The Untamed

The Untamed (陈情令)

Sinhala Altyazısını İndir

Sürüm bilgisi

The Untamed - Episode 09
Şunun yorumuyla sunny_2000
Translated by SunnyTR

Etiketler

other
Yayınlandı: 2021-02-27
İndirmeler: 50
İşitme Engelliler: No

Sinhala altyazı önizlemesi

İlk 177 satır.

බකමූණා .

ඒ මෝඩ කුරුල්ලා නැවතත් .

අපි උගුලකට හසුවුනාවත්ද ?

උපකාර කරන්න ! වෙයි සහෝදරයා ! ලන් සහෝදරයා !

ඇයි මම හැම විටම අවාසනාවන්ත ?!

ප්‍රවේශමෙන් !

එපා . ඔවුන් තවම මියගොස් නැහැ .

ඔබ පැවසූ දේ අමතකද ? ඔවුන්ගේ ඇසේ ඉංගිරියාව දෙස බලන්න .

ලන් ජන් ,

ඔබට හොඳ අදහසක් තිබෙනවාද ?

පලායමු .

මොහොතක් ඉන්න . ලන් සහෝදරයා . වෙයි සහෝදරයා .

එසේ නොසැලකිලිමත් අයුරින් පිටතට යාම බොහොම භයානක බව ඔබට සිතෙන්නේ නැතිද ?

අපි සැලැස්මක් ගැන සාකච්ඡා කළ යුතුයි නේද ?

මේ ලෙසින් පිටතට ගියහොත් අපිට මියයාමට සිදුවෙයි නේද ?

වෙයි සහෝදරයා , මට දැන්ම මියයාමට අවශ්‍ය නැහැ ! මගේ රන් කැනරි ...

නියෙ සහෝදරයා , මට සවන්දෙන්න .

අපි පිටතට යනවිට , ඔබ මගේ සමීපයෙන්ම ගමන් කරන්න .

මඟහැරෙන්න දෙන්න එපා . මඟහැරෙන්න ඉඩ තියන්න එපා . වැටහුනාද ?

පිටත් වෙමු .

නවතිනු !

නවතිනු !

කෙසේද ඇය නැවත පැමිණෙන්නේ ?

අනුවණ තරුණයින් අවසරයකින් තොරව සිද්ධස්ථානයට ඇතුල්වී තිබෙනවා . ඔබලාට කුමන ආකාරයේ දඬුවමක් ලැබේවි කියාද සිතන්නේ ?

මට යන්න දෙන්න ... මට යන්න දෙන්න ...

වෙයි වූශියැන් , ඔබ අවසරයකින් තොරව පිටව ගොස් තිබෙනවා . ඔබ දන්නවාද ඔබට ඒ සඳහා ලැබෙන දඬුවම කුමක්ද කියා ?

ජියන් චං , ඔබ දැන්ම පිටතට පැමිණියේ නැත්නම් ,

ලන් ජන් කෝපවේවි .

ජියන් චං , ඔබ කුමක්ද මෙහි කරන්නේ ?

ඔබට පැමිණිය හැකිනම් මටත් පැමිණිය නොහැකිද ?

ඔබ බොහොම නිදහසේ , සෑම තැනම සංචාරය කරමින් කෙලිදෙලෙන් ජීවිතය ගෙවනවා .

ඔබේ කන් කෙඳිරිය නැති නිසා ජීවිතය තරමක් නිදහසේ ගත කිරීමට හැකිවුණා .

ඔබට කතා කිරීමට තරම් ධෛර්යයක් තිබෙනවාද ? ඔබ අපට සටහනක් පමණක් තබා පිටව ගියා .

ඔබ දන්නවාද මා කොතරම් ...

මගේ සහෝදරිය කොතරම් කනස්සල්ලට පත්ව සිටියාද කියා ?

ජියං සහෝදරයා , ඔබට වෙයි සහෝදරයාව බිය ගැන්වීමට අවශ්‍ය නම් එයට කමක් නැහැ . නමුත් මාවත් වංජි සහෝදරයාවත් බිය ගන්වන්නේ ඇයි ? අපි ...

නිහඬ කිරීමේ වශිය ඉවත්කර තිබෙනවාද ?

කවුද දන්නේ කවුරු කාව මේ කරදරයට ඇදගෙන යනවද කියා ?

හොඳයි ජියන් චං .

මටයි ලන් ජන්ව ලුහුබැඳීමට අවශ්‍ය වූයේ . ඒ සඳහා ඔහුට දොස් පවරන්න එපා .

මම තවම කතා කර අවසන් නැහැ , නමුත් ඔබ දැනටමත් ඔහු වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා .

ඔබ කුමක් කිරීමට උත්සාහ කරනවාදැයි කියා මම දන්නේ නැහැ , නමුත් මෙය කොතරම් භයානකදැයි කියා ඔබට පෙනෙනවානේ .

වන් මෙනෙවිය සිටියේ නැත්නම් ...

වන් මෙනෙවිය ? ඇයත් මෙහි සිටිනවාද ?

ඔහ් ! නැහැ . වාදනය නතර වී කොපමණ වෙලාවක් ගත වුනාද ?

ඇතැම්විට වන් මෙනෙවිය කරදරයකට පත් වී ඇති .

ඇය කොහෙද ? ඇයි ඔබ දෙදෙනා එකට පැමිණියේ ?

වන් මෙනෙවිය !

බකමූණා නැවතත් ඇවිත් .

වන් චාඕ මේ අසලම සිටිනවාද ?

ඔහු අපට හානි කිරීමට උත්සාහ කරන්නේ ඇයි?

වන් මෙනෙවිය , ඔබ හොඳින්ද ?

තරුණ ජියං මාස්ටර් , මම ඔබට පැවසුවා බේරගන්න ...

වන් මෙනවිය , ඔබ මෙහි පැමිණියේ ඇයි ?

ඔවුන් නැවත පැමිණෙනවා !

ඉක්මනින් පිටවෙමු .

අපි එකටම පිටත් වෙමු .

මට පිටවිය නොහැකියි .

තරුණ ජියං මාස්ටර් , අපි මෙහෙට පැමිණියාට පසු මට ඇහුම්කන් දෙන බවට ඔබ පොරොන්දු වුණා . ඔවුන්ව මෙතනින් ඉවතට ගෙන යන්න .

වන් මෙනවිය , ඔබට ඔවුන්ව බේරා ගත නොහැකියි . අපි දැන්ම නොගියහොත් , එයට ප්‍රමාද වැඩිවේවි .

ඔවුන්ව බේරාගන්න ක්‍රමයක් ඔබ දන්නවාද ?

දෙවඟන ඔවුන්ගේ ආත්ම උදුරා ගත්තා නේද ? කෙසේද ඔවුන්ව බේරාගන්නේ ?

වන් චින් මෙනෙවිය , ඔබ කුමක් සඳහා මෙහි පැමිණියත් මට ප්‍රශ්නයක් නැහැ . නමුත් අපි හැමෝම මෙතන කොටු වෙලයි සිටින්නේ .

පිටව යාමට අවශ්‍ය නම් අපි හැමෝම සහයෝගයෙන් වැඩ කළ යුතුයි .

ඔවුන්ව සාමාන්‍ය තත්වයට පත් කරන්නේ කෙසේදැයි කියා ඔබ දන්නවා නම් , ඒ පිළිබඳව මට පවසාවි කියා මා විශ්වාස කරනවා .

හොඳයි .

මා ඔබට පවසන්නම් .

මේ මොහොතේ , ඔවුන්ව පාලනය කරන්නාගේ බලය දුර්වලයි .

වන් රුවෝහන් බකමූණා තුළට යින් යකඩයේ බලය යොදා තිබෙනවා . වන් චාඕ ඔවුන්ව පාලනය කිරීම සඳහා යොදා ගන්නේ ඒ බලයයි .

ඔබට ඔවුන්ට උපකාර කිරීමට අවශ්‍ය නම් පළමුව බකමූණාව මරා දමන්න .

ඇයි ඔබ ඒ පිළිබඳව කලින් පැවසුවේ නැත්තේ ?

වෙයි යින් , ඔවුන්ව ආරක්ෂා කිරීමට රන් තන්තු සැකැස්ම භාවිතා කරන්න .

වෙයි වූශියැන් , ඔබ කුමක්ද කරන්නේ ?!

වෙයි සහෝදරයා , මෙය වැඩි වෙලාවක් පවතින්නේ නැහැ ! ඔබ අපව අනතුරක දමනවා කියා සිතෙන්නේ නැද්ද ?

ජියං චං , ඔබ දක්ෂයි . ඔවුන්ව ආරක්ෂා කරන්න .

ඔබ ...

සැකැස්ම දුර්වල වුනොත් , තවත් ආරක්ෂිත ස්ථරයක් එක් කරන්න . ඔබ එයට දක්ෂයිනේ ? ඔවුන්ව හොඳින් ආරක්ෂා කරන්න !

මට බොහෝ කාලයක සිට ඒ බකමූණාව මරන්න අවශ්‍යව තිබුණා . අපි නැවත පැමිණෙන තෙක් බලා සිටින්න . අපි වෙනුවෙන් බලා සිටින්න !

වෙයි වූශියැන් !

දඩබ්බරයා !

ලන් ජන් !

ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?

ලන් ජන් !

ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?

ලන් ජන් .

ලන් ජන් .

කුමක්ද සිදුවන්නේ ?

සවන්දෙන්න .

මේ කුරුල්ලා නැවත ඉපදුණේ කුමකින්ද ? මටත් වඩා දක්ෂයි .

ලන් ජන් !

ලන් ජන් , ඔබ කොහෙද සිටින්නේ ?

ඔහ් ! නෑ , නෑ , නෑ ...

ඔහුව බකමූණාට හසුවුණාවත්ද ?

මම ඔබ අසල සිටිනවා .

ඇයි ඔබ කිසිවක් නොපැවසුවේ ?

මේ ශබ්දය සහ මීදුම බකමූණා විසින් ඇති කරන මායාවන් .

කුමක් වුවත් කමක් නැහැ , එය බිඳ දැමීමට මගේ ආලෝක මායාව භාවිතා කරන්නම් .

මේ ශබ්දය අපගේ සංවේදන ව්‍යාකූල කරනවාට අමතරව එය අපගේ මනසටත් බලපානවා .

අපට අපගේ අධ්‍යාත්මික ශක්තීන් කෙරෙහි අවධානය යොමුකළ නොහැකියි .

එසේ විය නොහැකියි .

එයින් ඔබට බලපෑමක් ඇති නොවන්නේ ඇයි ?

මෙම ශබ්දය වඩාත් සංක්ෂිප්ත සිතුවිලි ඇති අයට ප්‍රබල බලපෑමක් ඇති කරනවා .

එය පැහැදිලිවම මගේ බුද්ධියයි ඉලක්ක කරන්නේ .

ලන් ජන් ,

ඔබ හොඳින්ද ?

මම හොඳින් .

ඒ කවුරුන්දැයි කියා ඔබ දුටුවාද ?

නැහැ .

වෙයි යින් ,

ඔබේ ඉන්ද්‍රියන් පහ අවහිර කර ගන්න .

රතු පැහැති තලිස්මන් භාවිතා කරන්න .

වෙයි වූශියැන් , ඒ නොසණ්ඩාලයා. ඔහු තවමත් නොපැමිණියේ ඇයි ?

හොඳ වෙලාවට මගේ අවාන කළු යකඩෙන් සාදා තිබුණේ . නැත්නම් ... අහකට යන්න !

ජියං සහෝදරයා , ඉක්මන් කරලා මෙය අලුත්වැඩියා කිරීමට මට උදව් වෙන්න. එය කඩා වැටෙනවා !

ඔබ විසින්ම එය අලුත්වැඩියා කර ගන්න !

කෙසේද ?

වන් මෙනෙවිය , ඉ-ඉ-ඉක්මන් කරන්න ! මෙය අලුත්වැඩියා කිරීමට මට උපකාර වෙන්න !

වන් මෙනෙවිය .

වන් මෙනෙවිය , ඕනෑවට වඩා ළං වෙන්න එපා ! ඔවුන් ඔබව සීරීමට ඉඩ තිබෙනවා .

අත්තම්මා ...

ලන් ජන් , ඔබේ උපක්‍රමය වැඩ කරනවා .

නිශ්ශබ්ද වෙන්න .

ඔබ මට වඩා දක්ෂ වන්නේ කෙසේද ?

ස්තූතියි , ඔබ හරිම වේලාවට මෙහි පැමිණියා . ඒ කවුරුන් දැයි කියා ඔබ දුටුවාද ?

අධ්‍යාත්මික ශක්තිය පමණයි පෙන්නුම් කලේ , ඒ අදාළ පුද්ගලයා පැමිණියේ නැහැ .

එය ඔහුට පහසු කටයුත්තක් බවයි පෙනෙන්නේ .

ගම්වැසියන්ගේ ආත්ම ආපසු ලැබී තිබෙනවා , අපි යමු .

මා එනතුරු සිටින්න !

ප්‍රයෝජනයක් නැහැ .

මහත්මයා , මෙහි සිටි තුන්දෙනාට කුමක්ද සිදුවුනේ ?

කුමක්ද ?

මම මේ කොහෙද සිටින්නේ ?

මම අපේ නායකතුමන්ව කළකිරීමට පත්කලා !

මා නිසා වන් මෙනෙවියට වේදනා විඳීමට සිදුවුණා ! මම මහළුයි , කිසිම ප්‍රයෝජනයක් නැහැ !

අත්තම්මා , කරුණාකර නැගිටින්න .

අත්තම්මා , කරුණාකර නැගිටින්න .

වන් මෙනෙවිය , මට සමාවෙන්න .

මම මහළුයි , මගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ .

අත්තම්මා .

සියලුදෙනාම , නැඟී සිටින්න !

අත්තම්මා , එසේ පවසන්න එපා . මමයි ඔබලාව කරදරයකට ඇද දැමුවේ .

ඉක්මනින් පිටත් වෙන්න . ඕනෑම ස්ථානයක් ගැළපෙනවා .

නමුත් චීෂන් වෙතට යන්න එපා . ගියාට පසු නැවත පැමිණෙන්න එපා .

ජියං සහෝදරයා , ඔවුන් වන් මෙනෙවියව දන්නේ කෙසේද ?

ඇය අපිව සුසාන භූමියකට ගෙනාවේ ඇයි ?

මා කෙසේද දන්නේ ?

ජියන් චං !

වන් මෙනෙවිය !

වෙයි සහෝදරයා , අපි මෙහේ !

වෙයි සහෝදරයා , මම දැනගෙන සිටියා ඔබට බකමූණාව විනාශ කළ හැකි බව . ඔබ ඇත්තටම විශිෂ්ඨයි .

නමුත් ...

ඇයි ඔබලා මෙහෙට පැමිණියේ ?

වන් මෙනෙවිය , මේ ස්ථානය කුමක්ද ?

මෙයයි මගේ වංශයට අයත් සුසාන භූමිය .

එසේනම් , අර ශාලාව ...

නිවැරදියි .

ඒ වන් වංශයේ මුතුන් මිත්තන්ගේ ශාලාවයි .

අපි වෛද්‍ය විද්‍යාව හදාරන චීෂන් වන් වංශයටම අයත් සුළු පිරිසක් .

චීෂන් හැර යාමෙන් පසු , අපි පරම්පරා ගණනාවක් පුරාවටම මෙහි ජීවත් වුණා .

නමුත් අනපේක්ෂිත ලෙස ,

මෙම ස්ථානයට විපතක් සිදුවුණා .

පියාණනි !

ආ-චින් , පිටවෙන්න !

අපේ වංශයේ අයගෙන් දැනට ඉතුරු වී සිටින්නේ ඔවුන් පමණයි .

එසේ වුනේ , දෙවඟනගේ පිළිරුව අනෙක් සියලුදෙනාගේම ආත්මයන් උදුරා ගත් නිසාද ?

නිවැරදියි .

එතැන් සිට, උතුමාණන් විසින් වන් නින්ව සහ මාව දරුකමට හදාගත්තා . අපව නැවත චීෂන් වෙතට ගෙන ගියා .

දෙවඟනගේ පිළිමය හදිසියේම මිනිසුන්ට කරදර කිරීමට පටන්ගත්තේ ඇයි ?

මමත් ඒ පිළිබඳව දන්නේ නැහැ .

පියාණනි , අපට වෙයි වූශියැන්ව සහ ඔහුගේ කණ්ඩායම අල්ලා ගත හැකිව තිබුණා ,

නමුත් වන් චින් , ඒ අකෘතඥයා , මට බාධා කළා .

මෝඩයා !

ඩැෆාන් කන්දේ ජීවත්වෙන්නේ වන් චින්ගේ ඥාතීන් .

ඇයගේ පවුලේ සාමාජිකයින්ව පිල්ලි බවට පත් කිරීමට ඔබ බකමූණා තුළ තිබූ බලය භාවිතා නොකලා නම් ,

වන් චින් ඔබට විරුද්ධ වන්නේ නැහැ .

ෂුවේ යන්ට සහායවන ලෙසට මම ඔබට නියෝග කළා . තමුන්ගේ තනි කැමැත්තට ක්‍රියා කිරීමට ඉඩ දුන්නේ කවුද ?

පියාණනි , ඔබ නිවැරදියි . මගෙයි වරද .

More Sinhala subtitles for The Untamed

Yorumlar

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left