The first 200 lines.
ලජ්ජෝ! ඔළුව වහගන්නවා.
හුලඟ කොච්චර වල්ද?
මගේ හැමතැනම අතගානවා.
රාණි?
ජීවිතේ සතුට විඳගනිං.
15 ලැබුව විතරයි.
මෙයාට වඩා හොඳ මනමාලියක් හම්බවෙන්නෙ නෑ ඕගොල්ලන්ට.
- නම මොකද්ද කිව්වෙ? - ගුලාබ්.
ගුලාබ් මගේ එකම පුතා.
ඇත්තමයි, තුල්සි නංගියෙ..
මට තවත් දුක් වෙන්න දෙයක් නෑ.
මීට වඩා ලස්සණ මනමාලියෙක් ලන්තෑරුමක් අරගෙන හෙව්වත් හම්බවෙන එකක් නෑ.
හම්බ වෙන නොවෙන ඒවා දෙවියන්ගෙ අතේ තියෙන්නෙ.
හැබැයි, දෙවියො මටනං එක්කෙනෙක් ඇරුණකොට එක්කෙනෙක් දූලමයි දුන්නෙ.
මෙයා ඇරුනකොට තව හතරක් ඉන්නවා.
එක්කෙනෙක් අඩුවෙනවා.
ජානකී දැන් අපේනේ.
පුදුමාකාරයි!
එහෙනං ඊලඟ මාසෙට දින දාගමු.
හැබැයි, එක ඉල්ලීමක් තියනවා.
දෑවැද්ද ලක්ෂ 3 ට වඩා පොඩ්ඩක් වැඩි කරල....
...ලක්ෂ 4ක් කරල දෙනවනං?
බලපං ගුලාබ්, උඹේ මනමාලිට අඩුගාණෙ මෙච්චර විතර ත* දෙකක් තිබුණොත් තමයි හොඳ.
එහෙම නැත්තං එහෙම ආපසු සල්ලි ඉල්ලගනිං!
හරි..හරි. මට කෝල් එකක් ගන්න තියනවා.
එක කෝල් එකක් අරගෙන ආපහු දෙන්නං, බං. මගෙ මොබයිල් එක කැඩිල යයි.
දැන් ඔය කට්ටිය රොටී කන්න. ලොකු දුරක් යන්නත් තියනවනෙ.
කෙල්ල කොහොමද?
ගාණට වටිනවද?
දෑවැද්ද අඩු කලාද?
පස්සේ...
මං තාම රැස්වීමෙ ඉන්නෙ.
හා..හා..කරන්න කරන්න..
මේ අහන්න..
කෙල්ල හරිනැත්තං මට ආපහු සල්ලි ඕනෙ.
ඇයි මොකෝ? හිනාවෙන්නෙ මොකද?
හෙලෝ! දෙවි පිහිටයි. චම්පට කොහොමද?
මේ වැඳල කියන්නෙ.. අපිට පාඩුවෙ ඉන්න දෙන්න.
උඹේ වෙන්න මනමාලි ගොඩක් ඉගෙනගෙන එහෙම නෑනෙ, ගුලාබ්?
හොඳට බලපං...
උං පොත් පදිනකොට...
...අපි පදින්නේ මොනවද, යකෝ?
මුකුත් අවුලක්ද?
නෑහ්!
නිකං බැලුවා.
බලාගෙන! නැත්තං කන්න වෙයි දවසක.
අතෑරල දාන්න, කිෂන්. මේවට කාලෙ කෑවහම වැඩපලේ වැඩ පාඩුවෙනවා.
දැක්කද,මූණ ?
ගෑණි ඔරවල ගිය හැටි!
දැන් බලන්න මේ රාණි නංගි. මේ වයසෙදිත්...
..තමන්ගෙ නැන්දම්මට සේරම වගකීම් කරට අරගෙන.
ගුලාබ්, කිව්වනෙ ඔයාට...
ගුලාබෝ?
ඔයාගෙ නම ගුලාබ්ද?
ඔයාගෙ සේරම රෝස සුවඳද?
කවුද තමුන්?
ඔයාගෙ පිස්සුව. ඔයාගෙ පණ. ඔයාගෙ ෂාරුක් ඛාන්!
රාණි....
ඕක ප්‍රශ්ණයක් වගේනේ!
ගුලාබ් දුන්නේ.. අලුත් හින්දා තාම පුරුදු නෑ.
ඕක තියාගන්න වෙන තැනක් හම්බවුණේම නැද්ද?
දැන් ඔහොම කිව්වට...
... එක කාලෙක දුවෙක් උපදින්නක් ගාණෙ මට සාප කලා.
උඹටත් බැරිවුණාද බෑ කියන්න?
සාය පාත දාගෙන ඉන්න බැරිවුණානෙ.
මේකි කෙල්ලො හදන මැසිමක් වෙලා හිටියෙ.
අයියෝ අත්තම්මා, හැමතැනම එහෙමනේ.
පිරිමින්ට ඉඩ ලැබෙන හැමවෙලාවකම අපි එක්කමයි.
දෙවියො හැම කන්නලව්වකටම කන් නොදෙන එකමයි හොඳ.
ලෝකෙ මං වගේ තව වඳ ගෑණු හිටියෙ නැත්තං එහෙම...
...පවුලක් නෙමෙයි ළමයින්ගෙන් වෙනම රටක් හැදෙයි.
කොච්චර ලස්සණ ඇස්ද?
ලස්සණ දිග කොණ්ඩයක්.
ගුලාබ් දැක්කොත් එහෙම ඇස් අදහගන්න බැරිවෙයි එයාට.
ආයිබෝවන්.
එක දෙයක් කියන්න, ලජ්ජෝ. හැබැයි ඇත්තම කියන්න.
මගේ කෙස් පැහෙනවා..
...ඇසුත් පේන්නෙ නැතුව යනවා.
ඊයේ රෑ මට මාව අඳුනගන්න බැරිවුණා කණණාඩියෙන් බලද්දි.
මං ගෑණුකෙනෙක් වගේ පේනවද?
බලමු...
ඔයාගෙ ඇස් හරි ගැඹුරුයි...
... දිය සුළියක් වගේ.
ඔයාගෙ කට ජෑම් ගෙඩියක් වගේ, මට ආසයි ඒවයෙ යුෂ බොන්න.
වල් ගෑණි!
ඒ උඹ පිරිමියෙක්නං නේ!
එහෙනං, සාය අස්සට යන්නංකො!
නවත්තනවා!
මේක කියන්න..
මේ ෂාරුක් ඛාන් කවුද?
බයිස්කෝප් වීරයෙක්, නේද?
රාණි! ෂාරුක් ඛාන්?
වීරයෙක් විතරක් නෙමෙයි...
...ගොඩක් ලස්සණ වීරයෙක්.
මං ගොඩ කාලෙකට කලින් එයාගෙ ෆිල්ම් එකක් බැලුවා මනෝජ් එක්ක.
මොකෝ?
එයාගෙන් මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා, වැරදිලා වෙන්න ඇති මගෙ හිතේ.
- කෝල් එකක් ආවා? - පෙන්නනවා!
ඔයාට ෂාරුක්ගෙන් කෝල් එකක් ආව? මට කිව්වෙවත් නැත්තෙ?
අපිට දැනගන්න ලැබුණා...
...මේ චම්පා නැන්දම්මලගෙ ගෙදරින් පැනල ඇවිල්ල කියල.
දෙපාර්ශවයෙ නෑදෑකම අතරෙ ප්‍රශ්ණ ඇතිවෙන්න කලින්...
... මෙයා ආපහු යන්න ඕනෙ.
යන්නෑ !
මගේ මිනිහට මං මලත් ගාණක් නෑ.
තමන්ගෙ මහ ගෙදරට එන එක වැරැද්දක් වෙන්නෙ කොහොමද?
කසාදෙන් පස්සෙ තමන්ගෙ මනුස්සයගෙ ගෙදර තමයි ගෑණු දරුවගෙ ගෙදර.
තමන්ගෙ අම්ම තාත්ත ඉන්න තැන කියල හරියන්නෙ නෑ.
ගමේ ගෞරවය රකින්නනං, ආපහු යන්න.
ලක්දි සහෝදරී, මෙයාව බලාගන්න.
ගිය අවුරුද්දෙ ගංගව බලාගත්ත වගේද?
මොකද්ද වුණේ එයාට?
දිවිනහගත්ත එයා.
දැන් කාලය වෙනස් වෙලා , කීමා අයියේ. අපිත් වෙනස් වෙන්න ඕනෙ.
- නැත්තං, මුළු ගැන්නෙනවා. - කට වහගන්නව, කිෂන්!
ගම් සභාවෙ වැඩවලට ඇඟිලි ගහන්න එපා!
තමුන් කලිනුත් ගමට ගෞරව කලානෙ, අර පරදේසක්කාරිව උස්සගෙන ඇවිදිල්ලා.
ලැජ්ජ නැතිව පරදේසක්කාරිව බයිසිකලෙත් තියාගෙන යනවානේද?
අපි කරන්නෙ මොනවද ජීවත්වෙන්නෙ කොහොමද කියල අපි බලාගන්නම්.
මං අහසින් වැටිච්ච කෙනෙක් නෙමෙයි.
නම නයෝබි. ඉන්නෙ මනිපූර්වල.
මගේ මහත්තය දවස ගාණෙ මාව බස් හෝල්ට් එකට ඇරලන්නෙ..
...මට බස් එක අල්ලගෙන, අල්ලපු ගමේ දරුවන්ට උගන්නන්න යන්න තියන නිසා..
ඒකෙ ලැජ්ජ වෙන්න තියෙන්නෙ මොකද්ද?
තමුන්ගෙ උගත්කම් අපිට පෙන්නන්න එන්න එපා!
අපිත් අපේ පැටි පැටවු ඉස්කෝලෙ යවනවා.
චම්පා...
මේක ඔහේගෙ වගේම මගෙත් ගම!
සිරිත් චාරිත්‍ර කියල ජාතියක් තියෙනවා, කැමතිවෙයං කෙල්ලේ.
වැඩිහිටියො ඉස්සරහ කට ගහගෙන යන්න එපා!
-අපිට උදවු කරන එක නවත්තාවි! - මුනුයි මුන්ගෙ සිරිත්චාරිත්‍රයි අපායට ගියාවේ!
සන්සුන් වෙන්න..සන්සුන් වෙන්න.
අනිත් කාරණේ...
ගමේ ප්‍රධාන කාන්තාව දේවි සහෝදරීට යමක් කියන්න තියනවලු.
ආයුබෝවන්.
මම හැම කාන්තාවක්ම වෙනුවෙන් යමක් ඉල්ලනවා...
ගමේ පිරිමි සති ගණන්වලට පිට ඉන්නේ.
එතකොට ගෑණු අපි දවසම ගෙදෙට්ට වෙලා තනියම.
TV එකක් නැති එකම ගම අපේ එක.
TV එකෙන් පිරිමි අයගේ හිතත් සතුටු වෙයිනේ.
එතකොට, ඒගොල්ලට අර නැටුම් කණ්ඩායම ඕනවෙන එකක් නෑනෙ.
කලින් මොබයිල් ෆෝන් අරගෙන දීපු එකටත් අපි පසුතැවිලි වෙනවා.
තමුන්ලමනෙ කිව්වෙ මොබයිල් ඕනෙ කියල..
...තමන්ගෙ මිනිස්සුන්ගෙ වග විස්තර දැන කියාගන්න.
අපි අරන්දුන්නා.
ඊට පස්සෙ මොකද්ද වුණේ?
මොබයිල් එක හින්දා ෂිවාගෙ දුව හොරෙක් එක්ක පැනල ගියා.
එහෙං අර අල්ලපු ගමේ...
....TV එක බලල එහේ කෙල්ලො කලිසං ගහනවා.
මේක අහපල්ලා...
ඉස්සරහට ගෑණු ලොරි එලවනවත් බලාගතහැකි.
ඒ ඇරත් සල්ලි මදි පාඩුත් තියනවනෙ.
පොඩි ගාණකට දෙන්නෑ ඒවා.
කිෂන් යෝජනා කලා...
...අපේ අත්කම්වලට ලොකු ඕඩරයක් ලැබෙනව කියල.
දුසේරා උත්සවේට කලින් සේරම සල්ලි ලැබේවි.
අපි ගෑණු කට්ටිය තීරණය කලා අපේ සල්ලි එකතුකරල,ගමට TV එකක් ගේන්න.
මුලින්ම සල්ලි එකතු කරගන්න, ඊට පස්සෙ කතා කරගමු.
අදට ගම්සබා රැස්වීම ඉවරයි.
රාම දෙවියන්ගෙ පිහිටයි.
ජය ක්‍රිෂ්ණා!
මාව යවන්න එපා, අම්මේ!
සතුටු වෙන්න , දුවේ...
...මෙච්චර දෙයක් වෙලත් නෑදැයො උඹව එක්කයන්න ආ එක ගැන.
- උඹට සමාව දීලා එයාල! - සමාව? සමාව මොකටද?
මගේ මිනිහ මාව අල්ලන්නෙවත් නෑ. එහා ගමේ හොර ගෑණියක් තියාගෙන ඉන්නවා!
කට වහපං, චම්පා! කට වහපං!
අපිට ලැජ්ජ කලා ඇති හොඳටම!
මං එයාව බලාගන්නම්.
කිෂනුයි, නයෝබියි මට රස්සාවක් දෙයි!
තෝ ඒකිට කතා කරන්න!
අම්මේ, මස්සිනා මට කරදර කරනවා.
ඉඩක් ලැබුණ හැටියෙ මට කරදර කරනවා.
මාමත් කරදර කරනවා!
අහගෙන හිටියහැකිද තමන්ගෙ දුවට වෙන දේවල්?
තාත්ත කවුද කියල දන්නෙ නැති හින්දා, මට ළමයෙක්වත් නැති කරගන්න වුණා!
අම්මේ....උන් මාව මරයි!
මාව ඒ අපායට යවන්න එපා.
එයා ඒවි.
සේරම හරියාවි.
විකටයෙක් වගේ මං.
කුමාරයෙක් වගේ.
මේවගේ ලස්සණ මූණක්.
තාත්තගෙ වගේමයි ඇස්.
මාව කෙල්ලෙක් කලා ඇති.
ලස්සණයි? අත්තම්ම මෙයට කියන්නකො.
ඔයා දැක්කද කිෂන්ගෙ නෝනා?
ලැජ්ජ නැතුව තනියම බස් එකේ යනවා!
ඉණ කෑල්ලත් එලියට දාගෙන!
උඹට මොකටද?
උගෙයි ඒකිගෙයි ඉගෙනුම, අපේ ගම විනාස කරනවා.
උඹ තමන්ගෙ වැඩක් බලාගනිං!
මාත් පොඩි කාලෙ පොත් කියවපු බව දන්නවනේ.
ඒත්, අම්මා කිව්වා "උඹ ඉගෙනගෙන ඉන්දිරා ගාන්ධි වෙන්නද?" ...
"ගෑණු පොත් කියව කියව හිටියම ගෙදර බලන්නෙ කවුද?" කියල.
ඒ හින්ද, අවුරුදු 14දි මාව බන්දවල දැම්මා එයා.
ඔය! ඔයත් මට ඒකමනේ කරන්නේ!
ඒ මදිවට, මේ බිත්තියක් මොකටද?
බිත්තිය මොකටද කියලා....
...කසාදෙන් පස්සේ තේරෙයි.
No comments yet. Be the first to leave one.