The first 200 lines.
Vengeance of an Assassin "ඝාතකයාගේ පළිගැනීම"
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.
හේයි,
හෙට වෙනකම්ම නිදා ගන්නද හදන්නෙ?
නැගිටිනවා! හාමුදුරුවො දැනටමත් වඳින්න පටන් අරන්,
ඔච්චර හදිසි නම් තමුසෙට එන්න තිබුණෙ ඊයේ!
හේයි,
ඈණුම් අරින එක නවත්තපන්! දැනටම ඇහැරිලා, නැඟිටිනවා!
අපි යන්න ඕනෙ. ඉක්මන් කරනවා!
අපි එනවා, අපි එනවා.
තමුසේ ඕක හදනවද නැත්නම් කඩනවද?
අයියෝ, Khaosai Galaxy සටන පටන් ගන්න හදන්නෙ.
ළමයි, මෙතනින් එළියට යනවා.
මොනවද ඔය කරන්නෙ? කොහෙන්ද බියර් බොන්න ඉගෙන ගත්තෙ?
ඔයාගෙන් තමයි!
මේ අඬු වල සයිස් එක ගැන අවධානයෙන් ඉන්න.
හේයි, පිස්සු කෙලින එක නවත්වනවා!
එන්න, හිනා වෙලා ඉන්න.
ඉන්න, අපිට තව එකක් ගන්න පුළුවන්ද?
තව, තව, මේකත් පේන විදියට ගන්න. Thanom ගරාජය
දැන් ඉඳන්, Thanom ගරාජය
දියුණු වෙන්න ඕනෙ,
අපි දියුණු වෙන්න ඕනෙ. අපි දියුණු වෙන්න ඕනෙ.
මඟුල.
මේක තමයි තායි බොක්සිං වල අවසානය.
අවසානය.
සම්පූර්ණෙන් විනාශ වෙනවා.
ඔහු විශ්‍රාම යනවා විතරයි, මැරුණෙ නෑනේ.
බබෙක් වගේ අඬන එක නවත්වන්න.
උඹ පොඩි එකෙක්නෙ, උඹ මොනවද දන්නෙ?
ගිහිල්ලා මේක විවෘත කරන්න සූදානම් වෙනවා.
ගණුදෙණුකාරයො ඕන වෙලාවක එන්න ඉඩ තියෙනවා.
අයියෝ, කාගේ කාර් එකද ඉතින් හැමදාම කැඩෙන්නෙ?
උඹ මොනවද දන්නෙ?
උඹ ඊයෙ පෙරේදා ඉපදුණු එකානේ, හරිද?
පලයන් යන්න මෙහෙන්!
මඟුල, කොහෙන් ඉගෙන ගන්න ඒවද මන්දා
උඹ මොකද හිනා වෙන්නෙ? වැඩ කරපන්!
Khaosai!!
කෝ උඹේ හැසිරීම?
උඹ මාව ලෙඩ කරවනවා.
උඹ දැන් වාතයක් ඇරියා නේද?
මඟුල, බලපන් කවුද කතා කරන්නෙ කියලා.
උඹ නම් සහෝදරයට උදව් කරන්නවත් දන්නෙ නැති පුදුම යකෙක්.
උඹ දවස තිස්සෙම කරන්නෙ ගේම් ගහන එකනේ.
මට පොඩ්ඩක් ඉඩ දෙන්න, පොඩි බරක් නිදහස් කර ගන්න ඕනෙ.
හේයි, පලයන් යන්න මෙතනින්.
ටොයිලට් එක තියෙන්නෙ අර පැත්තෙ.
අත බලාගෙන!
මොන පිස්සෙක්ද මන්දා!
එක පාරක් හරි වැඩකට ඇති දෙයක් කරපන්.
"Thanorm ගරාජය"
මේ බයිසිකලය හදන්න මෙච්චර කල් යන්නෙ ඇයි?
උඹ ඕකෙන් Porsche එකක් හදන්නද යන්නෙ?
Than කොහේ ගිහින්ද?
ඌ ගැන ඇහැ ගහගෙන ඉන්න, හරිද? ඌව බලා ගන්න.
මං කැමති නෑ ඌ වැඩේ අනා ගන්නවට.
මගේ ආදරණීය මාමට.
හේයි, උඹ මගේ සල්ලි වලින්ද ගත්තෙ?
නෑ, මගේ ගාව ඉතිරි කර ගත්තු එවායින් ගත්තෙ.
ඔයාගේ මහන්සිය වෙනුවෙන් පොඩි තෑග්ගක්.
උඹ හරියටම හරි.
Thee, උඹත් මේ වගේ හැදියන්.
වහලා දාමු.
උඹ මොනවද මෙතන කරන්නෙ?
මේක සීමාවෙන් එහා ප්‍රදේශයක්.
උඹ ඒකට ගරු කරන්නෙ නැත්නම්, උඹට මෙහේ ජීවත් වෙන්න බැහැ.
මාමේ...
මගේ දෙමව්පියෝ.
හෙන ගහපන්, Thee. මං මේක කියන අන්තිම වතාව.
උඹට බැරිද දෙමව්පියන්ගෙ මරණය අමතක කරලා දාන්න?
එයාලා දැන් නැහැ. උඹට ඉස්සරහට යන්න බැරිද?
මමත් මනුස්සයෙක්.
ඒ මතකයන් මගේ ඔළුවෙ හොල්මන් කරනවා.
ඒවා මෙතන හිර වෙලා තියෙනවා.
මම නිදාගෙන හිටියත් නැඟිටලා හිටියත්,
මට තාමත් ඒවා මැවිලා පේනවා.
මං මගේම විදියට ඒවා විඳ දරා ගන්නෙ.
මම දැන් වැඩිහිටියෙක්.
මට මගේ ගැන තීරණ ගන්න පුළුවන්.
එහෙනම් මට කරන්න දෙයක් නෑ.
කරන්න දෙයක් තියෙනවා...
මට කියන්න උන් කවුද කියලා.
උන් කවුද කියලා දැන ගත්තට අතීතය වෙනස් කරන්න බෑ.
උඹට මගෙන් ඇත්ත දැන ගන්න ලැබෙන්නෙ නෑ.
ඔයා දන්නවා නම් මගේ දෙමව්පියන් මැරුවෙ කවුද කියලා,
ඔයාට පළිගන්න ඕනෙ නේද?
ඒක නෙවෙයි උඹේ දෙමව්පියන්ට ඕනෙ උනේ.
මට වැඩක් නැහැ.
එහෙනම් උඹට මෙහේ ඉන්න බෑ.
උඹ කොහේද යන්නෙ?
මට සමාවෙන්න.
Thee.
ඌට යන්න දෙන්න.
- ඔයා කොහේද යන්නෙ? - ඌට යන්න දෙන්න.
- Thee. - උගෙ පස්සෙන් යන්න එපා.
ඌට යන්න දෙන්න.
ඔයා ඉක්මනට ලොකු මහත් වෙලා.
මට මගේ දෙමව්පියන් ගැන දැන ගන්න ඕනෙ.
මං කාලෙකට කලින් සාමකාමී මාවතක් තෝර ගත්තා.
අතීතය තවදුරටත් මගේ මාවතේ තියෙන දෙයක් නෙවෙයි.
ඔයා හිතනවද ඇත්ත දැන ගන්න එකෙන්,
ඔයාගෙ ප්‍රශ්ණයට උත්තර ලැබෙයි කියලා?
ඔයා මාව අඳුර ගත්තෙ නෑ නේද?
ඔයාගේ තාත්තා මගේ පවුලේ කෙනෙක් වගේ,
මගේ යාළුවා,
මගේ උපදේශකයා.
ඔක්කොටම වඩා,
මගේ ජීවිතයෙන්ම මම ඔහුට ණයයි.
ඔහු නැත්නම්, මම අද මෙහෙම ඉන්නෙ නෑ.
ඒ මෙහෙයුමෙන් පස්සෙ, අපි දැන ගත්තා ඔත්තුවක් දීලා කියලා.
ඒ නිසයි ඔයාගේ දෙමව්පියන්ට මැරෙන්න සිද්ධ උනේ.
ඒ නිසා, මං ඒ සංවිධානයෙන් ඉවත් උනා.
මම පාතාලයට බැඳුනා, කවදහරි දවසක උන්ගෙන් පලිය ගන්න
පුළුවන් වේවි කියන
බලාපොරොත්තුවත් එක්ක.
Thong මාමේ, මමත් ඔයා එක්ක එන්නද?
අනේ.
අපි අද වහලා.
මං කිව්වෙ, අපි අද වහලා!
හේයි, ඉක්මන් කරන්න.
උඹ කවුද?
කවුද උඹව එව්වෙ? නවතින්න!
උඹට කීයක් ඕනෙද?
මට පුළුවන් උඹට චෙක්පතක් දෙන්න.
හේයි, එපා!
මාව මරන්න එපා!
ඡන්දෙ ඉල්ලන්න එපා.
- මං ඉල්ලන්නෙ නෑ. යන්නෙ නෑ. - නැත්නම් මැරෙන්න වෙයි.
මං එහෙම කරන්නෙ නෑ, ඒත් අනේ මාව මරන්න එපා.
අනේ, මං වඳින්නම්, මාව මරන්න එපා.
හරි, සර්.
හේයි, එපා!
අද උදෑසන සිදුවූ වෙඩි තැබීමක් පිළිබඳව වාර්තා වන අතර
මිය ගිය ගණන තවමත් නොදනී.
ගොල්ෆ් වලදි, දිනන කෙනා තමයි අඩුම වාර ගණනක් ගහන්නෙ,
අපි දෙන්නා වගේ. ව්‍යාපාර වලදි,
අඩුවෙන් මහන්සි වෙන තරමට වැඩි ලාභයක් ගන්න ඕනෙ.
නියම ෂොට් එක.
පරිස්සමින්, පරිස්සමින්.
පහත්වෙලා කැරකිලා ගහන්න.
වටයක් කැරකිලා, දකුණු අතින් අල්ල ගන්න.
ඉලක්කය වෙත ඇස් යොමා ගෙන ඉන්න.
ධමනිය.
වකුගඩුව, හදවත.
උඹ දන්නවද මං උඹේ දෙමව්පියන්ට දීපු පොරොන්දුව?
මං පොරොන්දු උනා මට පුළුවන් උපරිම විදියට උඹලා දෙන්නව බලා ගන්නවා කියලා.
මං මගේ පොරොන්දුව රැක ගන්න උපරිම උත්සාහ කලා.
ඔයාගේ දෙමව්පියන්ට ඕනෙ උනේ උඹලා දෙන්නා සාමාන්‍ය දරුවො විදියට හැදෙනවා දකින්න.
ඒත් මට බැරි උනා.
මට මගේ පොරොන්දුව රකින්න බැරි උනා.
Thee දැනටම ගිහින්.
බලපන් දැන් උඹ කරපු දේ.
මට සමාවෙන්න, මාමේ.
මට සමාවෙන්න.
මං ආයෙත් එහෙම කරන්නෙ නෑ.
මං ආයෙත් එහෙම කරන්නෙ නෑ.
Noth,ඉක්මන් කරන්න, නිෂ්පාදකයා අපි එනකම් බලාගෙන ඉන්නවා.
හරි.
සීයේ, මට පොඩ්ඩක් තනියම ඉන්න දෙනවද?
මාව බලා ගන්න ඔයාගේ මිනිස්සු එවන්න ඕනෙ නෑ.
මම දැන් වැඩිහිටියෙක්.
මං ආස කරන දේ මට කරන්න ඕනෙ.
මං යන්න ඕනෙ.
ආව්!! යන්න දෙන්න, ඒකට රිදෙනවා.
ආව්!!! යන්න දෙනවා.
මට යන්න දෙනවා! යන්න දෙනවා!
අයෙත් මාව පරාද කරන්න එපා.
එහෙම උනොත් ගණුදෙනුව ඉවරයි.
එහෙමයි, මැඩම්.
මං අළුත් ඝාතක කණ්ඩායමක් යවන්නම්.
හේයි, සහෝ
උඹ මාව අඳුර ගත්තෙ නැද්ද?
කාර් එකට නැගපන්.
ඉතින්--
ඒ උඹේ හොඳම වෙඩික්කරුවා,
ඔළුවටම වෙඩි කාලා නේද? කොච්චර අපහාසයක්ද?
මං දැනන් හිටියේ නෑ ඌ එච්චර දක්ෂයෙක් කියලා.
මේ පාර මොකක්ද, තාත්තෙ?
මේ පාරත් නා ගත්තා නේද?
උන් දිගටම මෙහෙයුම් අසාර්ථක කර ගන්නවා.
මට ඒක කරන්න ඕනෙ, ඒත් ඔයා ඉඩ දෙන්නෙ නෑ.
මං මොකක්හරි ෆන් එකක් ගත්තම, ඔයාට ඒකත් මදි.
ඔයාගේ හිත හදා ගන්න, තාත්තේ.
ඔයා ෆන් ගන්න එකෙන් ප්‍රශ්ණෙ තවත් වැඩි වෙනවා.
මට මෙහෙයුම දෙන්න.
මං පෙන්වන්නම් මට පුළුවන් කියලා.
බෑ.
බෑ.
මට මේක කරන්න දෙන්න.
එතකොට අපි හැමෝටම එකපාරින්ම හොඳට හම්බ කර ගන්න පුළුවන්,
අන්තිමට ඔයා දකිවී ඔයාගෙ මිනිස්සුන්ට වඩා මං හොඳ බව.
Pod, ඉන්න!
අද සවස 4:30ට,
වෙඩි තැබීමේ සිදුවීමක් හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මිය ගිය ගණන තවමත් නොදනී.
පැහැර ගැනීමක් පිළිබඳව පොලීසිය සැක කරන්නේ,
Piyathida Chaiwijitmorakot මෙනවිය,
ඇය ප්‍රධානී Shane ගේ මිණිබිරිය වේ,
ඔහු නැගෙනහිර කලාපයේ කැපී පෙනෙන දේශපාලනඥයෙක් වේ.
No comments yet. Be the first to leave one.