The first 200 lines.
මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.
දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.
අයින්ස්ටයින්ට තිබුණෙ 160.
මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,
මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට
දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,
අපිට විතරක් විසඳන්න පුළුවන්
තර්ජන ගැන සොයමින්
ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.
සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.
හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.
නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.
එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.
එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.
අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.
ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)
හේයි, වෙන්කිරීමක් ඇති දෙන්නෙකුට, Curtis නමින්.
ඔයාගේ හිතවතා එනකම්, මං බොන්න මොනවාහරි ගේන්නද?
එපා, ස්තුතියි, ඔහු දැන් ඒවි.
එකට එකයි.
Baker නැවතත් බලා සිටිනවා.
Brock දෙවනියට සහ, Russell ඉදිරියෙන්ම.
පිටිය සූදානම්.
එකට එකයි
තව එකක් ගේන්නද?
මං අද ඕකව මරනවා.
සම්භාවිතා සිද්ධාන්ත වලට අනුව කියවෙන්නෙ,
කාටවත් අනාගතය ගැන අනාවැකි කියන්න බැහැ
නිරවද්‍යම නියත බවක් තිබුණත්.
මේක ඊට වඩා වෙනස්-- ශුන්‍ය අවස්ථාවක් තියෙනවා
ඇය ඔයාගේ සමාව පිළිගනීවි කියලා.
මං සමාව ගන්නෙ නෑ; මං බඩ ගාන්න යන්නෙ.
තේරුණා, ඒත් තාමත් ලොකු සම්භාවිතාවක් තියෙනවා,
- ඇය ඔයාට මොකකින් හරි දමලා ගහවි කියලා. - කට වහනවා.
වාසනාවන්!
සාමකාමී පිරිනැමීමක්.
මේ චොකලට් වල නට් තියෙනවා.
තේරුණාද? මුරිච්චි?
වැඩේ හොඳට කෙරෙනවද?
මට නම් කිසිම හැඟීමක් නෑ,
මේක දිහා බලන් ඉන්න එකත් අපහසුවක්.
ජෝන් 8:32. "සත්‍ය පැවසීමෙන් ඔබට නිදහස් විය හැකිය."
මම මෝඩයෙක් කියන එක තමයි ඇත්ත,
මං අපේ හමුව ගැන ගොඩක් කලබල වෙලා හිටියේ,
ඒ නිසා මං ඒකට බෙහෙත් පෙත්තක් බිව්වා.
පේන විදියට, ඒකෙන් බාගයක් විතරක් බොන්නයි තිබුණෙ,
මොකද මට උදේ 6 වෙනකම් ඇහැරුණෙ නෑ.
ඒ නිසා මං බොහොම බැගෑපත්ව ඉල්ලනවා,
මේක පිළිගන්න කියලා.
එහෙම වෙයි කියලා හිතුණා.
ෆ්‍රෑන්ක්! එන්ඩෝ!
ෆ්‍රෑන්ක්, මෙහෙන් යන්න ඒක ආරක්ෂිත නැහැ.
ඒක හරි ගියේ නෑ නේද?
වාව්, හොඳ මොළේ 197 මහත්තයා.
දැක්ක දෙයක් කියන්නද?
ඔයා ඉගෙන ගත්තෙ බාලාංශ පාඩමක්.
රැකියා ස්ථානයේ පටලැවිලි
වලට බෙහෙත් නෑ, අසාර්ථක වෙනවාමයි,
කරන දේවල් කඩාකප්පල් වෙනවා...
ව්‍යාපාර වලදි.
ඕහ්, එහෙනම් ව්‍යාපාර වලට විඳවන්න වෙන්නෙ,
මොකද මං වැඩේ අතාරින්නෙ නෑ.
මං නම් කියන්නෙ ඒක අතාරින්න කියලා.
ආදරය සහ රැකියාව කියන්නෙ...
වතුර සහ තෙල් වගේ.
මේක....
පෙන්නුම් කරන්නෙ A
විපරීත බලපෑම ගැන,
සාමාන්‍ය හැඟීම් නවත්ත ගන්න බැරිකම
ඔයාට අඩුගානේ මේ කාටුන් එක මකා ගන්නවත් බැරි උනා.
ඔයයි පේජුයි අත් අල්ලන් ඉන්න එක.
මං නිකන් බෝඩ් එක මකලා දැම්මා විතරයි. ඉතිරි උනේ මොනවද කියලා බැලුවෙ නෑ.
තවදුරටත් විපරීත බලපෑම,
ඔයාගේ හැඟීම් උද්දීපනය වෙලා තියෙන්නෙ,
මේක පැහැදිලිවම
මනෝමය සංඥාවක්.
ඇය කෙරෙහි තියෙන හැඟීම් ගැන, Drew ඉක්මනින්ම මෙහේ එනවා.
ඒ නිසා මං කියන්නෙ, ඔයා පැත්තකට වෙලා බලන් හිටියොත්,
ඔයාට සෙල්ලම පරදින්නයි වෙන්නෙ.
ඕහ්, සෙල්ලම්.
මං ආසම දේ.
හරි.
Maya Hernandez, ගිණුම්කාරියක් ලෙස
නිකරගුවාවේ දරුණු අපරාධ කල්ලියකට සේවය කර තිබෙනවා.
එය DL නමින් හැඳින්වෙන අතර ඊයේ දිනයේ වෙඩි තැබීමකට ලක්ව තිබෙන්නේ,
ඇයව උසාවියට රැගෙන යන අතරතුරදීය.
ඇය මෙයින් යන්තමින් දිවි බේරා ගෙන ඇත.
හේයි, හැපී තඹ වල තියෙන ටයිටේනියම් මකලා දානවා.
ඒකෙන් ඉලෙක්ට්‍රෝන හුවමාරුව අසාර්ථක වෙනවා.
මං පොලීසියට කතා කරන්නද?
මොකක්?
එපා. ඇය....
ඇය කලබල වෙලා ඉන්නෙ ටෝබි එක්ක සිද්ධ උන දේ නිසා.
අසමගිය... කණ්ඩායමට හොඳ නැති දෙයක්.
ඔයා ඒ ගැන බලන්න හැමදේම,
මේ පෙම්හමු මල ඉලව් වලට කලින් තිබුණු විදියට හරිගස්වන්න.
ඒක සිද්ධ වේවි.
මට ප්‍රශ්ණයක් තියෙනවා.
හරි.
හෙලෝ. මේක තමයි අන්තිම කප් එක
මං ආසම බෙරි දාපු යෝගට් එක
ශීතකරණයේ තිබුණෙ.
ඒත් දවස් 2 කට කලින් කල් ඉකුත් වෙලා.
ඉතින්?
ඉතින් මං ඒක කෑවොත්, වේගයෙන් පැතිරෙන බැක්ටීරියා ආසාදනයකට අවදානමක් තියෙනවනේ?
ඒක ගැනද ඔයා වද වෙන්නෙ? අපොයි!
අර ඉන්න කාන්තාව...
ලොකු අපරාධ කල්ලියක ඉලක්කයක් වෙලා මැරෙන්න යනවා,
ඔයා වද වෙන්නෙ යෝගට් එකක් ගැනද?
- Hernandez, ඇය විසින් - එහෙනම්...
අපරාධ කල්ලියේ මූල්‍ය කටයුතු පිළිබඳව දැක්වූ මනා හැකියාව නිසා,
ලබන සතියේ ඔවුන්ට විරුද්ධව සාක්ෂි ලබා දීමට සූදානම්ව සිටී.
Ventura ප්‍රදේශයේදි,
ඇයට මුහුණ දීමට සිදුවූ තත්වය හේතුවෙන් ආසන්නතම ස්ථානයක් ලෙස එය තෝරා ගෙන ඇත.
මෙම DL කල්ලිය මෙහෙයවනු ලබන්නෙ Hector Menjivar,
මේ දක්නට ලැබෙන්නෙ 2009 වසරේදි ලබා ගත් ඔහුගේ ඡායාරූපයකි.
ඒ ඔහු අපරාධයක් වෙනුවෙන් වසර 3කට සිරගත වූ අවස්ථාවේදීය.
- පව් ඒ කාන්තාව. - ඔව්.
- හිතා ගන්න පුළුවන්ද එහෙම කට්ටියක් ඔයාගෙ පස්සෙන් ආවොත්. - අළුත් වැඩක්.
- ඕහ්. මොක්කද ඒ? - මේක.
DL කල්ලිය නිකරගුවාවෙන් පැන ගත්තෙ අසූ ගණන් වල.
හොර බඩු ජාවාරම් කරන්න ගත්තා.
පොඩි වැඩකාරයන්ට රස්සාවල් ලැබුණා.
කාලෙකට පස්සෙ උන් කුලියට බඩු ප්‍රවාහනය කරන්න ගත්තා.
මත්ද්‍රව්‍ය, තුවක්කු, මිනිස්සු, හොරට ගෙනියන ඕනෙම දෙයක්.
උන්ගේ වාහන වලට ගෙව්වම ගෙනියනවා.
උන්ගෙ ලොක්කා, Hector Menjivar.
රජය උත්සාහ කරනවා ඔහුව ජීවිතාන්තය දක්වා සිරගත කරන්න.
ඌ පැන ගන්නවා. මේ සාක්ෂිකාරිය, Maya Hernandez,
- ඇයත් මේ කල්ලියෙ කෙනෙක්ද? - ඇය සිවිල් වැසියෙක්.
එයාලගේ ගිණුම් කටයුතු වලට රැකියාවට ගිය අසල්වැසියෙක්.
ඇයට අවු 19 දි.
සැමියා රියැදුරෙක්. එයාලට කිසිම අදහසක් තිබිලා නෑ
දැන් වෙනකම් කාටද වැඩ කළේ කියන එක ගැන.
ඔයා කිව්වෙ ඇයගේ සැමියා රියැදුරෙක් වෙලා හිටියා කියලද?
ඔහුව මාස කිහිපයකට කලින් මරලා දාලා.
ඔහුගේ ශරීරය හමුවෙලා තියෙන්නෙ සැන් ෆ්‍රැන්සිස්කෝ වල උතුරු ප්‍රදේශයෙන්.
සමකාලීනයන් ඔහුගේ ත්‍රස්තවාදය පැතිර වීම විනාශ කරනවා.
ඒ නිසා තමයි ඇය අපිට, DL කල්ලිය නැති කරලා දාන්න උදව් කරන්නෙ.
මිනිස්සු මේ කල්ලියට බයයි.
කවුරුත් කැමැත්තෙන් මුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නෙ නෑ.
ඒත් මුන්ගෙ වැඩ ගැන දැන ගන්න අවශ්‍ය වන ගිණුම් පොත් හොයා ගන්න බැරි උනා.
ඇය තමයි ඇම
ඉතින් ඔයාලා උන්ව අල්ල ගන්න නියම තුරුම්පුවක් හොයා ගත්තා.
ඇයත් ඒකෙ කොටස්කාරියක් විදියට පෙන්නුවා,
ඊට පස්සෙ ඇයට කිව්වා සාක්කි නොදුන්නොත් දඬුවම් ලැබෙනවා කියලා.
ඒක කපටි වැඩක්.
අපි ඇයට ආරක්ෂාව සපයනවා.
ඔයාලගේ ආරක්ෂාව යටතේ තව පොඩ්ඩෙන් ඇය මැරෙනවා.
ඒක නිසා තමයි අපි මෙහේ ආවේ.
U.S. මාෂල් අයත් එක්ක එකතු වෙලා
සාක්ෂිකාරියව ආරක්ෂිතව ගෙනියන්න.
- ලොස් ඇන්ජලිස් ඉඳන් Ventura වලට. - ස්ලයි?
අපි යෝජනා කරනවා,
සම්මත විදියට සමූහයක් වගේ යන්නෙ නැතුව එක පෙළට යමු.
ඒකෙන් ආවරණ වන කලාපය අඩු වෙනවා වගේම අවධානම අඩු වෙනවා,
ඒකෙන් DL ගේ අන්තිම වීර ක්‍රියාව වගේ දේවල් කරන්න බැරි වෙනවා.
අපි Ms. Hernandezව හතරවෙනි වාහනේට දාමු.
3 නියමයට අනුව, මිනිස් මොළය වෙහෙසට පත් වෙනවා,
එක පෙළට තියෙන වාහන 3ක් දැක්කට පස්සෙ,
ඒකෙන් හතරවෙනි වාහනය ආරක්ෂිත තත්වයට පත් වෙනවා,
තව කියනවා නම්, අපි පාවිච්චි කරන්නෙ,
ආරක්ෂිත කාර්, මොකද රවට්ටන්න ලේසි නිසා.
අන්තිමට, මායා මේ වගේ එකක් අඳින්න ඕනෙ.
ඇය සාක්ෂිකාරියක්. සිරකාරියක් නෙවෙයි.
ඔව්, හැමදාම සිරකරුවන් හුවමාරු සිද්ධ වෙනවා.
DL එක හොයන්නෙ සාමාන්‍ය ඇඳුම් ඇඳන් ඉන්න කෙනෙක්ව.
ඒ නිසා තැඹිලි පාට ඇඳුමකින් ඇත්තටම ඇය අඳුරගන්න අමාරු වෙනවා.
හරි. තව?
මගේ කණ්ඩායම ආරක්ෂිත රථය පස්සෙන් එනවා කේබ් එක්ක.
ජංගම තාක්ෂණ අංශයක් විදියට.
සිල්වෙස්ටර් GPS පද්ධතිය හැක් කරලා මාර්ග තදබදය අයින් කරාවි.
හැපී යාන්ත්‍රික වැඩ ටික බලා ගනීවි.
ටෝබි අපිට ප්‍රහාර එල්ල වෙන රටා ගැන බලා ගනීවි.
මම ඔයා එක්ක මායාව අරන් යන්නම්.
මං පිටිපස්සෙ ඉඳන් ඔක්කොම ටික බලා ගන්නම්.
ඒ කියන්නෙ ඔයාලා කැමතිද අපිත් එක්ක මේ වැඩේ කරන්න?
තේරෙන්න ඇතිනේ,
එයාලා කිව්වෙ: හොඳට, ඉක්මනින්ම, ආචාරශීලී විදියට.
දෙකක් ගන්න.
ගෑණියේ, මේ ජම්පරය මට පොඩි වැඩියි.
ඒක සයිස් 4. ඔයානේ කිව්වෙ 4 ඇති කියලා.
ඕහ්, මට පේන්නෙ හිර ගෙදර ඇඳුම් සයිස් පොඩි වැඩියි වගේ.
වෙන එකක් දෙන්න පුළුවන්.
මොකක්හරි
මට කණගාටුයි ඔයාගේ සැමියා ගැන.
අපි ඔයාව ආරක්ෂා කරන්නම්.
මාව ආරක්ෂා කරන්න? ගෑණියේ,
පේජ්. අනේ... පේජ්...
ඔයාලා කට්ටිය මාව ගෙනියන්නෙ මගේ අවමඟුලට,
ඉතින් මං මොන මඟුලක් ගැන වද වෙන්නද
මං අඳින එක වැඩක් නෑ. හරිද? මාව ඒකත් එක්කම වළ දාන්න වෙන්නෙ.
මං කේබ් එක්ක යන්නම්.
පරිස්සමින්.
සිල්වෙස්ටර්, අපිට යන්න පුළුවන් ලේසි පාරක් තියෙනවද?
මම ස්ථායී GPS එක්ක බොරු දුරකථන මාරු කරනවා.
ඒකෙන් අපිට යන්න පුළුවන් මාර්ගයක් හදා ගන්න පුළුවන්,
ඇතුල්වීම වෙනකම්ම,
ඒක තාත්වික කාර් පදින සෙල්ලමක් වගේ තමයි.
කවුරුත් අපේ පාරට එන එකක් නෑ. හෙමීට යන්නයි තියෙන්නෙ.
No comments yet. Be the first to leave one.