In the Heart of the Sea

In the Heart of the Sea

Download Sinhala Subtitle

Release info

In the Heart of the Sea 2015 720p BluRay x265 ShAaNiG
A Commentary by RoshanMalinda
සියලු අයිතිය බයිස්කෝප් අඩවිය සතුයි......

Tags

BluRay
720p
720
x265
Published on: 2016-04-23
Downloads: 81
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

☯ "කසුන් කරුණාතිලක" ☯ විසින් කළ උපසිරැසි ගැන්වීමකි.

කෙනෙක්ට කොහොමද දැනගැනීමට නොහැකි දේ දැනගන්න ලැබෙන්නේ?

මොන ඉන්ද්‍රියද දියුණු වෙන්න ඕනේ?

තල්මස් තෙල් වලින්

අපේ නගර කලින් නොතිබූ විදියට ආලොකමත් කරන්න පුළුවන් බව,

එය ලෝකව්‍යාප්ත ඉල්ලුමක් බවට පත් වුනා.

ඒ මඟින් අහම්බෙන්ම මිනිසුන් තල්ලු කරා

තෙරක් නොපෙනෙන මුහුදේ ඈතටම.

අපි දන්නවා ඒ ගැඹුරට නෙමෙයි,

ඒ තරම් ගැඹුරක සත්තු ජීවත් වෙන්නෙත් නෑනේ.

රාක්ෂයෝ , එයාලා ඇත්තක්ද?

හෝ ඒ කථා තියෙන්නේ මුහුදේ අඳුරු රහස් වලට අපි ගරු කරන්න ඕනේ නිසා විතරද?

ඒ ප්‍රශ්න දෙකම මාව කුපිත කරවනවා කලබල කරවනවා,

ඒ නිසයි මම ඔබව මුනගැහෙන්න දෙපාරක්ම ඔබෙන් අවසර ඉල්ලුවේ.

ඔබ සමඟ කථාබහකට, සර්,

මම විශ්වාස කරනවා එය මම මේ ලියන්න අදහස් කරන කතාන්තරයට,

දැනට නම් කරලා තියන " මොබි ඩික් " කථාවට.

මං හිතනවා ඔයා මේ ගැන සලකා බලයි කියලා.

නොදන්නා රහස්, අහම්බෙන් වුනත් මගෙ කල්පනාව පියමනින්නේ ඒ දෙසටයි.

ඒ වගේම, ප්‍රශ්නය මගේ හිතේ ඔඩු දුවනවා:

මිනිසා කොහොමද දැනගැනීමට නොහැකි දේ දැනගන්නේ??

අවංක, හර්මන් මෙල්විල්.

මෙතන වහලා තියෙන්නේ!

අටෙන් පස්සෙ නැවතුම්කරුවන් ඇතුලට ගන්නේ නෑ.

එහෙනම් ඔබ ආවා.

ඔබ එනුවෙන් කෙනෙක් ඇවිත් ඉන්නවා, මගෙ පැටියො.

ටොම් නිකර්සන්?

හර්මන් මෙල්විල්.

ඔබේ ලිපිය අපට ලැබුනා.

නැන්ටකට් වලට එන්න තරම් ඔබ එක්කො බලාපොරොත්තු සුන් වුනු කෙනෙක් එක්කො මෝඩයෙක්.

නමුත්, මගේ යෝජනාව තවමත් එහෙම්මමයි.

එක රැයක කථාවකට මාස තුනක ගාස්තුවක් දෙනවා.

මෙච්චරයි දැනට මේ ලොකෙන්ම මගේ ලග තියෙන්නේ.

නමුත්, ඒක ආයෝජනයක් ලෙස හිතන්න මං කැමතියි.

ඔයා මට කියන්න ඕනි මොනවද වුනේ කියලා...

එසෙක්ස් නෞකවට.

හොදයි, ඔබ හිතන්නේ මොනවා වුනා කියලාද?

මට අහන්න ලැබුනා කටකතා එසෙක්ස් නෞකාවට...

ඔබට මොනවද ඕනි? ඔබ කැමති මොන කථාව දැනගන්නටද?

තල්මසා ගැන.

එසෙක්ස් නෞකාව ගිලුනා, ඒ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරා.

නමුත් ම හිතන්නේ පරීක්ෂණයෙන් ඇත්ත හෙළි වුනේ නෑ.

පිට වෙනවා.

ඔබ තමයි එසෙක්ස් නෞකාවේ ඉඳලා දැන් ජීවතුන් අතර ඉන්න එකම කෙනා , සර්.

ඔබ කථා කලේ නැත්නම්, වෙන කවුද කථා කරන්නේ?

ඔබට මාව ඇහුනේ නැද්ද, පිට වෙනවා.

- යන්න එපා සර්, කරුණාකරලා, විනාඩියක් ඉවසන්න... - ඔහු කථා අරගන්න පුලුවන් සිහියකින් නෙමෙයි ඉන්නේ, සහ

මං මෙච්චර දුරක් ආවේ ලැජ්ජා වෙලා මගේ කාලේ නාස්ති කරගන්න නෙමෙයි .

කරුණාකරලා, මෙල්විල් මහත්මයෝ,

ඔහු මට එසෙක්ස් නෞකාව ගැන කියන්නේ නෑ, වෙන කාටවත්ම... කියලත් නෑ... කවදාවත්ම.

මං ඔහු ගැන මොකුත්ම දන්නේ නෑ.

ඔහුගේ ආත්මය... ගිණිගන්නවා, ඒ වගේම ඔහු පාපොච්චාරණයක් කරන්න අවශ්‍යයි.

කරුණාකරලා, මට ඔහුට කථා කරන්න ඉඩ දෙන්න... කරුණාකාකරලා.

පැටියෝ,

මං විශ්වාස කරනවා ඔහුට කථා කරන එකෙන් ඔබට හොඳක් වෙයි කියලා.

නෑ!

හොඳින් අහගන්න මේක!

කවුද ඔබ මැරෙණ කල් බොනකොට මේ තැන බලාගන්නේ ?

ඔහුට ඇති වෙනකල් ඔබ මේ කෙනාට කථා කරාවි...

මුදල් තියාගනීවි.

ඔයා දන්නවනෙ අපි ඉන්න තත්ත්වය, ටොම්.

අවශ්‍ය ප්‍රමාණයට පමණයි.

මං විස්කි ගෙන්නම්.

මගේ ලිපියේ ලියන්න මං සැලකිලිමත් වුනේ නෑ නමුත් මමත් තල්මසුන් දඩයමේ ගියා කියලා.

එක සංචාරයයි. මං අදහස් කරේ... අත් උදවු කරුවෙක් විදිහට. .

ඉතින්, ඔබ ඒ ඔක්කොම දැකලා තියෙනවා.

මගේ බිරිඳ ඔබේ පොත් කියෙව්වා.

- ඇය ඒවායින් සතුටු වුනා. - දැනගන්න ලැබුණු එක සතුටක්.

ඒවායින් හොද අදායමක් ලැබුවා, නමුත් මං හිතන්නේ මේ කතන්දරය

මගෙ පලවෙනි කෘතියට වඩා සාර්ථක වෙයි... ඒකත් ගොඩාක් සාර්ථක වුණා.

මුහුදු යාම ගැන ඔබගේ තවත් කතන්දරයක්.

ඔබ * හෝතෝන් කියෙවුවද, මෙල්විල් මහත්මයා? * හෝතෝන් - හෙන්රි ජේම්ස් විසින් රචිත කෘතියක්.

අන්න නියම රචකයෙක්, අග්‍රගණ්‍ය රචකයෙක්.

ඒක ඇත්ත.

නමුත් ඔහු මෙහේ ආවේ නෑ, නමුත් මං ආවා...

මගේම සුවිශේෂී හේතු වෙනුවෙන් .

මං ඔබට එසෙක්ස් නෞකාව ගැන කියන්නම්, මං විශ්වාස කරනවා ඔබව කළකිරේවි කියලා,

නමුත් මං කියන හැම වචනයක්ම සහතික ඇත්ත.

එසෙක්ස් නෞකාවේ කථාව මිනුස්සු දෙන්නෙකුගේ කථාවක්...

කපිතාන් ජෝජ් පොලාඩ්,

සහ ඔහුගේ පලමු අත්උදවු කරුවා, ඕවන් චේස්.

ඕවන්, පරක්කු නොවී යන්න.

මං වෙලාවට යන්නම්, නැතත්, වතුර කාන්දු වෙන වහලයක් තියෙන්න හොඳ නෑ අපේ දුව ඉන්නකොට, පුලුවන්ද?

ඔයාට කොහොමද හිතුනෙ මේ දුවක් කියලා?

හෙහ්,එහෙම වෙන්න ඕනි, එතකොට ඇය මට මතක් කරල දෙයි ඔයාට ආදරේ කරන්න මට සිද්ද වුනේ ඇයි කියලා, ඔයාගෙ මුරණ්ඩුකමත්.

එයා දුවෙක් වුනොත් එයා ඔයාගෙම පිටපතක් වෙයි, නැතිව මගේ නෙමෙයි.

ලෝකය ජයගන්න ගොඩක් අධිෂ්ඨානයෙන් දඟලයි.

මං හිතනවා ඔබට හෙට ඉඳන් අර කබාය තියන නිල ඇඳුම ඇඳගෙන ගණුදෙනු පුලුවන් කරන්න වෙයි කියල.

ඒක හරි, අන්තිමේදි මේ ජරාවෙන් ඈත්වෙලා * ' කියුසේ ' වල කපිතාන් නිල නිවසකට යන්න පුලුවන් වෙනවා. * කියුසේ - නැන්ටකට් වල වීදියකි.

මට ඕනි නෑ අසල්වාසියෝ පිරුණු නගරබද ගෙදරක ජීවත් වෙන්න.

අපි තුන් දෙනාට මේ ගෙදර ඇතිතරම් ඉඩ තියෙනවා.

ඔයා දන්නවද, සමහර වෙලාවට ඔයාගෙ කාරුණික හදවතයි හොඳ ස්වභාවධර්මයයි හෙන අසභ්‍යයි.

යන්න ගිහින් ඔයාගෙ කපිතාන්කම ගන්න.

- මොකක්ද ඔබගේ ලංසුව? - එකසිය නූවයි.

මගේ ලග ගැලුම් දහසක් තිබෙනවා ඩොලර් දෙකකට!

මං කොටස් 40 ක් ගන්නම්.

වෙළෙන්දෝ, වෙලෙන්දෝ, මෙහෙට එන්න!

සුභ උදෑසනක් .

- මේසන් මහත්මයා. - එන්න ඇතුලට, කරුණාකරලා.

මගේ හවුල්කරුවා, බෙන්ජමින් ෆුලර්.

- සුභ උදෑසනක්, සර්. - ඉඳගන්න.

චේස් මහත්මයා, මං විශ්වාස කරනවා ඔබ දන්නවා ඇති කියලා අපි කොච්චර පැහැදිලාද ඉන්නෙ කියලා

ඔයා මේ අවුරුදු ගණනාවට ඔබ අපට කරලා තියෙන සේවය ගැන.

ඕහ්, ඔබට ස්තූතියි, සර්.

අපේ නැව් වලින් එකක්, එසෙක්ස් නෞකාව

විශාල වියදමක් දරලා දැන් එය මුහුදට යන්න ලෑස්තියි.

දැන්, ඇය වෙනුවෙන් හොඳ ආයෝජනයක් යොදවන්නනම්,

අපි තහවුරු කරගන්න ඕනි ඇය බාර වෙන්නෙ හොඳම අයගෙ අතට කියලා.

ඉතින්...

ඔබට යාත්‍රාවේ තනතුරක් දෙන එක අපිට ලොක සතුටක්...

පලමු අත්උදවු කරුවා ලෙස.

- පලමු අත්උදවු කරුවා ලෙස? - අහ්-හම්.

මේසන් මහත්මයා, ඔබ... මගේ අවසාන යාත්‍රණයේදී ඔබ පොරොන්දු වුනා මට නැවක මුල්තැන දෙනවා කියලා

මම බැරල් 1500 ක් ගෙනාවොත්, ඔබට එය මතකද? ඔයාගෙ වචනය දුන්නා මට.

ඒ පොරොන්දුව ප්‍රමාද කරන්න වෙනවා.

අනිත් හැමෝම වගෙ අපිත් ගෙවුවේ අමාරු කාලයක්.

නමුත්, මං ඉද්දි නෙමෙයි.

දැන් ලෝක වෙළඳපොලට නැන්ටකට් බලපානවා, ඒක වෙනස් වෙන්න හොඳ නෑ.

මේක පරීක්ෂණ කරන්න කාලයක් නෙමෙයි.

එසෙක්ස් නෞකාවේ මුල්තැන කපිතාන් පොලාඩ් ගනීවි,

තල්මසුන් දඩයමේ යන අග්‍රගණ්‍ය පවුලක උරුමක්කාරයෙක් හැටියට.

අනික ඔහුගේ පියා ත් අපේ අනුශාසක කෙනෙක්නේ.

ලේ, චේස් මහත්මයෝ, ඔබට පුලුවන් වෙයි ඕනිම යාත්‍රාවක් ඔබේ යටතට ගන්න

නමුත් ලේ හැමදාම දිනයි.

ඔව්, නමුත්, ලේ වලට බෑ කවදාවත් නැවක් තෙල් වලින් පුරවන්න, මේසන් මහත්මයෝ.

සාර්ථකව අණදෙන්න, කපිතාන් ගරුබුහුමන් ලබන්න ඕනි, දැන්, මොනවා වෙයිද මිනිස්සු ඔහුට ආචාර කරේ නැතිවුනොත්?

ඔයා දැනගන්න ඕනි ඒක වෙන්න සලස්වන්න.

සුභ දවසක්, මහත්වරුනේ.

මට තේරෙනවා ඔබේ කළකිරීම.

So...

එකසිය පනහේ ඒවා එකක්.

පළමු නිලධාරියෙක්ට මං දෙන වැටුපට වඩා ගොඩාක් වැඩියි.

ඒ වගේම ඔබ තෙල් බැරල් 2000 ක් ගෙනාවොත්, මං ගේ වචනය දෙන්නම්,

අනිත් සැරේ ඔබට කපිතාන්කම ලැබෙයි.

ඔයා මට ඔයාගෙ වචනේ කලිනුත් දුන්නනෙ, මේසන් මහත්මයෝ.

එහෙනම්, මේ පාර ඒක ලියමනක් හැටියට ගන්නම්.

කපිතාන් පොලාඩ්, චේස් මහත්මයා සමඟ අපි පවත්වපු හොඳම කතාව දැන් පැවත්වූවා,

ඔහු ඔයා යටතේ වැඩ කරන්න ලැබීම අගයනවා.

ඒ ගැන අහන්නත් සතුටුයි මට.

මට දැන් නිවටයෙක්ව බලාගන්න වෙනවා.

කටේ මඟුලේ රිදී හැන්දක් කටේ ගහගෙන කිසි සතුටක් නැතිව ඉපදුනු එකෙක්ව.

මට තිබුණේ උන්ගේ යෝජනාව එපා කියලා මූණටම දමලා ගහලා එන්නයි.

ඒ මොකද? ඒ පොරොන්දුව දැන් ලිඛිතවම තියෙනවනේ.

ඔව්, නමුත්, බොරුකාරයෙක්ගේ වචනයක් කිසිකමකට නෑ, ලිඛිතව වුනත්.

ඔය දන්නවද මං කැමතියි ඔයා වෙළද නැවක කපිතාන් කෙනෙක් වෙනවනම්?

ඒ වගේම එතකොට ඔබ අවුරුදු දෙකක් දුර ගිහින් ඉන්නෙත් නෑනේ.

මං අවුරුදු දෙකක් ගිහින් ඉන්නේ නෑ.

ගිය සතියේ ආව බෙඩ්ෆර්ඩ් වල නැව ආවේ අවුරුදු තුනකින්.

නාවිකයෝ දෙන්නෙක් මැරිලත් නැව්කදෙන් බාගයක්වත් තෙල් පිරිලා නෑ.

නමුත්, එයාලා බෙඩ්ෆර්ඩ් වල අයනේ අනික ඒ නැවේ මං හිටියෙත් නෑනේ.

ආච්චිට හාල් ගරන්න!

මං මගේම නැවක මුල්තැන ගන්නම්...

තල්මසුන් දඩයමේ යන නැවක.

එයාලට අපිව හැමදාම කුණුගොඩක්

ඒකනම් ආයේ වෙන්න දෙන්නෙ නෑ, පෙගී.

ඒවා ඔයාගේ තාත්තගෙ කථානේ, ඔයාගේ නෙමෙයි.

මොකක්ද එයාගේ කථා වල තියෙන වැරැද්ද?

එයාට ඕනි වුනා එයාගේ පවුල වෙනුවෙන්, එයා වෙනුවෙන් දෙයක් කරන්න.

- ඔහු සිහින දකින්නෙක්, ඕවන් - ඔව්, ඔහු එහෙමයි.

මුහුදු යන්න හීන දැක්කා ඒ වගේම ඔහු වගේම අය නැතිව මුහුදු ගියේ නෑ.

අඩුම තරමේ ඔහු ඔහුගේ දරුවන් ඉපදෙනවාවත් දැක්කා.

මං කරන්න දන්නේ එච්චරයි.

මට සමාවෙන්න.

මං කසාද බැන්දේ තල්මසුන් දඩයම් කරුවෙක්ව නේ.

ඉර බැහැලා යනවටත් වඩා ඉක්මනින් මං ගිහින් එන්නම් , මං පොරොන්දු වෙනවා.

අනේ කරුණාකරලා ආපහු එන්න... පොරොන්දු වෙන්න මට.

මං දැනටමත් පොරොන්දු වෙලානේ ඉන්නේ, දෙන් ඔයත් මට පොරොන්දු වෙන්න ඕනි.

මං පොරොන්දු වෙන්නම්.

පුතේ, ඔබ එක්ක වචනයක් කථා කරන්න ඕනි.

කපිතාන් කෙනෙක් වෙන්නනම්, ඔබ ඔවුන්ට යාලුවෙක් වෙලා බෑ, ඔබ ඔවුන්ගේ ප්‍රධානියා.

කවදාවත් ඒක අමතක කරන්න එපා, කවදාවත් ඔවුන්ට ඒක අමතක වෙන්න දෙන්න එපා.

ස්තූතියි, සර්.

ඔබේ මීමුත්තයි තව කිහිපදෙනෙකුයි එකතු වෙලයි මේ කර්මාන්තය පටන් ගත්තේ.

අපි නැතිවුනොත්, ඔබ නැතිවුනොත්, මේ ලෝකෙ අන්ධකාරයේ ගිලෙනවා.

පොලාඩ් පවුලේ නමට මම ආඩම්බරයක් ගෙනෙන්නම්, සර්.

ඔබ , දෙවියනේ, විශාල තල්මසුන් මැවුවා, එච්ච්රර දිග ඒ විශාල රාක්ෂයා;

අවබෝදයට එහා ගිය ඔහුගේ ශක්තිය.

එහෙත් සදාතන දෙවිඳුනී, ඔබ නියම කළා, දුප්පත් බෙලහීන මිනිසුන් වන අපත්

අප බිරින්දෑවරුනු හා ළමයිනුත් නොනැසී පවතින පිණිස,

මෙම බියකරු රාක්ෂයාට වියරුවෙන් පහර දෙන ලෙස.

අහෝ පියාණනී, මෙම මිනිසුන් මත ඔබගේ මහිමාන්විත ආලෝකය මෙම මිනිසුන් පිට පතිත කළ මැනව,

සහ ඔවුන්ට සසිරිමත් යාත්‍රගමනයක් සලසා දෙන්න,

තෙල් පිරිණු නැවක් එක්ක ඔවුන් ආරක්ශිතව පැමිණේවි.

එතකොට නැන්ටකට් වල තිබෙන තල්මස් තෙල්

අපේ ගෙවල් වල ආලෝකය දිගටම පවත්වාගෙන යන්න උදවු වේවි,

නගරයේ පාරවල් වල පාපකර්ම අඩු වේවි, කර්මාන්ත වල යන්ත්‍ර වලට පණ දේවි,

අපේ උතුම් දේශය ඉදිරියට ගෙන යාවි,

අපේ උතුම් ජාතිය වැජඹේවි. ඔබේ නමින්, අපි යාඥා කරනවා.

ඉතින්,මේ මොන මාසෙද?

ඕහ්, අවුරුද්දේ අන්තිම වගේ, අපි තමයි ගිය නැවු වලින් අන්තිමට ගියේ.

ඒ නිසයි මටයි බාසිල්ලාටයි නැවේ ඉඩක් ලැබුනේ.

බලන්න, එතකොට මට දාහතරයි... දාහතරයි.

නිකර්සන්, මොකද ඔතන හිටගෙන, කොල්ලෝ! ඉක්මන්ට යනවා!

මුහුදු යන මුල්ම පාර, බයවෙලා. ඒක පෙන්නන්න ඊටත් වඩා බයවෙලා.

බාසිල්ලාට දාහතයි.

අනාතයෝ, රේගුවේ හැදුනේ වැඩුනේ, දෙන්නටම ඕනි වුනේ ඉක්මන්ට ලොකු මිනිස්සු වෙන්නයි.

මොන මඟුලක්ද ඔතනට වෙලා බලාගෙන ඉන්නේ? ඉක්මන්ට ගොඩ වෙනවා! ඉක්මනටම! අදිනවලා...!

මොනවද අර එයාලා එල්ලගෙන ඉන්න ඇණ?

ඒවා තල්මසුන් දඩයම් කරුවන්ගේ ඇණ, තෝමස්.

මං කොහොමද ඒවා එකක් ගන්නේ?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left