Piku

Piku (पीकू)

Download Sinhala Subtitle

Release info

Piku - (2015) - DVDRip - x264 - Hindi - AAC - Makintos13 srt
Piku (2015) - 1CD - DVDRip - x264 - AAC 5 1 - Team IcTv Exclusive -={SPARROW}=- srt
PIKU (2015) Hindi 720p Real HD DVDRip x264 Dolby 5 1[HDMaN] srt
Piku 2015 Hindi 720p DvDRip x264 AAC - Hon3y srt
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

DVD
DVDRip
dvdrip
dvdr
x264
720p
720
HD
Published on: 2015-10-13
Downloads: 67
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

☺☺☺ බයිස්කෝප් අඩවියේ ඇති වෙළද දැන්විම් Click කර අඩවිය පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ☺☺☺

බුඩාන්, ලොන්ඩරි කොල්ලා ආවද කොහේද, තව... පළතුරු ටික කපලා තියන්න.

මං කියන්නෙ මෙච්චරයි තාත්තේ,

ගිහිල්ලා පොඩ්ඩක් ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්නකො.

ඒක ඒවි.

ඒත් තාම අවශ්‍ය පීඩනය දැනුණෙ නෑනේ.

මේක ගණන් කරන්න.

ඒයි බුඩාන්!

ඇයි මට ඊයේ රෑ වියලි මිදි දාපු කිරි එකක් දුන්නෙ නැත්තෙ?

මං දුන්නානේ.

ඇවිද ඇවිද හිටියා කියලා ඕක හරියන්නෙ නෑ.

ගිහින් පොඩ්ඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා ඉන්න.

මගේ ඇඟ ගැන වැඩිපුර දන්නෙ ඔයාද මමද?

බුඩාන්

ඩයරියේ ලියලා තියන්න ඇඳුම් කෑලි 19 යි කියලා.

ඔයා තාමත් මෙතනද තාත්තේ?

ඒක වෙන්නෙ නෑ. ඔයා එහෙම කියන නිසාමයි වෙන්නෙ නැත්තෙ!

ඒක වේවි. මං කියනවනේ! ගිහින් වාඩි වෙලා බලන්නකෝ.

ඒක වෙන්නෙ නෑ!

හරි එහෙනම්!

ඔයා කවුරුත් කියන දේ අහන්නෙ නෑනේ.

උදේ කෑම මෙතන තියෙනවා. කන්න. ඕක ඉවර උනාට පස්සෙ.

අහන්න. මං දන්නවා වාඩි වෙන්න ඕනෙ කොයි වෙලාවටද කියලා...

මං ඊයේ පැයක් තිස්සෙ වාඩි වෙලා හිටියා.

අනේ තාත්තේ. ඒක නෙවෙයි කාරණාව මම දැනටමත් පරක්කුයි.

මට ලැයිස්තුව දෙන්න.

අහන්න පීකු..පීකු..

දවල් කෑමට කලින් මට කෝල් කරන්න.

ඔයා ආයෙත් පරක්කුයි.

නෝනා, මං මෙතන විනාඩි 20ක් තිස්සෙ බලාගෙන ඉන්නවා.

එහෙනම් දැන් මමද බොරු කියන්නෙ?

නෑ නෝනා.

දැන් යමු.

එහෙමයි නෝනා.

- ඉක්මන් කරලා යමු. - හා නෝනා.

නෝනා, නෝනා, සර් මාව ඉතුරු කරන එකක් නෑ.

ඔයාගේ ලොක්කට කියන්න. හෙට ඉඳන් ඔයාගේ ටැක්සිය ඕනෙ නෑ.

හැමෝම දන්නෙ ගාන කපා ගන්න විතරයි.

තේ කෝප්පයක් ඇතුළට යවන්න.

හොඳමයි සර්.

රීමා...PPT

හරි සර්.

- ගණුදෙණුකාරයා ඇවිත් ඉන්නෙ. - මං දන්නවා මං පරක්කුයි කියලා.

පීකු අදවත් වාද කරන්නෙ නැතුව ඉන්න බලන්න.

බලන්න, ගණුදෙණුකාරයා ඉස්සරහ හිඟන්නෙක් වගේ ඉන්න මට නම් බෑ.

මං කැමතියි නිදහසේ කතා කරන්න.

ඔයාට ඒක ප්‍රශ්ණයක් නම් මේ රැස්වීමට මම සතුටින් නෑවිත් ඉන්නම්.

ඔයා දවල් කෑමට අනිකෙත් මුණ ගැහෙන්න යනවා නේද,

මොනවද අප්පා.. ඒ යකා නම් එපා.

ඌ මහ අපතයෙක්!

ඔච්චර බලාපොරොත්තු සුන් කර ගන්න එපා.

මම එහෙම තමයි. ඉතින්,

අපි යමුද?

සායිඩ්, ඒක ඇතුලෙන් තිබ්බා.

බලන්න, මට ඔයා කියන දේ තේරෙනවා. ඒත් මගේ රියැදුරා අනිත් වාහනය බේර ගන්නයි හැදුවෙ.

ඒ නිසා ඔහු වමට හැරෙව්වා.

ඔයා ආවේ පිටිපස්සෙන්. වේගයෙන්. නිකන්ම ඒක හැප්පෙනවා.

ඔයාගේ රියාදුරා තමයි වේගෙන් ගියේ!

ඔහු හප්පලා පැනලා ගියා. ඉතින් කොහොමද ඒක නිකම්ම වෙන්නෙ?

සර්, පීකු නෝනා කිව්වා..

කටවහන් ඉන්නවා. වෙන මොනවා කරන්නද මේ අසරණ මනුස්සයා?

කවුද හිතා මතා අනතුරු ඇති කර ගන්නෙ?

කොහොමද මේ පලුද්ද ඇති උනේ? මෙතන තියෙන එක

ඒ තවත් කාන්තා රියැදුරෙක් නිසා. ඒත් මෙතන කාරණාව ඒක නෙවෙයි.

අනේ ඇත්තට? ඇයි ඔයාටම විතරක් අනතුරු සිද්ධ වෙන්නෙ?

අහන්න, කතාව වෙනස් කරන්න එපා..

ඇයි නිතරම ඉස්සරහ ඉන්න මනුස්සයා වැරදි කාරයා වෙන්නෙ?

මං දන්න තරමින් ඔහු මේක කඩාගෙන.

ඒයි හලෝ.... පාඩුව ගෙවනවද නැත්නම් මේක හප්පලා පැනලා යාමේ වරදක් වෙනවා.

හරියට හරි.

හැම සැලසුමක් එක්කම ආරක්ෂාව ගැන හිතන්න බැහැ. එහෙම කතා කරනවා නම් වැඩක් නෑ.

- ඔව්. - සමාවෙන්න සර්.

මැඩම් ඔයාගේ තාත්තා,

මොකද උනේ?

පණිවිඩයක් තියෙනවා, ඔහුගෙන්.

කියවන්න

ඉක්මනට කියවන්න.

"මට කලින් දවසේ ගියේ දියාරු විදියට

ඒ වෙලාවෙ ඉඳන් මළබද්ධය සහ වාතය පිටවෙනවා.

මං මොකක්ද කරන්න ඕනෙ?"

ඔයා මොනවහරි කියනවද?

මං කතා කරන්නෙ ඔයාට

මං කතා කරන්නෙ ඔයාට

"දියාරු විදියට මුලින් ගියේ.

ඊට පස්සෙ දවස් 2ක් මළබද්ධයයි වාතය යන එකයි.

මං මොකක්ද කරන්න ඕනෙ?"

මොන විදියේ පණිවිඩයක්ද මේක? ඔෆිස් එකට එවනවද මේවා?

ඇයි?

මං හිතන විදියට ඒක බරපතල සෞඛ්‍ය ගැටළුවක්.

අපි ඒක ගැන කතා කරන්න ඕනෙ.

අපිට ඒක ගෙදරදි කතා කරන්න පුළුවන් නේද? අපි ජීවත් වෙන්නෙ එකම ගෙදර.

ඒත් ඔයා කිව්වනේ ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන නෑ කියලා..

හරි, එහෙනම් මගේ ෆෝන් එකට sms එකක් එවන්න තිබුණනෙ?

ඇයි ඔයා ඒක පිළිගැනීමේ නිළධාරිනියට දුන්නෙ?

ඒත් අද උදේ ඔයා කිව්වනේ මාත් එක්ක කතා කරන්න ඕනෙ නෑ කියලා!

ඔයා එහෙම කිව්වෙ නැද්ද?

අද උදේ තාත්තේ

අක්කේ, දවල් කෑම මේසෙන් තියලා තියෙන්නෙ. සීයාගේ කෑම එකත් හදලා තියෙන්නෙ.

මගේ කෑම එකද? නැත්නම් මුං ඇට එකද? ඌරු පැටියා!

ගිහින් කෑම ටික මේසෙ උඩින් තියන්න.

මේසෙ උඩින්?

නැත්නම් මං වෙන මොකක්හරි කිව්වද?

ඉතින් මං කිව්වෙත් එකමනේ. මේසෙ කියලා තමයි.

තාත්තේ, මගේ වැඩ ඔක්කොම මැද්දෙ.

ඒයි, මගේ කෑම එකට ලුණු දාලා අහුවෙන්න එපා.

කොහෙන් දාන්නද? ඔයා අදත් ඒක හංගලානේ.

අළුත් පැකට් එකක් කඩන්න.

ලේසියෙන් පිට වෙන්න නම් මේ වගේ ඒවා කන්න ඕනෙ.

තාත්තෙ, නවත්වන්නකො. තවත් අමාරු කරන්නෙ නැතුව.

දවස් දෙකක් තිස්සෙ චුට්ටක්වත් එළියට ආවෙ නෑ!

මට මළබද්ධය හැදිලා මැරෙන්න ඕනෙ නෑ!

මළබද්ධය නිසා කවුරුත් මැරෙන්නෙ නෑ.

එල්විස් ප්‍රෙස්ලි මැරුණා.

මං දිහා ඔහොම බලන්න එපා.

ඔහුගේ මෘත ශරීරය හම්බුණෙ බාත්රූම් එකේ තිබිලා. අනිවා...

ඔහු කොමඩ් එකේ වාඩි වෙලා ඉන්න ඇති.

යෝගට් ශීතකරණයේ තියන්නෙ නැද්ද?

ඒක ඇඹුල් රහයි.

බලන්න පීකු, මගේ ප්‍රශ්ණ එකක්වත් පොඩි දේවල් නෙවෙයි.

ඔයා මගේ වයසට ආවම, ඔයාට තේරුම් යාවි.

මට ඔයාගේ වයසට එන්න ඕනෙ නෑ.

ඔයාට ඇඟ පුරාම ලෙඩනේ.

හිතින් මවා ගෙන ඉන්නවා.

හිතින් මවා ගෙන?

නැත්නම්..මේ බලන්න.

මොකක්ද?

බලන්න,

හිමොග්ලොබින් 15. සාමාන්‍යයි.

මුත්‍ර පරීක්ෂාව සාමාන්‍යයි.

දියවැඩියාව නැ. වකුගඩු සාමාන්‍යයි. ECG සාමාන්‍යයි.

බුඩාන්!

කවදද මේ රිපෝට් ආවෙ? ඇයි ඔයා මේවා ඇයට දුන්නෙ?

ඒක නෙවෙයි කාරණාව තාත්තේ.

ස්‍රීවස්තව් අංකල් කිව්වෙ ලේ පරීක්ෂාවක් කරන්න කියලා විතරයි.

ඇයි මේ වැඩිපුර පරීක්ෂණ කරලා තියෙන්නෙ?

ඒ කියන්නෙ රිපෝට් වල මුකුත් නෑ?

ඔයාගේ මූණ දිහා බලන්න. හැමදේම සාමාන්‍යයි. ඒත් මූණෙ කිසිම සතුටක් නෑ.

ඇත්තට, මොකක්හරි උනා නම් බලන්න තිබුණා.

වකුගඩු, පෙණහළු, දියවැඩියාව හරි මොකක්හරි.

එතකොටවත් මේ ගෙදර ගැන ප්‍රශ්ණෙ විසඳගන්න තිබුණා.

අහන්න, මං ඔයාට උපරිම නිදහස දීලා තියෙනවා.

මට ඔය විදියට කතා කරන්න එපා.

මොන නිදහසක්ද?

හරි නම් මං දැන් දවල් කෑමට යන්න ඕනෙ අනිකෙත් එක්ක. ඒත් මං මෙහේ. ඔයත් එක්ක.

මෙහෙමද මං මගේ ජීවිතය ගෙනියන්නෙ? ඔයාගේ මළපහ වීම ගැන කතා කර කරද?

මගේ මළපහ මේක මැද්දට ගේන්න එපා.

ඔය තියෙන්නෙ ඔයාගේ සම්බන්ධයේ වර්තමාන තත්වය.

ඔව් සායිඩ්.

ඔයා මගෙන් අහනවා නම්, මං හිතන්නෙ, සාමාන්‍ය ඇඳුමක් හොඳයි.

ඒක මට නම් හරි ගියා.

ඔහු නිතරම හිතෙන් මවාගෙන ඉන්නෙ. ලෙඩ ගොඩක් තියෙනවා කියලා.

දැන් මොකද මෙහේ ආවෙ?

මට නෝනට කතා කරන්න ඕනෙ.

ඇය මෙහේ නෑ. යනවා යන්න.

මං දන්නවා ඇය ඇතුලෙ ඉන්නවා.

- මං කිව්වනෙ ඇය නෑ කියලා. යනවා! - තාත්තේ?

ඇයි ඔයා අද මෙච්චර පරක්කු?

මං එයාව අයින් කළා. ඇය තවදුරටත් මෙහේ රස්සාව කරන්නෙ නෑ.

මමයි රස්සාවෙන් අයින් වෙලා ගියේ. මට මගේ සල්ලි දෙන්න මම යන්නම්.

හිඟ පඩි සල්ලි නෑ.

අනේ තාත්තේ.

ඔහු මොනවහරි කිව්වද.

මං සාලයේ බිම සෝදන වෙලාවෙ,

ඔහු මගේ පිටිපස්සෙන් යනවා කිළුටු සපත්තු දාගෙන.

හැම කාමරයම සෝදිසි කරනවා හරියට මං මොනවහරි හොරකම් කරලා වගේ.

ඉතින් ඉතින්? මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?

මං දවසට 3 පාරක් ටොයිලට් එක සුද්ද කරනවා. ඒත් ඔහු සෑහීමකට පත් වෙන්නෙ නෑ.

අද ඔහු සීමාව ඉක්මවලා ගියා. ඔහු කිව්වා මම ටොයිලට් ක්ලීනර් එක හොරකම් කළා කියලා.

ඔයා හිතනවද මම එහෙම කරනවා කියලා?

එහෙනම් ඒක කෝ?

- පොඩ්ඩක් ඉන්නකෝ තාත්තේ - මං ඒක බීලද?

පිස්සු. ඇය කියවන්නෙ පිස්සු විකාර.

අහන්න, ඔහු ඒක හිතලා කිව්වෙ නෑ.

නෑ ඔහු නිතරම මාව සැක කරනවා. මගේ සල්ලි දෙන්න මම යන්නම්.

මං කිව්වනේ හිඟ නෑ කියලා. හරි පීකු.

අර ලාච්චුවෙ මං රුපියල් 850 ක් තියලා ඇති.

ඇය දවස් 3ක් ආවෙ නෑනේ. මං ඒ ගාන අඩු කරලා තියෙන්නෙ.

දැක්කනේ ඔහු දවස් 3ක පඩි කපලා.

අනිවා.

ඔයා ආවෙ නෑ ඉරිදා සහ සඳුදා. 3 වෙනි දවසේ ඔයා චිත්‍රපටි බලන්න ගියා.

ෂ්ෂ්ෂ්....අනේ තාත්තේ

- නෑ නෝනා, මං අසනීප උනා. - මෙන්න ඔයාගේ පඩි සල්ලි.

හෙට ඉඳන් ටොයිලට් සුද්ද කරන්න ඕනෙ නෑ. මං ඒක කරන්නම්.

දවස් දෙකක් නිවාඩු අරන් හොඳට හිතලා බලන්න.

නිවාඩු?

ඔයා මොනවද කරන්නෙ පීකු?

කට වහගන්න තාත්තේ.

- නෑ නෑ මං දන්නවා මේ ගෑණි ගැන - තාත්තේ කට වහගන්න.

එහෙම වෙච්චදෙන්. නෝනා කසාද බැඳලා යන ඕනෙම ගෙදරක මං වැඩට එන්නම්.

ඒත් මෙහේ? ඔහු ඉන්නකම් මෙහේ වැඩ කරන්න බෑ.

ඉන්නකම්? මොකක්ද ඒ කතාවෙ තේරුම?

මං මෙහේ ඉන්නවා හැමදාටම. ඇයත් ඉන්නවා. තමුසෙ යනවා. තමුසෙ යනවා. මෙහෙන් යනවා.

- යනවා තමයි. මටත් මෙහේ වැඩ කරන්න ආසාවක් නෑ. - යනවා!

යනවා යනවා දිගටම යනවා. කවුරුත් තමුසෙට රස්සාවක් දෙන්නෙ නෑ.

විනාඩියක් ඉන්න

මම හොරෙක්ද? මං හොරෙක් නම්, මම හොරකම් කරන්නෙ දියමන්ති, ලැප්ටොප් වගේ ඒවා

ගොඩක් කාලෙකට ඇතිවෙන ඒවා මට මොකටද ටොයිලට් ක්ලීනර් එකක්?

ඒකත් එහෙමද?

අද උදේ ඉඳන් මට ටොයිලට් ගියේ නෑ

More Sinhala subtitles for Piku

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left