Winter Sonata

Winter Sonata (겨울연가)

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Winter Sonata 2002 Episode 11-20 Sinhalese
കമന്ററി എഴുതിയത് kikywebsite

ടാഗുകൾ

other
പ്രസിദ്ധീകരിച്ചത്: 2019-05-19
ഡൗൺലോഡുകൾ: 24
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

මම කිව්වා ඔයාට

ස්ටූඩියෝ එක ඇතුලේ දුම් බොන්න බැහැ කියලා.

හෙලෝ, නිෂ්පාදක කිම් !

කොච්චරකල් ගිහින් ද?

මාව දැකපු ගමන් බනිනව, නේ?

මම නැති වෙලාවෙ

මොනා හරි ප්‍රශ්න වුනාද?

ඇත්තෙන්ම නැහැ .

මම නැති වෙලාවෙ කොහොමද ප්‍රශ්න වෙන්නේ?

මොකද්ද ඔයාගෙ ප්‍රශ්නේ?

ඔයා ඔයාගෙ ලෙඩ නිවාඩුයි අනිත් නිවාඩුයි ඔක්කොම අරගෙනනේ.

මිනිස්සු මීට වඩා දැනන් හිටියේ නැත්තම් ,

ඔයා අස්වුණා කියලා එයාලා හිතයි.

මට හේතු තිබුණා .

මෙන්න.

ස්තූතියි

මං වෙනුවෙන් මේ ව්‍යාපෘතිය කරාට .

ඒක නෙවෙයි,

මාර්සියන් එක්ක අමු ද්‍රව්‍ය ගැන කතා කරගන්න.

මම හිතන්නේ එයාලාගේ හිතේ මොනා හරි තියෙනවා .

ඔයා හැසිරෙවා අමුතුයි, යූ ජින්.

ඇයි ඔයා අයින් වෙන්නේ

ව්‍යාපෘතිය මැද්දේ?

ඒ ඔයා මට වඩා හොඳ නිසා.

ඔයා දන්නේ නැහැ වගේනෙ.

ඔයාට මොනාරි මොනාහරි

ප්‍රශ්න තිබ්බාද මාර්සියන් එක්ක?

එහෙම දෙයක් නෙවෙයි.

හොඳයි.

මිස් කෝල් 4යි

මින් හ්‍යුන් ලී

සමාවෙන්න.

මගේ අම්මා කියනවා අපිට රෑ කෑමකට එන්නලු.

ඔයාලා ඉවරද?

ඔව්.

යූ ජින්, ඔයාත් ගන්න.

හරි. ස්තූතියි.

කමු.

ඒ එක්කම,

මේ ලඟ ලස්සන අපාර්ට්මන්ට් එකක් තියෙනවා දැක්කා.

ඔයා මොකද හිතන්නේ?

ඔයාට ඒ වගේ එකක් ගොඩාක්ම ලේසි කියලා ඔයා හිතන්නේ නැද්ද ?

අම්මේ, ඔයා අපිට ඉන්න තැනක් බලන්න ඕනි නැහැ .

අපි බැන්ද ගමන්ම,

මට රට යන්න ඕනි ඉගෙන ගන්න.

රට යන්න?

ඔව්.

යූ ජින් එක්ක නම් තාම කතා කලේ නැහැ ඒ ගැන,

ඒත් මට තව ඉගෙන ගන්න ඕනි.

ඒකට කමක් නැහැ , නේද?

මොකක්?

ඔව්.

ඒත්. එක පාරටම…

යන්න ඕනි, ඔයාට ඕනි ඒක නම්.

හොඳට හිතලා.

දැන් කමු.

ඒකට කමක් නැහැ නේද ?

ඔයා කිව්වේ ඔයාටත් තව ඉගෙන ගන්න ඕනි කියලා.

මට ප්‍රශ්නයක් නැහැ .

පොඩියට වෙඩින් එක ගමු.

කරන්නම ඕනි දෙයක් විදිහට හිතමු.

මට කමක් නැහැ ,

ඔයා කැමති විදිහට කරන්න.

හොඳයි .

හරි. මම ඇතුලට යනවා.

අපරාදෙ කියලා හිතන එකක් නැහැ නේද?

නැහැ .

ඔයා මෙතන .

කියන්න බලන්න කවුද ආවෙ කියලා .

සර්ප්‍රා‍යිස්!

යූ ජින්.

හායි.

යූ ජින්, ඔයා ඇඬුවා ද?

මම ඇඬුවේ නැහැ .

අම්මේ, ඒක ඇත්ත.

ඔයා හොඳින් ද?

සන් හ්‍යුක්

රට යන්න ඕනිලු ඉගෙනගන්න.

ඔයා මොකද හිතන්නේ ?

ආ. මම හිතන්නේ ඒ අදහස හොඳයි .

අවස්ථාව හම්බවුණාම යන්න ඕනි.

මට හැමතිස්සෙම හිතුනේ

ඇති තරම් ඔයාට දුන්නේ නැහැ කියලා .

මම හිතන්නේ ඒක හොඳ අදහසක් .

නේද? ඔව්, නේද?

අම්මා, මම...

මට තනියෙන් ජීවත් වෙන්න බැරිද?

ඔයා මොනවා ගැන ද කියන්නෙ ?

ඇයි ඔයා ආයෙමත් මෙහෙම කරන්නේ , යූ ජින්?

ඒ නිකන්

මම වැරදී කියලා හිතනවා .

මම නරක කෙනෙක් වගේ හිතෙනවා.

මට ඒක දරාගන්න බැහැ .

ඇයි ඔයාට එහෙම හිතන්නෙ ?

ඔයා ආයෙත් ඔයාගෙම තැනට ආවෙ,

ඉතින් ඒකෙ නරක මොකද්ද ?

යූ ජින්,

සන් හ්‍යුක් කරදර කරනවාද?

එයාගෙ අම්මා මොනාහරි කිව්වාද ඔයාට?

නැහැ .

මට නිකම්ම හිතෙනවා මම නරක කෙනෙක් කියලා .

මම නරකයි, අම්මේ.

මට දැනටත් එයාව අමතක කරන්න බැරි නම්,

මම නරක කෙනෙක් නෙවෙයිද?

දැන් මම සන් හ්‍යුක් දිහා බලන හැම වෙලේම,

මට දැනෙන්නේ

මගේ හිතේ ලොකු හිලක් තියෙනවා වගේ.

ඒක නරක නැද්ද?

ජුන් සන් මැරුණාට පස්සේ...

මම නරක කෙනෙක් වෙලා.

මට දුකයි.

ගොඩාක් දුකයි

මම සන් හ්‍යුක්ව ගනන් ගත්තේ නැහැ .

මම කොහොමද

දැන් සන් හ්‍යුක් එක්ක ඉන්නේ?

හහ්?මම කොහොමද එහෙම කරන්නේ ?

ඒත්...

ඒත්, ඔයාට කරන්න වෙනවා.

ඒක ගොඩාක් අමාරුයි.

අම්මා.

මට ඒක ගොඩාක් අමාරුයි .

පාර්ක් මහත්තයා කියන විදියට නම්, C කොටස ඕකේ.

ඒ උනාට මං හිතන්නේ අපි මේ කොටස කරන්න ඕනි. මේ මෙතන කොටස.

මේක හදන්න කලින් අපි බලපු දෙයක් තියෙනවා ...

යාළුවා.

මට ටික දවසක් නිවාඩු ඕනි. ඒකට කමක් නැද්ද ?

ඇත්තටම මාත් ඒකම තමයි කියන්න ගියේ.

මෙතන ගැන කරදර වෙන්න එපා.

ශක්තිමත් වෙන්න, යූ ජින්.

ආදරේ විතරක් නෙවෙයි වැදගත් වෙන්නෙ.

ඔයා සන් හ්‍යුක්ට කවුද කියන එක.

ඔයා කාට හරි අයිතියි කියන එක

ඒ වගේම වැදගත් .

ඒක තමයි දෛවය , යූ ජින්.

දුක් වෙන්න එපා. දුක් වෙන්න එපා, යූ ජින්.

හොඳයි .

හරි.

මට ඕනි ප්‍රොෆෙසර් යූන් ඒක බලාගන්න.

ප්‍රොෆෙසර් කිම් මම ඔයාව විශ්වාස කරනවා.

හෙලෝ, ප්‍රොෆෙසර් .

හායි.

මී හී කන් හෝම් කමින් පියානෝ වාදනය

ඔයා හිතනවාද

අපිත් එක්ක එයා සම්මුඛ සාකච්ඡාවට එයි කියලා?

හොඳයි , මම ඒක සඳහන් කලා,

ඒත් මට ඇහුණ විදිහට නම් එයා මොනම සාකච්ඡාවකටවත් කැමති නැහැ .

ඒත්, අපි උත්සාහ කරලා බලමු.

සමාවෙන්න .

මම ආවේ මීහි කන්ව හමුවෙන්න .

මොකක් ගැනද?

මම...

තව ටිකකින් එයාගේ වාදනය.

ඒකෙන් පස්සේ එන්න පුලුවන්ද ?

ආහ්, හොඳයි .

මයික් එක ආයි බලන්න

තව පාරක්.

හරි.

තාත්තා.

වාසනාවක්?

ඉන්න බලන්න.

හොඳ තැනක් තියෙනවා ,

මෙච්චර ද ඔයාට කරන්න පුලුවන් ?

මං හිතන්නේ ඔයා මෙහේ නෙවෙයි.

ඇයි මෙහේ ආවෙ?

ටික දවසක විවේකයක් ගන්න ආවෙ මම.

මං හිතන්නේ

අයිස් වතුරේ මාලු අල්ලන්න ගියොත් හොඳයි .

ඔයාට හරියට සිහිය නැද්ද .

ඔයා හිතන්නේ විල ගැඹුරු නැහැ කියලා ද,

ඒත් පේනවාට වඩා ගොඩාක් ගැඹුරුයි.

හැම අවුරුද්දේම මේකෙ මිනිස්සු ගිලෙනවා.

ගොඩාක් කාලෙකට කලින්,

මම පොඩි ළමයෙක්ව බේරගත්තා

ඒකෙ ගිලෙන්න ගිය.

අවුරුදු 20කට විතර කලින්.

ඔව් මට පේනවා.

ඒ වුනත් සමහර වෙලාවට මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.

මම හැම අවුරුද්දෙම ස්තූතියි කියන්න එනවා

මගේ ජීවිතය කවුරු හරි බේරුවා නම්.

ජුන් සන්, ඒ ළමයා.

කවදාවත් එන්නෙ නැහැ මට ස්තුතියි කියන්න.

ඔයා මොකද්ද දැන් කිව්වේ?

හහ්? මම ඒ ළමයා ගැන කිව්වේ

මම ගොඩාක් කාලෙකට කලින් බේරගත්තේ.

එයා දැන්

හොඳටම ලොකු වෙලා වැඩිහිටියෙක් වෙලා ඇති.

නැහැ , එයාගෙ නම මොකක් කියලාද කිව්වේ?

ඔයා බේරගත්ත ළමයා. මොකද්ද එයාගේ නම?

ජුන් සන්. එයාගේ නම ජුන් සන්.

ඇයි?

ඔව්. මට පේනවා

මම විනාඩියෙන් එන්නම්.

තාත්තා, ඔයා මිහී කන්ව දන්නවාද?

ඔව්. ඔව් අපි ඉස්කෝලෙ ගියේ එකට,

මම නැවතිලා හායි කියලා ආවෙ

කොරියාවේ එයාගේ වාදනයක් තිබුන කාලෙ ඉඳන් .

ඇයි ඔයා මෙහේ ආවෙ?

මම ආවේ එයා එක්ක සාකච්ඡාවකට

අපේ වැඩසටහනේ .

බලන් ඉන්න වුණාට සමාවෙන්න .

More Sinhala subtitles for Winter Sonata

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left