Scorpion

Scorpion

Download Sinhala Subtitle

Season 2

Release info

Scorpion S02E03 720p HDTV X264-DIMENSION
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
720p
720
HD
Published on: 2015-10-13
Downloads: 37
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

පාලකතුමනි.

සිරකරුවනි

සුභ උදෑසනක්, ලොක්කා.

ඕනෙවට වඩා සූදු කෙලින්න බෑ.

එහෙමයි, සර්. අපි වැඩිය ගහන්නෙ නෑ

ස්තූතියි.

මහත්වරුනි, අර කාඩ් සෙල්ලම නවත්තලා දාන්න.

හොඳයි.

මේ කතා කරන්නෙ ජැඩ්ලෝ!

5වන මට්ටම, C කොටස, නැගෙනහිර පැත්ත!

ඊයේ රෑ තරඟය බැලුවද?

- නෑ. - මාත් බැලුවෙ නෑ.

- නෑ. - නෑ.

අහපන්, මචං, උඹ හදන්නෙ මෙතන වාර්තාවක් තියන්නද?

ඕක පොඩ්ඩක් හෙමින් සැරේ කරපන්, රේස් කාරයෝ..

ඔයා අපේ වැඩත් නෝන්ඩි කරනවා

මම මෙතන අනිත් අයට වඩා ඉක්මනින් වැඩ කරන්නෙ නෑ,

පොඩ්ඩක් කාර්යක්ෂමව වැඩ කරනවා විතරයි.

මම පොඩි කලම්පයක් ගහලා එන වතුර පාර දෙකට බෙදුවා.

ඒකෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන්.

මගේ කාලය කියන විචල්‍ය වැඩි කරන්නෙ නැතුව.

හරි, ඒක නම් මටත් පේනවා.

ඒක නෙවෙයි. මං පොඩ්ඩක් කණ්ඩායමෙන් පනින්න බැලුවේ.

තේරෙනවනේ මං කියන්නෙ මොකක්ද කියලා මචං?

අපි කණ්ඩායමක් නෙවෙයි,

අපි උසාවි නියෝග පිට ශුද්ධ කරන්න ආපු කට්ටියක්.

ඒවගේම.... මචංලා නෙවෙයි. මම ඔයාව හරියට දන්නෙත් නෑ.

එහෙනම්, අපි ඒක හදා ගමු.

දවල් කෑමකට යමුද, ඔයයි මමයි, මගේ ගානේ.

පොඩි සිංදු කෑල්ලක් අහන ගමන්.

එපා, ස්තූතියි.

වහින්න ලඟයි වගේ තේරුණ නිසයි අල ටික හාරන්න හැදුවෙ.

අහන්නකො, ඔයාට ඕනෙ දෙයක් තියෙනවා නම් කියන්න, මේක මගේ පළවෙනි වතාව නෙවෙයි.

මොනවහරි හොර වැඩකට එහෙම? මං දන්න ගොඩක් අය ඉන්නවා,

ඔයාගේ කාල සටහන වෙනස් කරලා, පැය ගානක් අඩු කරලා දෙන්න පුලුවන්.

මට මගේ පැය ගාන අවංකව වැඩ කරන්න ඕනෙ.

ඒවා හරියට කරන්න ඕනෙ, ඒ නිසා පොඩ්ඩක් ඒකට ඉඩ දෙනවද?

- මට වැඩ කරන්න ඕනෙ. - හරි, හරි, කරන්න

ඒත් හෙට...

ඔයයි මමයි තව කාර්-ටියුන් ටිකකුයි.

තේරෙනවනේ? කාර්-ටියුන්ස් (කාටුන්)?

ග්‍රිල් කරපු තක්කාලි එක්ක අලිගැටපේර බටර්.

ඕහ්, මං කාපු හොඳම උදේ ආහාරය.

සඟරාවකින් හොයා ගත්තෙ.

මේ සිංදුව ඔයාට වදයක් නෙවෙයිද? මට නම් වදයක්.

නෑ. ඔයාට ඕනෙ එකක් දාගන්න.

එක්කො මුකුත් නැතුව ඉමු?

නැත්නම් ශාස්ත්‍රීය වගේ එකක්?

ඔයා හොඳින්ද?

ඔයා ටිකක් අමුතුයි වගේ.

නෑ.

මං නිකන්... මේ ඔක්කොම ඇඳගෙන මෙහෙට ආවේ...

මෙහේ රස්නෙයිද?

- සිල්වෙස්ටර්. - මට දාඩියයි වගේ.

මං හිතන්නෙ මට කාපු දේවල් ඇලජික් වගේ.

සිල්වෙස්ටර්

ඔයාට මට කියන්න දෙයක් තියෙනවද?

ගරාජයට යන්න වෙලාව හරි වගේ,

ඒත් අපිට මේ කතා බහ පස්සෙ කර ගන්න බැරියැ.

මොන කතා බහද?

ඔයා තාම මට මුකුත් කිව්වෙ නෑනේ.

එහෙනම් අපිට ඊළඟ පාර කතා කරන්න ගොඩක් දේවල් තියේවි.

ගිහින් එන්නම්.

ඔව්, මට පුළුවන් අද රෑට ඔයාව ක්ලබ් එකේදි මුණ ගැහෙන්න.

10 ට විතර වගේ?

හරි, නියමයි. මං බලාගෙන ඉන්නවා.

එහෙදි හම්බවෙමු.

හේයි, හැපී, ටෝබි.

ඔයා කොච්චර වෙලාවක් මෙහෙට වෙලා හිටියද ඩොක්?

ශාරීරිකව ගත්තොත්, අවුරුදු 33 ක්.

ඇයට පිස්සු වගේ.

ඇය පිස්සුවෙන් ඉන්නෙ වෙන කෙනෙක් ගැන.

පේන විදියට ඇය අද රෑට වෙන කෙනෙක් එක්ක එළියට යනවා වගේ.

මට දුකයි ඒ වගේ එකක් අහන්න ලැබීම ගැන.

මං දැනගත්තා. ඇය වෙනස් වෙයි කියලා.

ඒත් මෙච්චර ඉක්මනින් වෙයි කියලා හිතුවෙ නෑ.

ආදරය මහ විකාරයක්. දන්නවද වැඩක්.

ඔයාට බැරිද මට මේක අමතක කරවල දාන්න, ලොක්කා

කොහොමද ඔයාගේ ආදර ටෝක් එකේ වැඩේ මේගන් එක්ක?

අයියෝ, මචං

මං හිතුවා උඹ ඒකවත් හරියට කර ගන්න ඇති කියලා.

හරි, මං ඒක කියන්න උත්සාහ කළ හැම වෙලාවෙම,

මට දාඩිය දානවා, මගේ පපුව හිර වෙනවා වගේ.

මට හුස්ම ගන්නත් බැරි උනා.

මං කියන්නෙ--- මාව නිකන් මැරෙන්න යනවා වගේ දැනුනෙ,

ඇත්තටම මැරෙන්න යනවා වගේ.

හරි, මට තේරෙනවා මචං ඔයාට දැනෙන විදිය ගැන.

අපි යමු, උදේ රැස්වීම.

රැල්ෆ්, පැක් කර ගන්න. කාර් එක ඒවි දැන්.

කවුද ජැක්සන් වයිල්ස් කියන්නෙ?

කවුරුත් නෑ.

මෙතන ගණන් හදපු ඒවා දෙකක් තියෙනවා,

එකක ඔයාගෙ නම, අනිත් එකේ අර නම,

රැල්ෆ්, ඇයි ඔයා වෙන කාගෙවත් ගෙදර වැඩ කරගෙන යන්නෙ?

කරදර වලින් බේරෙන්න.

ඒක හොඳ හේතුවක්.

පුතා, ඔයාව කාටවත් පාගගෙන ඉන්න දෙන්නෙපා.

ඔයා වෙනුවෙන් නැගී සිටින්න ඕනෙ.

- ඔයා දන්නවද ගහගන්න හැටි? - එයා ගහගන්න යන්නෙ නෑ.

ඒක තමයි ප්‍රශ්ණෙ. එහෙම කරන්න ඕනෙ.

ජැක්සන් වයිල්ස්ගෙ පස්සට දෙකක් දෙන්න.

ඔය වගේ යකෙක්ව නවත්වන්න නම්, හරි තැනට ගහන්න ඕනෙ.

අවවාදයට ස්තූතියි, ඒත් එපා.

මට අදහසක් ආවා.

රැල්ෆ්, බය වෙන්න එපා, මම හමුවීමක් දා ගන්නම්,

ඔයාගේ විදුහල්පතිතුමා සහ ජැක්සන් ගේ අම්මලා එක්ක

ඒ යකාගේ අම්මලා එක්ක කතා කරන එක

නයාට ගැහුවා වගේ වෙන්න පුළුවන්.

රැල්ෆ්, ඔයාට කොච්චර හයියෙන් දුවන්න පුළුවන්ද?

එයා පැනලා යන්නෙ නෑ.

එයා ප්‍රශ්ණෙට මුහුණ දෙනවා.

එයාට තියෙන ප්‍රශ්ණෙ එයා වගේ දෙගුණයක් ලොකු, දෙගුණයක් හයිය තියෙන එකෙක් එක්ක ගේම ඉල්ලන්න වෙච්ච එක.

දැක්කම බය හිතෙන ලොකු කරත්තයක් වගේ.

කොල්ලට යට කලිසමක් අන්දවන්නෙ නැතුව හිටියොත් හොඳයි වගේ.

මොකක්?!

හැමෝගෙම සැලකිල්ල ගැන මං අගය කරනවා, ඒත් ඔයාලා මෙයාගෙ අම්මා නෙවෙයිනේ.

මට මේක බලා ගන්න පුළුවන්.

මොකක්ද ඔයාට බලා ගන්න පුළුවන්?

හැමදේම හොඳින්ද, රැල්ෆ්?

කොල්ලො ටිකක් රැල්ෆ්ට කියලා ගෙදර වැඩ කරව ගන්නවා.

නියමයිනේ, අන්න ඒක ඉස්කෝලෙ හැර යන්න හොඳ හේතුවක්.

එහේ ඉන්න ගුරුවරුන්ටත් වඩා මෙයා දක්ෂයි.

අපි කට්ටියට පුළුවන් මෙහේ ඉඳන් මෙයාට උගන්වන්න.

මං අහපු විකාරම අදහස..

මං හිතන්නෙ ටෝබි කිව්වා හරි.

ඔහු හැමවෙලේම නිවැරදියි,

නැත්නම් මගේ නම පේජ් ඩිනීන් නෙවෙයි,

වෝල්ටර්ගෙ හඬ අනුකරණ මෘදුකාංගය නියමෙට වැඩ.

ඒකෙන් කෙනෙක්ගේ මූලික ස්වර ටික රෙකෝඩ් කර ගෙන,

ටයිප් කරන ඕනෙම දෙයක් කියනවා.

ඕක ගැන එළි කරන්න හොඳ වෙලාව මේක නෙවෙයි,

ඇති යාන්තම් මේ කතාබහ ඉවර වෙනවා.

පැටියෝ, අද ඔයා අර බතලයගෙන් ඈත් වෙලා ඉන්න,

මම ප්‍රින්සිපල් එක්ක කතා කරන්නම්.

එපා, මං ඒක බලා ගන්නම්.

මට එක දවසක් දෙන්න.

හරි.

මං ඔයාට ආදරෙයි.

ඇඟට හයිය අරන් ඉන්න.

හේයි, කොහේද යන්නෙ පුතා?

මට ලොකු බර බෑග් එකක් ගෙනියන්න තියෙනවා.

ඒ නිසා යන්න ඕනෙ.

පස්සෙ වෙලාවක මිනිස්සුන්ට ගහන හැටි කියල දෙන්න.

අධ්‍යක්ෂක මොලීනා.

මොකක් නිසාද මෙච්චර උදෙන් මෙහේ එන්න උනේ?

අවාසනාවට, සුභ ආරංචියක් නෙවෙයි.

කට්ටියටම අඬගහන්න.

මං අද හොයා ගත්තා රහසිගත ඔත්තුකාරයෙක්ගෙ මරණයක් මගේ සිර ගෙදරදි,

ඒ මළ සිරුර ගාව මේ දේවල් තිබිලා සොයා ගත්තා.

මං හිතනවා ඔයාලා හැමෝම මේ ෆෙඩරල් විනිසුරුවන් ගැන අහලා ඇති කියලා.

තමන්ගෙම ගෙදරදි වෙඩි තියලා මරලා දාපු අය.

ප්‍රවෘත්ති වලින් දැක්කා මේ ගැන.

මේකත් එක්ක මොකක්ද කරන්න තියෙන්නෙ?

Eh-Ta-Me කියන ජපන් කල්ලිය මෙහේ එක එක මෙහෙයුම් වල නිරත වෙනවා

අවුරුදු ගානක් තිස්සෙ හැබැයි හැරිසන් සිරගෙදරට සම්බන්ධ වෙලා.

මිය ගිය මගේ ඔත්තුකාරයා, අර කල්ලියෙ කෙනෙක්. එයා මට කිව්වා එයා තමයි ගේම දුන්නෙ කියලා

මාසෙකට කලින් මැරුණ විනිසුරුවට.

අපි එයා කිව්ව දේවල් තහවුරු කර ගනිද්දි,

විනිසුරුවව මරලා ඉවරයි.

තොරතුරු තහවුරු කර ගත්තා?

එයාම තමයි මට මේ කොළ කෑලි ටික දුන්නෙ ඊයේ.

එයාත් නීති විරෝධි විදියට හැරිසන් හිරගෙදරින් පණිවිඩ යවන කල්ලියේ එක්කෙනෙක්.

ඔයාට මේ අටමගල කියවන්න බෑ.

කල්ලියේ ඉහළ පෙළ සාමාජිකයොන්ට විතරයි කියවන්න පුළුවන්.

ඒත් ඔහු කිව්වා මේ තවත් විනිසුරුවන් 3 ගේ නම් කියලා

එයාලව අද රෑ මරන්න යන්නෙ.

මේක බරපතල සිර දඬුවම් දීපු එකට පළි ගැනීමක්,

ලොකු ලොකු කල්ලි වල නායකයන්ගෙ වැඩක්.

අපිට මේ කේතය කඩන්න බැරි නම් අපිට දැන ගන්න බැරි වෙනවා ඊළඟට කාවද මරන්න යන්නෙ කියලා.

ඔයාට බැරිද ඔක්කොම විනිසුරුවන්ට කියන්න

පරිස්සම් වෙන්න කියලා මේක ගැන හොයා ගන්නකම්?

එතකොට තර්ජනයක් එන එන සැරේට විනිසුරුවන්ගේ වැඩ කල් දාන්න කියලද කියන්නෙ?

ඒක හරියන්නෙ නෑ.

ෆෙඩරල් විනිසුරුවන් 3000ක් ඉන්නවා, දවසට පැය 8 ක් වැඩ කරනවා,

එකපාරකට නියෝජිතයො දෙන්නෙක් ගානෙ දැම්මමත්, අපිට නියෝජිතයො 20,000කට වඩා ඕනෙ වෙනවා

නිකන්ම ආරක්ෂාවක් සපයන්න උනත්.

අපේ රජයට එච්චර කට්ටිය නෑ.

අපිට තියෙන වෙලාවෙ හිටියට, ඔයාලා ගාවට එන එක හොඳයි කියලා හිතුවා.

මට මේ උදව්ව ඕනෙමයි.

මාව හැරිසන් හිර ගෙදරට එව්වෙ මාස 3 කට කලින්, මේක සුද්ද කරලා දාන්න.

ඒත් මං දන්නෙ නෑ කාවද විශ්වාස කරන්නෙ කියලා.

කොච්චරද කියනවා නම්, මගේ වැඩ බලන කෙනාවත් සැකයි.

එයාගේ පඩිය අවුරුද්දකට $48000 යි, ඒත් පදින කාර් එක $70,000 යි.

මේ ඉන්නෙ මිනිහා.

මූ තමයි හැම දේම කරන්නෙ.

ෂිමා ෆුනුකොෂි.

Eh-Ta-Me එකේ ලොක්කා.

මූ තමයි ගේම් දෙන්න විධාන දෙන්නෙ.

ෂිමා දුර්වලයි ඒත් ඇවිදින්න පුළුවන්, වකුගඩු ආබාධයක් තියෙනවා.

ඒත් කවුරුත් මෙයා එක්ක පැටලෙන්න යන්නෙ නෑ.

හයිඩ්‍රොලික් ලිෆ්ට්, ලෙදර් සීට්

අතේ මහපු ඒවා?

මෙයාගේ පුටුව ලස්සනයි වෝල්ටර්ගෙ කාර් එකට වඩා.

කේතයත් දෙවැනි නෑ.

ද්වි භාෂා, alpha-numeric භාෂාවෙන්

සංකේතත් එක්කම.

මෙච්චර සංකීර්ණ විදියට හදන්න නම්,

මේකට අත්පොතක් තියෙන්න ඕනෙ කොහේ හරි.

මේක ලේසියෙන් ලියන්න බෑ. අන්ඩර දෙමළ වගේ.

මම සිර ගෙදර හැම අඟලක් ගානෙම හෙව්වා,

More Sinhala subtitles for Scorpion

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left