The first 200 lines.
You Tube - Video Running Time 02:38:57
You Tube search name - Barsaat (1949) - Hindi Full Movie - Raj Kapoor - Nargis - Premnath
ඔයා සිංදු අහ අහ ඉන්නවා, මම පණ නහගෙන මේකත් එක්ක දඟලනවා
සංගීත මහත්තයෝ, ඉස්සරහින් බෑවුමක් තියනවා.
කාර් එක කොහොම හරි ස්ටාට් කරගන්න බලන්න.
ඉක්මන් කරන්න, ඉක්මනට!
බෑවුම ළඟටම ඇවිල්ලා ඉන්නේ.
මොනවද ඔයා කරන්නේ?
ඔයා මේ විසි කරන්න හදන්නේ තරුණ ගෑණු ළමයෙක්ගේ වේලයක් වෙන්න ඕන.
ඔයාම ගිහින් එයාට දෙන්න.
මේක දිහා බලලා මට කිව්ව හැකි, මේක අයිති කැත ගෑණු ළමයෙක්ට.
ඔයාට පේන කියන්න පුළුවන් ඇති.
සමහර අයට පුළුවන් පොතේ කවරේ දිහා බලලා පොත ගැන කියන්න.
මම මේක දීලා ආපහු එන්නම්.
ටටා!
ටටා!
මේ ඔයාගේ වේල් එකද? - ඔව්.
ඔයාගේ කුඹුරුද මේවා? - ඔව්
මොකද්ද ඔයාගේ නම?
මම ඇහුවේ ඔයාගේ නම මොකද්ද කියලා?
මොකටද?
මට අහන්න හේතුවක් තියන නිසා.
ඔයත් හරියට විදුලි සැරයක් වගේ.
ඒයි, මේ අහන්න, ඇහෙනවදෝ!
ඒයි, මේ අහන්න, ඇහෙනවදෝ!
ඒයි, ඉක්මනට එන්න. - හරි, මම එනවෝ.
මේ ඇහෙනවදෝ!
මම එනෝ! - මේ අහන්න!
එනවා!
ඔයාගේ පවුලටම එන්න කියනවද? මට ඔයත් එක්ක විතරයි කතා කරන්න ඕන.
ඔයාට ඕන නම්, මම යන්නම්
ඉක්මනට යනවා, ඉක්මනට.
මොකද්ද වුණේ? - මොකක් හරි වෙන්නයි යන්නේ, ඉක්මන් කරන්න!
මොකද්ද වුණේ?
ඔන්න ඕක නවත්තපන්, මස් වැද්දෙක් අපේ පස්සෙන් එළවනවා. ඉක්මනට යමු!
නුඹේ කාර් එකත් මේ වෙලාවෙමයි වද දෙන්නේ.
දැන්ම මේක ස්ටාට් කරගන්න.
ඉක්මන් කරහන්! ඔන්න එයා එනවා.
ඒයි, නැවතියන්!
මොකද්ද එතන වුණේ?
මම අහන්නේ ඒ වේල් එක දෙන්න ගිහින් මොනවද වුණේ?
මුකුත් නැහැ.
ඇති යන්තම්! අඩුම තරමේ ඔයා කතා කළා. මොකද්ද එතනදි වුණේ?
මුකුත් නැහැ.
ඇයි කෙල්ල කැමති වුණේ නැද්ද?
එයා හොඳ කෙනෙක් වෙන්න ඇති.
මට නම් ඔය හොඳ කියන එක හිටින්නෙත් හරහටමයි.
ඔයා හරියටම දන්නවද පව මොකද්ද කියලා?
මේ රටේ පවක් කියලා සළකන දේ තවත් රටක පවක් නෙමේ.
හොඳ නරක මනින්න මුළු ලෝකෙම පිළිගත්ත මිනුමක් තියනවද?
එහෙම එකක් තියනවද?
ඔව්! - මොකද්ද ඒ?
තියන ලොකුම මිනුම තමා... කාගෙවත් හිත රිද්දන්නේ නැහැ කියන එක
ඒක තමා හොඳ නරක අතරේ වෙනස.
ඔයා හරියට පරණ කවියෙක් වගේ, ඒකයි ඔයා පරාජිතයෙක් වෙලා ඉන්නේ.
ඕහ්, ශ්‍රේෂ්ඨ කිවිඳුණි, මේ විසිවෙනි ශත වර්ශය.
මිනිස්සු හැඟීම්බර වෙන්න කාලයක් නැහැ.
දියුණු වෙන්න ඕන නම්, ඔයාට හොර කරන්නම වෙනවා.
හැම දෙයක් දිහාම භෞතික අගයකින් බලන්න ඕන.
ඔයා ඒක දිහා බලන්නේ එක පැත්තකින් විතරයි, ඔයා හැඟීම්බරව මේ දිහා බලලා නැහැ.
ඔය වගේ දේවල් කියන්න එපා.
සමහරවිට ඒක ඔයාගේ වැරැද්ද නොවෙන්න ඇති, සැබෑ ආදරය උපදින්නේ සැබෑ හැඟීම් වලින්.
ඔයා මහ චාටුකාරයෙක්.
මොකටද ඔයා මේ ගැන මෙච්චර හිතන්නේ?
කවි ලියන්න නම් ආදරය කියන මාතෘකාව හොඳයි.
අද ලෝකේ ඔය හණමිටි අදහස් ගණන් ගන්නේ නැහැ.
එයාලා අසභ්‍ය පොතපතට පවා හුරු වෙලා ඉන්නේ.
ඔයාට ආශාවක් තියෙනව නම්, ඒක ඉටුකරගන්න. කසාදයක් කියන එකේ තේරුමක් නැහැ.
මට මේක ගැන බොහොම නිදහස් අදහසක් තියෙන්නේ.
මට කවුරු හමුවුණත්, එයා මගේමයි කියලා හිතාගන්නවා.
රෝමේ මිනිස්සු කරන දේවල් කරන්න ඕන නම් රෝමයට යන්න. ඒකට කමක් නැහැ.
අන්න එහෙමයි ඉන්න ඕන. ඉක්මන් කරන්න.
අපි හැන්දෑ වෙන්න කලින් කඳු මුදුනට යන්න ඕන.
ඔයාට රෑටත් මේ ලදරම තල්ලු කරන්න වුණොත්, ආදරේ ගැන කතා කරන එකත් එපා වේවි.
මම නම් හිතන්නේ නැහැ ආදරය ඇත්තක් කියලවත් ඒක වැඩකට නැහැ කියලවත්.
ඒකෙන් වැඩක් නැහැ.
කියන්නකෝ බලන්න, මට ඔය හම්බ වෙන හැම ගෑණු ළමයෙක්ම මට ආදරය කරනවද?
කවුද දන්නේ, සමහරවිට කරනවා ඇති එහෙම නොකරන අයත්...
...ඔයත් එක්ක ඉන්නේ පණ රැකගන්න වෙන්න පුළුවන්.
අනේ දේශනා දෙන එක නවත්තන්න.
අපි සත්පුර ගම කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. "දක් බංගලාව" ළඟින් නවත්තන්න.
ඇති තරම් වෙලාව තියනවා අපිට නගරෙටම යන්න පුළුවන්.
ඒක නියමයිනේ! මට මෙහෙ හම්බවෙන්න කෙනෙක් ඉන්නවා.
කෙනෙක් ඉන්නවා කියන්නේ...? ගෑණු ළමයෙක් කියලම කියන්න.
හරි, ගෑණු ළමයෙක්!
කවුද ඒ?
ඔයාට මතකද ගිය අවුරුද්දේ, අපි මෙහෙ රැයක් නැවතිලා හිටියේ.
අපිට අර ලස්සන ගෑණු ළමයෙක්ව හම්බ වුණේ
එයා අනාථයෙක්, අපි වගේම නිදහසේ ඉන්නවා හැබැයි එයා බොහොම කපටියි.
එයාට පුළුවන් බොහොම ලේසියෙන් ඔයාව රවට්ටන්න.
පරිස්සම් වෙන්න, එයා ඔයාගේ හදවතත් හොරකම් කරයි.
මම ඔයා එනකම් මෙතනට වෙලා ඉන්නම්.
එහෙනම් ඔයා ඉන්නවද? - ඔව්
ඇයි මෙච්චර වෙලාවක් ගියේ?
මම මේ වෙලාවට හරි ආව එක ගැන සතුටු වෙන්න. එයාලා මට යන්න දුන්නෙම නැහැ.
කවුද එයාලා? වෙන කවුරු හරි ගෑණු ළමයිද?
අපේ ඉඩමේ මහත්තයා මේ පාර මට කිව්වා වෙන කඳු පොළක් බලන්න කියලා.
ඒත් මම පොරොන්දු වුණානේ, ඉතින් මම පවුලේ අයටත් නොකියා මෙහේ ආවා.
ඔයා බොරු කියන්නේ, මගේ සුසුම් තමා ඔයාව අරගෙන ආවේ.
මේවා සුසුම් නෙමේ ඉකි බිදීම්.
ඉන්න මම සපත්තු ගලවන්න.
එක්කෙනෙක් කිව්වා...
මිනිහෙක් තමන්ගේ ජීවිතේම ගෑණු කෙනෙක් වෙනුවෙන් දුන්නත් ඒ ගෑණු කෙනා කවදාවත්ම විශ්වාස කරන්නේ නැතිලු...
ඒක එයා වෙනුවෙන් කියලා.
අඬන්න එපා, මගේ කකුල් සෝදන්න ඕන ඔයාගේ කඳුළු වලින් නෙමේ.
ඒකට ඇති තරම් කඳුළු මගේ ළඟ තියනවා.
සමහරවිට ඔයාගේ කඳුළු ඔයාගේ බැල්මත් එක්ක එකතු වෙලා...
ඇස් වහ වැදෙයි.
මම මායාකරයෙක් නෙමේනේ.
ඔයා වෙනස් වෙලාම නැහැ
ඔයාට තේරෙනවද...
...ඔයා නිසාමයි මම වෙනස් නොවුණේ කියලා?
මම වතුර අරගෙන එන්නම්.
ඇයි ඔයා ඇස් වහගෙන ඉන්නේ? - එයා ගියාද?
කවුද? - මෙතන හිටිය අනිත් ගෑණු ළමයා.
ඔයා මගේ ලෝකෙම විනාස කරලා, මගෙන් අහනවා ඇයි මම මැරෙන්නේ නැත්තේ කියලා
ඔයා මාව පොරොන්දු කරගත්තනේ වෙන කිසිම ගෑණු ළමයෙක් දිහා බලන්නෙ නැහැ කියලා.
ඒ වෙලේ ඉඳලා මගේ ඉස්සරහට ගෑණු ළමයෙක් ආවොත් මම ඇස් දෙක වහගන්නවා
එතකොට ඔයාගේ රූපෙම විතරයි මට මැවිලා පේන්නේ.
ඒයි, මේ මොකද?
මම බැලුවේ, මම හීනයක් දකිනවද කියලා.
මට තාම විශ්වාස කරන්න බැහැ ඔයා මෙතන මාත් එක්කම ඉන්නවා කියලා.
ඒ වගේම ඔයා ආදරේ මට විතරයි කියලා
මම ඔයාට පොරොන්දු වෙනවා...
...ඔයා අඩුම තරමේ මම වෙනත් ගෑණු ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවාවත් දැක්කොත්...
ඔයාට පුළුවන් මාව මරලා දාන්න
ඔය ඕන නැති කතා නවත්ත ගන්න
මම කවදහරි ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කොත්...
...මතක තියාගන්න, මම මොකක් හරි නපුරක් කරගන්නවා.
ඇයි ඔහොම දේවල් කියන්නේ?
මහ දරුණු කුණාටුවක් එනවා - මොකක්ද?
කෝ අනිත් මහත්තයා?
එයා එළියට ගියා
එයා මේ දරුණු කුණාටුවට බය නැද්ද?
එහෙම්ම නොවෙයි.
එයා මේ වෙලාවේ ඊට වඩා දරුණු කුණාටුවක් එක්ක සෙල්ලම් කරනවා ඇති.
මීටත් වඩා දරුණු කුණාටුවක් එනවද?
ඔව්
ඒක දැන් වියරුවෙන් වගේ පැතිරෙනවා.
කොහෙද?
හදවත් දෙකක් ඇතුළේ.
ඔයා මාව දාලා යන්නේ නැහැ නේද? මාවත් ඔයා එක්ක අරගෙන යනවද?
මම ආපහු ආවහම, මම ඔයාව මාත් එක්ක අරගෙන යන්නම්
කවද්ද ඔයා ආපහු එන්නේ?
තව මාස කීපයකින්
ඒ වෙද්දි වැස්ස පටන් අරගෙන තියේවි. - මොන වැස්සද?
එක වැහි කාලයයිනේ තියෙන්නේ.
ඔයා ගියහම මගේ ඇස්වලත් වැස්සක් වගේ කඳුළු එකතු වෙනවා.
ආයෙමත් ඔයාගේ කවි කියන්න පටන් ගත්තද? මට දැන් නිදිමතයි
මම හෙට උදේම යන්න ඕන.
මම ඔයාට එච්චර කලින් යන්න දෙන්නේ නැහැ
ඇයි ඒ?
දක් බංගලාවේ ඉන්න මගේ යාළුවා බලාගෙන ඉන්නවා මම එනකම්
එයාට මෙහෙට එන්න කියන්න
එයා බොහොම සිල්වතෙක්නේ
එයා සාන්තුවරයෙක්.
එයා සාන්තුවරයෙක් නම්, අනේ එයාට මෙහෙට එන්න කියන්න
ඔයා මගේ භක්තියට කැමති නැද්ද?
ඔයා භක්තිවන්තයෙක් වෙන්නේ කොහොමද? දෙවියන්ට භක්තිවන්තයෙක් වෙන්න බැහැනේ?
ඒ මොකද?
හෙට අල්ලපු ගමේ උත්සවයක් තියනවා.
මම තීරණය කළා...
...හොඳට ඇඳගෙන ලස්සන නැටුමක් නටනවා කියලා.
ඒකයි මම ඔයාව නවත්තන්නේ.
දෙවියෝ මගේ ඉස්සරහා හිටියේ නැත්තම් මම කොහොමද නටන්නේ?
ඒ කියන්නේ, ඔයා හෙට නටනවා නේද?
ඇයි ඔයා වෙනස් වෙන්නේ නැත්තේ?
ඔයාට ගෙදරක් හොයාගන්න ඕන නැද්ද?
අපි දැන් ඉක්මන් කළොත්, අපිට පස්සේ ක්ලබ් එකට යන්න පුළුවන්.
මොකද්ද අවුල? මොකද ඔයා මෝඩයෙක් වගේ බලාගෙන ඉන්නේ?
ඔයාට තාමත් එයාගේ ඇස් දෙක පේනවද? එයාගේ මතකය ඔයාගේ හිතේ හොල්මන් කරනවද?
ඔව්
මම එයා ගැන තමා හිතන්නේ
ඔයාව වසඟ කරගෙන
මගේ දිහා බලපන් නුඹ නම් අත්දැකීම් නැති එකෙක්
මම හරියට මුහුදේ රැල්ල වගේ පැද්දෙනවා, මම ඊට උඩින් හිතන්නේ නැහැ.
මෙන්න අළුත් වෙරළක්
ඔයාගේ ඔය ආකල්ප වලින්ම එයා ගැන හිතන්න එපා.
ඇයි ඒ? එයා අනිත් අයට වඩා ලස්සනද?
ඔයාට කිසිම අදහසක් නැහැ
ඒ ලස්සන නෙමේ
මම එයාව දැක්කම මම හිතුවා එයා තමා ඔයා ආදරය කරන කෙනා කියලා.
එයාගේ ආදරය ඇත්තක් නම්, ඒකට මුහුදේ රළ වුණත් වෙනස් කරන්න පුළුවන්.
නුඹ එයාට...
ලේ කඳුළුයි දෙන්නේ.
අනේ මහා කවියාණනි, ඔයා මොනවද හිතන්නේ?
දෙවියෝ ස්වර්ගයෙන් මෙහාට කෙල්ලෙක්ව එව්වත්
එයා ඔයාව මෘදු කරන්නේ නැහැ.
ඔයා ඒත් කියවන්නේ ලේ කඳුළු ගැනද?
අද ඔයාට ඒක ගැන හිනාවෙන්න පුළුවන්
මතක තියාගන්න, ආදරයේ මිල පොඩි නැහැ
දවසක ඔයා ඒකේ අගය දැනගනීවි
එතකොට ඔයා ජීවිත කාලෙම ඇඬුවත්.
ඔයාට ඒ ණය ගෙවන්න බැහැ
ණය ගෙවන්න?
ඔයා දන්නේ නැතුව ඇති මම ආදරයේ මිල ගෙවන්නේ සල්ලි වලින් කියලා.
ඊයේ මම ගෙව්වේ රුපියල් දහයයි.
මේ නෝට්ටුව.
හොඳට බලන්න
ඔයාට පුදුමයිද?
No comments yet. Be the first to leave one.