Aashiqui 2

Aashiqui 2 (आशिकी २)

Download Sinhala Subtitle

Release info

1080p-aashiqui-2-blu-ray-x264-dts-ddr
A Commentary by yohan2004
yohan subs

Tags

Blu-ray
blu-ray
x264
1080
TS
Blu-Ray
Published on: 2020-12-30
Downloads: 447
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 155 lines.

෴"ආසිරි ප්‍රියන්ත"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න

ඉතින්, දැන් මගේ දයාබර යහළුවනේ...

එය ඉතා ගෞරවයක් මට, ඔබ සැමට හදුන්වා දීමට ලැබීම..

..ජාතියේ හද ගැස්ම.

එකම කෙනා.

ගායක, සංගීත රචක, සහ ගීත රචක.. රාහුල් ජයිකර්.

දැනට අපි ඔයාලට මෙම ප්‍රසංගයේ සජීවී විස්තර රැගෙන එනවා.

ඔයාලට දැන් දැක ගන්න පුළුවන් ආකාරයට, මෙහි වාතාවරණය මෙන්ම වේදිකාවද සූදානම්.

තව, රසිකයන් පැය දෙකක් තිස්සේ..

.රාහුල් ජයිකර් එනතුරු බලා සිටිනවා.

දීපක් බායි, දීපක් බායි..එයා එන්නේ නැහැ.

දීපක් බායි, මම ආර්යන්, මමත් ගායකයෙක්.

ඔහ්හ්..අහකට යනවා!

මාව වේදිකාවට දාන්නකෝ.

සර්, සර්, කරුණාකර, මම කියන දේ අහන්න.

සර්, මම අවුරුදු පහක් තිස්සේ මහන්සි වෙන්නේ..

..ඔයාල කට්ටියට පින් සිද්ද වෙන්න.

සර්, මම දැන් සූදානම්, මාව ගන්නකො, කරුණාකර.

එහෙනම්, තව අවුරුදු දහයක් මහන්සි වෙනවකෝ.

අව්‍යාජ වෙනවා.

පස්සේ, මම ජීවත්ව හිටියොත්, මාව ඇවිත් හම්බෙනවා, හොදද.

දැන්, තමුසේ යනවා.

හලෝ, විවෙක් බායි..

අනේ, විවෙක් බායි, විවෙක් බායි!

ඔයා මට පැහැදිලිවම කියන්න.

..අද මගේ ප්‍රසංගය වෙනවද නැද්ද කියලා?

අනේ, කරුණාකර, අන්තිම වතාවට මේ ප්‍රසංගය කරවලා දෙන්න.

අර නිවේදකයා, නිවේදනය කරල, කරලම විඩාවට පත්වෙලා..

..මහත්තයා දැන් ඒවි.

''දැන් එනවා ඇති!''

''එන ගමන් ඇත්තේ!''

කරුණාකර, මගේ ප්‍රසංගය කවරලා දෙන්න.

රාහුල්.

ප්‍රසංගයට වෙලාව හරි.

මොකද්ද අවුල විවෙක්?

සල්ලි අරං තියෙන්නේ.

සිංදු කියන්න ආවේ.

සිංදු කියන්නේ නැතිව මම මෙහෙන් යන්නේ නැහැ.

කොහොමටත්, කෙනෙකුට කිසිම දෙයක් ඕනේ නැති නම්..

..එයා තමන්ගේ රාජකාරිය ගොඩක් වගකීමෙන් කරනවා.

යමු.

එකකට පසු තවත් එක ඇල්බමයක්, තවත්, සජීවී ප්‍රසංගයන්...

කවුරුහරි රණ්ඩුවක් ඇති කරන්න හැදුවොතින් හෙම, කරුණාකර, ඉවසන්න.

මොනාම හරි වුනොතින් හෙම..

..මෙහෙ ඉන්න ආරක්ෂකයෝ ඒක බලාගනීවි.

අහන්න.

උබ පාලනයෙන් ඉදපන්.

RJ! RJ! RJ!

අර කොල්ලෝ සෙට් එකට ලැහැස්ති පිට ඉන්න කියහන්.

අද නාඩගමක් වෙන්නයි යන්නේ.

දැන් යහලුවනේ, බලා සිටී කාලය අවසන් වෙනවා.

මම ආරාධනා කරනවා ඔයාල වෙනුවෙන්..

..ඔයාලගේ ප්‍රියතම, RJ.

නොහොත්, රාහුල් ජයිකර්.

ඒකා බීලා ඉන්නේ! RJ!

RJ!

වරෙන්, වරෙන්.

මොනවද බලං ඉන්නේ?

කැමරාව ඔන් කරහන්.

ඉක්න්මන් කරහන් .

ඉක්මනට කැමරාවේ සටහන් කරගනින්!

ඒයි, නැගිටපන්, යකෝ, නැගිටපන්. - රාහුල් අතාරපන්.

උබ මාව නැති කරලා දැම්මා. මම උබව අතාරින්නෙ නැහැ, RJ.

රාහුල්, එහෙම වෙන්න දීහන්.

යකෝ, අහකට පල.

ඕනේ නැහැ, මේ වගේ ආරක්ෂාවක්. ඕනෙම නැහැ.

පොඩ්ඩක් ඉන්න.

ගන්නද - ඔව්, සර්.

මම දන්නවා, මේ වගේ බාල ප්‍රසංග වලදී ඔහොම දේවල් වෙනවා.

කොහොමටත්.

යමු, හෝටලේට ගිහින් කතා කරමු.

යාළු, මට තනියම ඉන්න ඕනේ!

කොහේ හරි දුරකට යන්න ඕනේ.

ඒත්, මමත් උබත් එක්ක ආවොත් ප්‍රශ්නයක්ද උබට?

නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ.

මට ඕනේ මේ, ඝෝෂාකාරී බවෙන් ඈතට යන්න විතරයි. - හහ්හ්..ඝෝෂාකාරී බවින්?

ගෝශාකාරී බවක් දැන් කොහෙද තියෙන්නේ.

ඒක සම්පූර්ණයෙන්ම වගේ ඉවරයි රාහුල්.

ලන්ඩන්, නිව් යෝර්ක්, ඕස්ට්‍රේලියා වල ප්‍රසංග කලාට පස්සේ..

..උබේ ගාව දැන් ඒ හැටි වැඩ නැහැ.

කාටවත් උබ එක්ක වැඩ කරන්න ඕනේ නැහැ.

සංගීත අධ්‍යක්ෂකවරු, සිනමා කරමාන්තකරුවෝ වේදිකා ප්‍රසංග, පොප් ඇල්බම්.

මොනවත්ම නැහැ දැන් උබේ ගාව.

එක, බීමතට ඇබ්බැහි වුන කලාකාරයෙක්ව, සැරින් සැරේ කවුද බලා ගන්නේ.

කවුරුවත් ඒක ඉවසන්නේ නැහැ.

අන්න ඒ නිසා, අද එවැනි දවසක් උදා වෙලා තියෙනවා..

..පොඩි, පොඩි නගර වල ප්‍රසංග කරන්න වෙන විදියේ.

අනික, මට සමාවෙයන්, මේ වගේ ප්‍රසංග වලදී මේ වගේ දේවල් නිතරම වෙනවා.

මචං, මගේ හදවතෙත් ගොඩක් දේවල් නිතරම වගේ වෙනවා.

ඉතින්, මොනවා කරන්නද? - මොනවත් කරන්න එපා.

උබ මේ බොන එක විතරක් අඩු කරපන්.

තාමත් මොනවත් නරක අතට හැරිලා නැහැ මචං.

උබ ඊයෙත් හොද තරුවක්.

උබ අදත් හොද තරුවක්. - කියල ඉවරද, කියන්න ඕන වෙලා තිබ්බ දේ?

දැන්, මම යන්නද?

ඔව්, පලයන්.

ඒත්, මේ බෝම්බෙ නෙවි.

සර්, ඔයාගේ වාහනේ.

කොහෙද යන්නේ?

නාදුනන නගරෙක, කොහෙද යන්නේ?

වෙරි මතින්, වාහනේ හප්පගෙන, මැරිලයයි උබ.

මචං, උබ මාව හොද හැටි දන්නවා, විවෙක්.

මම බොන්නේ, මැරෙන්න නෙවි.

බොන්න ඕනේ නිසයි මැරෙන්නේ.

එහෙනම්, හම්බෙමු විවෙක්. - රාහුල්.

රාහුල් ජයිකර් වසරේ හොදම පිරිමි ගායක සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉතාමත් ජනප්‍රිය ගායකයා ඉන්දියාවෙහි, RJ.

RJ ගේ අලුත්ම ගීතය නැවතත් සුපිරිම ගීය බවට පත් වූවා.

RJ! RJ! RJ!

RJ! RJ! RJ!

ඔහ්, මගුලයි, මගුලයි!

අනේ, මට සමාවෙන්න!

ඔයා හොදින් නේද? - මොන හොදක්ද?

අද ගොඩක් රස්නේ වැඩියි නේද?

ඒකනේ, කළු කණ්නාඩි දාගෙන වාහන එලවන්නේ.

මගේ එළවලු සේරම වැට්ටේව්වා තැනින් තැන.

රුපියල් 86 ක්ම පාඩු කෙරෙව්වා. - රුපියල් 86 ක්.

රුපියල් 86 ක් කියන්නේ ලොකු ගානක්. - දැන්, මොනවද බලං ඉන්නේ?

ඇහිදින්න අනිත් තක්කාලි ටික.

ඉක්මනට. - ඔව්.

බාගයක්ම වාහනේ යටට ගියා.

හරි, මේ බලන්න, මම ඔයාට සල්ලි එවන්නම්. ඔයාගේ නම්බර් එකක් හරි ලිපිනය හරි දෙන්න.

නැහැ, ඔයාල වගේ අයට මේ වගේම පාඩමක් උගන්වන්න ඕනේ.

අස්සට යන්න.

අස්සට ගිහින්, සේරම ඇහිදලා දෙන්න. -සමාවෙන්න.

ඒක කන්න පුලුවන් තත්වෙක නැහැ.

තියෙද්දාවේ..

මට ගොඩක් කනගාටුයි මිස්..

දවස් දෙකකම බඩු මෙව්වා.

සේරම විනාස කළා.

ලොකු එකක් දාලා දෙනවා. - බාර් එක වහලා තියෙන්නේ.

ඩ්‍රින්ක් එකක් දීහන් කො බං. -කිව්වනේ බාර් එක..

මිස්ටර් RJ සර්, ඔයා!

මම ඔයාගේ ලොකු රසිකයෙක් සර්.

අහපන්, අහපන්, ඩ්‍රින්ක් එකක් දීහන්.

සර්. - අවුලක් නැහැ.

දීහන්, ඩ්‍රින්ක් එකක් දීහන්.

සර්, මට කනගාටුයි සර්, බාර් එක වහලනේ.

මොකද අපේ අයිතිකාරයගේ තාත්තා නැති වෙලා, ඉතින්..

තාත්තා නැති වෙලාද.

එහෙනම්, කියහන් කොහෙන්ද ඩ්‍රින්ක් එකක් ගන්න පුලුවන් කියලා?

සර්, ඔයා කැමතිනම් කෝක් එක්ක කවලම් කරලා එකක් දෙන්නද.

කාටවත් දැනගන්න ලැබෙන එකක් නැහැ.

ඕන නැහැ බං.

කෙනෙක්ගේ තාත්තා නැති වෙලා, මොන එහෙකටද අවමන් කරන්නේ.

හරි,වෙන බාර් එකක් තියෙන තැනක් කියහන්.

ලොකු උදව්වක්.

බාර්?

ඔව් සර්, මෙතන ඉදන් ටික දුරින්, මේ වත්තේම එක බියර් බාර් එකක් තියේ.

ඒකනම් දෙක වෙනකම් ඇරලා තියෙන්නේ.

ඒත්, ඒ තැන නම් ඔයාට සුදුසු නැහැ.

මචං, මම මටවත් සුදුසු නැහැ බං.

මොකක්?

උබට තේරෙන්නේ නැහැ මචෝ.

ස්තුතියි.

More Sinhala subtitles for Aashiqui 2

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left