Arzoo

Arzoo

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Running Time - 02:55:37
Torrentz video file (Running Time - 02:55:37)
കമന്ററി എഴുതിയത് wntg
For video search - Torrentz (Running Time - 02:55:37)

ടാഗുകൾ

other
പ്രസിദ്ധീകരിച്ചത്: 2021-11-21
ഡൗൺലോഡുകൾ: 34
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

"අර්සු"

1965 වර්ෂයේ තිරගත කළ මෙය, ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි.

රඟපෑම් :- රාජේන්ද්‍ර කුමාර් (ගෝපාල්) සද්නා (ඌෂා) ෆීරෝස් ඛාන් (රමේෂ්)

සංගීතය :- ශන්කර් ජයක්‍රිෂන්

ගායනය :- මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ.

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

අන්න...ගෝපාල් එනවා.

ගෝපාල්, ඔබ තමා ඉහළින්ම විභාගය සමත්වී තියෙන්නේ. - මට විශ්වාස කරන්නත් අමාරුයි.

අපි දැක්කා, දැන් ඉතිං සන්තෝසෙට අපට සලකන්න.

මැඩම්, ගෝපාල් මහත්තයා විභාගය ඉහළින්ම සමත්වෙලා.

ඇත්තෙන්ම...කෝ පුතා?

පුතාට, දෙවි පිහිටයි!

ඔබ අපේ පවුලේ ගෞරවය ආරක්ෂා කළා. - ඒ ඔබේ මඟ පෙන්වීම නිසා අම්මේ.

ඔබේ ගෞරවය තාත්තටත් පුද කරන්න පුතේ.

ඔබ හැමදාමත් ප්‍රර්ථනා කළේ පුතා වෛද්‍යවරයෙක් කරන්න.

ඔහු අද එය ජයග්‍රහණය කළා, ඔබේ ආශිර්වාදය ඔහුට සැමදා අවශ්‍යයි.

හරි පුතා, අපි දැන් රස කැවිලි කන්න යමු.

ගංගා, කල්තියාම ඔබ වෙනුවෙන් මේ රස කැවිලි අරන් තියෙන්නේ.

මම සමත් වෙන බව දන්නේ කොහොමද?

මට හොඳින්ම විශ්වාසයි, ඔබේ සමර්තවීම.

ඔහොම ඉන්න මම රස කැවිලි ගේන්නම්.

සුන්දර්, ඔව් මම හොඳින්ම සමත්.

සාදයක්...? හරි එහෙම කරමු.

අයියේ...එන්න.

නරක ළමයා.

කෝ මටත්... - හරි...හරි...

අයියේ, රමේෂ් උඩ ඉන්නවා.

සීනුව ගහන්නේ ඇයි?

වෛද්‍ය පදවිය වෙනුවෙන් මගේ ආචාරය!

ඔබේ පැරණි හිතවතා සුබ පතනවා, මෙම ජයග්‍රහණයට.

හිතවත් මිතුර, එම සුබ පැතීම මා පිළිගන්නේ නැහැ.

ඇයි, මා වරදක් කළාද? - ඔව්, සියලු දෙනාම සුබපැතුවාට...

...පසුවයි ඔබ සුබ පතන්නේ.

එහෙම කියන්නේ කොහොමද?

මම, ඔබට තෑග්ගක්ද සුදානම් කරලා තිබෙන්නේ.

ඇත්තෙන්ම? - ඔව්, මේ බලන්න.

ඒ මොකක්ද? - කාශ්මීරයට යන්න ගුවන් ටිකට් පත් දෙකක්...

...ඔබට සහ මට. හෙට උදේ යමු.

එම තිළිණය මා සතුටින් පිළිගන්නවා.

ඉතිං, ඈත ඉඳන් සුබ පතන්නේ කොහොමද?

හරි, මම එන්නම්.

ඔතනින් පැනලා අතපය කඩාගන්න එපා.

පහළට එන්න.

දක්ෂයා ඉතිං කොහොමද? - කෝ ඉතිං ඔබේ ත්‍යාගය?

මම පොරොන්දු කඩකරන්නේ නැහැ. ආ...මෙන්න.

ගෝපාල් අපිට අහිමිවූ දේ ලබාගන්න හොඳම කාලය. - ඒ කියන්නේ?

මීට වසර දෙකකට පෙර අපට අහිමි වූ "ගුල්මාග්" හිම ක්‍රීඩා ශුරතාවය.

අපිට තරඟයේ දී බාධා ඇතිකළා මතකද? - ඒත් අනතුරක් නොවන්නට තරම් අපි වාසනාවන්ත වුණා.

මෙවර පැරදෙන්න නම් ගිහින් වැඩක් නැහැ.

මෙවර වෙනසක් කළා. - ඒ කියන්නේ?

මෙවර අපේ නියම නම් දුන්නේ නැහැ. - එහෙනම්?

ඔබේ නම සාජු. - මගේ නම හර්යා.

මගේ නමත් හරියා. "ජන්ග් මගියානා" නගරයේ ඉඳලා ආවේ.

මිස්ට හරියා, ඔබ අපට කරදර කරන්න එපා.

ඔන්න "ලිට්ල් මාස්ටර්"... - ඔව්, තවත් කරදරයක්.

මැනේජර්, මොකක්ද ප්‍රශ්නය? - ඔබේ තාත්තා එන්න කිව්වා.

ගෝපාල් මම ගිහින් එන්නම්, සරලාට තේ ගේන්න කියන්න.

ගෝපාල් මහත්තයා, මගේ සුබ පැතුම්! - ඔබට ස්තුතියි!

ඇයි, තාත්තේ? - ඔයාට හෙට උදේ "කාන්පූර්" යන්න වෙනවා.

"කාන්පූර්"...? - ඔව්, ටෙන්ඩර් එකක් අනුමත වෙලා.

එහි ලිපි ලේඛන අත්සන් කරන්න තියෙනවා. - මම හෙට "කාශ්මීර්" යන්න ඉන්නේ.

මේක වැදගත් දෙයක් පුතා.

දැන් ගොපාල්ට මොකද කියන්නේ? - හෙට ඔහුට යන්න කියන්න, ඔබ ලබන සතියේ යන්න.

මැනේජර්ට කියන්න ඔබේ ටිකට් දිනේ වෙනස් කරගෙන එන්න කියලා.

රමේෂ්, ඔබ යන්නේ නැත්නම් මම තනිව යන්නේ නැහැ.

මේ අහන්න ගෝපාල්! - ඔහුත් එක්ක තර්ක කරන්න එපා, රමේෂ්.

මම ඒ ටිකට් එකෙන් යන්න ක්ෂණිකව සුදානම් වෙන්නම්.

දැක්කද මේ හොර පූසිගේ තරම. - අම්මේ...මේ බලන්න මට කතාකරන හැටි.

ඇයි, ඔබ කතාව මැද්දට පැන්නේ? - ඇය කතා මැෂිමක්.

ගෝපාල්, ඔබ හෙට යන්න. මම සතියකින් එන්නම්.

ඔබ එනතුරු නිකන් කාලය ගත කරන්න අමාරුයි. මෙහි ඉඳන් මගේ වැඩ ආරම්භ කරනවා.

ඔබ දැන්ම සිට රෝහලේ සේවය පටන් ගත්තොත්...

...මේ ගමනට නිවාඩු ගන්න ලැබෙන එකක් නැහැ.

ඒ කෙසේ වුවත් තනියම කාශ්මීරයේ ඉන්න බැහැ.

අම්මේ...ඔයාගේ අදහස මොකක්ද? - ඉගෙනීමට වෙහෙස කළ මනසට...

...විවේකයක් ලැබුණොත් හොඳයි. - අම්මත්, රමේෂ්ගේ පැත්තනේ ගන්නේ.

ඔව්, ඇය මම කියන දේ පිළිගන්නවා. දැන් ඔබ යන්න සුදානම් වෙන්න.

හරි...හරි...මම යන්නම්.

ඔබට ඇස් පේන්නේ නැද්ද? - සමාවෙන්න, වැරදීමක් වුණේ.

ඔව්, මට පේනවා ඒ බව.

ගමන් ආරම්භයට සුදානම් වන්නේ කරුණාකර ආසන පටි පැළඳගන්න.

කරුණාකර මගේ පටිය ගන්න අවශ්‍යයි.

දැන් ඔබේ ආසන පටි ඉවත් කරගන්න පුළුවන්.

ඔය සඟරාව බලන්න දෙන්න පුළුවන්ද?

ගුවන් සේවිකාවගෙන් එකක් ඉල්ලගන්න.

මම කැඳවන බොත්තම ඔබන්න හැදුවේ. ඔබ එය කරනවාද?

මගේ ඇඳුම උඩ ඔබ වාඩිවෙලා ඉන්නේ.

ඔබේ ඇඳුම සීට් එකේ පැටලිලා.

අවශ්‍ය නැහැ, මට එය කරන්න පුළුවන්.

ඔබට, මාව කරදරයක් වගේ. මම ආසනය මාරු කරන්නම්.

මම එහෙනම් නැඟිටින්නම්. - ඔබේ කැමැත්තක්.

සවන්දෙන්න! දිල්ලියේ සිට පැමිණි යානය දැන් ගුවන් තොටුපොළට ගොඩබෑවා.

ඉතිං දුවේ, විභාගය කොහොමද? - හොඳින් කළා.

නැන්දලා ගෙදර ආවේ කවදාද? - ඊයේ, දුවේ.

අපි "ගුල්මාග්" ක්‍රීඩා ශුරතාවය බලන්නත් එක්කයි මෙහි ආවේ.

ඔයාත් ඒක බලන්න එන්න. - බැහැ මාමේ, හිම සපත්තු දාන්න මම කැමති නැහැ.

හැම ඉන්දියානුවෙක් ළඟම ක්‍රීඩාශීලීත්වයක් තියෙන්න ඕන.

සර් හොඳම නවාතැන් පහසුකම් අපේ හෝටලයෙන්...

නැහැ, අපේ එකට එන්න සර්... අපේ බොරු නැහැ.

සර්, මගේ නම "මාම්දු". මාත් එක්ක යමු.

ඒ කොහාටද? - දිව්‍ය ලෝකයට.

දැන්ම එහි යන්න බැහැ. - මම කිව්වේ මෙහි දිව්‍ය ලෝකයට.

මගේ බෝට්ටුවෙන් යන්නේ. උණු වතුර, සීතල වතුර...

...මුහුදු වතුර, සියලු පහසුකම්. - හරි අපි යමු.

සමාවෙන්න, මෙහි එන්න වෙන්නේ බෝට්ටුවෙන් තමයි.

යමු සර්, මම බෑග් ගන්නම්. - හරි...

ප්‍රවේසමෙන් එන්න සර්. - හරි...

මේ තියෙන්නේ මගේ දිව්‍ය ලෝකය. එන්න ඇතුළට.

මෙහි ඉඩ ඔබට ඇතිවේවි.

මෙන්න සෝෆාව, දුරකථනය, ගුවන් විදුලිය, මම මේ මල් එදිනෙදා වෙනස් කරනවා.

එන්න, නිදන කාමරය බලන්න.

ඔක්කොම අලුත්, හොඳම ඒවා.

ලස්සන පාවෙන නිවසක්. - දුප්පත්, පොහොසත් කාටත්.

මම ජීවත්වෙන්න කීයක් හරි උපයාගන්න මේ දේ කරන්නේ.

ඔබට හොඳ සේවයක් දෙන්නම්. මාව කවුරුත් දන්නවා.

දිව්‍ය ලෝකයේ හිමිකරු "මාම්දු" ලෙස.

එහා පැත්තේ තියෙන උයන බලන්න යමුද?

යමු. - එන්න බලන්න.

බලන්න, උයනේ ලස්සන. ඔහ්...!

දෙවියනේ! බලාපොරොත්තුව මියයන්නේ නම් නැහැ.

ඒ කවුද? - ආදරය.

ඇය කවුද? - "සාවි" මගේ ආදරවන්තිය.

ඇය යනවා.

සර්, ඔබත් ආදරය කරනවාද? - එය කරදරයක්, මම එයින් ඈත්ව සිටින්නේ.

ඒක කරදරයක් නොවෙයි, සර්. සිතට සතුටක්.

ආදරය කිරීමත් දිව්‍ය ලෝකයේ සිටීම හා සමානයි.මේ පාවෙන නිවසට...

...දිව්‍ය ලෝකය කියන්නේ ඒ නිසා. - ඔය වැඩකට නැති ප්‍රේමය ගැන මට කියන්න එපා.

දැන් මට බඩගිනියි. - මට නම් ආදරය නිසා ආහාර රුචිය නැතිවෙනවා.

මෝඩයා...!

කෝ දෙන්න, මම ගෙනිහින් දෙන්නම්. - මම කෑගහනවා. ඔබ මට ලොකු කරදරයක්.

දෙවියනේ, ඇය මාව තේරුම් ගන්නේ නැද්ද?

ඔබ හිමි නොවුණොත් මා මියයාවි.

ඉතිං එහෙම වෙන්න. - දෙවියනේ, එහෙම කියන්න එපා.

දෙවියනේ, මේ මොකද වුණේ?

දෙවියනේ...

ඔබ මේ පෙම්වතා මරා දමනවාද?

මාම්දු... - ඔව්, සර්?

ඔබේ අන්තිම කැමැත්ත මොකක්ද? - ඒ කියන්නේ සර්?

ඔබ හෙට මැරෙනවා කිව්වනේ? ඒ නිසයි ඇහුවේ.

සර්, මම කියන දේ අහනවාද? - ඔව්, ඉතිං කියන්න.

අවසන් කැමැත්ත ගැන කියන්න. - අවංකවමද?

ඔව්. - මට, ඇයව විවාහ කරගන්න අවශ්‍යයි.

ඉන් පස්සෙද මැරෙන්නේ? - ඊට පස්සේ මට මැරෙන්න ඕන නැහැ.

ඔබ මැරෙන කතා කියන්නේ බොරුවට.

මම බොරු කරනවා කියලා ඇයට නම් කියන්න එපා.

ඇයගේ සිත දිනාගන්න නම් රැවටීමක් කරන්න ඕන.

ඔබට ආදරය ගැන කියනවා නම්... - ආයෙත් දේශනාව පටන්ගත්තා.

ප්‍රේමය ඔබම තියාගන්න. දැන් අහන්න...

හෙට දවල් දෙකේ බස් එකේ "ගුල්මාග්" නගරයට යමු. ඔබේ මඟ පෙන්වීම ඕන.

අනිවාර්යයෙන්ම... - මොනවද බලන්න තියෙන්නේ?

"ශාන්කාර්චර්යා" පන්සල? - හරි එහි යමු.

එහෙනම් හෙට යමු. - දැන් ඉතිං නිදා ගනිමු.

ඔය ඇති. - කෙල්ලෙක් ගෙන් තොර ගායනයක් නැහැ.

ගීත කීවට, ඒවා අහන්න ඇය මෙහි නැහැනේ.

දැන්නම් එතැනට ළඟයි, සර්.

මහන්සිද සර්? - ඔව්, ඔබට කොහොමද?

මහන්සියි, ඒත් මේක මගේ රැකියාවනේ.

දර්ශනය හරිම විස්මිතයි! ඒ වගේම විලේ නෙළුම් මල් පිරිලා.

එහි උද්‍යානයක් තිබෙනවා.

නේරු අගමැතිතුමාත් මෙහි නිතර ඇවිත් තියෙනවා.

මට සිතෙන දෙවල් එතුමාටත් සිතෙන්න ඇති.

දෙවියන්ට, හොඳ මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම් ගන්නට පුළුවන්.

ඔව්, සර්. - අපි යමු.

අපේ භූමිය හරිම ලස්සනයි, ජනතාවත් එහෙමයි, ඒත් ගොඩක් අය දුප්පත්.

දිල්ලියත් හරිම ලස්සනයි, සර්. - ඔබ දිල්ලියට ගිහින් තියෙනවද?

ඔව් සර්, මම එහි රැකියාවක් කළා.

සර්, වඳින්න යන්නේ නැද්ද? - මම සමිඳානන්ට ගරු කරනවා.

ඒත් අද එතුමාණන් කෝපවෙයිද? - දෙවියනේ, මෙහෙම හොඳද?

"ගුල්මාග්" නගරයට යන බස් එක එන වෙලාවත් හරි.

දෙවියන් ළඟටම ආවහම, ඔබ ආපසු යනවා.

දුව, ඔයා කොහෙද යන්නේ? - නැන්දත් එක්ක "ගුල්මාග්" නගරයට යනවා.

ඊයේ ඔබ එහි යන්නට බැහැ කිව්වනේ? - නැන්දට අද එහි යන්නම ඕන කිව්වා.

ඌශා, ඉක්මන් කරන්න, බස් එක පිටත්වෙන වෙලාව ළඟයි.

එනවා නැන්දේ, මම යන්නම් තාත්තේ. - හරි, ගිහින් එන්න.

ප්‍රවේශමෙන් දුව. - හොඳමයි, තාත්තේ.

ඉක්මන් කරන්න බස් එක පිටත්වෙන්න ළඟයි. - අපි එනවා, දුවේ.

ඔබේ නැන්දා තවම ඒ වාහනෙන් බහිනවා.

ඉක්මන් කරන්න, බස් එක පිටත්වේවි.

නැන්දේ, ඉක්මන් කරන්න.

මගේ බඩු ටික පහළට ගන්න. - දැන් බස් එක පිටත්වෙන්න ළඟයි.

මේ බස් එකේ මම යන්නේ නැහැ. - ඊළඟ බස් එක පිටත්වෙන්න තව පැය දෙකක් තියෙනවා.

කමක් නැහැ, මගේ බඩු බාන්න.

මේ ටික යන්න බැරි කෙනා කොහොමද තරඟ කරන්නේ?

ඔහු කවුද? - බලමු කවුද කියලා.

මිස්ට සාජු "ඔහ්ලා" වලින්? ඒ මෝඩයා දිනාවිද?

මෝඩයා ප්‍රමාදයි.

සුබ පැතුම්!

සුබ පැතුම්!

මම ඇයව දන්නවා, ඇය හරිම කේන්තිකාරියක්.

ඔබට අයිතියක් නැහැ, මට අපහාස කරන්න. - මොකක්ද?

මම, ඔබට අපහාස කළේ නැහැ, - එදා ඔබ කිව්වේ මම කෙන්තිකාරියක් කියලා.

ඔබද, මමද කේන්තිකාරයා?

නෝනා, එය ඔබෙන්ම අහගන්න. - මතකද එදා බස් එකේදී...?

ඊට පෙර පන්සලට කන්ද නඟිද්දී... ඉතිං ඔබද, මමද?

ඔබම තමයි, නොවැදගත් ලෙස මට සලකන්නේ.

එය කරන්න ඔබට ලජ්ජා නැද්ද? - ඔයා, මටම ඇයි දොස් කියන්නේ?

මම යහපත් වෙන්න උත්සාහ කරන්නවා, නෝනා කිට්ටුවෙන්න උත්සාහ කරනවා.

ගෑනු ළමයින්ට අපහාස කිරීමද යහපත්කම?

මට අවශ්‍යයි ඈතින් ඉන්න. - ඒ නිසාද, මේ අපහාස කරන්නේ?

ඕ...අවශ්‍යනම් මට පුළුවන් ඒ වෙනස අඩු කරන්නත්.

Arzoo subtitles in other languages

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left