The first 40 lines.
Assassin's Creed: Lineage (Part 2) මිනීමරුවාගේ ඇදහිල්ල : පෙළපත දෙවන දිගහැරුම
වෙනීසිය
ඔයා අතීතයේදී අපිට හොඳින් සේවය කරලා තියනවා.
අපි මේ ලියුම අපේ මාස්ටර්ට යවන එක.
ඔයාට බාරදෙන්නේ ඒකයි.
නියමයි. ඒක නම් නියමයි.
අවුරුසු ගානකට පස්සේ, අපේ වෙලාව ඇවිත්, මස්සිනා.
ඔව්.
ඔයා මේ ලියුම ඔයාගේ පණ වගේ ආරක්‍ෂා කරන්න ඕනෙ
ඒක බාරදෙනකම්ම, මම කියන දේ තේරෙනවා නේද?
කැම්පස් සෙන්ට් ඇන්සෝනෝ වලට යන්න.
පිළිමයක් ලඟ වෙලෙන්දෙක් ඉඳීවි.
එතන මිනිහෙක් ඔයා එනකම් බලාඉඳියි.
වැඩේ වරද්දගන්න එපා.
උඹේ ලොක්කගෙ සැලැස්ම මොකක්ද?
කතාකරපන්.
දෙයියන්පල්ලා, මම උඹේ බෙල්ල කපනවා.
මගේ ජීවිතේ මම උඹට ගන්න ඉඩ තියන්නේ නෑ. මගේ රහස් මාත් එක්කම වැලලේවි.
අපායෙදි හම්බෙමු.
මෝඩයා.
ෆ්ලෝරන්ස්
ජොවානි, ඔයා වෙනීසියේදි මොනාහරි හොයාගත්තද?
මම මේ ලියුම යවන එක නතර කලා.
මේක බලන්න, උතුමාණනි.
ඒකෙ බාබෙරිගෝස්ලගෙ සීල් එක තියනවා.
මම කවදාවත් එයාලව විශ්වාස කලේ නෑ.
රහසිගත.
කේතනය කළ ලියුමක්.
මේකෙ රහස දැනගන්න පැය කීපයක් ගත වෙයි.
ඒක ඉවර උනාම මම ඔයාට එවන්නම්, ජොවානි.
ටිකක් විවේක ගන්න.
මාෆෙයි පියතුමා.
ඔයා කේතය කැඩුවා. ඒක හොඳයි.
ඔයා මාව කලකිරවන එකක් නෑ කියලා මම දැනගෙන හිටියා මාෆෙයි පියතුමා,
යන්න ජොවානි එක්කන් එන්න.
එයාට කියන්න ඉක්මනටම යන්න වෙයි කියලා.
මම ලොරෙන්සෝ එනකම් ඉන්නවා. පියතුමා...
මතක තියාගන්න, ඔයා නිහඬතාවය රැකගන්න ඕනෙ.
රහස් ඉපදෙන්නෙත් මෙහේ.
මිය යන්නෙත් මෙහේ.
No comments yet. Be the first to leave one.