Oliver Twist

Oliver Twist

Download Sinhala Subtitle

Release info

Oliver Twist[2005]DvDrip[Eng]-aXXo ssa
A Commentary by Randima
http://www.baiscopelk.com/?p=6512

Tags

DVD
DVDRip
dvdrip
dvdr
Published on: 2011-11-17
Downloads: 52
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

උපසිරැසි පද බැඳුම රන්දිම සේනාරත්න විසිනි

මණ්ඩලයට ආචාර කරන්න

මේ තමයි ළමයා

මෙහේ වැඩපොලක ඉපදිලා කෝරලේ ගොවිපලකට දාලා තියනවා

දැනට වයස නමයයි මෙහෙට ගන්න හොඳ වයස

නම මොකද්ද ළමයා?

-ඔලිවර් ට්විස්ට් -මොකක්?

-මේ ළමයා මෝඩයෙක් -ළමයා මේ අහන්න

මං හිතන්නේ ඔයා දන්නව ඔයා අනාථයෙක් බව

-ඒ මොකද්ද? -මං හිතුව හරි ළමයා මෝඩයි

ඔයාදන්නවද ඔයාට දෙමව්පියෝ නෑ කියලා...

…ඒ වගේම ඔයාව කෝරලෙන් එක්කන් ආ බව?

-ඔව් මහත්තයා -මොකද අඬන්නේ?

මං හිතන්නේ ඔයා යාතිකා කියනවා ඇති හැම රෑම

ඔයාව බලාගත්ත අය වෙනුවෙන්...

ක්‍රිස්තියානුවෙක් වගේ

-ඔව් මහත්තයා -හොඳයි...

...ඔයා මෙහෙට ආවෙ ඉගෙනගන්න...

...ප්‍රයෝජනවත් රස්සාවක්

මෙන්න. කොහෙදිද මේව ඕන වෙන්නේ

ලඟ ඉන්න ළමයගෙන් ඉගෙන ගනින්

-මොනවද ඉගෙනගන්න තියෙන්නේ. මහත්තයා? -ලනු ගලවන්න

මොකේ ලනුද මහත්තයා?

ප්‍රශ්න අහන එක නවත්තනවා

ඔය කඹේ අඹරලා තියන ලනු ගලවනවා

ඒවා රැජිනගේ නැව් වලට පාවිච්චි කරන්න පුලුවන්

උඹ රටට සේවයක් කරන්නේ

දැන් පටන් ගනින්

ටොම්. ඕක නවත්තනවද? අපි නිදාගන්න හදන්නේ

-නිදාගන්න බෑ. මට බඩගිනී -අපි හැමෝටම බඩගිනී

ඔව් ඒත් මට බයයි

බයයි? ඇයි?

ඇයි? ඇයි?

බඩගින්නට ලඟ ඉන්න කොල්ලව කාවිද කියල බයයි

අහෝ දෙවියනේ...

...අප වෙත කරුණාවෙන් පිලිගැන්වූ මේ ප්‍රණීත අහාර...

පළමුව ඔබවෙත පිලිගන්වමු...

…ස්තූති වේවා. ආමේන්!

ආමේන්!

මහත්තයා කරුණාකරලා තව පොඩ්ඩක් දෙනවද?

මොකක්?

මහත්තයා කරුණාකරලා තව පොඩ්ඩක් දෙනවද?

විදානෙව එක්කෙනවා!

ලිම්බ්කින්ස් මහත්තයා

මට අවසරද මහත්තයා

ඔලිවර් ට්විස්ට් වැඩිපුර ඉල්ලලා

වැඩිපුර?!

මට කියනවා බම්බල්

කෑවට පස්සෙ වැඩිපුර ඉල්ලුවා කියලද කියන්නේ?

කෑවට පස්සේ මහත්තයා

ඒ කොල්ලව එල්ලන්න ඕන

"පවුම් පහක් සමග ආ ධු...

මං "හෝව්" කිව්වම "හෝව්"!

"නීරෝග... නීරෝගී...

...ආධුනික්... ආධුනික

පවුම් පහක්

චිමිනි සුද්ද කරන එකා අමාරු රස්සාවක්

පොඩි කොල්ලො කලින් හුස්ම හිර කරං තියනව චිමිනිවල

ඒ තෙත පිදුරු දානවා පත්තුකරන්න කලින්...

...ළමයව එලියට ගන්න...

..ඒ දුම නිසා නින්ද යන්වා නිදාගන්නනේ මෙයාටත් ඕන

ළමයා හරිම කම්මලී මහත්වරුනි

ගිනි ජාලාවක් එන්නේ නෑ ළමයාට පැනලා දුවන්න තරං

ඌත් මනුස්සයෙක්. ඔව්

චිමිනියේ ඇතුලේ හිර උනත්...

...කකුල් රත් වෙනකොට දඟලලා එලියට එනවා

ඔව්

මං හිතන්නේ එයා මේ වැඩේට දක්ෂයි

එයා බොහොම කැමැත්තෙන් ඉන්නේ උතුමාණෙනි

හොඳයි මං අත්සන් කරන්නං

..එයාව ගැම්ෆීල්ඩ් මහත්තයාගේ…

...පුහුණුවෙන්නෙක් හැටියට

මගේ දරුවා

මගේ දරුවා ඔයා බයවෙලා වගේ

මොකද්ද කාරණේ?

කරුණාකරලා මහත්තයා කරුණාකරලා. මහත්තයා

මොකද මගේ දරුවා?

-එපා... -හොඳයි එහෙනං

එපා... එපා...

කියන්න මගෙ දරුවා මොකද්ද එපා?

මාව මේ භයානක මිනිහට දෙන්න එපා

මං මේ දැක්කමයි අනාථ විමධ්‍ය...

-කට වහගන්න බීඩ්ල් -උතුමාණෙනි මටද කිව්වේ?

ඔව් කට වහනවා

නෑ නෑ ප්‍රශ්නයට පරිබාහිරයි

අපි මේ පත්වීම ප්‍රතික්ශේප කරනවා

ළමයව ගෙනියන්න

ඒ වගේම කරුණාවෙන් සලකන්න එයාට

එයාට එහෙම අවශ්‍යයි වගේ

මට මේ දැන් හම්බවුනා ගෑණු දෙන්නෙකුගේ අවමංගල්‍යය කටයුතු

ඔයා ඉක්මනට වාසනාව පාදගන්නවා සෝබෙරි මහත්තයා

එහෙම හිතෙනවද?

අනුමත කරපු ගණන බොහොම පොඩී

පෙට්ටි දෙකයි නේ

ඒක නෙමෙයි වැඩට කොල්ලෙක් එහෙම ඕන කෙනෙක් ඉන්නවද?

සරල කොන්දේසි සෝබෙරි මහත්තයා සරල කොන්දේසි

දැන් උඹේ අලුත් අයිතිකාරයා ගාවට යන්නේ...

...තොප්පිය අයින් කරනව ඇස් දෙකෙන්

ඔලුව උඩට හරවගන්න මහත්තයා

ඇස් දෙක පිහදාගන්න

-බම්බල් ඔයාද? -වෙන කවුද ඉතින්. සෝබෙරි මහත්තයා

මං අනථයාව ගෙනාවා. ඔලිවර් ට්විස්ට්

එහෙනං මෙයයි අනාථ දරුවා?

සෝබෙරි නෝනා...

...මෙහෙට පොඩ්ඩක් එනවද පැටියෝ?

ඔලිවර් ට්විස්ට්

කොහොමද අනාථයෙකුට නමක් තියෙන්නේ

-මං දැම්මේ -බම්බල් ඔයා?

මං තමයි සෝබෙරි මහත්තයා

අපි හොයාගත්ත හැම ළමයෙකුටම අකාරාදී පිලිවෙලට නම් දැම්ම

අන්තිමය උනේ එස්

ස්වුබ්ල් කියලයි දැම්මේ

මෙයා ටී. ට්විස්ට් කියලා දැම්ම.

ඊලඟ ළමයා වෙන්නේ අන්වින්...

ඊලඟට විකින්ස්

හෝඩියේ අකුරු ඔක්කොටම නම් තියනව මං ගාව

ඔයා සාහිත්‍යමය චරිතයක් නේ

හොඳයි හොඳයි...

-සමහරවිට වෙන්නැති -සෝබෙරි නෝනා...

...මේ තමයි අනාථ ළමයා වැඩපොලෙන් ආපු

දෙයියනේ. එයා හරිම පොඩියි

එයා ලොකුවෙයි සෝබෙරි නෝනා එයා ලොකුවෙයි

ඔව් අනිවාර්යෙන්ම එහෙම වෙයි අපේ කෑම කාල

වැඩපොලේ ළමයින්ට වියදම විතරයි ප්‍රයෝජන අඩුයි

ඇටකටු මල්ල පහලට යමු එහෙනන්

මේ චාලට්...

මේ ළමයට ඔය බල්ලට දාල ඉතුරු වෙච්ච කටු මොනවහරි දෙන්න...

මං හිතන්නේ උඹට ගානක් නැතුව ඇති මිනීපෙට්ටි ගොඩේ නිදියන එක

ගානක් තිබුනත් නැතත් කරන්න දෙයක් නෑ

...උඹට වෙන නිදාගන්න තැනක් නෑ

ඇරපන් දොර අරිනවද නැද්ද?

-උඹද අලුත් ළමයා? -ඔව් මහත්තයා

-වයස කීයද? -දහයයි මහත්තයා

වැඩපොලේ ඇටයා එහෙනං මං උඹට දෙන්නං පාර

සමාවෙන්න මහත්තයා ඔයා තට්ටුකරාද?

මං ගැහුවා පයින්

ඔයාට මිනී පෙට්ටියක් ඕනද?

-මං හිතන්නේ උඹ දන්නේ නෑ මං කවුද කියලා -නෑ. මහත්තයා

හොඳයි. මං තමයි නෝහ් ක්ලේපෝල් මහත්තයා ඒ වගේම උඹ ඉන්නේ මගේ යටතේ

දැන් ජනෙල් කවුලු අයින් කරපන්

ලොකු මහත්තයාගේ උදේ කෑම එකෙන් බේකන් කෑල්ලක් ඔයාට අයින් කරා

අරන් මුල්ලට පලයන් ඉක්මනට කාලා දාපන්

එයාලට ඕන උඹට කියලා කඩේ බ්ලාගන්න ඇහුනද උඹට?

උඹට ඇහුනද වැඩපොලයෝ මුල්ලෙ ඉන්න එකා

හපොයි දෙයියනේ. නෝහ්. ඒ ළමයට පාඩුවේ ඉන්න ඇරපන්

පාඩුවේ ඉන්න දෙන්න?

ඇයි හැමෝම එයාට නිකං ඉන්න දෙන්නේ?

එයාගේ දෙමව්පියෝ නෑදෑයෝ පාඩුවේ ඉන්න දීලා තියෙන්නේ

ඒ නිසා එහෙම නොකරන කෙනෙක් ඕන

කාපන්

ඔලිවර් ඉවර නැද්ද

මං නං මේ වගේ කම්මැලි කොල්ලෙක් දැකලා නෑ පහලට එක්කං යන්න

සෝබෙරි මහත්තයා...

...කන්න

-මට අදහසක් ආවා. නෝනේ -අදහසක්?

ඔයා පරිස්සං වෙන්න ඕන නැත්නං මොලේ උණ හැදෙයි

-ඒක අර පොඩි ට්විස්ට් ගැන -එයා ගැන මොකද්ද?

-හොඳ පෙනුම තියන ළමයෙක් -ඔව් එයා ඇති වෙන්න කනව

මලානික පෙනුමක් තියනවා එයාගේ මූණේ

ලස්සන නිශ්ශබ්දතාවයක් තියේවි. මගෙ ආදරී

මං.. මං කියන්නේ නිකම්ම සද්ද නැතුව නෙවෙයි මළගෙවල්වල ලොකු මිනිස්සු වගේ…

...ළමා චර්යාවක් වගේ

බලනවා උගේ දිහා

බලනවා උගේ දිහා

වැඩපොලේ කොල්ලෙකුයි පනුවෙකුයි බලනවා උගේ දිහා

මං කිව්ව කියල හිතේ තියාගන්න ඕකව එල්ලලා තියේවි

දැම්ම නෙවෙයි

වැඩපොලයා උඹගේ අම්මා හොඳින්ද?

අම්මා මැරිලා

මොකක් වෙලාද මැරුණේ වැඩපොලයෝ?

උඹ අඬන්නද යන්නේ වැඩපොලයා?

-මොකක් නිසාද සද්ද නැත්තේ -උඹ නිසා නෙවෙයි

-මං නෙවෙයිද? -නෑ උඹ නෙවෙයි

ඇඟට ගුනයි උඹ මගේ අම්ම ගැන මුකුත් නොකියන එක

ඇඟට ගුනයි?

උඹේ අම්ම ගැන

හොඳයි මට බොහොම කනගාටුයි. උඹ ගැන අනුකම්පාවයි

ඒත් උඹ දැනගෙන ඉන්න ඕන වැඩපොලයා...

...උඹේ අම්ම අනිවර්යයෙන්ම නරක ගෑණියෙක්

-මොකද්ද උඹ කිව්වෙ? -අනිවර්යයෙන්ම නරක ගෑණියෙක්

වෙලාවට උඹ උපදිනකොටම මැරුනේ

නැත්නං එල්ලනව නේ

මොකද්ද වඩා වෙන්න පුලුවන් නේද වැඩපොලයා?

බේරගන්නෝ. චාලට් නෝනා!

මූ මාව මරයි බේරගන්නෝ!

උදව් වෙන්න අහකට පලයන්!

දෙයියන්ගේ නාමෙන් බේරගන්න!

ලොකු නෝනා මූ මාව මරන්න හදනවා

-අහකට වෙයන් අහකට වෙයන් දැන්ම! -එයාව අල්ලගන්න චාලට්

අල්ලලා එලියට ගෙනියන්න ඉක්මනට

-වැඩපොලේ යක්සයා! -උඹට උගන්නන්නං මං!

-උඹ ඇටයා! -දොර අරින්න චාලට්

දාන්න ඇතුලට ඇතුලට

අත්තටම මහ දරුණුයි මහත්තයා

ලොකු නෝනා කිව්ව...

බම්බල් මහත්තයට වෙලාව තිබුන නං...

කෝටුමස් කරයි කියල...

...ඒත් ලොකුමහත්තයා නෑ

-මේක අතුලේ -ඔලිවර්?

මාව එලියට ගනියව්!

More Sinhala subtitles for Oliver Twist

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left