The first 200 lines.
මේ කවුද?
බාර් එක ලගට වෙලා ඉන්න.
මෙහෙමද පරන යාලුවෙක්ව පිළිගන්නේ?
ඔහේ හින්දා මම මෙතන සති දෙකක් රස්තියාදු උනා.
මේ පැරීසිය! පොඩ්ඩක් ඇවිදින්න යන්න එපෑ.
මම ආවේ වැඩ කරන්න.
මේ වැඩේ ලේසිවෙන්නේ නෑ. ඔහේ යන්න හදන්නේ සෑහෙන දුෂ්කර පිටිසර පලාතකට...
...ඒක හින්දා මම තමුසේගේ උදව්වට කෙනෙක් ගෙනාවා.
දෙන්නෙක් යන එක අවදානම් වැඩී.
මේක වැදගත් වැඩක්. වැරදීම් වෙන්න බෑ.
ඒක හින්දා තමයි තව කෙනෙක් එවන්න එපා කියන්නේ!
තමුසේ හරි ආසයි වගේ විලියම්,
තනියෙම වැඩ කරන්න.
මේක Red Leaf එකේ වැඩක්, හමුදාවේ ජෛව තාක්ෂණ අංශයේ.
ඔහේට තියෙන්නේ අතිශය දුර්ලභ සතෙක්ගේ,
ජීව විද්‍යාත්මක නියැදි(samples) ගේන්නයි.
ලේ, හම, ලෝම, අවයව.
වැදගත්ම දේ මේක ගැන කිසිම කෙනෙක් දැනගන්න බෑ.
මේක red leaf එකට මිල කරන්න බැරි තරම් වටිනවා.
හැබැයි ඒ ඒගොල්ලන්ට විතරක් මේක අයිති වෙනවනම් විතරයි.
තමුසේ හොයන්න යන්නේ වදවෙලා ගිහින් කියලා හැමෝම හිතන් ඉන්න.
අල්ලගන්න ඉතාම අපහසු අතිශය දුර්ලභ සතෙක්.
නමුත් red leaf එකට සාක්ෂි තියෙනවා ජීවමාන සතෙක් ගැන.
ඌ ලෝකෙම ඉන්න අන්තිම සතා වෙන්න පුලුවන්.
නමුත් ලැබිලා තියෙන සාක්ෂි බොහොම විශ්වාස කටයුතු ඒවා.
ඇසින් දුටු සාක්ෂි දෙකක් ගිය අවුරුද්දෙදි.
මේ සාක්ෂි ගැන කිසිම කෙනෙක් දන්නේ නෑ.
නමුත් බොහොම ඉක්මනට ආරංචිය පිටවෙන්න පුලුවන්
අපිට තියෙන්නේ මාස කීපයක් විතරයි,
සමහරවිට එච්චරවත් නැතිවෙයි.
ඒට පස්සේ මේ සතා අල්ලගන්න ලොකු තරගයක් ඇතිවෙයි.
සමහරවිට දැනටම තරගය පටන් අරන් ඇති.
හෙලෝ.
ඔහේ මොකද කරන්නේ?
එයාව ඇහැරවන්න එපා!
මම මාටින් ඩේවිඩ්, විශ්වවිද්‍යාලයෙන්.
හෙලෝ, මාටින් ඩේවිඩ්.
මම සාස්. මේ මගේ මල්ලි බයික්.
අම්මා කිව්වා ඔයාගේ කාමරේ පෙන්නන්න කියලා.
එන්න.
- බල්බ් එක පිච්චිලා. - නෑ.
ජරා කරන්ට් එක නෑ.
මොකක්?
ජෙනරේටර් එකක්නම් තියෙනවා. ඒකත් කැඩිලා.
ඔහේට පුලුවන්ද ඒක හදන්න?
මගේ ලග කරන්ට් එකෙන් වැඩකරන බඩු ගොඩක් තියෙනවා. මට කරන්ට් එක ඕනේ.
ඇත්ත.
ඒක ඉස්සරනම් වැඩ කරා. එකපාරටම කැඩුනා.
තාත්තා කියන්නේ මේ මළජරාවේ ගන්න දෙයක් නෑ කියලා.
කෝ තාත්තා?
අරෙහේ තියෙන කැලේට ගියා.
එයා ඉක්මනටම එයි.
තමුසෙට බැරිනම් එයා හදයි ආපහු ආවම.
ඇල්වතුර විතරයි එන්නේ.
ඕහ්... වැසිකිලිය තියෙන්නේ එළියේ.
මොනවද ඔහේට ඕනේ?
බාත්රූම් එක ටිකක් පාවිච්චි කරන්න ඕනේ.
මුලින් මොනවාහරි බීලා හිටියොත් නරකද?
හරි.
බියර්?
ඔව්.
කාමර තියෙනවද?
ඔක්කොම පිරිලා.
පොඩි කාමරයක්වත්?
ඉඩ නෑ. හැමදාම ඉන්න අය ඉන්නේ.
දෙගුනයක් ගෙව්වොත්?
තුන්ගුනයක් ගෙව්වත් වෙනසක් වෙන්නෑ.
අළුත් එකා!
අළුත් එකා!
- තමුසේට ඉන්න තැනක් ඕනෙද? - ඔව්.
ඔව්.
තමුසෙට තැනක් හම්බවෙන්නේ නෑ.
- තමුසෙ පිටදේශක්කාරයෙක් නේද? විශ්වවිද්‍යාලෙක. - තැනක් තියෙනවානම් කියනවා. මම හොදට ගෙවන්නම්.
නෑ.
ප්‍රශ්නේ මේකයි...
...අපි කැමති නෑ මෙහෙට එන පාරිසරික සංරක්ෂන කරදරකාරයින්ට.
තව හිටියොත් තමුසෙට වෙන්නෙත් අර කලින් හිටපු...
ජාරා ආම්ස්ට්‍රෝංග්ට වෙච්ච දේම තමයි...
චුතවෙලා යනවා මෙහෙන්!
- තමුසෙගේ වාරය, ඩගී. - එනවා.
මම තැනට ආවා. නවාතැන... මම හිතපු තරම් හොඳ නෑ.
සන්නිවේදනය ටිකක් ප්‍රශ්නයක් වෙයි, ඒක හින්දා
වැදගත් දෙයක් ලැබුනොත් විතරක් කෝල් කරන්නම්.
මොකක් ගැනද සින්දුවෙන් කියන්නේ?
දුක හිතෙන එකක් වගේ...
ඒ වගේ අඬන්නේ.
ඒ අඬනවා නෙවෙයි.
ජීවිතේට සින්දු අහලා නැද්ද?
තියෙනවා. තාත්තා කැමති "The Boss" ට.
කවුරු?
"The Boss".
බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්.
ඌ නියමයි!
තට්ටු කරන්නැතුව එන්න එපා.
ඔයා හොයන්නේ අපේ තාත්තවද?
නෑ මම හොයන්නේ ටැස්මේනියානු ව්‍යාඝ්‍රයෙක්ව.
අපේ තාත්තව දැක්කොත් කියනවද ගෙදර එන්න කියලා?
මම ආයේ එන්නේ දවස් දොලහකින්
ඇවිල්ලා දවස් දෙකක් ඉන්නවා මගේ වැඩ කරන්න.
මම ලබන බදාදා වෙනකොට ආවේ නැත්නම්...
මේකත් අරන්යන්න.
ඔයා ලග ටික කාලෙකට තියාගන්න.
මේ ඉන්නේ තාත්තා. මේ තියෙන්නේ අපි එයාට දීපු උපන්දින තෑග්ග.
දැන් දන්නවනේ එයාගේ හැඩරුව.
හරි.
හතරයි හතරයි තිතයි තුනයි බින්දුව
එතන තමා මම යන තැන.
සිතියමේ ළකුනු කරලා තියෙන්නේ. හොදට අහගන්න...
- ඔයාගේ අම්මා නැගිට්ටම... - මම දන්නවා. දවස් දොලහයි.
ජැක් ඇවිල්ලා.
- කෝ මගේ චණ්ඩියෝ දෙන්නා? - ජැක්!
කොහොමද කෙල්ලේ.
කොහොමද මිත්‍රයා.
මේ ඉන්නේ.
සුභ දවසක් ජැක් මින්ඩි.
මාටින් ඩේවිඩ්, කොහොමද වැඩ?
- කොහොමද කාමරේ? - හොඳයි.
ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න.
මෙතන හොදයි ඔහේගේ වැඩ වලට. නිශ්ශබ්දයි පහසුයි.
විශ්වවිද්‍යාලෙන් මට කිව්වා ඔහේට මග පෙන්වන්නෙක් ඕනේ කියලා.
- ඇත්තට? - ඔව්. මට පුලුවන් ඔහේට මග පෙන්වන්න එන්න...
- නෑ නෑ කරදර වෙන්න එපා. - අපොයි ඒක කරදරයක් නෙවෙයි.
ඔහේගේ බඩු ටිකත් අරගෙන මගේ ට්‍රක් එක පස්සෙන් එන්න.
කවුද ඒ?
ඒ පරිසර සංරක්ෂණ එකෙන්. මෙහේ නවාතැන් හදන එකට ඒගොල්ලෝ විරුද්ධයි.
ජාරා තමයි මේවා පටන්ගත්තේ.
ළමයින්ගේ තාත්තා?
ඔව් ජාරා.
ජාරා හොඳ හාදයා.
පරිසරය රැකගන්න ඕනේ දෙයක් කරයි.
- දැන් කොහෙද මිනිහා? - ගිය අවුරුද්දේ අතුරුදහන් උනා.
මිනිහා එයාගේ විශ්වවිද්‍යාල වැඩ කරන්න කියලා කැලේට ගියේ....
ආයේ ආවේ නෑ.
විශ්වවිද්‍යාලයෙන් කිව්වේ නැද්ද ඔහේට ඒක ගැන?
මම වැඩ කරන්නේ වෙන විශ්වවිද්‍යාලෙක.
මිනිහා ගැන සති දෙකක් තිස්සෙම හෙව්වා.
කිසිම සලකුණක් හම්බවුනේ නෑ.
එතකොට එයාගේ බිරිඳ?
ලුසී ඉන්නේ ඔත්පල වෙලා. එයා...
මම මට පුලුවන් විදිහට උදව් කරනවා.
ඔහේගේ නවාතැන් කුලිය ඒගොල්ලන්ට සෑහෙන්න වටිනවා.
මේ යන හරියේ මග සළකුනු මතක තියාගන්න.
ඔහේ මොනවා ගැනද අධ්‍යයනය කරන්නේ?
ව්‍යාඝ්‍රයෝ ගැන.
ව්‍යාඝ්‍රයෝ කියන්නේ කරදරකාරයෝ.
ඒත් අපිට ගානක් හොයාගන්න උදව් වෙනවා.
කොහොමද?
මෙහෙට ගොඩක් සංචාරකයෝ එනවා ටැස්මේනියානු ව්‍යාඝ්‍රයෝ බලන්න හිතාගෙන.
උන් හිතාගෙන ඉන්නේ මේ හරියේ දවසක් ඇවිදලා,
වඳවෙලා කියලා සලකන සතෙක්ව බලාගන්න පුලුවන් වෙයි කියලා.
ඔහේ මොකද හිතන්නේ ඒක ගැන?
මට එකෙක් කෑගහනවානම් ඇහිලා තියෙනවා.
මම පොඩිකාලේ, තාත්තා එක්ක කැලේට ආපු වෙලාවක.
අවුරුදු පනහකට කලින්.
ඉඳලා හිටලා කවුරුහරි කෙනෙක් දැක්කයි කියලානම් කියනවා...
...ඒ උනාට කාටවත් බෑ ඔප්පු කරන්න.
මේක ඔහේට විනෝද චාරිකාවක් වෙන එකක් නෑ මිස්ටර් ඩේවිඩ්...
...මෙහෙ සමහර තැන්
සිතියම් වලත් ලකුණු කරලා නෑ.
චන්ද්‍රිකා සිතියම් වලනම් තියෙනවා ඒ උනාට කවුරුවත් ඒ හරියට ගිහිල්ලා නෑ
ජාරා ආම්ස්ට්‍රෝංග්ට මොකද වෙන්න ඇත්තේ?
මිනිහා කොහේහරි වැටිලා...
කකුලක් කැඩිලා...
ඇවිදගන්න බැරුව හාමත්වෙන්න ඇති...
ඊට පස්සේ ව්‍යාඝ්‍රයෝ වැඩේ දෙන්න ඇති.
උන්ට අවස්ථාවක් හම්බවුනොත් පණපිටින්ම කාලා දානවා.
මිනිහගේ කිසිම සලකුණක් හම්බ වෙච්ච නැති එක පුදුමයිනේ.
මම හිතන්නෑ ගොඩක් අයට සලකුණක් හොයාගන්න ඕනේ උනා කියලා.
ජාරාට ගොඩක් හතුරෝ හිටියා.
මිනිහා පිටදේශක්කාරයෙක්, තමුසේ වගේ.
කැලේ ආරක්ෂා කරන්නයි හැදුවේ.
කැලේ ගස් කපන එකෙන් තමයි මෙහෙ මිනිස්සු ඔක්කොම ජීවත්වෙන්නේ.
ඒක කරගන්න බැරිඋනොත් මේ ටවුන් එක නැති වෙනවා. මෙහෙ මිනිස්සුන්ට මිනිහා පෙනුනේ.
ඇඳට රිංගන්න ආපු නයෙක් වගේ.
දෙවියනේ!
මේ පලාතේ දෙවියෝ නෑ මිස්ටර් ඩේවිඩ්.
බොහොම ස්තූතියි මිස්ටර් මින්ඩි. මෙතන ඉඳන් මම තනියම යන්නම්.
මොකක්?
මම කැමතියි තනියම යන්න.
තමුසෙට විශ්වාසද ඒක...
ඔව්.
මට විශ්වාසයි.
තමුසේ කැමති විදියනේ ඒක...
එහෙනම් මම යනවා.
සති දෙකකින් හම්බවෙමු.
පරිස්සමෙන් වැඩකරනවා.
සුභ දවසක්.
තමුසේ ආයෙත් ආවා එහෙනම්.
- හොයපු දේවල් හම්බවුනාද? - ටිකක් දුරට.
ව්‍යාඝ්‍රයෝ දැක්කද?
ඔව්.
ශක්තිමත් උන්ද දුර්වල උන්ද?
ශක්තිමත් උන්.
හරි මම ඔහේට ඉඩදෙන්න ඕනෙනේ.
උවමනා කරන බඩු වගයක් ගෙනාවා.
රෑ කෑම හදලා තියෙන්නේ.
- අර තාත්තද? - කෝ? ආහ් ඔව්.
මල්ලි තමා ඇන්දේ.
- ඇයි එයා ඔලුව කහන්නේ? - ඒ ඔලුව කහනවා නෙවෙයි.
එයා මොනවද හොයනවා.
No comments yet. Be the first to leave one.