Malang

Malang (मलंग)

Download Sinhala Subtitle

Release info

www 1TamilMV in - MALANG (2020) Hindi TRUE HDRip
A Commentary by yohan2004
yohan subtitles

Tags

hdrip
HDRip
HD
Published on: 2020-12-30
Downloads: 52
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

- 50* වන සිංහල උපසිරැසි ගැන්වීම - ෴ පසිඳු මධුමාල් ෴ w w w . b a i s c o p e l k . c o m

අද රාත්‍රියේ...

කවුරුන් හෝ පැමිණෙනකම්...

බලන් ඉන්නවා, පොඩ්ඩක් විතර බලන් ඉන්නවා.

අද රාත්‍රියේ...

කවුරුන් හෝ පැමිණෙනකම්...

ඔහුට එන්නට ඉඩදෙන්න, මගේ චංචල හදවතින්...

"ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ"

"ශුබූ"

"ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ"

"ශුබූ"

- මරු ස්ටයිල් එක අහ්. - අනේ රෙද්දේ ස්ටයිල් එක?

දැන් ගෝවා වෙනස් වෙලා, ටෝනී.

කලින් මෙහේ හිටියේ, රුසියානුවන්ලා, යුරෝපීයන්ලා.

- ඊශ්‍රාලයින්. - ඊශ්‍රාලයින් තමයි ආවේ.

එක කෑම වේලක් කන එක, කංසා පාරක් ගහන එක, අරක්කු ටිකක් කටගාන එක.

එක කෑම වේලකින් කොහොමද ව්‍යාපාරයක් කරන් යන්නේ?

කොහොමද ඒක බිස්නස් එකක් වෙන්නේ?

Dil Chahta Hai එකේ කොල්ලෝ ටික මෙහෙ ඇවිත්,

චපෝරා කොටුවේ ඉදන් ෆොටෝ ගහපු දවසේ දා පටන්,

හැම ඉන්දියන් කෙනෙක්ම රංචු පිටින් ගෝවා එන්න ගන්නවා.

ගෝවා කියන්නේ, මුඩුක්කුවක්.

මුඩුක්කුවක්.

ඒත් මේ ඉන්දියන්කාරයොන්ගේ එක හොඳක් තියෙනවා, එයාලා එන්නේ පවුලේ කට්ටිය එක්ක.

වෙලාවකට බිරිඳක් එක්ක, වෙලාවකට ළමයි එක්ක, වෙලාවකට දෙමව්පියෝ එක්ක.

තුන්දෙනාම වෙනස් අය වුණාට, එයාලා දවසකට කෑම වෙලාවල් තුනක් ගන්නවා.

එයාලගේ බඩවල් පුරවගන්නවා.

ඉතින්, පොඩි බාර්කාරයෝ වුණත්, ෆැමිලි රෙස්ටුරන්ට් දාගන්නවා.

ඉතින් මමත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා.

ඔයා ප්‍රයෝජනයක් ගත්තා විතරක් නෙවෙයි.

ඔයා සම්පූර්ණයෙන්ම අධිරාජ්‍යය හැදුවා.

අහ් මේ අහන්න.

අර ෆිරෝස්ව මතකද, අර ඔයා එක්ක වැඩ කළ මිනිහා.

ඌත් එක්ක තියෙන පටලැවිල්ල මොකක්ද?

බලන්නකෝ, මං ඌව බිහාර්වල ඉදන් එක්කන් ආවේ.

ඌට රස්සාවක් දුන්නා.

පඩියක් දුන්නා.

කන්න මස් මාළු දුන්නා.

ඉන්න තැනක්, එයා කිව්වා එයාගේ පවුලේ අයත් මෙහෙට එක්කන් එන්න ඕනේ කියල.

හැමෝටම ඉන්න හිටින්න තැන් හදලා දුන්නා.

දවසක් මං එයාට කිව්වා, මේ විදේශිකයෝ වගයක් මෙහෙට එනවා,

එයාලට බියර් දීලා,

එයාලාට පොඩි දෙයක් ට්‍රයි කරන්න දෙන්න කියල.

ට්‍රයි කරන්න?

ඒකා මට බැහැයි කිව්වා.

එයා කිව්වා, ඒක මහ අසික්කිත වැඩක් කියල.

මං කිව්වා උඹේ අසික්කිතේ බම්බු ගහගනින්, මම නෙහ් උඹට කියන්නේ උඹ කරහන් කියල.

මං උඹේ බොස් නිසා, කරහන් කියල. ඒක බැහැයි කිව්වා.

ඉතින් මං දුන්නා දෙකක් කණ රත්වෙලා යන්න.

එපාර මට කිව්වා, පොලීසි යනවා කියල,

එපාර ඒකා මගේ ගැන කිව්වොත්, මගේ අවුරුදු 10ක මහන්සිය වතුරේ යනවා.

ඉතින් ඒක නිසා මං ඌව මරලා දැම්මා.

දැන් ඔය කොහේ හරි ඇති...

- බොඩි එක කොහෙද? - දුත්සාගර් ඇල්ලට විසික් කළා.

එයාගේ බිරිඳ හිතන්නේ, ඌ සුද්දියෙක් එක්ක පැනලා ගියා කියල.

පවුල් ඉවරෙටම ඉවර වුණත්,

ඒත් කවදාවත් ෆැමිලි රෙස්ටුරන්ට් එක වහන්න හොද නෑ නේද?

ඔයා ඉන්නවා නේද, ඔයා හරිම හොඳ මිනිහෙක්.

එත් මං ඔයාට කියන්නේ...

මගේ පවුලේ අයත් එනගමන් ඉන්නේ.

නත්තල් සැදෑව නෙහ් ඉතින්.

මගේ පවුලේ අය එනගමන්.

මගේ බිරිඳ, මගේ දෙමාපියන්, මගේ ළමයි ටික...

බේබි ජෝන්ට...

හරි බෝර්කර්, රාජකාරිය පටන්ගත්තා. රැකදෙන්න දෙවියනේ!

අරූව චෙක් කරන්න, බලන්න මැරිලද නැද්ද කියල.

බලන්නම්.

පණ තියෙනවා.

ඊයේ වැටලීමෙදී ගත්ත තුවක්කුව, මෙයාගේ අතේ තියන්න.

තෙත රෙදි කෑල්ලකින් ඇඟිලි සළකුණු ටික මකලා දාන්න.

මිනීමරුවෝ වෙන අපේ හදවත කවදාවත් හරි තැනේ නෙවෙයි තියෙන්නේ.

"ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ"

"ශුබූ"

"ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ, ශුබූ"

ෆැමිලි රෙස්ටුරන්ට් එකක් නේද කරන් යන්න හැදුවේ, පාහරයා.

SHO අගාශේ.

මිනීමරුමක් ගැන වාර්තා කරන්න ඕනේ සර්.

තමුන්ගේ පළාතේ තියෙන පොලිස් ස්ටේශන් එකට ගිහින් වාර්තා කරන්න.

තාම වෙලා නෑ, දැන් කරන්නයි යන්නේ.

ඒයි බල්ලා...

අද නත්තල් සැදෑව මිසක්, නැතුව අප්‍රේල් පළවෙනිදා මෝඩයන්ගේ දවස නෙවෙයි. කවුරු මෝඩයට අන්දන්නද හදන්නේ?

මේ රාත්‍රිය ගොඩක් දිග එකක් වෙන්නයි යන්නේ.

හැපි සොල්ස්ටිස්..!

මොකක්? හෙලෝ!

ඒ හෙලෝ..!

ෆාදර්, මයිකල් වගේ කෙනෙක් මගේ නංගිටත් හොයන්නකෝ.

මයිකල්ගෙයි තෙරේසගෙයි වගේ ගැළපීමක් නම් ආයෙම හම්බවෙන එකක් නෑ.

කතෝලික සාරධර්මවලින් යුත්, පල්ලියට ගරු කරන මිනිස්සු, එයාලා වගේ අය තවත් හැදෙන්නේ නෑ.

මයිකල්, තාත්තා කෙනෙක් වෙන්න ලෑස්තිද නැද්ද?

තෙරේසා, ඔයා දන්නවද මිසිස් ඩිමෙලෝ.

අවුරුදු පහළොවකටත් පස්සේ එයා ප්‍රෙග්නන්ට් වුණා.

හැම ස්තූතියක්ම, ඒ නාරීවේදී වෛද්‍යවරයට යන්න ඕනේ.

එයා තමයි මේ දේවල් කරන්න උදව් කළේ, එයා හරිම හොද කෙනෙක්.

මං එයාගේ නම්බර් එක පවා ඉල්ලගත්තා.

ඔයා ගිහින් ඒ කෙනාව පොඩ්ඩක් හම්බවෙන්න.

මං කියන්නේ, අපිට ආච්චිලා සීයල වෙන්න ඕනේ, අනික මයිකල්ටත් තාත්තා කෙනෙක් වෙන්න ඕනේ.

තෙරේසයි බොනී ලොකු වෙනකොට,

ඉතින් අපි බය වුණා, බොනී නාවික හමුදාවට ගිහින් බැදේවී කියල.

ඒත් දැන් බලන්නකෝ!

එයා ගෙදර එන්නෙත් අවුරුද්දටම මාස තුනකට වගේ.

දැන් අපේ පවුලේ ලොකු වෙනවා.

ඒකට චියර්ස්. - ඒකට චියර්ස්.

මං ගිහින් කේක් එක ලෑස්තිද කියල බලලා එන්නම්.

තව වයින් ටිකක්?

තෙරේසා කෝ කේක් එක? - මේ ගන්නවා තාම.

කෑම ලෑස්තියි, හැමෝම බලන් ඉන්නවා.

තෙරේසා.

මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.

කියන්න.

මම...

හෙලෝ සර්! - හෙලෝ!

සුබ නත්තලක්! - ඔයාටත් සුබ නත්තලක්!

සමාවෙන්න ඕනේ කරදර කළාට, මයිකල් සර් ඉන්නවද?

මයිකල්, ඔයාව හොයන් කෙනෙක් ඇවිත්. රාජකාරියට වාර්තා කරන්නලු.

කේස් එකක් ගැන කතා කරන්න එයාව හම්බවෙන්න ඕනේ.

හැමදෙයක්ම මතකේ තියාගන්න ඕනේ නෑ, ඒත් එක දෙයක් මතක තියාගන්න.

මං ඔයාට ආදරෙයි!

සර්.

මරණයට හේතුව, හිස් කබලට තදින් පහරදීම නිසා

එයා මැරෙන්න කලින් තවත් තුවාල කිහිපයකට භාජනය වෙලා තියෙනවා.

පේන විදියට හොරකමක් වගේ. ගොඩක් හානි දේවල් තියෙනවා.

අපි තාමත් නැති වුණු දේවල් ගැන ලැයිස්තුවක් හදනවා.

මේක හොරකමක් නෙවෙයි.

හොරු, එයාලා ආව විත්තියක් පෙන්නන්නේ නෑ.

හිතාමතා කරපු මිනීමැරීමක්!

ගොදුරට භාජනය වුණු කෙනාගේ නම, වික්ටර් ෆර්න්ස්.

DSP, ස්පෙශල් සෙල්.

ඔයාගේ දෙපාර්තමේන්තුවේ හිටිය ඔෆිසර් කෙනෙක් සර්.

මං දන්නවා.

එයා මගේ යාලුවෙක්.

ඒත් සර් එක දෙයක් තේරෙන්නේ නෑ.

කරලා තියෙන විනාශ දිහා බැලුවම මේක එක මිනිහෙක් කරපු දෙයක් වගේ නෙවෙයි පේන්නේ.

මේක නම් මිනිස්සු තුන හතරක් එක්ක එකතුවෙලා කරපු වැඩක්.

මේක එක මිනිහෙක් කරපු වැඩක්, පාන්ඩේ.

ඒත් ඔයාලා කියන්න ඕනේ මේක තුන් හතර දෙනෙක්ගේ වැඩක් කියල.

නැත්තම් මිනිස්සු හිනා වේවී.

ස්පෙශල් සෙල් ඔෆිසර් කෙනෙක්ව එක මිනිහෙක් ඇවිල්ලා මරලා ගියාට.

බලන්නකෝ, මෙයාව එල්ලලා තියෙන හැටි, බෝර්කර්.

ඔව්, සර්.

බිත්තියක එල්ලලා තියෙන පදක්කමක් වගේ.

- ඌ මෙයාව මරලා හොද ආතල් එකක් අරන් තියෙනවා නේද? - ඔව් සර්.

මේක නම් පෞද්ගලික හුටපටයක්.

ගොදුරු වූ කෙනා ස්පෙශල් සෙල් එකේ, මගේ කණ්ඩායමේ හිටිය කෙනෙක්.

අනික මේ කේස් එකත් අපේ.

අපරාධ අංශය මෙතනට ඕනේ වෙන්නේ නෑ. - මං දන්නවා මයිකල්!

මං මේ රෑ කෑම කාලා පොඩි රවුමක් දාන්න ආවේ.

වැඩේ කියන්නේ, මිනීමරුවා එයාව මරන්න කලින්,

කෝල් කරලා කිව්වා, මෙයාව මරන්නයි යන්නේ කියල.

ඉතින් මං හිතුවා, මේකා මට විහිළුවක් කරනවද අභියෝග කරනවද කියල ගිහින් බලන්න.

බලන් ගියාම ඒක අභියෝගයක්.

ඔයා ඉතින් දන්නවනේ,

අගාශේ අභියෝගවලට හරි ආසයි.

ඔයා ගැන හැමෝම දන්නවා, අගාශේ.

මෙහෙදී, ඔයා කරන වෙඩි තියලා දාලා කේස් එක ඉවරයක් කරන ක්‍රියාපටි කෙරෙන්නේ නෑ.

මට මේක ගැන පැහැදිලි විමර්ශනයක් කරන්න ඕනේ!

රුපියලක් දීහන් පාන්ඩේ? කෝ කෝ ඉක්මනට දියන්.

උපදෙසක් දෙන්න මූඩ් එකක් ආවා.

ඒත් ඒවා නිකම් දීලා නම් පුරුදු නෑ.

මගේ උපදෙස් වලට මං ගාස්තුවක් ගත්තොත්, මිනිස්සු හිතාවී මං අල්ලස් ගන්නවා කියල.

මගේ කීම අහලා, කරුණු කාරණා එක්ක තමන්ව කාර්යබහුලව තියාගන්න.

මොකද මේක කරල තියෙන කෙනා, එසේ මෙසේ මිනීමරුවෙක් නෙවෙයි.

ඒකා භයානක රාක්ෂයෙක්.

භයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්,

එයා කිසිම දේකට භය නැති කෙනෙක් වෙන්න ඕනේ.

තමන්ගේ දෙයක් නැති වුණු කෙනෙක් තමයි, මිනිස්සුන්ව දුක් විඳින්න ඇරලා මරන්නේ.

අනික මේ කතාවේ අවසානය නෙවෙයි, මේ පටන්ගැන්මයි.

බලන් ඉන්නකෝ,

අද රාත්‍රිය ගොඩක් අඳුරු රාත්‍රියන්ගෙන් එකක් වෙන්නයි යන්නේ.

නිහඬතාවය කන් බිහිරි කරාවී.

"මිත්‍යාදෘෂ්ටිකයා යන්න පටගන්ගෙන ඇත,"

"මෙම චාරිකාව සමඟ"

"මිත්‍යාදෘෂ්ටිකයා යන්න පටගන්ගෙන ඇත,"

"මෙම චාරිකාව සමඟ"

"කිසිම ගමනාන්තයක් නැතිව, සිය කැමත්තට ගමන් කරයි,"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මා අයාලයෙකි..."

"හරියට තවුසෙකු සේ"

"මගේ හිත තැනින් තැනට යයි"

"හරියට තවුසෙකු සේ"

"මගේ හිත තැනින් තැනට යයි"

"දැන් කොතැනටද මා එක්කන් යන්නේ, මේ ඉබාගාතේ යෑම"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මා අයාලයෙකි..."

"මෙම චාරිකාව ගැන දෛවයේ ලියා තිබේ නම්"

"මා කොතැනක හෝ නවතින්නේ කුමටද?"

"මෙම චාරිකාව ගැන දෛවයේ ලියා තිබේ නම්,

"මා කොතැනක හෝ නවතින්නේ කුමටද?"

"මා වෙරළ පෙදෙස අතහැරලයි පැමිණියේ,"

"ඕනෑ තරමක් කාලයක් ගමන් කරන්න."

"දිනෙන් දින ගෙවී යන්නට දෙන්න, මෝසම් කාලයන් වෙනස් නොවී."

"මේ මඟ ගමනාන්තයකට එන්න දෙන්න, අපව නවත්වන්නේ නැතිව."

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මට අයාලයෙකු වී හිදින්න දෙන්න"

"මා අයාලයෙකි..."

- පොලීසියෙන්.! - පොලීසියෙන් පොලීසියෙන්..!

More Sinhala subtitles for Malang

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left