Assassin's Creed: Lineage

Assassin's Creed: Lineage

Download Sinhala Subtitle

Release info

Assassins Creed II 2009 DVDrip-WBZ DK
A Commentary by 91280282555
http://www.facebook.com/tharindu.jeewantha.3 (www.t-mediasinhalasubtitle.blogspot.com)

Tags

DVD
DVDRip
dvdrip
dvdr
Published on: 2014-03-31
Downloads: 40
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 107 lines.

Assassin's_Creed_Lineage_Mini Subtitle_Creat_By Tharindu_Lakmal_Jeewantha

1476, ඉතාලියේ නව යුගයක ආරම්භය.

කලාව, සංස්කෘතිය සහ විද්‍යාව මඟින් මිනිසුන්ගේ සිත් ප්‍රබෝධමත් වෙමින් තිබුනා.

පුනරුදය,

මේක බොහෝවිට අපිට ඉතිහාසය මතක්කරන මාර්ගයක් වෙන්න පුලුවන්.

ඒත් ධනයෙන් යටවූ අඳුරේත්, දැනුමේත් තවත් එක් සත්‍යයක් පවතිනවා.

දූෂණය.

පාවාදීම.

මිනීමැරීම.

රහස්.

රහස් ඉතාම භයානක වෙන්නේ, ඒවා මගේ පවුලෙනුත් සඟවගෙන ඉන්නකොට.

පවුල, යුක්තිය, ගෞරවය,

මේවා තමයි මගේ තලය හසුරවන වටිනාකම්.

රුධිරයේ සහ අඳුරේ මේ සත්‍යය ලියවිලා තිබුනා.

මම තමයි ජොවානී ඔඩිටෝරී,

මගේ මුතුන් මිත්තන් වගේම,

මමත් මිනීමරුවෙක්.

ඔයා මාත් එක්ක එනවා, අවන්ති.

ෆ්ලෝරන්ස් වලට එන්න කලින් මම එයාලව නැවැත්තුවා. අවාසනාවකට, උතුමාණනි,හතර දෙනෙක් පලාගියා

මොනවද ඔයාට අහන්න ලැබුනේ, ජොවානි?

කටකතා.

බලය මාරුවීමට හේතු වන වැදගත් සිදුවීමක් ගැන.

අර ඔයා අල්ලගත්ත මිනිහා, තාමත් කතා කලේ නැත්ද?

එයා දන්න දේවල් අපිට කියාවි.

කවද්ද?

කියනවා මට කවද්ද කියලා!

මිලානෝ වල, නත්තල් දවසේ.

වැඩි පිරිසක් ආවේ සැන්ටෝ ස්ටිෆානෝ පූජකතුමා ගාවට.

මිලානෝ

කොයි වෙලාවෙද?

ගීතිකා වල දෝංකාරය වැඩිවෙත්දී, අල්තාරය උඩදී...

අවසන් වතාවට 12ට ඝණ්ටාරය වදිත්දී,

අල්තාරෙදී, ගීතිකා වල,

දෝංකාරය වැඩිවේවි

අවසන් වතාවට 12ට ඝණ්ටාරය වදිත්දී,

මිලානෝ වල ආදිපාද තුමා,

මැරේවි...

නවත්වන්න! නවත්වන්න!

එයාව මරන්න එපා.

වස්තුවේ...

එත්සියෝ ඉක්මනට ඉගෙන ගන්නවා.

ඒක මට මතක් කරවන්නේ ඔයාව.

ඒත්සියෝ, මතක තියාගන්න, ඔයා ඉදිරිය ගැන හිතන්න ඕනෙ.

ප්‍රතිවාදියාට හෙලවෙන්නවත් ඉඩක් තියන්න එපා. ඉක්මන් වෙලා ඔහුව පුදුම කරන්න.

කොහොමද තාත්තේ?

හොඳයි, හොඳයි.

මිලානෝහි ආදිපාදවරයාගේ මරණයත් සමඟ, ලොරෙන්සෝ ද මෙඩිචිට බලවත් පාක්‍ෂිකයෙක් නැතිවුනා.

මට විශ්වාසයි එයාගෙ හතුරො දැනටමත් ඊළඟ පියවර සැලසුම් කරලා ඇති.

ෆෝසාගේ මරණය අවසානය නෙවෙයි.

ඒ පටන්ගත්තා විතරයි.

මම දන්නවා ඊළඟට මට සටන් කරන්න වෙන්නේ කොහේදිද කියලා.

ඔයා අතීතයේදී අපිට හොඳින් සේවය කරලා තියනවා.

අපි මේ ලියුම අපේ මාස්ටර්ට යවන එක.

ඔයාට බාරදෙන්නේ ඒකයි.

නියමයි. ඒක නම් නියමයි.

අවුරුසු ගානකට පස්සේ, අපේ වෙලාව ඇවිත්, මස්සිනා.

ඔව්.

ඔයා මේ ලියුම ඔයාගේ පණ වගේ ආරක්‍ෂා කරන්න ඕනෙ

ඒක බාරදෙනකම්ම, මම කියන දේ තේරෙනවා නේද?

කැම්පස් සෙන්ට් ඇන්සෝනෝ වලට යන්න.

පිළිමයක් ලඟ වෙලෙන්දෙක් ඉඳීවි.

එතන මිනිහෙක් ඔයා එනකම් බලාඉඳියි.

වැඩේ වරද්දගන්න එපා.

උඹේ ලොක්කගෙ සැලැස්ම මොකක්ද?

කතාකරපන්.

දෙයියන්පල්ලා, මම උඹේ බෙල්ල කපනවා.

මගේ ජීවිතේ මම උඹට ගන්න ඉඩ තියන්නේ නෑ. මගේ රහස් මාත් එක්කම වැලලේවි.

අපායෙදි හම්බෙමු.

මෝඩයා.

ෆ්ලෝරන්ස්

ජොවානි, ඔයා වෙනීසියේදි මොනාහරි හොයාගත්තද?

මම මේ ලියුම යවන එක නතර කලා.

මේක බලන්න, උතුමාණනි.

ඒකෙ බාබෙරිගෝස්ලගෙ සීල් එක තියනවා.

මම කවදාවත් එයාලව විශ්වාස කලේ නෑ.

රහසිගත.

කේතනය කළ ලියුමක්.

මේකෙ රහස දැනගන්න පැය කීපයක් ගත වෙයි.

ඒක ඉවර උනාම මම ඔයාට එවන්නම්, ජොවානි.

ටිකක් විවේක ගන්න.

මාෆෙයි පියතුමා.

ඔයා කේතය කැඩුවා. ඒක හොඳයි.

ඔයා මාව කලකිරවන එකක් නෑ කියලා මම දැනගෙන හිටියා මාෆෙයි පියතුමා,

යන්න ජොවානි එක්කන් එන්න.

එයාට කියන්න ඉක්මනටම යන්න වෙයි කියලා.

මම ලොරෙන්සෝ එනකම් ඉන්නවා. පියතුමා...

මතක තියාගන්න, ඔයා නිහඬතාවය රැකගන්න ඕනෙ.

රහස් ඉපදෙන්නෙත් මෙහේ.

මිය යන්නෙත් මෙහේ.

ලියුමේ තිබුන දේවල් කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා.

කැපීෂි?

හොඳයි, දැන් ඔයාට යන්න පුලුවන්.

ඉක්මනට ආපහු එන්න.

මම පොරොන්දු වෙනවා.

අපේ පුතා බලන් ඉන්නේ.

මම දන්නවා.

ඔයා එයාට කතා කරන්න ඕනෙ.

මම කතාකරන්නම්.

මට කියන්න තාත්තා, ඇයි අර බැංකුවේ මිනිහට එච්චර රෑ වෙලා යන්න උනේ?

- රාජකාරි වැඩ, පුතා. - මටත් ඔයත් එක්ක එන්න දෙන්න.

බෑ.

ඇයි බැරි?

මට ඔයාව ඕනෙ ඔයාගෙ සහෝදරයට උදව් කරන්න.

මම නැති වෙලාවට මගෙ පවුල බලාගන්න.

මට ඕනෙ ඔයාට උදව් කරන්න.

ඔයා හිතන් ඉන්නවට වඩා ඔයා මට උදව් කරනවා, එත්සියෝ.

ඔයා හිතන් ඉන්නවට වඩා.

More Sinhala subtitles for Assassin's Creed: Lineage

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left