The first 200 lines.
හොබිට්ටා
මගේ දයාබර ෆ්‍රෝඩෝ ...
ඔබ මගෙන් දිනක් ඇසුවා මගේ වීර චාරිකා ගැන සියලු දේම ඔබට පැවසුවාද කියලා.
මට අවංකවම කියන්නට පුළුවන් මම ඔබට ඇත්තම කිවූ බව.
...නමුත් සියලුම දේ මම කියා නැහැ.
මම දැන් වයසයි, ෆ්‍රෝඩෝ.
ඒ කාලේ හිටි හොබිට්ටාම නෙවෙයි.
මම හිතන්නේ සිදුවූ සියලු දේම ඔබට කියන්නට දැන් කාලයයි.
එය ඇරඹුණේ බොහෝ කලකට පෙර, දුර ඈත පෙරදිග දේශයක...
...අද කාලයේ ලෝකයේ දකින්නට නොලැබෙනා පාහේ.
ඒ දෙණිපුර කියනා නගරයයි.
එහි බවබෝගයෙන් පිරුණු කඩමණ්ඩි බොහෝ දුර ඈත පවා ප්‍රසිද්ධයි...
සාමකාමියි, සව්සිරියි.
මොකද මේ නගරය ඉදිරිපිට තමයි නැගී සිටියේ මධ්‍ය-ලෝකයේ බලවත්ම රාජධානිය වන එරෙබෝරය...
අඟුටුමිට්ටන්ගේ අතිමත් බලවතා වූ කන්ද යට රජු ත්‍රෝර්ගේ බලකොටුව...
ත්‍රෝර් රජකම් කලේ මහා ආත්ම විශ්වාසයකින්, මොකද ඔහුගේ පෙළපත ආරක්ෂිතව තිබුණේ ඔහුගේ පුතු සහ මුණුබුරු නිසා.
අහෝ, ෆ්‍රෝඩෝ. එරෙබෝරය.
කන්ද ගැඹුරේම ඉදිකර තිබූ මේ මහා බලකොටුවේ සුන්දරත්වය සුප්‍රසිද්ධයි....
එහි පොහොසත වුණේ පොළොවෙන් මතුවන වටිනා මැණික් වගේම...
ගල්කුළු හරහා ගංගා මෙන් දිවෙන රත්‍රන් නිධි.
මන බඳිනා දේ නිපැයීමට අඟුටුමිට්ටන් හට තිබූ කුසලතාවය කිසිවෙකුට අසමසමයි...
...දියමන්තියෙන්, මරකතින්, පද්මරාගයෙන් හා ඉන්ද්‍රනීලයෙන්.
ඔවුන් සැමදාමත් ගැඹුරින් ගැඹුරට කනිමින් ගියා අඳුරේ...
එවිටයි ඔවුන්ට එය හමු වුණේ...
කන්දෙහි හදවත.
අර්කනමිණ.
ත්‍රෝර් එය රජුගේ ආභරණය ලෙස නම් කර, ඔහුගේ රජකමට ඇති දේවමය අයිතියේ සලකුණක් ලෙස සැලකුවා.
සියලු දෙනාම ඔහුට උපහාර කළා, මහා සුර රජෙකු වූ ත්‍රන්දුයීල් පවා.
නමුත් අඟුටුමිට්ටන්ගේ මහා ධනය වැඩෙද්දී ඔවුන්ගේ හොඳ හිත හීන වුණා...
කවුරුවත් දන්නේ නැහැ විරසකයට හේතුව. සුරයන් කියන්නේ අඟුටුමිට්ටන් ඔවුන්ගේ නිධන් සොරාගත් බවයි.
අඟුටුමිට්ටන් කියන්නේ වෙනත් කතාවක්. ඔවුන් කියන්නේ සුර රජු ඔවුන්ට නියමිත ගෙවීම සිදු නොකළ බවයි.
හරිම කණගාටුයි, ෆ්‍රෝඩෝ, කෙසේද මේ ඉපැරණි මිත්‍ර සන්ධාන බිඳී යන්නේ කියලා.
කෙසේද ජන වර්ග අතර ඇති මිතුරුකම් නැතිවී යන්නේ කියලා.
මොකක් වෙනුවෙන්ද?
සෙමින් දින අන්ධකාර වුණා, මුරකාවල් අවැසි රාත්‍රීන් උදා වුණා.
රත්‍රනට ත්‍රෝර්ගේ තිබූ ගිජු කම දරුණු වුණා.
ඔහු තුල යම් ව්‍යාධියක් හටගෙන තිබුණා.
මනසේ ව්‍යාධියක්.
ව්‍යාධිය රජ කරන්නේ කොතැනද, නපුරු දේ දුරක නොවෙයි.
ඔවුන්ට මුලින්ම ඇසුනේ උතුරින් කුණාටුවක් පැමිණෙන්නාක් මෙන් වූ ශබ්දයක්.
කන්දේ පයින් ගස් වියලි උෂ්ණ සුලඟේ නාද නගමින් ඇඹරුණා.
බාලින්, අනතුරු සංඥා හඬවන්න.
මුර සේනාංකය කැඳවන්න. දැන්මම!
- මොකක්ද ඒ? - මකරෙක්
මකරෙක්!
ඔහු උතුරින් ආ අග්නිධර මකරෙක්.
ස්මෞග් පැමිණ තිබුණා.
එවැනි ජීවිත සංහාරයක් එදින නිස්කාරණේ සිදුවුණා.
මොකද මේ මිනිස් නගරය ස්මෞග්හට නම් කුමක්ද...
ඔහුගේ ඇස යොමු වී තිබුණේ වෙනත් තිළිණයක් වෙතයි.
කිමද රත්‍රනට මකරුන්ගේ ඇති ආශාව අඳුරු සහ උග්‍රයි.
නෑ!
එන්න.
එරෙබෝරය අහිමි වුණා.
මොකද මකරෙක් ඔහුගේ කොල්ලය සුරකීවී දිවි ඇති තුරාවටම.
පණ බේරාගෙන දුවන්න!
අපට උදව් කරන්න!
මකරාගේ වියරුවට එරෙහිව ත්‍රන්දුයීල් ඔහුගේ ජනයාගේ ජීවිත අවදානමට පත් කලේ නැහැ...
සුරයින්ගෙන් එදින උපකාරයක් පැමිණියේ නැහැ, එදින පටන් කිසිම දිනයකදී වත්...
ඔවුන්ගේ මව්බිම අහිමි වූ එරෙබෝරයේ අඟුටුමිට්ටන් වනපෙත් වල සැරිසැරුවා...
...කලෙක මහා උසස් ජනතාවක් පහතටම ඇද වැටිලා.
තරුණ අඟුටුමිටි කුමරා රැකියා සොයාගත්තා ඔහුට හැකි තැන්වල, මිනිසුන්ගේ ගම්වල වෙහෙසෙමින්.
නමුත් ඔහුට අමතක වුණේ නැහැ, සඳ එළියේ කන්දෙන් නැගි දුමාරය හෝ ගිනිපන්දම් සේ දැවුණු ගස්කොළ.
මොකද ඔහු අහසේ දුටුවා මකරාග්නිය සහ ඉන් නගරයක් ගිනිබත් වූ සැටි.
ඔහු සමාව දුන්නෙත් නැහැ, අමතක කළෙත් නැහැ.
ලෝකයේ දුරබැහැර වෙනත් මුල්ලක මකරුන් කියන්නේ සුරඟන කතා පමණයි...
ඔන්න උඩ යනවා!
මායාකරුවන් උත්සව වලදී මවා පෙන්වන විජ්ජාවක්...
සුරංගනා ධූලි තරම්වත් බයක් ඇති නොකරන.
බිල්බෝ!
අන්න එතනින් තමයි, මගේ දයාබර ෆ්‍රෝඩෝ මම මෙයට ඇතුලත් වෙන්නේ...
බිල්බෝ! බිල්බෝ.
එය මගේ ජීවිත කාලය තුරාවටම පැවතුණු ඉතාම විශේෂ මිතුරුකමක ඇරඹුමයි...
නමුත් මෙය නෙවෙයි මගේ කථාවේ ආරම්භය, මට එය ඇරඹුණේ...සාමාන්‍යයෙන් ඇරඹෙන විදියටයි.
පොලොවේ ඇති ගුලක ජීවත් වුණා හොබිට්ටෙක්.
කිළුටු, හපුටු, තෙත ගුලක් නෙවෙයි, පණුවන් සහ දුඟදින් පිරුණ.
මේක හොබිටු ගුලක්.
ඒ කියන්නේ හොඳ කෑමබීම, උණුසුම් ගිනි උදුනක්, සහ නිවසක තියෙන සියළුම සැප පහසුකම්.
ස්තුතියි.
- මේ මොකක්ද මේ? - ඒක පුද්ගලිකයි.
ඔය ඇලෙන අත් අහකට ගන්නවා.
ඒක තවම ලැහැස්ති නැහැ.
ලැහැස්ති මොකටද?
කියවන්න.
මේ මොනවාද මේ?
සාද ඇරයුම් වලට ආපු උත්තර.
දෙවියනේ, ඒ අද ද?
ඔක්කොම කියන්නේ එනවා කියලා.
සැක්විල්-බැගින්ස්ලා හැරෙන්න. එයාලා කියන්නේ ඔයාම හමුවෙලා ආරාධනා කරන්න ඕනේ කියලා.
- එහෙමද? මගේ මළකඳ උඩින් තමයි. - එයාල නම් ඒකට විරුද්ධ වෙන එකක් නැහැ.
එයාලා නම් හිතන්නේ ඔයාට රත්‍රන් වලින් පිරිච්ච උමං තියෙනවා කියලා.
යන්තම් පිරුණු එකම එක පෙට්ටියක් විතරයි තිබුණේ.
ඒකේ තවමත් යෝධයන්ගේ ගඳයි.
මොනවාද ඔය කරන්නේ?
ආරක්ෂා මාර්ග ගන්නවා...
...දන්නවද මට දවසක් අහුවුණා මේ රිදී හැඳි ගෑරුප්පු ටික අරන් යනවා.
- කවුද? - ලොබීලියා සැක්විල්-බැගින්ස්.
මගේ හැඳි ඔක්කොම එයාගේ සාක්කුවල පුරවාගෙන හිටියේ!
එපාකරපු ගෑණු කෙනා.
එයා ගැන ඇහැ ගහගෙන ඉන්න මම...
මම.....මම.....
ඔයා... මොකක්ද?
මොකුත් නෑ... මොකුත් නෑ.
සමහරු ඔයා ගැන පුදුම වෙන්න අරගෙන මාමේ.
- මොකක්? - එයාල හිතන්නේ ඔයා අමුතු වෙනවා කියලා.
අමුතු?
- සමාජශීලී නැතිවෙනවා කියලා. - මම සමාජශීලී නැහැ? විකාර.
හොඳ හාදයෙක් වගේ මේක ගේට්ටුවේ හයි කරන්න.
එයා එයි කියලා හිතනවද?
කවුද?
ගැන්ඩල්ෆ්.
අපොයි ඔව්, එයාගේ ගිණිකෙලි පත්තු කරන්න ලැබෙන අවස්ථාවක් මග හරින්නේ නැහැ. බලන්නකෝ.
- හරි එහෙනම්, මම යනවා. - කොහෙටද?
නැගෙනහිර පාදීමේ කැලේට. එයාව පුදුම කරන්න.
යන්න යන්න එහෙනම්, පරක්කු වෙන්න හොඳ නෑ.
එයා පරක්කු වීම අනුමත කරන්නේ නැහැ, අපොයි ඔව්. ඒ වගේම මම කවදාවත් පරක්කු වුනෙත් නැහැ.
ඒ දවස් වල මම හරි වෙලාවටමයි වැඩ කලේ.
මම සම්පූර්ණයෙන්ම නම්බුකාරව හිටියේ.
නොසිතූ විරූ කිසිම දෙයක් කවදාවත් සිදු වුණෙත් නැහැ.
නොසිතූ විරූ චාරිකාවක්
වසර 60කට පෙරාතුව...
- සුබ උදෑසනක්. - ඒ කිව්වේ?
ඔයා මට සුබ උදෑසනක් පතනවද, නැත්නම් මේක සුබ උදෑසනක් කියලද කියන්නේ මට ඕනේ වුණත් නැතත්.
සමහරවිට ඔයා කියන්නේ ඔයාට මේ උදෑසන සුබයි කියලා දැනෙනවා කියලද?
නැත්නම් මේ උදෑසනේ සුබව ඉන්න ඕනේ කියලද?
ඒ ඔක්කොම එකටමයි මම හිතන්නේ.
- මොකුත් කෙරෙන්න ඕනෙද? - තවම කියන්න බැහැ.
මම හොයන්නේ වීර චාරිකාවක් බෙදාහදා ගන්න කෙනෙක්ව.
වීර චාරිකාවකට?
නෑ, මම හිතන්නේ නැහැ බ්‍රී ගමෙන් මෙහා පැත්තේ කාටවත් වීර චාරිකාවක් ගැන උනන්දුවක් තියෙයි කියලා.
එපාකරපු, කරදරකාර, අපහසු දේවල්.
රෑ කෑමට පරක්කු කරවන.
සුබ උදෑසනක්.
මම ජීවත් වුණා මදැයි බෙලඩොනා ටුක්ගේ පුතාගෙන් සුබ උදෑසනක් කියලා අහගන්න, නිකන් බොත්තම් විකුණන වෙළෙන්දෙකුට වගේ.
සමාවෙන්න?
ඔහේ වෙනස් වෙලා, හැබැයි හොඳ අතකට නම් නෙමෙයි බිල්බෝ බැගින්ස්.
සමාවෙන්න, මම ඔයාව දන්නවද?
ඔයා මගේ නම දන්නවා, ඒත් මතක නැහැ ඒ නම මට අයිතියි කියලා.
මම ගැන්ඩල්ෆ්.
ඒ වගේම ගැන්ඩල්ෆ් කියන්නේ මට.
ගැන්ඩල්ෆ්? අර ගැන්ඩල්ෆ් කියන ඇවිදින මායාකාරයා නෙමෙයි නේද අගනා ගිණිකෙලි පත්තුකළේ වයසක ටුක්ගේ ග්‍රීස්ම උත්සවයේදී...
හිතුවේ නැහැ තාමත් ඒ ව්‍යාපාරයේ ඉන්නේ කියලා.
වෙන මොනවාද එහෙනම් මම කරන්න ඕනේ?
වෙන මොනවාද....
මට සතුටුයි මා ගැන මොනවාහරි දෙයක් මතක් වුණ එකට, මගේ ගිණිකෙලි ගැන විතරක් වුණත්.
හොඳයි, එහෙනම් ඒක තීන්දුයි. ඒකෙන් ඔහේට බොහොම හොඳක් වෙයි, ඒ වගේම මට බොහොම විනෝදයක් වෙයි.
මම අනිත් අයට කියන්නම්.
කාටද කියන්නේ? මොකක්? නෑ, නෑ...ඔහොම ඉන්න.
අපිට කිසිම වීර චාරිකාවක් ඕනේ නැහැ, අදවත්, වෙන දවසක වත්.
අර කන්දෙන් එහා පැත්තේ හරි වැවෙන් එහා පැත්තේ හරි හොයලා බලන්න.
සුබ උදෑසනක්.
මෙන්න දොළහක්, සුබ දවසක්.
එන්නම්.
කොහොමද, බිල්බෝ මහත්තයා.
අල්ලලා බලන්න මේ අලගෙඩි, ඒවා හොඳයි, හයියයි.
- බටහිර පාදිමෙන් දැන් ගෙනාවේ. - හරිම අගෙයි වොරිවෝට් මහත්තයා.
ඔයා මේ පැත්තේ කැරකෙන මායාකාරයෙක් එහෙම දැක්කද?
උස හාදයෙක්.
දිග අළු පාට උල් තොප්පිය.
දැක්කයි කියලා කියන්න බැහැ.
ඩ්වාලින්, ඔබේ සේවයේ.
බිල්බෝ බැගින්ස්, ඔබේ සේවයේ.
අපි අඳුනනවාද?
නෑ.
මොන පැත්තෙන්ද කොලුවෝ, මේ යට ද?
යට මොකක්ද?
රෑ කෑම. එයා කිව්වා කෑම ගොඩක් තියෙයි කියලා.
එයා...එයා කිව්වා? කවුද කිව්වේ?
මේවා හරිම හොඳයි. තව තියෙනවද?
මොකක්? ආ, ඔව් ඔව්.
කැමති තරමක් ගන්න.
මම කිසිම අමුත්තෙක්ව බලාපොරොත්තු වුණේ නැහැ.
ඒ දොර වෙන්න ඕනේ.
බාලින්, ඔබේ සේවයේ...
සුබ සන්ධ්‍යාවක්.
ඔව්, ඔව්, ඇත්ත.
ඒත් මම හිතන්නේ පහුවෙලා වහීවි.
මම පරක්කුද?
මොකකටද?
සුබ සන්ධ්‍යාවක් සහෝදරයා.
රැවුලට ඔප්පු වෙච්චාවේ, ඔහේ කොට වෙලා වගේම මහත් වෙලා අපි අන්තිමේදී හම්බ වුණාට පස්සේ.
මහත් වෙලා, ඒත් කොට වෙලා නැහැ.
දෙන්නටම ඇති වෙන්න බුද්ධිමත්.
සමාවෙන්න, බාධා කරන්න කැමති නෑ.
මම හිතන්නේ ඔයාලා ඇවිත් තියෙන්නේ වැරදි ගෙදරකට.
මම අමුත්තන්ට කැමති නැහැ නෙමෙයි, මම අමුත්තන්ට කැමතියි අනිත් හොබිට්ටෝ වගේම.
ඒත් මම කැමතියි එයාල එන්න කලින් දන්වලා එනව නම්.
- මේ මොනවාද? - දන්නේ නෑ.
- මම හිතන්නේ මේ කේජු, නිල් පාටට හැරිලා. - හොඳටම පුස් කාලා.
එකම දේ කියන්නේ, මම ඔයාලා එක්කෙනෙක් වත් අඳුනන්නේ නැහැ.
මම කැමති නැහැ මෙහෙම කෙලින්ම කියන්න, ඒත් කියන්නම වෙනවා.
මට සමාවෙන්න.
සමාව දුන්නා.
ඕක පුරවන්න සහෝදරයා, ලෝබ වෙන්න එපා ඉතින්.
- ෆීලී. - සහ කීලී.
ඔබේ සේවයේ.
ඔයා වෙන්න ඇති බොගින්ස් මහත්තයා.
නෑ! ඇතුලට එන්න බැහැ. ඔයාලා මේ වැරදි ගෙදරකට ඇවිත් තියෙන්නේ.
මොකක්?
- ඒක අවලංගු කලාද? - කවුරුවත් අපිට කිව්වේ නැහැනේ.
No comments yet. Be the first to leave one.