The Hobbit: The Desolation of Smaug

The Hobbit: The Desolation of Smaug

Download Sinhala Subtitle

Release info

The Hobbit The Desolation of Smaug 2013 Extended 1080p
A Commentary by RandySubs
මෙම පිටපත යාවත්කාලීන වී නොමැති බැවින් නවතම සංස්කරණය භාගත කිරීම සහ වැඩිදුර තොරතුරු සඳහා: https://sites.google.com/view/lordoftherings/hobbit

Tags

1080
Published on: 2018-11-17
Downloads: 341
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

හොබිට්ටා

බ්‍රී ගම්මානය - ශයර මායිමේ

- මෙන්න. - බොහොම ස්තුතියි.

- බලාගෙන! - සමාවෙන්න.

- මෙන්න. - ස්තූතියි.

මම එකතු වුණාට කමක් නැත්ද?

මටත් මේවාම ගේන්න.

මම මාව හඳුන්වා දෙන්නම්, මගේ නම ගැන්ඩල්ෆ්.

අළු ලෝගුධාරී ගැන්ඩල්ෆ්.

මම දන්නවා ඔහේ කවුද කියලා.

මේක හොඳ අහම්බයක්නේ. තෝරින් ඕකනපලිහ මොකද බ්‍රී ගම පැත්තේ කරන්නේ?

මට ආරංචි වුණා මගේ පියා කඳු ලන්ද පැත්තේ ඉබාගාතේ ඇවිදිමින් උන්න බව.

මම එයාව හොයන්න ගියා.

මට කිසිම සලකුණක් හමුවුණේ නැහැ.

ත්‍රේන්.

අනිත් අය වගේම ඔයත් හිතන්නේ ඔහු මැරිලා කියලද?

මම මෝරියා සටනේ හිටියේ නැහැ.

නැහැ. නමුත් මම හිටියා.

මගේ සීයා ත්‍රෝර් මරා දැමුණා.

නෑ!

- තාත්තේ. - පස්සට වෙලා ඉන්න.

මම ඔයා ලඟින් සටන් කරනවා.

අසොග්ට ඕනේ අපි හැමෝවම මරන්නයි.

එකින් එකා ගානේ, ඩූරින්ගේ පෙළපත නසාවී.

මගේ ජීවිතය පල්ලා මගේ පුතාගේ ජීවිතය ගන්න මම දෙන්නේ නැහැ.

මෙතැනට වෙලා ඉන්න.

මගේ පියා ඩිම්රීල් දොරටුව වෙත පහර දෙමින් ගියා.

ඔහු නැවත පැමිණියේ නැහැ.

තාත්තේ!

"ත්‍රේන් නැතිවෙලා" කියලයි ඔවුන් මට කිව්වේ.

"ඔහු මියගිහින්"

නමුත් සටන අවසානයේ අපි මළවුන් පරීක්ෂා කරමින් ගියා අවසන් සිරුර දක්වාම.

මගේ පියා ඒ අතර හිටියේ නැහැ.

තෝරින්, දැන් ත්‍රේන් ගැන කටකතාවකට වඩා යමක් ඇහිලා බොහෝ කලක්.

ඔහු තවම ජීවතුන් අතර. මට ඒක විශ්වාසයි.

අඟුටුමිට්ටන්ට පිරිනමපු මුදු හතෙන් එකක් වෙන ඔබේ සීයා පලඳපු මුදුව...

ඒකට මොකද වුණේ?

ඔහු ඒක මගේ පියාට දුන්නා සටනට යන්න කලින්.

එහෙනම් ත්‍රේන් අතුරුදන් වෙනකොට ඔහු ඒක පැළඳගෙන හිටියේ.

- එහෙනම් එච්චර තමයි. - මෙන්න.

මගේ පියා සටනට කලින් ඔබව සොයාගෙන ආවා. ඔබ ඔහුට මොනවාද කිව්වේ?

මම ඔහුට අවවාද කළා සප්ත රාජධානිවල අඟුටුමිට්‌ටන් එකතු කරගෙන එරබෝරය නැවත අත්පත් කරගන්න.

මකරා විනාශ කරලා හුදෙකලා කන්ද නැවත අයිති කරගන්න.

මම ඔබට කියන්නෙත් ඒකම තමයි.

ඔබේ මව්බිම අත්පත් කරගන්න.

මේ අහඹු හමුවීමක් නෙමෙයි නේද ගැන්ඩල්ෆ්?

නෑ.

නෑ තමයි.

හුදෙකලා කන්ද මට බලවත් ප්‍රශ්නයක් තෝරින්. ඒ මකරා දැන් එතැන හිටි කල් හොඳටම ඇති.

ළඟදීම ඊටත් වඩා දුෂ්ට බලවේග ඒ පැත්තට ඇදී යාවි.

මම හරිතමගේ යන විටදී අප්‍රසන්නකාරී කිහිපදෙනෙක් හමු වුණා.

උන් හිතුවේ මම රස්තියාදුකාරයෙක් කියලා.

උන් ඒක ගැන පස්සේ ප්‍රශ්තාප වෙන්න ඇති.

උන්ගෙන් එකෙක් පණිවිඩයක් අරගෙන යමින් උන්නේ.

මේ කාළ භාෂාවයි.

- මිලක් ගෙවීමට පොරොන්දුවක්. - මොකටද?

ඔබේ හිසට.

කාටහරි අවශ්‍යයි ඔබව මරා දාන්න.

තෝරින් ඔබට තවත් බලා ඉන්න බැහැ. ඔබයි ඩූරින්ගේ සිහසුනේ උරුමක්කරුවා.

අඟුටුමිටි සේනා එක්සේසත් කරන්න.

එකමුතු වුණොත් ඔබට තියෙනවා බලය සහ ශක්තිය එරබෝරය අත්පත් කරගන්න.

අඟුටුමිටි පෙළපත් හතේ හමුවක් කැඳවන්න. ඔවුන්ගේ ප්‍රතිඥාවට අවනත වෙන්න කියා බල කරන්න.

පෙළපත් හත එහෙම ප්‍රතිඥා දුන්නේ රජුගේ මාණික්‍යය දරන්නා වෙනුවෙන්.

අර්කනමිණ.

ඔවුන්ව එක්සත් කරන්න පුළුවන් එයට විතරයි. ඒ මැණික ස්මෞගයා හොරකම් කළ බව අමතකද?

මොකද කියන්නේ මම උදව් කලොත් ඒක නැවත ලබාගන්න.

කොහොමද?

අර්කනමිණ තියෙන්නේ ලෝකයක් එපිටින්, ගිනි පිඹින මකරෙක්ගේ දෙපා යට වැළලිලා.

ඔව්, ඇත්ත තමයි.

ඒකයි අපිට හොරෙක්ව ඕනෑ කරන්නේ.

මාස දොලසකට පසු

ස්මෞග සංහාරය

රංචුව කොච්චර ලඟද?

ළඟ වැඩියි. ගවු දෙක තුනකට වැඩි නෑ. ඒක නෙමෙයි නරකම ආරංචිය.

- වාගයෝ අපේ ඉව අල්ලගෙනද? - තාම නැහැ. නමුත් වැඩි වෙලා යන එකක් නැහැ.

- අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. - උන් ඔයාව දැක්කද? ඔයාව දැක්කා නේද?

නෑ, ඒක නෙමෙයි.

මම කිව්වා හරිනේ. මීයෙක් වගේ නිශ්ශබ්දයි.

හොඳ හොරෙක්ගේ ලක්ෂණ.

මම කියන්න යන දේ අහනවද කරුණාකරලා?

මම මේ කියන්න හදන්නේ, තවත් මොකෙක් හරි ඉන්නවා මේ අවට.

මොන හැඩයක්ද තිබුණේ? වලහෙක් වගේද?

ඔව්...ඔව්, ඒත් ඊට වඩා විශාලයි. ගොඩාක් විශාලයි.

ඔයා මේ මෘගයා ගැන දැනගෙන හිටියද?

- මම කියන්නේ අපි ආපහු හැරිලා වටෙන් යමු. - ගිහින් අසුර රංචුවට අහුවෙන්නද?

ගෙයක් තියෙනවා මෙතැනට ළඟ. එහේ අපිට ආරක්‍ෂිත වෙන්න පුළුවන් වේවි.

කාගේ ගෙයක්ද? ඔවුන් යහළුවෝද, හතුරෝද?

එකක්වත් නෙමෙයි.

ඔහු අපිට එක්කෝ උදව් කරයි, නැත්තම් මරා දායි.

මොන විකල්පයක්ද අපිට තියෙන්නේ?

මොකුත් නෑ.

එන්න!

මේ පැත්තෙන්, ඉක්මනට!

දුවන්න!

බොම්බර්, එනවා!

ගේ ඇතුලට!

දුවනවා!

ඉක්මනට ඇතුලට වෙන්න.

දොර අරින්න!

ඉක්මනට!

තල්ලු කරන්න!

ඩ්වාලින්!

මොකෙක්ද ඒ?

ඒ මේ ගෙහිමියා.

ඔහුගේ නම බෙයෝර්න්.

ඔහු චර්මාවේශකයෙක්.

සමහර විට ඔහු මහා කළු වලහෙක් සමහර විට මහා දැඩි මිනිහෙක්.

වලහා නම් කොහෙත්ම සාමකාමී නැහැ. නමුත් මිනිහාට නම් හේතු පහදා දෙන්න පුළුවන්.

නමුත් ඔහු අඟුටුමිට්ටන්ට නම් වැඩි කැමැත්තක් නැහැ.

ඌ යන්න යනවා.

මෙහාට එනවා

මේ කිසිම දෙයක් ස්වභාවික නැහැ.

මොකක් හරි අඳුරු මායා බලයකට අහුවෙලා වෙන්න ඇති.

පිස්සු කතා කියන්න එපා. ඔහුට තියෙන්නේ ඔහුගේම බලයක් විතරයි.

හොඳයි, හැමෝම නිදාගන්න බලන්න.

මෙහේ ආරක්ෂිතව ඉන්න පුළුවන්.

මම හිතන විදියට.

දැන්මම උන්ට පහර දෙමු!

අඟුටුමිටි හැතිකරේ නිදාගෙන ඉන්නැද්දිම මරා දමන්න.

නැහැ.

මෘගයා මුරට ඉන්නවා.

අපි උන්ව පාරේදී මරන්නේ.

ඔවුන් ඩොල් ගුල්දූරයේ එක්රැස් වෙනවා.

ස්වාමියා ඔබව කැඳවලා!

අපේ ගණන වැඩෙනවා.

අපේ ශක්තිය වැඩෙනවා.

නුඹ මගේ සේනා මෙහෙයවිය යුතුයි.

ඕකනපලිහ ගැන මොකද?

යුද්ධය පැමිණෙනවා.

ඔබ පොරොන්දු වුණා මට ඔහුගේ හිස.

සැමටම මරණය පැමිණේවි.

අපි දඩයම නවත්වනවද?

බොල්ග්!

නුඹට රාජකාරියක් තිබෙනවා.

නුඹ තවමත් අඟුටුමිටි ලෙයට පිපාසද?

මම නම් කියන්නේ පස්ස දොරෙන් ලිස්සලා යමු කියලා.

මම කාටවත් බයේ දුවන්නේ නෑ, මෘගයෙක් වුණත් නැතත්.

වාද කරලා වැඩක් නැහැ.

අපට වනබිම හරහා යන්න බැහැ බෙයෝර්න්ගේ උදව් නැතිව.

අපි වනාන්තරයට යන්න කලින්ම අපිව අහුවේවි.

බිල්බෝ. ඔය ඉන්නේ.

මේක බොහොම නුවණින් කරන්න ඕනේ දෙයක්.

අපි පරිස්සම් වෙන්න ඕනේ.

එයාව හදිසියේ පුදුම කරවපු අවසන් කෙනාව එයා කීතු වලට ඉරුවා.

මම මුලින්ම යන්නම්. බිල්බෝ? ඔයා එන්න මාත් එක්ක.

- මේක හොඳ අදහසක්ද? - ඔව්.

අනිත් අය මෙතනම ඉන්න. මම සංඥාව දෙනකන් එලියට එන්න එපා.

සංඥාව දෙනකන් ඉන්න.

හදිසි හෙල්ලීම්, සද්ද එහෙම කරන්න එපා. ඔහු වටේ රැස් වෙන්නත් එපා.

දෙන්නා ගානේ එලියට එන්න.

ඇත්තටම බොම්බර්, ඔයා දෙන්නෙක් විදියටයි ගණන් ගන්නේ, ඒ හින්දා තනියම එන්න.

මතකනේ, සංඥාව දෙනකන් ඉන්න.

සංඥාව, හරි.

මොකක්ද සංඥාව?

ඔයා බයයි.

බයයි? මොන විකාරද.

සුබ උදෑසනක්.

සුබ උදෑසනක්!

ඔහේ කවුද?

මම ගැන්ඩල්ෆ්. අළු ලෝගුධාරී ගැන්ඩල්ෆ්.

කලින් අහල නෑ.

මම මායාකරුවෙක්.

සමහරවිට මගේ මිත්‍රයා රැඩගස්ත ගැන අහලා ඇති.

ඔහු ඉන්නේ ගුප්තවනයේ දකුණු සීමාවේ.

මොනවාද ඔහේට ඕනේ?

අපිට ඕනේ ආගන්තුක සත්කාරයට ස්තුති කරන්නයි.

ඔයා දකින්න ඇති අපි ඔයාගේ ගෙදර නවාතැන් ගත්තා ඊයේ රෑ.

කවුද මේ පුංචි හාදයා?

මේ ඉන්නේ ශයරයේ බැගින්ස් මහත්තයා.

ඔහු අඟුටුමිට්ටෙක් එහෙම නෙමේ නේද?

අපොයි නෑ, එයා හොබිට්ටෙක්.

ඉතාම නම්බුකාර පවුලක කෙනෙක්.

කුරුමිට්ටෙකුයි මායාකාරයෙකුයි. මොකටද මෙහෙට ආවේ?

ඇත්තම කියනවනම්, අපිට පොඩි නරක කාලයක් ලැබුවා අසුරයන්ගෙනුයි යෝධයන්ගෙනුයි.

අසුරයන්ගේ අහලට ගියේ මොකටද? මෝඩ වැඩක්නේ.

- ඔබතුමා හරියටම හරි..ඒක.. - අන්න සංඥාව. යන්න.

ඩ්වාලින් සහ බාලින්.

ඇත්තම කියනවනම්, අපේ නඩේ කිහිපදෙනෙක් අඟුටුමිට්ටෝ.

දෙන්නෙකුටද කිව්වේ කිහිපදෙනෙක් කියලා?

ඇත්තටම, දෙන්නෙකුට වැඩිය ඉන්න ඕනේ..

යන්න, යන්න.

ඒ අපි.

එතකොට මේ ඉන්නේ අපේ කාණ්ඩේ තව කීප දෙනෙක්.

හය දෙනෙකුටද කාණ්ඩයක් කිව්වේ?

ඔහේලා ඇවිදින සර්කස් කණ්ඩායමක්ද?

යන්න.

යන්න, යන්න, යන්න.

ඩෝරි සහ ඕරි, ඔබේ සේවයේ.

මට ඔහෙලගේ සේවයක් අවශ්‍ය නැහැ.

හොඳටම සාධාරණයි

යන්න.

යන්න.

ෆීලී සහ කීලී. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.

ඒ වගේම නෝරි, සහ බොෆර්...

...බිෆර්...

...සහ බොම්බර්.

එච්චරද?

තවත් ඉන්නවද?

එහෙනම් ඔහේටයි ඕකනපලිහ කියන්නේ.

කියනවා බලන්න මොකද අසොග් ඔහේව දඩයම් කරන්නේ?

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left