The first 200 lines.
- මෙන්න. - ස්තූතියි.
හෙට හම්බවෙමු.
කොහොමද ඔයාට?
හොඳයි.
- කම්හල වැහුවේ කවදද? - අවුරුදු තුනකට කලින්.
ඔයා රස්සාවක් හොයනවානම් ඇබර්ඩීන් වලට ගිහින් බලන්න.
ඒක තමයි ළගම තියෙන කම්හල.
- අපරාදේ. - ආර්ථිකය යන විදිහ තමයි.
දැන් අපිට තියෙනවා නියම කැසිනෝ එකක්, ද වයිල්ඩ් චෙරි.
ගානක් හොයාගන්න එහෙම ඕනේනම්, ඒ පැත්තට ගිහින්...
වාසනාව උරගා බලන්න සූදු මේසක.
නෑ ඕනේ නෑ. ස්තූතියි.
ඔයා ක්‍රිස් වෝන්ද?
මම ඔයා ගැන හොඳට දන්නවා ක්‍රිස්.
මම දන්නවා ඔයාගේ දෙමව්පියන්ව. මම ෂෙරීෆ් ස්ටෑන් වොට්කින්ස්.
- කොහොමද ඔයාට? - රැල්ස්ටන්, බහිනවා වාහනෙන් එලියට!
මේ ඉන්නේ නියම සොල්දාදුවෙක් තමයි. ගෞරව කරනවා ඔහුට.
- සාදරයෙන් පිළිගන්නවා, ලොක්කා. - ස්තූතියි.
ඉතිං ක්‍රිස්.
- මම ඔයාව ගෙදරට ඇරලවන්නම්. - නෑ, අවුලක් නෑ මම යන්නම්. ස්තූතියි.
- මම බලකරනවා මාත් එක්ක එන්න කියලා. - මම පයින් යන්නම්.
- ඒක මගේ කැමැත්තනේ. - නෑ කරදර වෙන්න එපා.
නෑ, බෑ කියන එක මට අහලා පුරුදු නෑ. නගිනවා කාර් එකට.
- ඔයා ඒකට බය උනා නේද? - ටිකක්.
මම ඔහුව බයකරා.
ඔයා එන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේද?
අවුරුදු 8කට කලින් මම ගියේ. හාස්ටඩ් තමයි එතකොට ෂෙරීෆ් වෙලා හිටියේ.
ආරොන් හාස්ටඩ්.
ශෝකාන්තයක්.
මාස 5කට කලින්, ඔහුට වාහනේ යද්දි නින්ද ගිහින් වාහනේ ගහක හැප්පුනා.
කාර් එක කුඩුවෙලා තිබුනා.
ඔහු හොඳ මිනිහෙක්, හොඳ ෂෙරීෆ් කෙනෙක්.
හරි.
- බොහොම ස්තූතියි ගෙනත් ඇරලුවට. - නැවත සාදරයෙන් පිළිගන්නවා ගමට.
මැතිවරණය ළගම එනවා. මට ඡන්දය දෙන්න.
හරි එහෙනම්. ඔයාගේ තාත්තව මතක් කරා කියන්න.
අපි යමු.
මොකුත් උදව්වක් ඕනෙද?
පොඩි මල්ලි. මෙහෙට ඇවිත් මාව වැළඳගන්නවා.
- ඔයා ලස්සනට ඉන්නවා. - මොකද මේ?
නිළ ඇඳුමක් ඇඳගන්න පුලුවන් ඔයාට විතරද.
අම්මේ, ක්‍රිස් ඇවිල්ලා.
- කාගෙද කූඩාරම? - ඒක පීට්ගේ.
අම්මේ කොහොමද ඔයාට?
කොච්චර කාලයක් අපිත් එක්ක ඉන්නවද?
හැමදාටම.
- ඇත්තටම? බොරුවක් නෙවෙයිනේ? - නෑ.
- කොහොමද තාත්තේ? - ඔයා ආපු එක සතුටක්
ඔයා එනවා කියලා කලින් කිව්වානම් හොඳට උයලා තියනවනේ.
- මෙහෙම හොඳයි අම්මේ. - අපි කැමතියි චීන ආහාරවලට.
- නෑ මේවා හොඳයි. - ඉතිං දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ?
මම හිතන් හිටියේ කම්හලේ වැඩට යන්න. ඔයාලා කිව්වේ නෑනේ ඒක වැහුවා කියලා.
අපි කැමති උනේ නෑ ඔයා හිත කරදර කරගන්නවට.
මට මගේ ව්‍යාපාර තියෙනවා. ඔයා දැක්කනේ එලියේ තිබුන ලී බඩු.
මාත් ඉරිදා පාසලේ උගන්නන්න යනවා. මිෂෙලුත් හම්බ කරනවා...
අපි සරල විදිහට ජීවත් වෙනවා ඒ ආදායමෙන්.
පීට්.
- මේ ඔයාගේ මාමා ක්‍රිස්. - කොහොමද පීට්.
වාඩිවෙලා කතා කරන්න.
අන්තිම පාරට ඔහු ඔයාව දකින කොට ඔයාට ඇවිදගන්නත් බෑ.
- දැන් මම කඳවුරු ගහනවා. - ඔයා කවිච්චියේ නිදාගන්න.
ඔයාට දුන්නේ ක්‍රිස්ගේ කාමරය.
ඔයාගේ කූඩාරම ඇතුලට වතුර එයි වැස්සොත්. මම ඔයාට පෙන්නන්නම් හරියට කූඩාරම ගහන හැටි.
මටනම් වැස්සක් එන පාටක් පේන්න නෑ, කර්නල්.
වාඩිවෙලා කෑම කන්න.
මම සාජන්ට් කෙනෙක්. ඒක මගේ රස්සාව.
- ඔයා මිනිස්සු මරලා තියෙනවද? - පීට්!
ඔයාගේ තුවක්කුව තාමත් තියෙනවා ගරාජ් එකේ.
- ඔයාට පුලුවන්ද මට වෙඩි තියන හැටි උගන්නන්න? - මම හිතුවේ ඒ තුවක්කුව දැන් කැඩිලා ඇති කියලා.
නෑ, ඔයාම ඒක කඩලා දානවනම් හොඳයි.
- ඒක කරන්න බෑ පීට්. - ඕනේ මගුලක්.
- මම යනවා අම්මේ. - 10 වෙනකොට එන්න.
- 10:30. - 10:00.
ඔයාට කාවහරි මතක් වෙනවද?
හරි, වැස්සා තමයි. දැන් සතුටුද?
නෑ.
ඇයි ඔයා බිම නිදාගන්නැත්තේ?
හරි. මම බිම නිදාගන්නම්. ඔයා ඇඳේ නිදාගන්න.
මේකත් තියාගන්න.
ඔයා ඇත්තටම මිනිස්සු මරලා තියෙනවද?
- රේ- රේ - කොහොමද යාලුවා.
- කොහොමද ඔයාට? - අවුලක් නෑ.
මේ මොකක්ද?
- ඒක තමයි ආදර මැෂිම. - කෙල්ලෝ ඇත්තටම ඕකට නගිනවද?
- කොහොමද ඔයාට? - හොඳයි.
ඔයාට බියර් එකක් ඕනෙද?
එපා, මම බීම අතෑරියා. මට සෝඩා එකක් දෙන්න.
හරි මෙන්න.
ස්තූතියි යාලුවා.
කැමතිද ඒකට? ඔයා මෙහෙන් ගියාම...
මං හිතුවා මාත් මොනවාහරි කරන්න ඕනේ කියලා.
ඉතිං මම සියැට්ල් ගියා, ගිටාර් එකක් ගත්තා. සම්පූර්ණ සංගීතඥයෙක් උනා.
ඊට පස්සේ ඉක්මනටම මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සංගීතඥයෙක් උනා...
තව ටික කාලෙකින් මම පූර්ණ කාලීනව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් උනා...
ඒක නතර උනේ අවුරුදු 2ක් හිරේ ඉඳලා.
මට කණගාටුයි ඒක ගැන.
ඒ උනාට දැන් කොහොමද? මාස 14කින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නෑ.
මම නැවත පරණ තත්වෙට එනවා. ඒ කාලේ හිටපු යාලුවෝ...
එක්ක ඉඳලා.
මම උන්ට කිව්වා ඔයා ඇවිත් ඉන්නේ කියලා...
එතකොට උන් කිව්වා අද සෙනසුරාදා කියලා ඔයාට මතක් කරන්න කියලා.
- ඒ කියන්නේ.... - ඒ කියන්නේ තව විනාඩි 20කින් තරගය පටන් ගන්නවා.
- ඉස්සර වගේම. - ඔයාලා තාමත් ඒවා කරනවා.
අපි තාමත් ඒවා කරනවා.
- පාපන්දු. - නැතුව, අපි යමු කොල්ලෝ!
ඉස්සර වගේමයි.
අරක උනේ කවදද?
ජේ හැමිල්ටන් ක්‍රීඩා පිටිය.
ඔහුගේ දෙමව්පියන්ගෙන් ඔහුට ලැබුන කම්හල ඔහු විනාඩි 2කින්...
- වහලා දැම්මා. - ඇයි ඒ?
බලාගෙන!
මං මගේ කැසිනෝ එක පටන් ගත්ත නිසා.
තාමත් හොඳට පන්දුව විසි කරන්න පුලුවන් නේද ජේ?
තාමත් වේගවත් ක්‍රියාශීලි බව තියෙනවා වගේ.
හැමදේටම දක්ෂයා වෙලා ඇතිවෙලාද ඉන්නේ?
- නෑ. මම තාමත් ඕනේ දේකට ඔට්ටුයි. - ඇත්තට?
- අපි බලමු ඒක ඇත්තද කියලා. - හරි.
- ඇයි ආපහු ගමට ආවේ? - මට පොඩ්ඩක් නිදහසේ සන්සුන්ව ඉන්න ඕනේ.
- ඔයා? සන්සුන්ව? - ඔව්.
අදනම් ඒවා හරියන්නෑ.
එහෙනම් මෙහෙමයි සෙල්ලම් කරන්න යන්නේ?
එහෙම තමයි.
- සම්පූර්ණ බලය නේද? - අත් දෙකම පාවිච්චි කරාම සැර වැඩිද?
සමාවෙන්න කෙල්ලනේ.
කොහොමද ඒක?
- ඒක හොඳයි කියලද හිතන්නේ? - ආරක්ෂිත ආවරණ දාගෙන ආවානම් හොඳයි.
- ඒ ඔයාගේ උපරිමයද? - මොකක්?
- ඔයාට කැමතිනම් මෙතනින් නවත්තමු.... - පරාජය පිළිගන්න?
- තමුසෙට මොනවාහරි ඕනෙද? - කාටවත් මොකුත් ඕනේ නෑ.
- මෙතනින් එහාට උන්ට යන්න නොදී තියාගත්තොත් අපි දිනුම් හරිද? - හරි කොල්ලනේ අන්තිම කොටස.
- ඔයාලා දන්නවා මම දිනන්න කොච්චර ආසද කියලා. - අපි මේක ඉවරයක් කරමු.
- මම රේ ගැන බලාගන්නම්. - ඔය දෙන්නා ඉස්සරහට යන්න. ඔය දෙන්නා පිටිපස්ස බලාගන්න.
බූත්? වෝන්ව තනි කරන්න එපා.
- ඔය දෙන්නා... - මට බෝලය දෙන්න.
- වම් දණිස්සට පහර දෙන්න. - හරි ඒක මම බලාගන්නම්.
ඔක්කොටොම තේරුනාද? හරි යමු!
හරි, ක්‍රිස් වෝන්. අන්තිම අවස්ථාව.
තරගය ඉවරයි.
සමාවෙන්න.
අවුලක් නෑ.
හොඳ තරගයක්, කොල්ලනේ.
හොඳ තරගයක් නේද? ඔය කැඩිලා තිබුන කකුලද?
- ඔව්, අවුලක් නෑ. - ඔයා ආපහු ආපු එක සතුටක්.
මටත් සතුටුයි ඒ ගැන.
පස්සේ හම්බවෙමු.
හවස වැඩ මොකුත් නැත්නම් කැසිනෝ එක පැත්තේ එන්න.
හොඳ ලස්සන කෙල්ලෝ ඉන්නවා. බීම මගේ ගානේ. මොකද කියන්නේ?
- රෑට හම්බවෙමු. - නියමයි.
රෑට හම්බවෙමු.
හේයි සාර්ජ්, හොඳ තරගයක්. ඊලග පාරවත් දිනන්න බලන්න.
ඔහොම ඉන්නවා.
ඊලග පාර, තමුසේ අර මත්ද්‍රව්‍ය ගන්න යාලුවන්ගෙන් ඈත්වෙලා හිටියොත් හොඳයි.
ගම දැන් වෙනස් වෙලා.
මම හිතන් හිටියේ කැසිනෝ ආරම්භ කරන්න පුලුවන් උපතින් ඇමෙරිකානු ජාතිකයන්ට විතරයි කියලා.
හැමිල්ටන් කොහොමහරි වැඩේ පටන් ගත්තා.
මිනිහා බලය තියෙන මිනිහෙකුට අල්ලස් දෙන්න ඇති.
- කොහොමහරි අපිත් අද එන්නේ මිනිහගේ තැනටනේ. - අද හොඳට විනෝද වෙමු
මම කලින්ම කියලා තියන්නම්. මගේ අතේ තියෙන සල්ලි තුන් ගුණයක් කරගත්ත ගමන් මම යනවා.
තමුසේ කලින් ආපු පාරත් කිව්වේ ඔහොමම තමයි.
අන්තිමට එලියට ආවේ බස් ටිකට් එකටවත් සල්ලි නැතුව.
ගෙදර ගියේ පයින්.
මෙතන හොයාගන්නනම් කාටවත් අමාරු වෙන්නේ නෑ.
මෙතන තියෙන සෞන්දර්යාත්මක ගතියට තමයි මම වැඩිපුරම කැමති.
- පේනවනේ නරකම නෑනේ? - නරකම නෑ.
මම යනවා චිප්ස් ගන්න. අපි යමු සූදුවට.
ඔයත් ඒ පැත්තේ එන්න.
විනෝද වෙන්න ඕනේ කරන හැමදෙයක්ම මෙතන තියෙනවා.
ATM මැෂින් තියෙනවා. ටෙලර් මැෂින් තියෙනවා...
මෙතෙන්ට ආවහම හිතේ තියෙන කරදර ...
ඔක්කොම අමතක කරලා දාන්න පුලුවන්.
මහත්වරුනි, හැමිල්ටන් මහත්මයා ඔබලාට ආරාධනා කලා ඔහුගේ විශේෂ කාමරයට එන්න කියලා.
- දැන් කකුල හොඳද? - ලස්සන තැනක්.
සාදරයෙන් පිළිගන්නවා මගේ ලෝකයට.
අද බීම ඔක්කොම මගේ ගානේ. සූදුවට සල්ලි එහෙම ඕනේනම් ඕනේ ගාන කියන්න.
කෙල්ලෝ ඕනේනම් ඕනේ කාවද කියලා කියන්න.
හරිද?
- ඇතුලට ඇවිත් හොඳට විනෝද වෙන්න. - ඔයා කොහෙද යන්නේ?
මට පොඩි වැඩ වගයක් තියෙනවා. ඔයාලා විනෝද වෙන්න.
මතක තියාගන්න. මෙහේ කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නෑ.
මෙතන ඉන්න හැම ගෑනියෙක්ගෙම තියෙන්නේ බොරුව විතරයි...
මම ඒක හොඳට දන්නවා.
මට වතුර විතරක් දෙන්න.
අපි සූදුවෙන් දිනනකම් සල්ලි බලාගෙන ඉන්නවා අපි ලගට එන්න. කෙල්ලොත් එහෙමයි.
- අපි විශේෂ අමුත්තෝ. - මේ ඔයා වෙනුවෙන් ක්‍රිස්.
අපි සූදු කෙළිමු කොල්ලනේ.
කෙලින්ම යමු.
දැනටම ඩොලර් 1ක් පරාදයි...
අපි ඔයා වෙනුවෙන් මොකුත් කලේ නෑ කියලා එහෙම කියන්න එපා.
බයවෙන්න එපා යාලුවා. හැමෝම පළවෙනි පාර ඇතුලට යන්නේ බයෙන්.
ඇතුලට එන්න ක්‍රිස්.
වාඩිවෙලා විනෝද වෙන්න.
- මේක හොඳ ආරම්භයක්. - ඔයා එලිවෙනකොට ගෙදර ආවේ නැත්නම්...
අපි ඔයාව හොයන්න කණ්ඩායමක් එවන්නම්.
- විනෝද වෙන්න. - බොන එක නවත්තන්න.
ඔයා මෙහේ කෙනෙක්ද? නැත්නම් ටික දවසකට මෙහෙට ආපු කෙනෙක්ද?
මම ඒ කොටස් දෙකටම අයිතියි.
මම හැදුනේ වැඩුනේ මෙහේ.
ඔයා එහෙනම් පරණ යාලුවෝ බලන්න ඇවිත්.
එහෙම කියන්නත් පුලුවන්.
ඔයාගේ කටහඬ අහලා පුරුදුයි වගේ.
No comments yet. Be the first to leave one.