24

24

Download Sinhala Subtitle

Season 6

Release info

24 - Day 6 - [6x07]
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

other
Published on: 2015-03-08
Downloads: 30
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

∞∞∞∞ පරිවර්තනය හා සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞∞∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞∞∞∞∞∞

කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

24 පැයේ පසුගිය කොටසින්.....

- මට කේරන් හේයස් ව අයින් කරන්න ඕනෙ, - මට තේරෙනවා, සර්.

මගේ යෝජනා ටික ජනාධිපතිට කියලා අත්සන් කර ගන්නත් ඕනෙ,

ඇය දැන් මහ ඇණයක් වෙලා තියෙන්නෙ,

මට කතා කරන්න ඕනෙ ඔයාගේ සැමියාගේ නොහැකියාව සහ සැඟවීම ගැන.

මම නීතිවිරෝධී වැරදි දෙයක් කරලා නෑ.

ඔයා පැයක් ඇතුළත අස් වෙන්න ඕනෙ,

ජනාධිපතිතුමනි, මගේ අස්වීමේ ලිපිය.

ඔයාගෙ හිත වෙනස් කරන්න පුළුවන් කිසිම දෙයක් නැද්ද?

නෑ, සර්, මුකුත් නෑ.

වලීඩ් එයාලගේ විශ්වාසය දිනාගෙන ඉන්නෙ. මේ මිනිස්සු අපි නොදන්න දෙයක් දන්නවා බෝම්බ ගැන.

මේ අය කාටවත් සම්බන්ධ නෑ, ඔවුන් ත්‍රස්තවාදීන් නෙවෙයි.

මම වලීඩ්ව මෙහෙන් අරන් යනවා.

උඹ අපි ගැන ඔත්තු බැලුවද? උඹ උන්ටත් වඩා අන්තයි!

බැ*** පුතා!

න්‍යෂ්ටික බෝම්බයක් පිපුරුවෙ, මෙතන ඉඳන් සැතපුම් 25කට විතර එහායින්.

මම මේ වැඩේ කළාට පස්සෙ, මට පොඩි දූපතක් උනත් සල්ලි වලට ගන්න පුළුවන්.

- ඔයා ඉංජිනේරුවෙක් සොයා ගත්තද? - මං කිව්වනේ පුළුවන් කියලා, මං කරන්නම්.

ඒකට ටික වෙලාවක් යනවා!

කතා කරපන්, ග්‍රේ,

මං පිස්සුවක් කෙලියා. තාත්තා ඒක විසඳලා දෙන්න හදන්නෙ,

මොකක්ද උනේ?

මම මැකාර්තිව කුලියට ගත්තා වැඩ ටික බලා ගන්න.

වැලන්ෂියා වල පුපුරපු එකත් එක්ක ත්‍රස්තවාදියෝ ළඟ තියාගෙන ඉන්න හැම න්‍යෂ්ටික බෝම්බයක්ම

උඹෙන් හොරකම් කරලා ත්‍රස්තවාදින්ට දුන්නෙ මැකාර්ති නේද?

ඔව්,

- සිමී වැලී වල තියෙන මැකාර්තිගේ ඔෆිස් එකට යන ගමන්. - කණ්ඩායම් සීරුවෙන්.

නවත්වන්න, ඔහු මගේ පුතා!

- ඔයා මෙහේ මොනවද කරන්නෙ? - මං දන්නවා ඔයා හංඟන බව. ග්‍රේ මට කිව්වා.

මැකාර්ති මෙහේ නෑ.

හේයි! උඹ මොනවද කරන්නෙ? තුවක්කුව පහළට දානවා.

- උඹ වැඩ කරන්නෙ මට. - නෑ, තාත්තේ එහෙම නෑ.

ඔයා හිතනවද ඔයා ගැන සොයන්නෙ නැතුව මං ඔයාට නිකන්ම යන්න දෙයි කියලා?

මේක මහ පිස්සුවක්,

මෙම සිදුවීම් සියල්ල සිදු වන්නේ පස්වරු 12.00 ත් 1.00 අතර කාලය තුලදීය.

මම දැන් සිටින්නේ ආරක්ෂිත කලාපයේ කෙලවරයි.

මගේ පසුපසින් දර්ශනය වෙන්නේ න්‍යෂ්ටික බෝම්බය පුපුරා යෑමයි,

සහන කණ්ඩායම් දැඩි උත්සහයක නිරත වන්නෙ තුවාල වූවන් සොයා ගැනීමටයි.

ජනාධිපති පාමර් විසින් එය න්‍යෂ්ටික ආයුධයක් බව තහවුරු කොට තිබේ.

දැනට පැය දෙකකට කලින් පුපුරා ගියේ ලොස් ඇන්ජලීස් හි උතුරට වන්නට පිහිටි වැලන්ෂියා ප්‍රදේශයේදීය.

මිනිසුන් 12,000කට වඩා වැඩි පිරිසක් මෙයින් අනතුරට පත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පොලිසිය දැනටමත් මේ පිළිබඳව ක්‍රියා කරන අතර

නමුත් අප හට දැන ගැනීමට ලැබුණු පරිදි ඔවුන් විසින් තවත්...

මට දැන ගන්න ලැබුණා කේරන් ගේ ඉල්ලා අස්වීම ගැන. මට ඒ ගැන කණගාටුයි.

ඇත්තට? මොකද මට පේන්නෙ ඔයාගේ කණගාටුව බොරුවක් කියලා.

කේරන් සහ මම පහුගිය සති වල ප්‍රශ්ණ ඇති කර ගත්තා තමයි,

ඒ මොනවා උනත්, මම ඇයට උපදේශිකාවක් ලෙස ගරු කරනවා.

ඇය අස්වෙන්න හේතුවක් කිව්වෙ නෑ,.

ඒත් ඇය මට නොකියන දෙයක් තියෙනවා.

මේකෙන් ඒ ගැන මොනවා හරි දැන ගන්න ලැබේවි.

මේක මම අද උදේ ඉදිරපත් කරපු විධායක මණ්ඩලයේ තීරණය.

කේරන් සොයා ගත්තා මං ඒක නැවත ඔයාට ලබා දෙන බව.

ඒ නිසා ඇය අස්වුණා? ඒකෙ කිසිම තේරුමක් නෑ, ටොම්.

ඇය කවදාවත් සටනකට බය උනේ නෑ.

සමහරවිට අන්තිමේදි ඇයට තේරුම් යන්න ඇති ඇයගේ කරුණු වලංගු නැති බව.

මේක තමයි අපි දැනට මුහුණ දීලා තියෙන ගැටළුවට තියෙන එකම ප්‍රතිචාරය.

ඇයි මම පැය 6කට කලින් ප්‍රතික්ෂේප කරපු දෙයකට අත්සන් කරන්නෙ?

මොකද පැය 6කට කලින් අපි දැනන් හිටියේ නෑ ෆායඩ් ගාව න්‍යෂ්ටික අවි තිබුණා කියලා.

ඒ උනත්, ඔයා කතා කරන්නෙ හදිසි නීතිය යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ආඥා පනත ගැන.

සිර අඩස්සියේ තබා ගැනීමේ මධ්‍යස්ථාන වැඩි කිරීමේ වැඩ පිළිවෙලක් ගැන.

ඒවා නිසා විධායක බලතල අනිසි ලෙස පාවිච්චි කිරීමක් වෙනවා.

ඔය ක්‍රියාමාර්ගයෙන් ෆායඩ්ගේ පද්ධතිය බිඳ වැටෙනවා,

අනිත් න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි කරන්න තියෙන හැකියාව සීමා වෙනවා.

සර්, ෆායඩ්ගේ එකම අරමුණ අපේ රට විනාස කරලා දාන එක,

රටේ යටිතල ව්‍යුහය, සමාජ ක්‍රමය, සම්පුර්ණ ජීවන රටාවන්.

ඔහුගේ පරමාර්ථය අනුව ඒක ප්‍රබල තර්ජනයක්.

ඔයාට අමතක උනාද මට ඡන්දෙ දීපු මිනිස්සුන්ට මං බල කරාවිද කියලා?

එයාලාගේ අයිතිවාසිකම් නැති කරලා මේ රට බේර ගන්න?

සර්, තව එක න්‍යෂ්ටික බෝම්බයක් හරි පිපුරුවොත්, අපේ රටට ෆායඩ්ගේ අරමුණ ගැන තවත් පැහැදිලි වේවි.

මේක කැබිනට් එකට දාන්න. අපි මිනිත්තු 30කින් මුණ ගැහෙනවා.

ජනාධිපතිතුමනි, ඔබතුමා ගත්තෙ හරි තීරණයක්.

රීඩ්.

කැබිනට් මණ්ඩලය රැස් කරන්න.

- අපි ඒක කරන්නම්. - ජනාධිපති මේකට අත්සන් කරනවද?

එහෙම නොකරන්න නම් කැබිනට් එක රැස් කරන්නෙ නෑනේ. නියම වැඩක්, රීඩ්.

- මම කරන්නෙ වෙන්න ඕනෙ දේ. - කේරන්ව අයින් කරන එක අවුල් තමයි,

ඒත් ඇය අපිට වෙන විසඳුමක් දුන්නෙ නෑ.

- හේයස්. - සමාවෙන්න දැනුම් දෙන්න පරක්කු උනාට.

අපි මැකාර්ති හරහා ෆායඩ් ව ලුහුබඳිනවා.

- බිල්, මම ඉල්ලා අස් උනා. - අස් උනා? මොනවද ඔයා මේ කියන්නෙ?

මට දැන් ඕවා අදාල නෑ, ඒත් මට දැනුම් දුන්නා CTU එකේ සම්බන්ධීකරණ කටයුතු වලට දායක වෙන්න කියලා.

කේරන්, ඔයාට බෑ අද ජනාධිපතිව දාලා යන්න,

බිල්, ඔයා හිතනවද වෙන විසඳුමක් තිබ්බා නම් මං මෙහෙම කරනවා කියලා?

- ලෙනොක්ස්ට මේකට මොකක්හරි කරන්න තිබුණා. - මට දැන් මේ ගැන කතා කරන්න බෑ.

මම ඔයාව පැය කීපයකින් හමුවෙන්නම්, හරිද?

කේරන්....

- Mr බුචානන්? - මොකද ප්‍රශ්ණෙ, ක්ලෝයි?

- ජැක් ෆෝන් එකට උත්තර දෙන්නෙ නෑ. - ආධාරක කණ්ඩායම් වලින් හොයන්න.

මං බැලුවා. එයාලත් උත්තර දෙන්නෙ නෑ. සමහරවිට අහුවෙලාද දන්නෙ නෑ.

එයා අපිට නොකියා මුකුත් කරන්නෙ නෑනේ. ආධාරක කණ්ඩායමක් යවන්න.

- හරි. - දිගටම ජැක්ට කතා කරන්න.

හොඳයි.

- කොහේදිද අපි මුණ ගැහෙන්න ඕනෙ? - හාඩ් ඩ්‍රයිඩ් විනාස කලාට පස්සෙ පැයකින්.

- අපි ගෙදර පිටිපස්සෙදි ඔයාව මුණ ගැහෙන්නම්. - සැලැස්මෙ හැටියට වැඩ කරන්න.

- වද වෙන්න එපා. - වද වෙන එක තමයි මගේ රස්සාව.

මේ ඔක්කොම ඔයා වෙනුවෙන්, ජැක්

මම කළ හැමදේම, ගොඩනඟපු හැමදේම ඔයා වෙනුවෙන් කළ දේවල්.

ඒ හැමදේම ඔයා වෙනුවෙන්,

ඔයා ගියාට පස්සෙ, මං මටම කියා ගත්තා ග්‍රැයෙම්ට පවුල බලා ගන්න හැකියාව තියෙනවා කියලා,

කම්පැනි එක ආරක්ෂා කරන්න පුළුවන් කියලා,

සමහර තැන් වලදි, මම නිතරම එයා ගැන ඇත්ත දැනගෙන හිටියා.

ඒත් මං ඒවා පිළිගන්න කැමති උනේ නෑ.

මං දන්නෙ නෑ මම ඔයාට මොනවද කියන්න ඕනෙ කියලා?

මට ඕනෙ ඔයාට තේරුම් කරවන්න.

ඔයා ගියාට පස්සෙ, මට ඉතිරි උනේ ග්‍රැයෙම් විතරයි.

එයා ඔයාව පැත්තකට දැම්මා, එහෙම නේද?

මට සමාවෙන්න,

එළියට එනවා,

මේක කරන්න එපා, Irv. ග්‍රැයෙම් උඹලට ගෙවන ගාන කියන්න, මං දෙගුණයක් දෙන්නම්.

කට වහගෙන යමන්,

දණ ගහපන්, දෙන්නම,

නෑ, බැ*** පුතා, අඩු ගානෙ මගේ ඇස් දිහා බලන් ඒක කරපන්.

මට එයාගෙන් අහන්න දේවල් තියෙනවා.

උන් අපිව මරන්නයි හැදුවෙ ජැක්!

සාක්කු වල බලන්න යතුරු තියෙනවද කියලා.

මඟුල!

බුචානන්

- බිල්, මම ජැක්. - අපි ඔයාව සම්බන්ධ කර ගන්න බැරි උනා, හොඳින් නේද?

- මං හොඳින්, ඒත් ආධාරක කණ්ඩායම මැරුණා. - ඔයා මැකාර්තිව හොයා ගත්තද?

- මං දන්නවා හොයා ගන්න විදිය. - කොහොමද?

- මගේ සහෝදරයා. - ඔයා කිව්වෙ ඔහු සම්බන්ධ නෑ කියලනේ.

- ඔහු බොරු කිව්වෙ, ඔහු අපිට හැම දෙයක්ම කියලා නෑ. - මොනවා ගැනද?

ඔහු හැදුවෙ මාවයි තාත්තාවයි මරන්න. ඔයා දැන්ම ඔහුගේ ගෙදර වටලන්න.

- මං දැන්ම කණ්ඩායමක් යවන්නම්. - පරදෙන්න සූදානම් කරවන්න.

මට බර්ක්ව ඕනෙ, ප්‍රශ්න අහන කට්ටලයක් එක්ක.

- ජැක්? - ඇයි?

මැකාර්ති තමයි ෆායඩ් අල්ලගන්න තියෙන එකම මාර්ගය. අපි ඌව හොයා ගන්න ඕනෙ බෝම්බ පුපුරවන්න කලින්.

ක්ෂේත්‍ර කණ්ඩායම හම්බඋන ගමන් කතා කරන්නම්. අපි දැන් යන්න ඕනෙ.

රීටා?

- කොහේද යන්නෙ? - ලොබී එකේ රසකැකවිලි මැෂින් එකක් තියේ.

- අපි ඉක්මනට යනවා. - ඔයා පැයකට කලින් කිව්වෙත් ඕකම තමයි.

වාඩි වෙනවා, රීටා.

ඇයි?

සුභ ආරංචියක්. මං හොයා ගත්තා බෝම්බ ක්‍රියා කරවන්න පුළුවන් කෙනෙක්ව.

- කවුද? - මං එයාගේ ෆයිල් එක දැන් එව්වා.

රැකියාව, අධ්‍යාපනය, සම්පූර්ණ CV එකම. දැන් ඒක ඔයාට පේන්න ඕනෙ.

මං මේ බලන ගමන්, එයා හොඳයි වගේ.

ඔහු වැඩේ කරාවි, ඒත් අකමැත්තෙන්, ඔහුට බල කරන්න වෙනවා.

- හරි. කොයි වෙලාවෙද ඔහුව ගේන්නෙ? - පැයක් ඇතුලත.

ඒක කළාම මට කතා කරන්න.

- Mr බුචානන්, ඔයා මේක අහන්න ඕනෙ. - මොකක්ද?

NSA සංවාද වලට රහසෙන් සවන් දීලා. මේ හඬ පටය අරන් තියෙනවා.

එයාලා හඳුනාගෙන තියෙනවා එක කටහඬක් ෆායඩ්ගේ.

මං හොයා ගත්තා බෝම්බ ක්‍රියා කරවන්න පුළුවන් කෙනෙක්ව.

- කවුද? - මං එයාගේ ෆයිල් එක දැන් එව්වා.

රැකියාව, අධ්‍යාපනය, සම්පූර්ණ CV එකම. දැන් ඒක ඔයාට පේන්න ඕනෙ.

මං මේ බලන ගමන්, එයා හොඳයි වගේ.

ඔහු වැඩේ කරාවි, ඒත් අකමැත්තෙන්, ඔහුට බල කරන්න වෙනවා.

- හරි. කොයි වෙලාවෙද ඔහුව ගේන්නෙ? - පැයක් ඇතුලත.

දෙවනියට හඳුනාගත් කටහඬ මැකාර්ති ගේ.

උන්ට Numairව නැති උනා පිපිරීම නිසා. ඒ නිසා මැකාර්ති කෙනෙක්ව සොයලා දෙනවා බෝම්බ ක්‍රියා කරවන්න,

හඬ පටයේ තොරතුරු වලින් ඒකේ පිහිටීම හොයා ගන්න බලන්න.

- හරි, සර්. - මම මොරිස්ව වැඩකට දැම්මා.

අපිට පින්තූරයක් ලැබුණා ඒ දත්ත වලින්, ඒක ඉංජිනේරුවාගේ පින්තූරයක් වෙන්න පුළුවන්.

- මේ ඒකද? - ඒක ගොඩක් දුරට අවුල් වෙලා.

මම ඒක නැවත සකසන මෘදුකාංගයක් හැදුවා.

මේක වෙන්න පුළුවන් බෝම්බ පිපිරීම වලක්වන එකම ක්‍රමය

- මට වෙලාවක් කියන්න. - විනාඩි ගානක් වෙන්නත් පුළුවන්, පැයක් වෙන්නත් පුළුවන්.

හැම කණ්ඩායමක්ම තහවුරු කරන්න.

කවුද මෙතන ප්‍රධානියා?

- මගේ නම ජැක් බවර්. - Mr බවර්, මම අල් ටර්නර්, මම තමයි වැඩ බලන්නෙ.

- ඔයාගෙ කට්ටිය ස්ථානගත කළාද? - අපි ගොඩනැගිල්ලකට මෙහායින් ඉන්නෙ.

ඔයාගේ සහෝදරයා ඇතුළෙ ඉන්න බවට සහතික කළා.

ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉන්නවා.

අවම බලය යොදන්න. මගේ සහෝදරයව පණ පිටින් ඕනේ.

- තේරුණා. අහ ගන්න... - මමත් ඔයා එක්ක එන්නම්.

නෑ, ඔයා මෙහේ ඉන්න.

මට ග්‍රැයෙම්ව තනියම ප්‍රශ්න කරන්න ඕනෙ.

ඔයා එයාට මොකක්ද කරන්න යන්නෙ?

එයා දන්න දේ දැන ගන්න ඕන දෙයක් කරනවා.

මං මෝඩයෙක් නෙවෙයි. මං දන්නවා මොකක්හරි අවුලක් තියෙන බව.

- හැමදේම හොඳින්. - ඔයා බොරුකාරයෙක්, හැමනිතරම එහෙමයි.

- ඇයි ඔයා ගිහින් මට කෝපි එකක් ගේන්නෙ නැත්තෙ? - තමුසෙම හදා ගන්නවා!

ඔය රණ්ඩුව නවත්තනවද? නිතරම කරන්නෙ රණ්ඩු වෙන එක.

මට සමාවෙන්න, වස්තුවේ. අපි අද පොඩ්ඩක් අවුලෙන් ඉන්නෙ.

මොකද වෙන්නෙ?

මුකුත් නෑ. අපි නිකන්... අපි තාත්තට ඉන්න දීලා යමු?

ඔහුට වැඩ කරන්න තියෙනවා.

තුවක්කුව පහළට දානවා! තුවක්කුව පහළට දානවා!

- මොන මඟුලක්ද මේ, ජැක්? - තුවක්කුව පහළට දානවා!

කරපන්,

බිම දිගා වෙයන්. බිම දිගා වෙයන්!

- කලබල වෙන්න එපා! - ඔහුව කාමරයට ගෙනියන්න.

බර්ක්ට කියන්න ඔහුව ප්‍රශ්න අහන්න සූදානම් කරන්න කියලා. මෙහේ තියෙන හැම එකක්ම CTU එකට

යවන්න ඕනේ. ඔහුව ගන්න, ඉක්මන් කරන්න.

- ඔයා මොකක්ද මගේ තාත්තට කරන්න යන්නෙ? - මං හැමදේම ඉක්මනින් පැහැදිලි කරන්නම්.

කරුණාකරලා, වාඩි වෙන්න, එන්න.

මාව අතාරිනවා!

මං දිහා ඔයා විදියට බලන්න එපා. මට කරන්න දෙයක් නෑ.

- ග්‍රේ හැදුවෙ මාවයි තාත්තවයි මරන්න. - ඇයි? ඇයි එයා එහෙම කරන්නෙ?

අද පුපුරපු න්‍යෂ්ටික බෝම්බය සපයලා තියෙන්නෙ අපේ පවුලේ කම්පැනි එකෙන්,

ග්‍රේ ඒක වහන්නයි හැදුවෙ,

මට සමාවෙන්න, මැරිලින්. මට තේරෙනවා ඔයාට මේක විශ්වාස කරන්න අමාරු බව.

එහෙම නෑ.

මං මුකුත් විස්තර දන්නෙ නෑ තමයි. ඒත් මං දන්නවා ඔහුගෙ හැකියාව ගැන.

තව බෝම්බ 4ක් තියෙනවා. ඔයා දන්න මොනවහරි තියෙනවද?

- මොන වගේද? - ග්‍රේ කිව්වද මැකාර්ති කියලා කෙනෙක් ගැන?

- නෑ. - ඔයාට විශ්වාසද?

More Sinhala subtitles for 24

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left