Ratatouille

Ratatouille

Download Sinhala Subtitle

Release info

Ratatouille 2007 BRRip Sinhala subtitle
A Commentary by dhplakmal
සිංහල උපසිරැසි Sinhala Subtitle for BDRip

Tags

brrip
Published on: 2011-11-12
Downloads: 193
Hearing Impaired: Yes

Sinhala subtitle preview

The first 200 lines.

රැටටූයී

Ratatouille (රැටටූයී) යනු තම්බා ගත් එළවළු වර්ග සහිත දකුණුදිග ප්‍රංශයේ සම්භවයවූ ආහාරයකි එය තක්කාලි, ළූනු, ගම්මිරිස්, වම්බටු සහ සුකිනි යන එලවළු වර්ග ඔලිව් තෙලේ සෙමින් පිසගෙන පිලියෙල කරයි

ලෝකෙ හැම රටක්ම

මේ කාරණාව පිලිගන්න අකමැති වුනත්,

ප්‍රංශයෙ අපි දන්නව ඇත්ත:

ලෝකෙ හොඳම කෑම හදන්නෙ ප්‍රංශයෙ.

ප්‍රංශෙ හොඳම කෑම හදන්නෙ පැරිස් නුවර.

ඒවගේම සමහරු කියන්නෙ පැරිසියේ හොඳම කෑම හදන්නෙ චෙෆ් ඕගස්ට් ගුස්ටෝ කියලයි.

ගුස්ටෝ අවන්හල තමා පැරීසියෙ හොඳම එක,

මාස පහක්වත් කලින් ආසන වෙන්කරන්න ඕන.

මේ කතාව ප්‍රංශයෙ අනිත් හෝටල්වලට ගියාම

මේ හෝටලේ තරඟකාරයො ඉරිසියාවෙ පැළුන.

තරුපහේ තත්වෙ ලබපු ලාබාලම අරක්කැමිය එයා.

චෙෆ් ගුස්ටෝ ගේ ඉවුම්පිහුම් පොත, සියල්ලෝ උයන්නෝ!

වැඩිම ආදායම් වාර්ථා දහය අතරට ගියා.

ඒත් හැමෝම ඒක අගය කලේ නෑ.

පොතේ මාතෘකාවම විකාරයක්, "සියල්ලෝ උයන්නෝ"!

ඊටත් වඩා විහිළුව තමා ගුස්ටෝ ඒක විශ්වාස කරන එක.

මටනම් උයමන මහ බරපතල කාරියක්.

මම නම් හිතන්නෙනෑ සියල්ලෝ උයන්නෝ කියල.

මේ තමා මම.

මට තේරෙන විධියට මම ජීවිතේ ගැන තවටිකක් හිතන්න ඕන.

මොකද්ද දැං මගේ ගැටළුව?

පලවෙනි කාරනේ, මම මීයෙක්.

ඒ කියන්නෙ ජීවිතේ හරිම කටුකයි.

දෙවනි එක, මට ගඳ සුවඳ රස ගැන අති විශේෂ සංවේදී හැකියාවක් තියනව.

පිටි, බිත්තර, සීනි, වැනිලා, කඩල පිටි...

අහ්! ලෙමන් සුවඳ.

හානේ, මේ සේරම සුවඳවල් දැනෙනවද? ඔයානම් අපට සම්පතක්.

මේ එමීල්, මගේ අයියා. එයාව නම් ලේසියෙන්ම සතුටු කරන්න පුළුවන්.

ඒ කියන්නෙ ඔයාට කෑමක් හැදුවෙ මොනව දාලද කියල ඉව කරන්න පුළුවන්? ඉතිං මොක්ද ඒකෙන් අපට ඇති පලේ?

මෙ මගේ තාත්ත. එයා ලේසියට සෑහීමට පත්වෙන්නෙ නෑ

අපේ කණ්ඩායමේ නායකයත් එයාමයි.

මට ගොඩක් හොඳට ගඳ සුවඳ හඳුනන්න පුළුවන්එකේ වැරැද්ද මොකද්ද?

-ඒ...යි...! ඕක කන්න එපා! -මොනවද මේ වෙන්නෙ?

ඔය අමුතු ගඳ, මී පාසානං.

එකපාරටම, තාත්ත මගේ දක්ෂතාව අගේ කරන්න ගත්ත.

මට ඒකගැන ටිකක් ආඩම්බරත් හිතුන,

තාත්ත මට අළුත් රාජකාරියක් පවරනතුරු.

හොඳයි.

හොඳයි.

ඒක හරි, රස පරීක්ෂක.

හොන්ඳායි.

හොන්ඳායිනේ.

දිව්‍යමය වගේ.

ඒ කිවුවෙ හොඳයි. දන්නවනෙ, පිරිසිදුකම දේවත්වයට...

වැඩක් නෑ, යනව යන්න.

මේකෙන් මගේ තාත්තට ආඩම්බර හිතුන.

සතුටු නැද්ද රැමී? ඔයා උතුම් අරමුනක් ඉටුකලා.

උතුම්? අපි හොරුනෙ තාත්තෙ.

එච්චරද, මොනවද අපි හොරකම් කරන්නෙ, කැලි-කසල.

කාටවත් ඔන නැති දේවල් නිසා හොරකමක් නෙවෙයි.

කාටවත් ඕන නැත්නම්, ඇයි අපි හොරකම් කරන්නෙ?

අපි මේක වෙන විධියටකට හිතල බලමු.

මට තේරෙන්නෙ මෙච්චරයි.:

ඔයාගෙ ඇඟ කියන්නෙ ඔයා කනදේනම්, මම කන්නෙ හොඳ කෑම විතරයි.

ඒත් මගෙ තාත්ත කියන්නෙ...

කෑම කියන්නෙ ඉන්ධන කියලයි.

ටැංකියට දාන දේගැන ඕනවට වඩා වද වුනොත් එන්ජිම ඉවරයි.

දැං කට වහගෙන, කනව ඔය ජරාව.

මේ බලන්න, අපි හොරු වෙනවනම්,

කුස්සියෙන් හොඳ කෑම හොරකම් නොකරන්නෙ ඇයි,

එතන කෑමට වස දාලත් නැති එකේ?

පලවෙනි කාරනේ, අපි හොරු නෙවෙයි.

දෙක, කුස්සියට යන්න එපා, මිනිස්සුන්ට කිට්ටුවෙන්න එපා.

ඒක භයානකයි.

මම දන්නව, අපි මිනිස්සුන්ට වෛර කරන්න ඕන,

ඒත් එයාලගෙත් ගතයුතු දේවල් තියනව.

එයාල ඉබේ කාල බීල ඉන්නව නෙවෙයි. එයාල අළුත් දේවල් නිර්මානය කරනව.

බලන්න, එයාල කෑම වලට කරන දේ.

කොහොමද ඒක පැහැදිල කරන්නෙ?

හොඳ ආහාර නිකං සංගීතය වගේ, රස බලන්න, පාට කරන්න, සුවඳ බලන්න පුළුවන්.

හැම කෑමකම විශිෂ්ඨත්වයක් තියනව.

ඔබට තියෙන්නෙ ඒක විඳින්නයි.

අහ්, ගුස්ටෝ හරි.

ආ..., හරි.

හ්ම්, නියමායි.

හැම රසයක්ම විෂේශිතයි.

ඒත් ඒව කවලම් කලාම,

අළුත් රසක් හැදෙනව.

දැං මට සැඟවුන ජීවිතයකුත් තියනව.

ඒක දන්නෙ එමීල් විතරයි.

මේ, එමීල්, එමීල්.

මට හත්තක් හම්බවුනා.

එන්න, ඔයා කෑම හංගන්න දස්සයිනෙ. මේක හංගන්න තැනක් හොයල දෙනවකො.

එයාට මාව තේරුම් ගන්න බෑ, ඒත් මට ඕන විධියට ඉන්න පුළුවන් එයා එක්ක.

ඇයි ඔයා ඔහොම ඇවිදින්නෙ?

මට හැමතිස්සෙම අත සෝදන්න බෑ.

අපි කෑම ගන්න අත් වලින්,

ඇවිදිනබව නිකමටවත් හිතුවද ඔයා?

අපි කටට දාගන්නෙ මොනවද කියල නිකමටවත් කල්පනා කරල තියනවද?

හැම තිස්සෙම.

මම කනකොට, මගේ කකුල් තියන හැමතැනකම රස දැනෙනවට කැමති නෑ.

එහෙනං ඉතිං එහෙමම කරනව.

තාත්ත ඔයා ඇවිදින විදියට කැමතිවෙනඑකක් නෑ.

ඔය මොනවද?

අහ්,

චීස් නේද?

නිකම්ම නිකං චීස් නෙවෙයි, හොඳම අනර්ඝ එළුකිරි චීස්.

මේ හත්ත හොඳට උයාගන්න පුළුවන්.

ඒකට...

මේ පිංචි කොල! මේ පිංචි කොල!

මේ තණකොල මිරිකපු බිංදු ටිකක්.

මේක, දුං කවුළුව උඩට දාල, දන්නවනෙ ඉතිං...

මේක කුනුත් එක්ක විසිකරන්න ඕන නෑ. මේක විශේෂ දෙයක්.

අපි දැං ගෙදර යන්න ඕන නේද...

ඉර බහින්න කලින්, දන්නවනනෙ, තාත්ත අපිව...

එමීල්!

අපි තවම නොදන්න දේවල් තියෙන්න පුළුවන්.

අපි මේක උයන්න ඕන.

අපි මේක උයන්නෙ කොහොමද කියන එක තමා අවුල...

හරී...

මෙහෙම කරකවන එක තමා රහස.

එතකොට දුම්වල සුවඳ රස ගානට හැම තැනටම වදින්න.

කුනාටුව ලඟම එනව.

මේ.., රැමී.., ඔයාට හිතෙන්නෙ නැද්ද අපි මේවගේ උඩක...

මේකෙ රස බලනවකො!

මේක..., හරියට නිකං... කර රස, පැණි බේරෙන...

දුම් රසමමත් නෙවෙයි. හරියට නිකං... නිකං මේ....

ඒක හරියට, මේ.., "ඩ්...ඩෝං.., හොම්බ රිවට්" වගේ රසක්. නේද?

-ඒ රසට මොකද්ද කියන්නෙ? -අකුණු රස?

ඔව්. ඒ අකුණු රසය! ඒක ආයෙමත් කරල බලන්න ඕන.

ඊලඟ කුනාටුව කොයි වෙලාවෙද එන්නෙ, අපි වහලට නගිමු...

මම දන්නව මොනවද මේකට ඕන කියල! කහ ටිකක්! කහ ටිකකින් මේක හරියයි!

කහ. මට හිතෙන්නෙ ඇයි...

-කහ තියෙන්නෙ කුස්සියෙ කියල? -ඒව කුස්සියෙ තියනව.

කහ. -එච්චර හරි නෑ.

කහ.

මට නම් බෑ. එයා ඇහැ ඇරෙයි.

මම මෙහේ කොච්චරවත් ඇවිත් තියනව.

එයා ලිප පත්තු කරල නිදාගන්නව, හෙන ගැහුවත්, ඇහැ ඇරෙන්නෙ නෑ.

මෙහේ නිතර යනව එනව?

මම කියන්නෙ, කහ තමා මේකට ඕන. ගුස්ටෝ පල්ල.

හරි ඉතිං, කවුද ඔය ගුස්ටෝ කියන්නෙ?

මේ ලෝකෙ හිටපු හොඳම කෝකිය. මේ පොත ලිවුවෙත් එයා.

මොකක්. ඔයා පොත් කියවනව?

-ඕනවට වඩා නෙවෙයි. -හපෝ, තාත්ත දන්නවද මේව?

තාත්ත නොදන්න දේවල් වලින් පොත් බර ගානක් ලියන්න පුළුවන්.

මේ පොතත් ඒවගේ එකක්. ඒක රහසක්, හරිද.

මම රහස් වැඩ වලට කැමති නෑ.

මේ උයමනයි, කියවීමයි, ටීවී බැලිල්ලයි...

අපි උයන සහ කියවන අතරෙ.

හරියට, අපරාධයකට හවුල් වෙනව වගේ, මම ඒකට ඉඩ දෙනව.

ඇයි මම ඔයාට ඒකට ඉඩ දෙන්නෙ?

ඇයි මේ ළමයි දෙන්න තාම නැත්තෙ

අහ්, ඇක්විලා කහ. ඉතාලි ඒව, හහ්?

ගුස්ටෝ කියන්නෙ ඒව අනර්ඝයි කියල. හොඳමදේ තමා මේ නාකි නෝන උයන්න ආස කෙනෙක්...

බොරු විශ්වාස අමතක කරන්න මේ ඔයාලගේ ඉවුම් පිහුම් පාඩම

ඒයි! අර තමා ගුස්ටෝ. එමීල්, අර බලන්න.

අනර්ඝ උයමනක් නම් හදවත් රෝග එන්න බෑ

අනර්ඝ උයමනක් නම් හදවත් රෝග එන්න බෑ

හොඳට හිතන්න ඕන, ධෛර්ය්‍යවන්ත වෙන්න ඕන.

අසාමාන්‍ය දේවල් වුනත් උත්සාහ කරන්න ඕන

ඒ වගේම තමුන්ගෙ සීමාවල් අමතක කරන්න හොඳ නෑ.

තමුන් කවුද කියන එක මත.

ඔබගේ එකම සීමාව ඔබගේම ආත්මයයි.

මම කියන්නෙ ඇත්තක්. සියල්ලෝ උයන්නෝ, ඒත් බයනැති අයට විතරයි විශිෂ්ඨයෙක් වෙන්න පුළුවන්.

කවි පංතියක් වගේ.

ඒත් ඒක වැඩිකල් පැවතුනේ නෑ

ගුස්ටෝ අවන්හලට තිබුණ තරු 5න් එකක් නැතිවුනා

ප්‍රංශයේ නපුරු ආහාර විචාරක ඇන්ටන් ඉගෝ ගෙ විවේචනයෙන් පස්සෙ .

ඒක ගුස්ටෝට ලොකු පහරක් වුනා,

සිත බිඳුන කෝකිය ටිකකලකින්ම මියගියා ,

සම්ප්‍රදායානුකූලව, ඒක නිසා තව තරුවක් අහිමි වෙනව.

ගුස්ටෝ මලා?

අහ්!

අහ්! අහ්!

ආහ්!

දුවන්න!

ඔය පැත්තට යන්න එපා.., එයා අපේ කොලනිය අහුවේවි!

-බේරගන්න, රැමී, බේරගන්න! -එමීල්! ලයිට් එක පද්දන්න!

-බේරගන්න, රැමී, බේරගන්න! -එමීල්! ලයිට් එක පද්දවන්න!

මම ඔයාව අල්ලගන්න බලන්නම්.

එමීල්, මේ පැත්තට පැද්දෙන්න.

පැනගන්නවා! හැමෝම, බෝට්ටු වලට.

මට ඉඩ දෙන්න! -පොත.

මට යන්න දෙන්න! -පොත.

සමාවෙන්න. යමු, යමු.

යනවලා, යනවලා.

පාලම පැත්තට! යමු! යමු!

ජොනී, ඉක්මනට!

පදිමු. ඉක්මනට.

අල්ලගන්න!

-බබා අරගන්න. මෙන්න! -ඔය අත දෙන්නකො.

මේ..., මං එනකල් ඉන්න!

කවුරුත් ආවද? හැමෝම ඉන්නවද?

-පොඩ්ඩක් ඉන්න, රැමී කෝ? -මේ එනවා.

මම එනවා!

ඔහොම එන්න පුතා. එයාට එල්ලෙන්න දෙයක් දාන්න.

ඉක්මනට ළමයෝ. හබල්ගාන්න, පුතා.

අයියෝ, ඒක අල්ල ගන්න.

ඔයාට පුළුවන්.

-රැමී! -තාත්තේ!

එන්න, ඔයාට ඒක කරන්න පුළුවන්.

කට්ටිය, ටිකක් ඉන්න. නවතින්න!

රැමී. එන්න, හයියෙන්.

ඉන්න! මම එනකල් ඉන්න.

තාත්තෙ?

තාත්තෙ?

මොන පැත්තටද?

More Sinhala subtitles for Ratatouille

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left