The first 200 lines.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Oxygen (2021)
උදව්!! උදව්!!!
උදව්!
පද්ධතියේ බිඳවැටීමක්. ඔක්ෂිජන් මට්ටම 35%
මම කොහෙද? කොහෙද මම?
මම ඔබගේ වෛද්‍ය කුටීරයේ සම්බන්ධතා ක්‍රියාකරු.
මීලෝ, ඔබගේ වෛද්‍ය අවශ්‍යතා වලට පිළිතුරු දීමට සූදානම්.
කවුරුහරි... කවුද කලේ...
මොකද්ද මෙතන වෙන්නේ? ඇයි මට මතක නැත්තේ?
ඔබ තදින් වික්ෂිප්තව ඇත.
- සහනය ගෙනදෙන යමක් දෙන්නද? - එපා.
මාව එලියට ගන්න. මට යන්න දෙන්න.
ඒ ඉල්ලීම දැන් ඉටු කල නොහැක.
මොකද්ද මෙතන වෙන්නේ?
ඔයා මට බෙහෙතක් දුන්නාද? නැත්නම් වෙන කවුරුහරි?
මීලෝ, මොකද්ද මෙතන වෙන්නේ?
- ඔබට ප්‍රගති වාර්ථාවක් දෙන්නද? - හරි.
වැරැද්දක් පෙන්වනවා.
3-54 සකසනයේ උෂ්ණත්වය හේතුවෙන්, ඔක්ෂිජන් ප්‍රමාණය අඩුවෙනවා.
සිසිරතාරක බෙහෙත් තාවකාලිකව නවත්වයි.
"සිසිරතාරක"?
මම ඉන්නේ රෝහලක. හරි. මම ඉන්නේ රෝහලක.
උදව්! උදව්!! උදව් කරන්න!!!
මම නැගිටලා! කවුරුහරි ඉන්නවාද?
අනේ.. මම ඇහැරලා!!
මාව ඇහෙනවාද?
කවුරුහරි ඉන්නවාද? මාව ඇහෙනවාද? මම ඇහැරලා!!
උදව්!!
කවුරුහරි ඉන්නවාද? මාව ඇහෙනවාද??
උදව්! උදව්!! උදව්!!!
ඔක්ෂිජන් ප්‍රමාණය 34%
හරි. හරි. හරි...
කුටීරයක්. ශීත විද්‍යා කුටීරයක්.
මට සනීප නෑ. මට අසනීප ඇති.
මාව නවත්තලා. මම මැරෙන්න යන්නේ.
හරි. සාමාන්‍යයෙන්, වෛද්‍ය කුටීර ගැන හොයාබලනවා...
ඒත් මෙතන මොකක්හරි අවුලක්.
කවුරුහරි ඒවි. මොකක්හරි අවුලක් නම්, කවුරුහරි ඒවි.
මීලෝ? මගේ කුටීරය වැඩ කරන්නේ නෑ කියලා දැනුවත් කලාද?
ඇණහිටීමේ වාර්ථාව යැව්වා, 0432 GMT.
ලැබුණා 0433 GMT
- කවුරුහරි එනවාද? - තවම ප්‍රතිචාරයක් නෑ.
ඒක හරි යාවි. එයාලා දන්නවා මම නැගිටලා කියලා.
මම ඉන්නේ රෝහලක. මම පරිස්සම්. අවුලක් නැතිවේවි.
පෙට්ටියක් ඇතුලේ නෙමෙයි.
පෙට්ටියක නෙමෙයි. පෙට්ටියක නෙමෙයි. පෙට්ටියක නෙමෙයි.
හුස්ම ගැනීම ගැන හිතන්න.
හුස්ම ගැනීම. සුළඟ.
හුස්මගන්න. අන්න හරි...
මම පෙට්ටියක නෙමෙයි ඉන්නේ
පෙට්ටියක නෙමෙයි.
මීලෝ?
මම කවුද?
මගේ නම මොකද්ද?
මීලෝ, රෝගියාගේ හැඳුනුම්පත.
රෝගියාගේ විස්තර, ඔමික්‍රෝන් 267.
විස්තරකරන්න.
ඔබ ජෛවරූප ඔමික්‍රෝන් 267.
ජෛවරූපයේ පින්තූරයක් පෙන්වන්න.
මීලෝ, ඔමික්‍රෝන් 267 රෝගියා, ලියාපදිංචි කරලා තියෙන්නේ මොන නමකින්ද?
ඔමික්‍රෝන් 267 ලියාපදිංචි කර තිබෙන්නේ, "ඔමික්‍රෝන් 267" ලෙස.
ඒක නියමයි. ස්තූතියි.
පින්තූරය අයින්කරන්න.
ඔක්ෂිජන් ප්‍රමාණය 33%
වායු භාවිතය අඩුකිරීමට යෝජනා කරනවා, හුස්මහිරවීම පරක්කු කිරීමට.
මොකද්ද මගේ අවුල? ඇයි මම මේකේ ඉන්නේ?
ඔබ කැමතිද 267 රෝගියාගේ වෛද්‍ය වාර්ථා බැලීමට?
ඔවු.
වෛද්‍ය වාර්ථා සොයනවා.
මම මෙහෙට ආවේ සනීප වෙන්න.
වෛද්‍ය වාර්ථා නොමැත.
මොකක්? ඇයි? ඔයානේ දෙන්නම් කිව්වේ.
ශිතකුටීරය නැවත සැකසීමේ ක්‍රියාවලිය අසම්පූර්ණයි.
කොච්චර වෙලා යාවිද?
විනාඩි 7යි තත්පර 53යි.
මීලෝ?
මීලෝ, අනේ, මම බැගෑපත් වෙන්නම්, මේක අරින්න.
මාව එලියට ගන්න. අනේ....
අනේ.. මට යන්න දෙන්න.
මීලෝ? මීලෝ, අගුලු අරින්න.
අගුලු ඇරීම මේ මොහොතේ සුදුසු නැත.
ඒත් අගුලු අරින්න.
ක්‍රියාවලිය ඇරඹුනා.
රහස්පදය ඇතුලත් කරන්න.
කරුණාකර පරිපාලක මුරපදය ඇතුලත් කරන්න.
ඒක මම දන්නේ නෑ. මගේ ළඟ ඒක නෑ!!
මුරපදය ඇතුලත් කරන්න.
මගේ ළඟ මුරපදයක් නෑ.
ක්‍රියාවලිය ඇණහිටී.
පද්ධතිය.
පද්ධතිය වෙන තැනකට ගෙනිච්චාද?
මීලෝ, එලියේ අයට කතා කරන්න ඕනේ.
පිටස්තර සන්නිවේදනය, මේ මොහොතේ කළනොහැක.
කොහොමද ඇණහිටීමේ වාර්ථාව යැව්වේ?
හැම දත්තයක්ම යවන්නේ, මධ්‍යම දත්ත මාර්ගයෙන්.
හරි. මධ්‍යම දත්ත හුවමාරුව හරහා, ශබ්ධ පණිවිඩයක් යවන්න පුළුවන්ද?
- පුළුවන්. - හරි.
දැන්ම විකාශණය අරඹන්න කැමතිද?
ඔවු. මධ්‍යම ක්‍රියාකරුට කතා කරන්න.
පරිපාලන මධ්‍යස්ථානය, දත්ත වල නොමැත.
කතාකරන්න...
පොලිසියට කතා කරන්න. මීලෝ.
පොලිසියේ අංක 247ක් තියෙනවා.
- කාටද මම කතා කරන්නේ? - ලැයිස්තුවේ පළවෙනි එකට.
- හලෝ - හලෝ. මාව ඇහෙනවාද?
ඔබ අමතන්නේ පොලිස් දෙපාර්තමේන්තුවයි.
සියළුම ඇමතුම් පටිගතවනු ඇත.
අපරාධයක් වාර්ථා කිරීමට, හෝ අපරාධයක් වැලැක්වීමට..
හලෝ? හලෝ!!
- මාව ඇහෙනවාද? - මැඩම්... මම...
හරි. මාව හිරවෙලා.
- හලෝ? මාව ඇහෙනවාද? - මට ඔයාව ඇහෙනවා අඩුයි.
මම ඉන්නේ ශිතකාරක කුටීරයක. ඉක්මනින් ඔක්ෂිජන් ඉවරවේවි.
වෛද්‍ය ශීතකාරක කුටීරයක?
ඔවු. මේක වහලා තියෙන්නේ. මට එලියට එන්න බෑ. මට උදව් කරන්න.
හරි. මොන රෝහලේද ඔබ ඉන්නේ? - මම දන්නේ නෑ. මාව ඇහැරුණේ මේකේ.
මට මුකුත් මතක නෑ. මේක මුද්‍රා තබලා. එලියට එන්න බෑ.
- ඔයාට පුළුවන්ද තට්ටු කරලා, කාටහරි කතාකරන්න? - ඒක කරලා බැලුවා.
උත්සාහ කලා. ඒත් කවුරුවත් ආවේ නෑ.
හරි. මට ඔයාගේ නමයි ලිපිනයයි දෙන්න.
මම ඒක දන්නේ නෑ.
බොරුවට පැමිණිලි කිරීම වරදක් කියලා දන්නවනේ?
නෑ. මාව විශ්වාස කරන්න. අනේ මට උදව් කරන්න.
ඔයා ඇත්තටමද කියන්නේ? - ඔවු.
මගේ ඇමතුම එන තැන හොයන්න පුළුවන්ද?
හරි.
මතක් කරන්න බලන්න, තැනක්... මොනවාහරි අපිට උදව්වෙන දෙයක්.
- මම දන්නේ නෑ... - ඔයාට මතක අන්තිම දේ.
රෝහලක්. මම හිතන්නේ.
හදිසි ප්‍රතිකාර ඒකකයක්.
මම දන්නේ නෑ. හැමදේම බොඳවෙලා.
- මට බයයි. - සන්සුන්වෙන්න මැඩම්.
වදවෙන්න එපා. අපි ඔයාව එලියට ගන්නවා.
පරිගණකය...
පරිගණකය දන්නවා ඇති. මීලෝ. මේක කොහෙද තියෙන්නේ?
තියෙන තැන සොයාගත නොහැක.
ඔයාලා මාව හොයාගත්තාද?
ඒකට වෙලාව යනවා. අපිට හොයාගන්න බෑ ඔයා ඉන්න තැන.
- මොකද්ද ඒකේ තේරුම? - අපි තැන හොයන්න හදන්නේ.
සමහරවිට මාව වළදාලාද?
- සන්සුන් වෙන්න බලන්න. - සමහරවිට මාව පණපිටින් වළදාලා ඇති.
- සන්සුන් වෙන්න මැඩම්. - සන්සුන් වෙන්න කියන එක නවත්තනවා!
මේ අහන්න. ඔය කුටීරය ගැන දකින හැමදේම කියන්න.
හදපුකෙනා, ක්‍රමික අංකය, මොනවාහරි පේන දෙයක්.
- හරි. - බලන්න.
- ඔයා තාම ඉන්නවාද? - ඔවු.
හදලා තියෙන්නේ ක්‍රියෝසලිඩේ.
අංකය 74-85-94-53-75-267.
මම ඉන්න තැන හොයාගත්තාද?
අපිට තාම ප්‍රශ්න කීපයක් තියෙනවා.
මම පොළව යට නේද?
මම පොළව යටනම්, ඔයාලාට හොයාගන්න බැරිවේවි.
මේ අහන්න මැඩම්. අපි ඔයාව හොයාගන්නවා.
මම ඔයාව මගේ ලොක්කාට දානවා.
මොකක්? එපා. මාව දාලා යන්න එපා.
මම දාලා යන්නේ නෑ. ඇමතුම දිගටම සම්බන්ධයි.
එපා. යන්න එපා.
තත්පර කීපයයී යන්නේ. එච්චරයි.
අනේ යන්න එපා.
ඔබේ ඇමතුම මාරුකරනු ඇත.
මට තිබ්බේ වේදනා නාශක අරගන්න.
- වේදනා නාශක එන්නත් කරන්නද? - එපා.
සම්බන්ධතාවය අස්ථාවරයි.
හොඳින් බලන්න.
හරි.
ශිතකාරක කුටීර...
ශීතකාරක කුටීර කියන්නේ වෛද්‍ය විද්‍යාගාර.
මීලෝ, ඔයාට පුළුවන්ද, ඔමික්‍රෝන් 267 සඳහා DNA පරීක්ෂාවක් කරන්න?
පුළුවන්.
DNA වාර්ථාව සම්පූර්ණයි.
ගැලපෙන පුද්ගලයන් හොයන්න. - එක්කෙනෙක් ගැලපෙනවා.
"එලිසබෙත් හැන්සන්"
එලිසබෙත්.
එලිසබෙත්.
ලිස්.
ලිස්.
කවුරුහරි ඉන්නවාද?
උදව්!! මාව ඇහෙනවාද? කවුරුහරි ඉන්නවාද?
මාව ඇහෙනවාද?
උදව්! මාව ඇහෙනවාද?
- දුරකතන ඇමතුමක්. - හලෝ?
- මැඩම්? - ඔවු.
- මැඩම්? - මාව ඇහෙනවාද?
මගේ නම එලිසබෙත් හැන්සන්. ඒත් කට්ටිය මට කතා කලේ ලිස් කියලා.
හොඳයි. ඒක හොඳයි. උදව්වක් වේවි.
මම කපිතාන් මොරේ. විද්‍යා හා තාක්ෂණ.
ඔයාට එලියට එන්න...
හලෝ? එපා.
හලෝ?
- ජාලය තීවෘ කලා. - ඔයා ඉන්නවාද?
- ඔවු. මාව ඇහෙනවාද? - හලෝ? මාව ඇහෙනවාද?
- ඔවු. ආයේ එහෙම කරන්න එපා. - නෑ. මම කොහේවත් යන්නේ නෑ.
මම ඔයා එක්ක ඉන්නවා. පොරොන්දුවෙනවා. ඔක්ෂිජන් කොහොමද?
මොකද්ද වෙන්නේ? මාව හොයාගත්තාද?
ලිස්? නෑ ලිස්. මේක වැදගත්. ඔයාගේ ඔක්ෂිජන් තත්වේ කොහොමද?
31%.
- අපිට කොච්චර වෙලා තියෙනවාද? - මොනවා කරන්න වෙලාවද?
ඔවු. ලිස් මේ අහන්න. මට කියන්න කොච්චර වෙලාවක් අපිට තියෙනවාද?
එලිසබෙත්? ලිස්? ඔයා ඉන්නවාද?
මීලෝ. ඔක්ෂිජන් ඉවර වෙන්න කොච්චර වෙලා තියෙනවාද?
No comments yet. Be the first to leave one.