Release info

Game of Death II 1978
A Commentary by hkraveen

Tags

other
Published on: 2015-04-04
Downloads: 58
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

෴"දිමුතු තරංග ඉලුක්කුඹුර"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර කතෘ අයිතිය සුරකින්න

ජීට් කුනෙ ඩෝ වේගවත් උවමනා බල විලාශය....

නිරවද්‍යතාව සහ බලය.

ගුරුතුමා, ගුරුතුමා...

කෙනෙක් ඔයාට අභියෝග කරනවා, ඔහු එළියේ බලන් ඉන්නවා.

උන් මෝඩයෝ, කවදාවත්ම පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.

ඔයාට තේ එකක්, මහත්තයා.

අනේ, ස්තුතියි ඔයාට.

ඔයාගේ තේ එක, මහත්තයා..

තමුන් මට අභියෝගයක් නෙමෙයි.

අල්ල ගන්න.

ඒක තමුන්ගේ යෝජනාව. එනවා.

තමුන් කොහොමද මට අභියෝග කරන්නේ?

තමුසේ වාසනාවන්තයි මම අවංක මනුෂ්‍යයෙක්, නැත්නම් තමුන් මැරිලා.

ගහන්න.

අභියෝග කරන උන් හැමතැනම.

හැමෝටම ඕනි කරන්නේ පළවෙනියා වෙන්න.

එහෙනම් යම් වංචා කිරීමක් කරන්න වෙයි.

ඔව්, මමත් අභියෝග කළා.

ඒත් ඔයා ඔහුට ගැහුවා, නිසැකවම.

ඔව්.

ඔයා අදහස් කරන්නේ අභියෝගය ආවේ අහසින් කියලද?

ඒක ඇත්ත.

ගිය සතියේ...

කොරියන් ගුරුතුමෙක් සටනකට එන්න කියල අභියෝග කරපු ලිපියක් මට ලැබුනා.

ඔහු කිව්වේ ඔයා වගේ මිනිස්සු අපි වගේ අයගේ කීර්තියට හොඳ නැහැ කියල.

පේන හැටියට කිහිප දෙනෙකුට උවමනා කරන්නේ අපි මැරෙන්නයි.

ඔහු කිව්වේ මම සටනට ඉදිරිපත් නොවුනොත්...

ඔහු මගේ පවුලේ අයට නරක දෙයක් කරනවා කියලයි.

මම ඉතින් තීරණය කළා එය කුමන්ත්‍රණයක් කියල, ඒක හින්ද මම තීරණය කළා පෙනී ඉන්න.

මම මෙහෙ ඉන්නේ නැහැ, මොකද මම ඔයාගේ තර්ජනයට භයවුනේ නැහැ.

මට ඕනි උනේ මේ වගේ ගොළු ලියුමක් ලියපු එකා හම්බවෙන්නයි

වරෙන්, ඒක ඉවරයක් කරගමු.

මතක තියා ගනින්, කුන්ග් ෆූ කියන්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමේ කලාවක්.

මම මිනී මරන්න උනන්දුවක් නැහැ.

මට ඕනි ඔයාගේ පහරවල් කොච්චර නරකද කියල ඔප්පු කරන්නයි.

තමුසේ තමන් ගැනම පුරසාරම් දොඩවනවා.

අන්න ඒකටයි අපි පාලනය කියන්නේ.

කිසිදිනක තමුන් ඉගෙනගන්නේ නැති දෙයක්.

දැන් මගේ යහළුවා, අහන්න.

ඔයා විශ්වාස කරන එක හොඳයි අපි ආයිත් කවදාවත්ම හම්බවෙන එකක් නැහැ කියල.

තමුන් මගේ පවුලේ උදවියට අනතුරක් කලොත්, ඒකට තමුන්ට පසුතැවිලි වෙන්න වෙයි.

මොකද මම දිවුරනවා....

තමුසෙ ආයිත් කවදාවත් සටන් කරන එකක් නැහැ කියල.

මම දන්නේ කවුරු පිටුපස ඉඳන් අභියෝග කරාද කියල.

ඒත් මම හිතන්නේ නැහැ අපි එයාලට අනුකම්පා කරන්න ඕනි කියල.

ඔයා මොකද හිතන්නේ?

කාට හරි උවමනා කරන්නේ අපි මැරෙන්නයි.

එහෙනම් උත්සහ කරමු.

මම හිතන්නේ යම් දෙයක් වෙයි කියල, නරක යම් දෙයක්.

පටන් ගන්න.

අකුණක් වගේ බලයකින්.

අමුත්තෙක්.

එහෙනම් මේ ඔයා. ඒ බිලී ලෝ.

බුදු පියාණන්ට ප්‍රශංසා වේවා.

ආශ්‍රමාධිපති තැන.

ඒක වෙලා ගොඩක් කල්.

මට සමාවෙන්න. මම ඔබව ගොඩක් විශ්වාස කරනවා.

අපි කතා කරන්න ඕනි.

ආශ්‍රමාධිපති තැන.

පරෙවියන් ඔබ එන බව හැඟෙව්වා.

ඒත්, මට බයයි...

එයාලගේ ඉක්මන් පිටත්වීම නරක පෙර සලකුණක්.

ඔයා පරෙස්සම් වෙන්න ඕනි.

මම ඔයාගේ උපදෙස ගැන සැලකිලිමත් වෙන්නම්.

බිලී, මේක මතක තියා ගන්න...

කිසි කෙනෙකුට දරා ඉන්න බැහැ.

ඔයාගේ සහෝදරයා ඔයාගෙන් ඉගෙන ගන්න එක බොහොම වැදගත්.

ඔහු තාමත් ප්‍රශ්න ඇති කරනවද?

ඔයා මෙහෙ ඇවිත් යන්න ආපු කාලේ ඉඳන්.

ඇයි ටික දවසක් නවතින්නේ නැත්තේ?

ඔයාගේ සහෝදරයට ඒක හොඳක් වෙයි.

මම දන්නවා ඔයා අදහස් කරන දේ.

බොබී කැරලි ගහනවා.

අන්න ඒකයි මට ඇවිත් ඔහුව දකින්න නොහැකි උනේ.

මම සහතික කරගත්තා අධිෂ්ඨාන සහිත වත් පිළිවෙත් වලින්...

තව වැඩ කිරීමෙන්, මම තේරුම් ගත්තා ඔහු ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉඳියි කියල.

ඇත්තටම, ඔහු මෙහෙ තියෙන අගය මොකක්ද කියල තේරුම් ගන්නේ නැහැ...

ගුරුතුමෙක්ගෙන් කුන්ග් ෆූ ඉගෙනගන්න තියෙන අවස්ථාව..

ඔයා වගේ කෙනෙකුගෙන්.

ඒත් බොබී කම්මැලියෙක් වගේ මුරණ්ඩු උනොත්...

ඔහු දඩුවම් ලබන්නම ඕනි.

ඔහුත් එක්ක ඉවසීමෙන්.

ඔහු තාමත් ඉවසුම් නැති තරුණයෙක්.

ඒත් මම දන්නවා එයා ගොඩක් හොඳ වෙයි කියල.

ඉතින් ටිකක් පුහුණු උනාම ඔහු හොද වෙයි.

ඒත් ප්‍රවේණියෙක් උනාම, ඔහු ගැඹුරින් ඉගෙන ගන්න වගේම පුහුණු වෙන්න ඕනි!

මට විශ්වාසයි ඔහු ඔයාගේ උපදෙස් පිළිගනියි කියල.

ඔහු මගේ එකම සහෝදරයා...

මට මගේම මගේ තාත්තටත් ඕනි ඔහු සාර්ථක කෙනෙක් වෙනවා දකින්න.

අනිත් අයට වඩා කුන්ග් ෆූ ගැන දැනගන්නයි.

මට ඒක තේරෙනවා.

මම තව දන්නවා, ඔයා ඔහුගේ අනාගතය ගැන කොච්චර සැලකිලිමත්ද කියල.

ඒත් ඔයා එයාට කතා කරනකොට, ඔහු ගොඩක් පහත්කර සලකන්න එපා.

ඔහුත් එක්ක අවංක වෙන්න. ඔහුට තේරුම් කරවන්න.

ඒ වගේම මතක තියාගන්න...

ඔයත් ළමයෙක් කාලේ, ඔයත් ප්‍රශ්න ඇති කළා...

හැමවෙලේම දඟ වැඩ කළා.

ඔයා හොඳින් ඉගෙන ගත්තේ නැහැ. පාරේ හැමතැනින්ම කෑම, බඩු හොරකම් කළා.

ඔව්, මට ඒවා මතකයි.

මට හික්මීමක් තිබුනේ නැහැ, ප්‍රතිපත්ති තිබුනේ නැහැ, කාටවත්ම ගරු කලේ නැහැ.

ඔයා පොලිසියටවත් බයවුණේ නැහැනේ.

ඔයා අහිංසක පෙනුම තියෙන වැඩිහිටියන්ටත් ඒක කළා...

මොනවගේ දඟකාර මනසක්ද ඔයාට තිබුනේ කියල කියන්න බැහැ.

ඒයි, පුංචි හොර තක්කඩියා!

ඔයා මගේ දේවල් හොරකම් කරන්න...

ඊට අමතරව ඔයා බිලිටත් ගැහුවා.

මට විශ්වාසයි ගැහුවා කියල.

අර මොකක් කරාටද?

මොකද මම ඔයාට කැමති නැහැ.

මටත් තමුන්ව පේන්න බැහැ.

මම ඔයාගේ අම්මට, තාත්තට කියනවා.

මම හිතනවා හොඳ ගුටි පුජාවක් ලැබෙයි කියල.

වාසනාවට, ඔයා කුන්ග් ෆූ දැනන් හිටියේ නැහැ.

ඔයා වයසක ඇස් පේන්නැති කෙනාටත් ගැහුවා.

නිර්භීත කෙනෙක් කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ.

මට අමතකයි මම මොනවගේ ත්‍රස්තවාදියෙක්ද කියල.

දෙයියනේ...මෙච්චර පොඩි එකෙක්, කොහොමද වයසක කෙනෙක්ට ගහන්නේ!

ඔයා වයසනම් කවුද ගණන් ගන්නේ? ශක්තිමත් අය විතරයි බේරෙන්නේ.

මම උඹව මරනවා.

උදව්, උදව්...

ඊට පස්සේ ඔයා ලොකු උනාම... ඔයාගේ සහෝදරියව ඇවිස්සුවා...

ඔයා ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තම ඇගේ උපදෙස් අහන්න, ඔයා හික්මෙන්න පටන් ගත්තා.

ආ මෙන්න, අම්ම මගේ සල්ලි ගන්නේ නැහැ.

ඔව්, එයා ගන්න එකක් නැහැ තමයි, ඔයා ඒවා කාඩ් හොරට සෙල්ලම් කරලා ගත්තුවා.

අඩු තරමින් මම හොරකම් කලේ නැහැ.

මම දන්නවා ඔයාට දැනෙන විදිය.

ඔයා මාව ලැජ්ජාවට පත් කරනවා.

මම තමයි පවුලේ ඉන්න එපාම කරපු කෙනා.

හැමෝම මාව බාල්දු කරනවා.

එයාල කියන දෙයින් මට වැඩක් නැහැ, බිලී.

අපේ අම්ම තමයි ඔයා කරන දේ ගැන වද වෙන්නේ.

දුක් වෙන්න එපා. මම දන්නවා දැන් ඉඳන් මොනවාද කරන්න ඕනි කියල.

අම්මේ, මම වැරදියි තමයි...

ඒත්, මට දැන් තේරෙනවා.

මට විශ්වාසයි ඔයා මම ගැන ආඩම්බර වෙයි කියල.

දැන් ඔයාගේ සහෝදරයාගේ වාරේ.

ඔහු තාමත් තරුණයි, හිරිමල්, ඔහුගේ අදහස් වලින් පරිපූර්ණ.

මට විශ්වාසයි ඔයා ඔහුත් එක්ක වතාවක් කතා කල සැනින් ඔහු වෙනස් වෙයි කියල.

මම විශ්වාස කරනවා ඔයා හරි ඇති කියල.

ඔයා කවදාවත් අසමත් වෙලා නැහැ.

ගිහින් ඔයාගේ සහෝදරයාව හම්බවෙන්න.

හොඳයි.

ආදරණිය බොබී මල්ලි. ඔයාට කොහොමද?

මම හිතුවේ ඔයාව හම්බවෙන්න පුළුවන් වෙයි කියල...

ඒත් ඔයා එලියට ගිහින්.

මම හිතනවා ඔයා මහන්සි වෙලා පුහුණු වෙන්නේ, ඉගෙන ගන්නේ නැහැ කියල.

මම අනුමාන කරනවා ඔයාට කියන්න උවමනාවක් නැහැ කියල...

කුන්ග් ෆූ ප්‍රවේණියෙක් වෙන්නේ වඩා හොඳින් පුහුණු උනාමයි කියල. ඔයා තව පුහුණු වෙන්න ඕනි!

කෙල්ලො පස්සෙ හොයාගන්න පුළුවන්.

ආශ්‍රමාධිපති තැන ඔයාට උගන්වන හැමදෙයක්ම ඉගෙන ගන්න.

මම මගේ බොක්සිං අත්පොත තියල යනවා.

මම හිතනවා ඔයාට ප්‍රයෝජනවත් දෙයක් හොයාගන්න පුළුවන් වෙයි කියල.

සිත් එකඟ කරගන්න උත්සහ කරන්න.

මාවයි තාත්තයි වැටෙන්න දෙන්න එපා.

ඔයා පරෙස්සම් වෙන්න, මම දැනට නවතින්නම්.

ඔයාගේ අයිය, බිලී.

'' ජපන්වල සිටිය ජනප්‍රිය රණකාමි සටන් කරු චින් කූ අභිරහස් ලෙස මියයයි''

මෙච්චර ඉක්මනින් මැරිලා.

ඔයා මුළු රෑම නිදාගෙන නැහැ.

ඔව්, මම දන්නවා

වාඩිවෙන්න, තාත්තේ.

''චින් කූ''ට වෙච්ච දේනම් හරිම නරකයි.

කුන්ග් ෆූ ප්‍රවේනියෙක් මෙච්චර තරුණ වයසෙන් මැරෙන්න.

ඒක ඇත්ත.

-ඔයා මට කියන්න, ඔහු ඕනිවට වඩා පුහුණු වෙන්න ගිහින්ද?

මෙතන ඔයාට දැන් කරන්න කිසිම දෙයක නැහැ.

ගොඩක් ඒ ගැන හිතන්න එපා.

ගිහින් නිදාගන්න බලන්න.

දුක් වෙන්න එපා, තාත්තේ. මම ඒක මට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ.

මම ඔහුගේ මළ ගෙදරට ටික දවසකින් සහභාගි වෙනවා.

එහෙමනම් මම කැමතියි ඔයා මම වෙනුවෙනුත් ඉදිරිපත් වෙනවනම්.

ඔයා යන්නේ නැද්ද?

නැහැ.ඔච්චර දුරක් යන්න තරම් මම වයස වැඩියි, මගෙ පුතේ.

ඒක නුවනැති වැඩක් නෙමෙයි.

බෝබිත් මගේ තනියට එයි කියල හිතනවද?

නැහැ, මම හිතන්නේ නැහැ එයත් යයි කියල.

ඔහුට මේ ගැන කියන්න විදියක් නැහැ.

ඒත්, ඇයි බැරි තාත්තේ?

අපි කොල්ලට කරදර නොකර ඉන්න එකයි හොඳ.

හරි, ඒකත් එහෙමනම්, මම තනියම යනවා.

ඉස්සෙල්ලම ඔයා ඔහුගේ දුව ගැන බලන්න ඕනි.

ඔහුට දුවෙක් ඉන්නවද?

ඇත්තම කාරණයනම්, ඔහු හදාගත්ත දුව.

ඒකනම් පුදුමයක්. ඔහු ඒක කාටවත් නොකිය ඉන්න ඇති.

ඔහුගේ යහළුවන් විතරයි ඒ ඇත්ත දන්නේ.

එයා දැන් කොහෙද ජිවත් වෙනේ කියල ඔයා දනනවද?

එයාගේ නම මොකක්ද?

ඇගේ නම ''මැයි'', එයා සින්දු කියනව,...

මම හිතන්නේ එයා ''ගින්සා'' සමාජ ශාලාවේ වැඩ කරන්නේ.

ඔයා පොඩ්ඩක් හොයල බලන්න ඕනි.

ආයුබෝවන්, සර්.

ඔයාට මොනවද ඕනි?

කවුද ඔයා?

මම ඔයත් එක්ක කතා කරන්න කැමතියි.

මට කතා කරන්න?

මම ඔයාව කොහොමටවත් දන්නේ නැහැ.

ඔයාට කරදරයක් වෙන්න ඕනි නැහැ...

මොකද මම ඔයාව දන්නවා.

ඔයාට පිස්සු වෙන්න ඕනි!

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left