝ මියගිය ප්‍රාණකරුවෙකු හෝ සිද්ධියකට දරන කුමන හෝ සමානකමක් වේ නම් ඒ අහඹු සිද්ධියකි.

මෙම චිත්‍රපටය රසවින්දනය සඳහා පමණයි,

එනයින් කිසිදු පුද්ගලයෙකු, ස්ථානයක්, සංවිධානයක්, ඇදහීමක්, ව්‍යාපාරයක් හෝ

සමාජයක් විසින් දරන අදහස් අපහාසයට ලක්කිරීමක් අරමුණු නොකරයි.

~~~~~~~~All Rights Reserved.~~~~~~~~ SUBTITLES BY - DUWINDU THARINDA PERERA ~~~~~~~~All Rights Reserved.~~~~~~~~

ඕම් ස්ත්‍රී! හෙට එන්න!

ඕං ස්ත්‍රී! හෙටම එන්න!

ඕං ස්ත්‍රී! අද නොවේ හෙට!

ප්‍රකාශ්...

ප්‍රකාශ්...

ප්‍රකාශ්!

ස්ත්‍රී

ඕම් ස්ත්‍රී අද නෙමෙයි හෙට!

මේ හදවත ඇරිලාමයි නැහැ බොත්තම් කාසයක්

හීන ඩබල් XL, මගෙ නෑ ඔය දෙයියෝ ගැන වගක්

මෙහේ ගමේ බෑ ෆිට් වෙන්නට ලොකු ලොකු හිත්වලින්

ගුණ දෙන්නම් ඉරුවාරදයට පුංචි හිනාවකින්

හද සන්නාලියා මමයි

පාවෙන කුරුලෙක් වගෙයි

ඒය්!

හද සන්නාලියා මමයි

පාවෙන කුරුලා වගෙයි

"හද සන්නාලියා මමයි"

සිව්දින වාර්ෂික පූජාව සංවිධානය කෙරේ...

උදේ හවා දිවි සරිකරලන්නේ

දෑතේ පෙළහර පෙන්වා දෙන්නේ

කුමරුනි මා සළු නිමවා දෙන්නේ

මා ගත හැඩවැඩ කරවා දෙන්නේ

හද සන්නාලියා මමයි

පාවෙන කුරුලෙක් වගෙයි

හද සන්නාලියා මමයි

ඈ මාමේ,

පූජාව දවසෙ වැඩේට බැස්සද?

විකී කොලුවෝ, තාමත් වෙලාව තියෙනවා.

මේක එසේමෙසේ සායමක් නෙවි.

කුඩුකරාපු වවුල් ඇටකටුයි, සුදු කපුටෙක්ගෙ සුළුදියයි එකතුකරලයි, මේ තීන්තෙ හදන්නෙ.

අනේ මේ මාමෙ, ඔය කතා ඕන්නං කියන්න මනෝ විකාර කියවන මනෝකාරයන්ට.

අපි මොඩර්න් කොල්ලො.

මුළු ටවුමම මේ විකාරෙ එල්බගෙනනෙ.

විකී කොලුවෝ, මේ සායම ගෙයි ඉස්සරහ තියෙනකන් මොනම ආපදාවක්කත් වෙන්නෙ නෑ ඒ උදවියට.

ඇත්තට?

අහල තියේද අම්බානිගෙ දුවට යකෙක් වැහෙනව? නැත්තන් ටාටගෙ හරි බිර්ලගෙ හරි දූට හෝ අම්මට?

විකී කොලුවො, මං දන්නව ඒකි එනහැටි.

ඔය අතපයේ මාන්සිය සැහැල්ලු කරගෙන මට මේක ලියන්න දෙන්න.

අනේ මාමේ,

අපේ පැත්තෙත් ලියන්න මතක ඇතුව හරිද.

ආ තව...

ඔයිට ටිකක් ලොකුවට ලියන්න.

නැත්තන් කියවගන්න බැරුව...

කඩාපාත්වෙයි මහසෝනි වගේ.

හා හා එඤ්ඤං එඤ්ඤං.

ඔය කටත් හැදෙයි ඒ ආන්ටි වගෙ.

ඕම් ස්ත්‍රී හෙට එන්න.

ඕ...ම් සූර්ය දේවාය නමඃ...

ගේට්ටුව වහන්නකෝ ළමයෝ...

නැත්තං හරක් පනී මේ අහට.

මං නෙ ඉතිං ගෙදර මුරකාරය!

දැන්වත් යන්තං ආවද ගෙදර.

මොකද? හෙට තාත්තත් එන්න ඕන ඇවිදින්න.

අනේ ඕන්නෑ පුතේ, මගෙ ඇඟට මහන මැෂිමෙන්ම ව්‍යායාමෙ ලැබෙනවා.

ඔයාටත් ඔච්චරම ඕනද? මොකෝ හැඟර් එකක එල්ලෙන්න කියලයැ?

ඒ විහිළුවක්ද කළේ තාත්තෙ?

ඔයා අහගෙන ඉන්නෑනෙ.r

එන දවස් හතරට දැන් තියා උපවාස කොරන මගෙ හයිහත්තිය හින්දවන්න හදනව.

ආපහු උපවාස?

අනේ පුතාගෙ වැඩේ බලාගන්න...

තව ටිකකින් ගෑණු මිනිස්සු ටික එනවා.

තාත්තෙ මං කීපාරක් නං කියන්නද,

මේ පරණ ඇඳුම් මහන වැඩ නවත්තන්න කියල.

පෙටිකෝට් ලොකු කරන්නලු, බ්ලවුස් ටයිට් කරන්නලු...

අපිට ඕනවෙන්නෙ...

අලුතින් ඇඳුම් මහන ඕඩර් විතරයි.

බ්‍රෑන්ඩ් නිව් ඇඳුම් විතරමයි.

විතරමයි?

විතරමයි? ඈ?

එතකොට අවුරුද්දෙ ඉතිරි හරියෙ මොකද කරන්නෙ පුතා? සීනු ගගහ නටන්නද?

අනේ, තාත්තලට මෙව්ව කියනවට වඩා හොඳයි කට උලාගන්නව බිම.

ඒ, අහන්න...

හා, හා...

අහන්න...අහන්නකෝ....

බලන්නකෝ...

පුතා ටිකක් වෙලාව අරගෙන බලන්න ඕනේ මේ සාප්පුවෙ වැඩ ඉස්සරහට ගෙනියන හැටි.

නැත්තං පුතාගෙ තාත්තා පරලෝ සැපත්වෙච්චි දාට,

කොහොමෙයි මේ කඩේ සේරම තනියෙං බලාගන්නෙ?

තාත්තේ,

මාරයා ඇවිත් තාත්තගෙ ආත්මේ බදුගන්න ආවත් තාත්තා මැරෙන්නෙ නෑ!

ඇඟිලි ගෙවිලා කට්ටටම පෑදෙනකනුත් කරන්නෙම බ්ලවුස්-පෙටිකෝට් එක්ක ජල්ලි ඇල්ලිල්ලනෙ.

ඉස්සරහට... උඹත් මෙහෙ ඉඳං කරන්නෙ මේ සෙතේමනෙ මයෙ පුතේ!

තාත්තේ,

මම ඉපදුනේ බ්ලවුස්-පෙටිකෝට් මහන්න නෙමෙයි. -එහෙනම් මොනවා කරන්නද ළමයෝ!

මම දන්නෙත් නෑ, හැබැයි මම දැන්ම හොයාගන්නං.

එන්න.

අනේ විකී අයියා, කොහොමද?

මෙන්න, සූට් එකක් මහල දෙන්න.

ලියාගන්න මේ නෑනගෙ මිම්මවල්... කෝ යන්නකො පස්සට.

උස හතළිස් අටයි, උරිස්ස දාහතරාමාරයි...

සළුව පාත්කරන්න නෑනෝ, -හරි.

අත දාසයයි, මැණික්කටුව හතයි පපුව තිස් අටයි ඉණ හතළිස් දෙකයි...

හැරෙන්නකො නෑනෝ,

හිප් එක හතළිස් හතරයි බෙල්ල දහයයි...

ඩීප්ද මීඩියම්ද?

එපා එපා, ඩීප් එපා, මීඩියම් ගමු.

ඩීප් තමයි හොඳ නෑනෝ, ඒ අදකාලෙ පැටන් එක.

ඔයාට හරියයි.

මම කියන්නෙ,

මගේ පුතා සන්නාලි වෙස් ගත්තු දේව අවතාරයක් කියල.

හිර කරන්නද?

මේ ඇඳුමෙ ෂෝල්ඩර් එක...

ඒත් මේ යෝදය නෙමෙයි...

ඒ උපන් හැකියාව තඹේකට ගන්නෙ.

ඕං බලන්න ඛාන් සර්!

ඕං බලාගන්න!

මං නං මහල ඇති ඇඳුම් දාස්ගානක්.

ඒත් ඒ අත්වල ඇඟිලි මැෂිම දිගේ යන්නෙ හරියට නිකං...

දේව හස්තයක් වගේ...

කතුර හසුරවන්නෙ හරියට නිකං...

සරස්වතී දේවි වීණා වයනව වගේ!

වටේ යවලා ඉඳිකටුවට නූල අමුණනකොට...

හරියට හක්ගෙඩි පිඹින්නා වගේ කන් ඇතුළෙ දෝංකාර දෙනවා!

ඇත්තමයි ම්...

ඇත්තමයි මේක...

පෙර අත් බවේක සංසාර පුරුද්දක්.

හද සන්නාලියා මමයි

පාවෙන කුරුලෙක් වගෙයි

හද සන්නාලියා මමයි

තාත්තේ, මං විනාඩි දහයෙන් එන්නං, විවේකය.

හද සන්නාලියා මමයි

හායි!

හායි...

ඔයාගෙ නම නේද විකී?

අ...

අ... මේ...

අ... මේ... ඔව්.

ගියපාර පූජාවෙදි මං දැක්කා ඔයාව.

ආ...

ආ, හා...

ආ, හා, හා...

ඔයා ගැන මං ගොඩක් අහල තියෙනවා.

මම නම් මේ පළාතෙ නෙමෙයි, ඒත්...

පූජා කාලෙට අවුරුදු පතාම මම එනව මේ පැත්තෙ.

හොඳයි හොඳයි...

ඔයාට මගෙ මේ ඇඳුම මහල දෙන්න පුළුවන්ද?

හොඳයි...

කොච්චර කල් යයිද?

සති දෙකක්,

ටිකක් ඉක්මන් කරගන්න බැරිවෙයිද?

එහෙනං...

අ... ද් ...

දවස් දහයක් ඇතිවෙයිද?

පූජාවෙ අන්තිම දවසට කලින් ඕන.

මංගල් ආරතියට අඳින්න.

ම්ම්ම්...

එතකොට... අ...

විකී, ප්ලීස්?

චුට්ටක් ඉක්මන් කරමුකෝ...

එහෙනං එපා.

මං වෙන තැනකින් බලන්නං.

තැන්ක් යූ.

අ...

හරි එහෙනං... ද...

ද... දවස් දෙකෙන්?

දවස් දෙකෙන්,

තැන්ක් යූ සෝ මච්!

ම‌ගෙ මිමි?

ඔය...

ඔය... කෝට් එක පොඩ්ඩක් පාත්කරමුද?

කෝ කෝ...

හැරෙන්න.

කැරකෙන්න,

හා,

ආපසු හැරෙන්න.

හරි.

ඕ!

තැන්ක් යූ අනේ!

මං හවස එනව දේවාලෙ පැත්තෙ.

එළ...

හවස ආරතියට හොඳේ...

එළකිරි!

දේවාලෙට, අද හවස...

හරි හරි හරේ!

එකයි...

දැක්කද?

ඒකි උඹ දිහා බැලුවෙවත් නෑ,

උඹනං මෙතන ඒකිට රැස් පෙන්නනව...

උඹ ඉතිං සියල්ල දත් බඹදත්නේ,

මං ඒකිව පාරෙ පහුකරන ඕන වෙලාවක ඒකි බලයි මං දිහා වමෙන්-දකුණෙන් ඇතිතරං.

බලයි නෙමෙයි, ඔරවයි.

ඔක්කොම හොඳින් නේ?

කියන්න මොකුත් තියේද?

මොකක්ද උනේ?

ලව් ඇට් ෆස්ට් අයි සයිට්...

ලව් ඇට් ෆර්ස්ට් අයිසයිට්...

පළමු බැල්මෙන්ම ආදරයක්!

ඉංග්‍රීසි කථන පාඨමාලාවට ගියේ දෙන්නා එකට. උඹ මෙතන තනියෙං ශේක්ස්පියර් වෙන්න ඕන්නෑ.

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left