The first 200 lines.
∞∞∞∞ පරිවර්තනය හා සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞∞∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞∞∞∞∞∞
වාව්!
යේ...
හරි!
වෝ...ව්!
මැඩිසන්, මකල්යා, මේක නම් නියමයි!
මෙච්චර කාලෙකට හොයා ගත්තු හොඳම දේ!
මං කිව්වනේ තටු මත යෙදෙන භාර අනුපාතය වෙනස් කළාම
ඒකෙන් තව ටිකක් ඉහළට යන්න පුළුවන් කියලා.
හරි.
ඒත් මං කිව්වනේ තටු වල වාපත අනාකූල කරන එකෙන්
හැඩය වැඩි කරනවා උනාට,
ප්‍රතිරෝධ සංගුණකය අඩු කරනවා කියලා
ඔයා හරියටම හරි.
ඒත් මං තමයි මුලින්ම හරියන විදිය කිව්වෙ.
කට්ටිය, මං හිතන්නෙ මං ඒක සොයා ගත්තා!
මගේ ප්‍රජා උද්‍යාන ව්‍යාපෘතියට හරියටම ගැලපෙන තැන!
මං ඇතුලට ගිහින් පොඩ්ඩක් බලලා එන්නම්!
වාව්!
කාරා, පහළට යද්දි පරිස්සමෙන්!
ඉන්ධන පාලකය හෙමින් ක්‍රියා කරවන්න, නැත්නම් එංජිම නවතීවි!
අවුලක් නෑ වගේ..
ඔයාලා මං ගැන ඕනවට වඩා වද වෙනවා!
අපොයි!
කාරා!
ඉන්ධන පොම්පය ඉවත් කරන්න!
සුක්කානම හරවන්න!
කණ ගාවට කරලා තියා ගන්න.
හෙල්මට් එකේ ආවරණය දා ගන්න!
මං ඔය එක වචනයක වත් තේරුම දන්නෙ නෑ.
හෙල්මට් එකේ ආවරණය? ඒකත් දෙයක්ද?
වෝව්!
අපොයි! මුකුත් වැඩ කරන්නෙ නෑ!
පොඩ්ඩක් ඉන්න, මේ කහ පාට බොත්තම මොකක්ද?
එපා, කහ පාට එක නම් එපා!
ඒක ඔබන්න එපා! ඒක තමයි...
දුම් ආවරණය
අපොයි! මොකක්ද වෙන්නෙ? ඇයි මට මුකුත් පේන්නෙ...
අහ්.
ආ..හ්
හහ්?
වෝව්!
මොකක්ද අර දිලිසෙන්නෙ...
කාරා?
වෝව්!
අහ්..
ආ..හ්!
පැටියෝ, ඔයාට තුවාලද?
ඇයට තුවාලයි!
බැරොන් වොන් රැවෙන්ඩල්, රාජකීය වෛද්‍යවරයාව කැඳවන්න!
දැන්ම ගෙන්වන්නම්, උතුමාණෙනි.
මට දොස්තර කෙනෙක් අවශ්‍ය නෑ.
ඇත්තටම, අම්මේ, තාත්තේ... මං හොඳින්.
වද වෙන්න දෙයක් නෑ.....
පැටියෝ, ඔයා දැන් අහසෙන් වැටුණෙ,
මං හිතන්නෙ ඒක වද වෙන්න තරම් කාරණාවක් තමයි!
තව දෙයක් කුමරියනි...
ඔයා හොඳින්ද?
ඇයි මේ හැමෝම මගෙන් එකම දේ අහන්නෙ?
මං හොඳින්....
ඕහ්!
අපි ඔයාව නැවත හදන්නම්,
අනේ මට සමාවෙන්න යාළුවනේ...
ඒක ඔයාගෙ වරදක් නෙවෙයි.
අපි විවිධ පීඩන තත්ව යටතේ පහළට බාන එක ගැන අපේක්ෂා කළේ නෑ.
ඕහ්.
ආයෙත් ඩිජිටල් නිර්මාණ පුවරුවට සවිකරමු.
කරලා බලලම ඉගෙන ගමු.
ඊළඟ පාර මම මතක තියා ගන්නම් සුක්කානම නිදහස් කරන එක ගැන..
දුම් කවුළු වැස්ම නේද අර මොකක්ද එක?
"ඊළඟ පාර" කියලා එකක් නෑ කුමරිය.
ඔයා කොහොමද එහෙම එකක් හිතුවෙ?
ඔයාට දරුණු විදියට තුවාල වෙන්නත් ඉඩ තිබුණා!
ඒක එච්චර දෙයක් නෙවෙයි! මං හොඳින්!
දැන් අපි වැදගත් දෙයක් ගැන කතා කරමුද?
හරියටම කිව්වොත්, මං හොයා ගත්තා හොඳටම ගැලපෙන තැනක්
මගේ ප්‍රජා උද්‍යාන ව්‍යාපෘතියට!
ගඟ ගාව තියෙන්නෙ, ඒ නිසා පසට ඇති තරම් වතුර ලැබෙනවා.
රාජධානියේ හැමෝටම මේකට උදව් කරන්නත් පුළුවන්.
ජනතාවට එළියට බැහැලා එකිනෙකාව හඳුනාගන්නත් පුළුවන්.
තේරෙනවනේ, ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන්!
කාරා, ඔයා මට කියන්න හදන්නෙ
ජීවිත අවධානමක් අරන් තැනක් හෙව්වෙ,
පිපිඤ්ඤා වවන්න කියලාද?
නෑ!
පිපිඤ්ඤා විතරක් නෙවෙයි.
මට හොඳටම විශ්වාසයි, අපිට පුළුවන් සූචීනි, ටර්නිප් වගේ එළවළු ජාති වවන්න.
සමහරවිට මුං ඇට උනත්...
මේක සෙල්ලමක් නෙවෙයි, කාරා.
අම්මේ, තාත්තේ, මට සමාවෙන්න,
මං ඔයාලව බය කරන්න හිතුවෙ නෑ.
මට ඕන උනේ රාජධානිය වෙනුවෙන් දෙයක් කරන්න!
ඔව්, මට තේරෙනවා දරුවෝ!
ඔයාට පුළුවන් වාර්ෂික පෙරහැරේදි රාජධානියේ සේනාධිපති විදියට හැඩ වෙලා ගමන් කරන්න.
මං අදහස් කළේ වැදගත් දෙයක්
රාජකීය පවුල නියෝජනය වෙන විදියට
ඉදිරිපත් වෙන්න ලැබෙන එකත් වැදගත් දෙයක් තමයි.
ඒ වගේම ආරක්ෂිතයි.
වෙන නැත්නම් හොඳයි...
කාරා, ඔයයි ඔයාගේ සහෝදරියන් තමයි මේ රාජධානියෙ අනාගතය
මේ ලෝකය ඔයා හිතනවට වඩා ගොඩක් භයානක තැනක්.
ඒක එහෙම නේද, බැරන්?
කිසිම සැකයක් නැහැ, උතුමාණෙනි.
මේ වගේ කරදර වන අවස්ථා තියෙනවා, නිසැකවම
අන්න දැක්කනේ...
අපේ උගත් බුද්ධිමත් උපදේශකයා ඒකට එකඟ වෙනවා.
ඔහු කිව්ව දෙයක් කවදාවත් වැරදිලා නෑ.
මං ගැන දන්න තරම තමයි, වැරැද්දක් වෙන්නෙම නෑ.
ඔටුන්න වෙනුවෙන් සේවය කරන විශ්වාසනීය සේවකයෙක්.
තව දුරටත් එහෙම කරන්න බෑ, බෲස්.
දැන් මට මගේ අයිතිය ලබා ගන්න වෙනවා!
හැමෝම දන්නවා ඒ මගේ පවුල කියලා,
සියවස් ගානකට කලින් වින්ඩමියර් රාජධානියෙ මුල් අයිතිය තිබුණෙ අපට කියලා!
ප්‍රදානය කරලා තිබුණෙ මගේ සීයාගෙත් සීයාට
මගේ සීයා ගල-කඩදාසිය-කතුර වගේ මෝඩ සෙල්ලමකදි ඒ අයිතිය නැති කර ගත්තා.
ඒත් තාමත්..
ඒක අයිති වෙන්නෙ මට!
මට ඒ ලොකු පුටුවෙ වාඩි වෙන්න ඕනෙ!
ලොකු ඔටුන්න දා ගන්න ඕනෙ!
මට ඒ වගේ හොඳ සේවාවක් කරන්න පුළුවන් නිසා විතරක් නෙවෙයි...
ඒක මට ලැබිය යුතු දෙයක් නිසා!
මේකත් එක්ක,
අවසානයේදී මං ලබා ගත යුතුයි මගේ...
දෛවය?
ආ..හ්
අපොයි!
එපා!
ඇයි උඹ...
උඹ දන්නවද මට කොච්චර කාලයක් ගත උනාද කියලා
මේ අමෘතය හදන්න අවශ්‍ය ද්‍රව්‍ය හොයා ගන්න?
බිංදුවක් වත් ඉතිරි නෑ!
ඔක්කොම කාණුවෙ!
දැන් මට, ඔක්කොම මුල ඉඳන් පටන් ගන්න වෙනවා!
මට උඹේ දිව ගැටගහලා දාලා
කුකුළෙක් වගේ රෝස්ට් කරන්නයි තිබුණෙ,
කාටද තේ බොන්න ඕනෙ?
ඔයාලා ජෑම් ටිකක් කාලා බලන්න, ඒක හරිම රසයි.
ම්ම්.. නියම ජෑම්, හරිම රසයි.
දැක්කද අණුක භෝජන කලාවේ අළුත්ම දේවල්?
ගැබී, අපි කොරීන්ව අළුත් සත්තු වත්ත බලන්න එක්ක යමු.
ඇය ගිම්හාන කාලේ ගියාට පස්සෙ තාම ඒක විවෘත කළේ නෑ.
ඔයා සත්තුන්ට කැමතියි නේද?
ඔව්, ඇය සත්තුන්ට කැමතියි, සෝයි!
කවුද සත්තුන්ට කැමති නැත්තෙ?
මං කැමති නෑ.
ඒක පාලනයක් නැතුව යනවා.
දවස් කිහිපයකට කලින් කෞතුකාගාරය විවෘත කරපු වෙලාවෙ
මගේ අම්මා මට රිබන් පටිය කපන්න දුන්නෙ නෑ.
ඇය හිතුවා කතුරෙ තුඩ මුවහත් නිසා මට අනතුරක් වෙයි කියලා.
විහිළු නෙවෙයි අනේ,
මගේ දෙමව්පියන් හිතන විදියට හිටියොත්,
මගේ ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ උත්සව වල මගේ ආචාරය පුද දිදී තමයි.
ඒකට තමයි කුමාරිකාවක් විදියට ඉන්නවා කියන්නෙ, කාරා
මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?
මං කියන්නෙ, විශාල පිරිසකට ආගන්තුක සත්කාර කරන
උත්සව වලට සහභාගී වෙන එකට තමයි ගොඩක් අය කැමති.
දැන් ඉතින් මට සපත්තුවෙන් ගහන්න ලෑස්තිවෙන්න එපා.
කොරීන්, මං කවදාවත් කියලා නෑ මගේ ජීවිතේ නියමයි කියලා.
ඒත් උත්සව වගේ දේවල් වලින් ඒක හොඳ වෙන්නෙ නෑ.
මගේ දෙමව්පියෝ ඕනවට වඩා හිතනවා.
ගෙවත්තක වගා කරන එකේ කිසිම අනතුරක් නෑනේ.
මට මොනව වෙන්නද, ගෝවා ගෙඩි හමුදාවකින් ගුටි කන්න වෙන්නෙ නෑනේ?
ඌහ්! මගෙන් එහාට යනවා, පොඩි...
කොරීන්! එපා!
සමාවෙන්න,
කතා කරන්නෙ නම් ඕනවට වඩා හිතනවා කියලා.
මං? ඔයා හැදුවෙ අහිංසක සමනළයෙක්ව මරලා දාන්න!
ඒකා කුරුමිණියෙක්!
උන් ඔක්කොම අප්පිරියයි.
චූටි කුරුමිණියෙක් උනත්?
ඔයාට බෑ චූටි කුරුමිණියන්ට වෛර කරන්න.
එයාලා හරිම ෂෝක්!
එයාලා තමයි කෘමි ලෝකයේ ඉන්න පූස් පැටව්.
- ඌහ්, - කාරා, ඔයා හොඳින්ද?
මං දන්නෙ නෑ, මට නිකන් අමුත්තක් දැනෙනවා.
මොකක්ද ඒ මුමුණන සද්දෙ?
ඔයාලට ඒක ඇහුණද?
ඔයාට උණද? හිසරදයද?
මාංශපේශී වේදනාවද? ඔයා බිත්තර සලාදය කෑවද?
බඩ දඟලනවා වගේ නම් ආහාර විෂ වීමක ලක්ෂණයක් වෙන්න පුළුවන්.
නැත්නම්, නරක් උන කිරි ආහාරයක තිබුණ බැක්ටීරියාවක් ඇතුල් වෙලා,
මස් මාංශ වෙන්නත් පුළුවන්.
මං ඒක කිව්වනේ!
මං දන්නවා.
ඒත් ඒක හරියට මගේ ඇඟෙන්ම එන දෙයක් වගේ.
ඕ... මල්...
ලස්සනයි..
කාරා?
හායි, මගේ නම කාරා. ඔයාගේ නම මොකක්ද?
ඔයා හරිම ලස්සනයි.
ඌහ්...
ඕහ්, නිව්ටන්!
ඔයා තාම කට සෝදලා වත් නෑ...
හහ්?
උදේ වෙලා...
ඊයේ මොකද උනේ?
ම්ම්ම්...
මට හිටියට වඩා 110 % ක් හොඳක් දැනෙනවා.
පැය 24ක කෘමියෙක් වෙන්න ඇති...
පාකර්!
No comments yet. Be the first to leave one.