The first 181 lines.
...සමාවෙන්න
සුබ උදෑසනක්!
සුබ උදෑසනක්
මගේ එහා පැත්තේ ජීවත් වෙන්නේ දේවදූතයෙක් වගේ කෙල්ලෙක්.
...මමයි මගේ එහා පැත්තේ ඉන්න ඒ දේවදූතයියි
නෑ, එයා නිකන්ම දේවදූතයෙක් නෙවෙයි. එයා තමයි මම මුලින්ම ආදරේ කරපු කෙල්ල.
මේ මහිරු ශීනා, අපි දැන් පෙම්වතුන්.
අනේ මාව වරදවා තේරුම් ගන්න එපා! මට එයා ළඟට වෙලා ඉන්න අකමැත්තක් නැහැ.
ප්‍රශ්නේ තියෙන්නේ, අපි දැන් ඇත්තටම පෙම්වතුන් විදිහට ඉන්න පටන් ගත්තා විතරයිනේ.
ඒක නිසා ඔයා ළඟ ඉද්දි මට නිකන් ලොකු පීඩනයක් දැනෙනවා. හිතට සැහැල්ලුවක් නැහැ.
ඇත්තටම මටත් තවම ඒ සන්සුන්කම දැනෙන්නේ නැහැ, මගේ හිත පාලනය කරගන්නත් හරිම අමාරුයි.
හැබැයි මට ඔයාට තව තවත් ලං වෙන්න තියෙන ආසාව ඊට වඩා වැඩියි.
දැන් අපි නිල වශයෙන්ම යාළු වෙලා ඉන්න නිසා
මම හිතන්නේ අපේ හැඟීම් හංගගෙන ඉන්න උත්සාහ නොකරන එක තමයි හොඳ.
මම ඒකට ගොඩක් කැමතියි.
ඇයි, මොකක් හරි ප්‍රශ්නයක්ද?
මම මෙහෙම ලං වෙලා ඉන්න එක ඔයාට අපහසුවක්ද?
නෑ, නෑ එහෙම දෙයක් නෙවෙයි. මගෙන් මොකක් හරි වරදක් වුණා නම් මට සමාවෙන්න.
ඒක නෙවෙයි... මට ඔයාගෙන් දෙයක් අහන්න පුළුවන්ද?
ඔව්, අහන්න.
...මට නිකන් හිතුණා, දැන් අපි නිල වශයෙන්ම පෙම්වතුන් නේද කියලා
ඔව්?
ඉතින්... ඇත්තටම පෙම්වතුන් හැසිරෙන්න ඕනේ කොහොමද?
මොකක් කිව්වා?
නෑ මම කිව්වේ, මට කලින් මෙහෙම අත්දැකීමක් නැහැනේ.
ඉතින් අපි කොහොමද ඉන්න ඕනේ කියලා මම හරියටම දන්නේ නැහැ.
ඔයා කියන එකත් ඇත්ත.
ඔයාට ඒ ගැන අදහසක් තියෙනවද?
...ඇත්තටම කිව්වොත්
අපි අත් අල්ලගෙන ඉන්න වගේ දෙයක් කරමුද?
අපි කොහොමත් ඒක කරනවනේ
එහෙනම් අපි අපේ නිදහස් වෙලාව එකට ගත කරමුද?
අපි ඒකත් හැමදාම කරනවා.
අපි එකට කොහේ හරි ඇවිදින්න යමුද?
ඔව්, අපි ඒකත් කරනවා.
එහෙනම් බදාගන්න එක ගැන මොකද හිතන්නේ?
ඒකත්...
සමාවෙන්න, මේක කෙලින්ම කියන්න අමාරුයි, නැත්නම් පිළිගන්න ලැජ්ජයි, ඒ වුණාට...
සමහරවිට අපි නිල වශයෙන් යාළු වෙන්න කලින් ඉඳලම පෙම්වතුන් වගේම තමයි හැසිරුණේ.
...ඔයා ඒක කියපු විදිහට නම්
නෑ, කොහොම බැලුවත් එයා කියන එක හරි.
මට ඕන වුණේ ඔයාව මට ආකර්ෂණය කරගන්න, ඒ නිසා මම ඔයාගේ හිත දිනාගන්න මගේ උපරිමය කළා.
හැබැයි දැන් හිතද්දී, ඒ හැමදේම පෙම්වතියක් කරන දේවල්ම තමයි.
ඔව්, ඒකත් ඇත්ත.
ඉතින් සාමාන්‍ය පෙම්වතුන් කරන දේවල් ගැන වද වෙනවා වෙනුවට, අපි හැමදාම ඉන්න විදිහටම ඉමු.
සමාවෙන්න, හැබැයි මගේ ළඟින්ම ඉන්න උත්සාහ කරන්න, අපි එකට කාලය ගත කරමු. මම හිතන්නේ ඒ ඇති.
අනුන් කරන දේවල් කරන්න උත්සාහ කරන්නේ නැතුව,
අපි අපේම විදිහට ඉමු.
ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්, ඔයා හරි.
මට සමාවෙන්න. මම හිතන්නේ මම ඕනවට වඩා හිතන්න ගියා.
මම කලින් කවදාවත් යාළු වෙලා ඉඳලා නැහැනේ, ඉතින් මොනවා කරන්නද කියලා මට තේරුණේ නැහැ.
ඒක ප්‍රශ්නයක් නැහැ.
ඉතින්, මම මේක කොහොමද කියන්නේ?
මම හැමදාම කරන දේවල්ම කරන්නම්... හැබැයි දැන් ඉඳන් ඇත්තටම,
මම මීට වඩා ආදරෙන් ඒ දේවල් කරන්නම්.
අමානේ-කුන්...
මම ඔයා එක්ක මෙහෙම ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
මටත් එහෙමයි.
සඳුදා ඉඳන්, අපිට එකට ඉස්කෝලේ යන්න පුළුවන් වෙයි නේද?
ඔව්, ඒක නියම අදහසක්.
මගේ දේවදූත අසල්වැසියි මමයි
ඔහොම ඉඳලා ආයෙත් සඳුදා දවසක් ආවා.
මහිරුයි මමයි පෙම්වතුන් විදිහට ඉස්කෝලේ පයින් ගිය පළවෙනි දවස මේක.
අහන්නකෝ, මම මේ ගැන කලිනුත් ඔයාට කිව්වා නේද?
අනේ මගේ ඉස්සරහ ඔහොම ඇඳුම් මාරු කරන්න එපා!
ඉතින් ඔයා මගේ පෙම්වතියනේ, මට ඒක අවුලක් නැහැ.
ඒ වුණාට මට ඒක අවුල්!
ඔහොම ගියොත් අපිට නිවාඩුවට පූල් එකකටවත් යන්න වෙන්නේ නැහැ.
මට මෙයාව මේවට හුරු කරගන්න බැරි වුණොත් ... ඇත්තටම වෙලාව ආවම දෙන්නටම ලැජ්ජා වෙන්න වෙයි.
හරි, හරි.
ඔයාට ඕනේ නම් කලින් ගිහින් උදේ කෑම ලෑස්ති කරන්න.
ඔව්, ඒක හොඳයි.
උදේ පාන්දරම මම මොනවා ගැනද මේ හිතන්නේ!
මට මොකක්දෝ වගේ දැනෙනවා.
මොකක්දෝ වගේ?
ඔයාගේ මේ අලුත් කොණ්ඩ මෝස්තරය දැක්කම මට හිතෙන්නේ ඔයාව මට විතරක් තියාගන්න බැරි වෙයිද කියලයි.
ඉතින් ඔයාට ඕනේ මම පරණ විදිහටම ඉන්නවටද?
මට හිතෙන්නේ ඒක හොඳයි කියලා.
මට විශ්වාසයි අනිත් හැම කෙල්ලෙක්ම දැන් ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරයි කියලා.
මොකද ඔයා දැන් ගොඩක් ලස්සනට ඉන්නවා.
පෙනුම ගැන හිතන්න එපා. ඇයි ඔයා හිතන්නේ මම අනිත් කෙල්ලෝ පස්සේ යයි කියලා?
අනේ නෑ, මම එහෙම හිතුවේ නැහැ!
ප්‍රශ්නේ තියෙන්නේ මගේ හිතේ.
ඔයාට ඊර්ෂ්‍යාව හිතුණද?
ඔව්...
මම ඔයාට කොච්චර ආදරේ කරන්නම්ද කියනවා නම්, වෙන කිසිම කෙල්ලෙක්ට ඔයා ළඟට එන්න හිතෙන්නෙවත් නැති වෙයි!
හරි හරි, වැඩිය හිතන්න එපා.
ඔයා කොච්චර ලස්සන, කරුණාවන්ත කෙනෙක්ද කියලා අනිත් අය දකිනවට මමත් අකමැතියි.
මට මේවා දරාගන්න හරිම අමාරුයි!
ඔයාට දරාගන්න බැරිද?
මගේ හිතට නම් මේවා දරාගන්නම බැහැ.
මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි.
ඔයා හරිම ලයාන්විතයි.
සමහර වෙලාවට මගේ හිත නිකන් පිපිරෙන්න වගේ එනවා.
ඔයා කලින් කියන්නේ නැතුව එකපාරටම ආදරේ ප්‍රකාශ කරනකොට මම අසරණ වෙනවා!
හැබැයි ඔයාගේ හදවතේ ගැස්ම මට හොඳට ඇහෙනවා. ඒ නිසා අදට විතරක් මම ඔයාට සමාව දෙනවා.
මේක පොඩ්ඩක් ලැජ්ජා හිතෙන වැඩක් තමයි, හැබැයි මට ගොඩක් සතුටුයි.
හරි හරි.
ඒක නම් මාරයි. එයා දුවනවා දැක්කම මාව නිකන් හිරි වැටිලා ගියා.
මටත් එහෙමයි. ක්‍රීඩා උත්සවයේදී "දේවදූතයා" දැක්කා නේද?
අර දේවදූතයා...
දේවදූතයා...
එයාලා හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා වගේ මට දැනෙනවා.
පන්තියට ගියහම මීට වඩා දේවල් නරක අතට හැරෙයි.
ඔයාට ඒක ඉවසගන්නම වෙනවා.
එහෙම නැත්නම්... ඔයාට මේක නවත්තන්න ඕනෙද?
අනේ නෑ! මම මේ ගමන දිගටම යන්නයි තීරණය කළේ.
අන්න එහෙම එන්න.
මහිරොන්!
සුබ උදෑසනක්! ඉතින් මගේ යාළුවා, ඔයාමද මුලින්ම පියවරක් ගත්තේ?
කට වහගනින්!
සුබ උදෑසනක් මහිරොන්. වැඩේ නියමෙටම යනවා වගේ නේද?
ඔව්!
සුබ පැතුම් මහිරොන්! මම හිතපු දේ ඒ විදිහටම වුණ එක ගැන මට හරි සතුටුයි.
ඔයා මට දීපු උපදෙස් ගොඩක් වටිනවා.
අර මම කිව්වේ... අමානේට මොකුත් හිතාගන්න බැරි වෙන්න එකපාරටම වැඩේ දෙන්න කියලා.
උඹ බිලී බෑවා නේද?
ඇත්තටම අමානේ-කුන්, ඔයාට මොකුත්ම මීටර් වුණේ නැහැ නේද?
ඔව්, හැබැයි ඒ මොනවා වුණත්...
මම කවදාවත් දැකලා නැහැ අමානේ මේ තරම් පිරිමිකම පෙන්වනවා.
ඒක මොන වගේ විදිහකටද දැක්කේ?
චිටෝසේ!
කලින් මේ ගැන නොකිව්වට සමාවෙන්න.
ඒක අවුලක් නැහැ. ක්‍රීඩා උත්සවය ඉවර වෙනකම් ඔයාලා මේක ප්‍රසිද්ධ කළේ නැහැනේ.
මම දන්නවා දෙන්නා ආදර හුටපටවලින් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න ඇති කියලා.
මම දන්නවනේ උඹ මැසේජ් කරනවට වඩා මූණට මූණ කතා කරන්න කැමති එකෙක් කියලා.
ඉතින් මම ඒ තීරණයට ගරු කරනවා.
ස්තූතියි බං.
ඒක මොකක්ද මචං!
ඒ වගේම අමතක කරන්න එපා, ඔයාලව සෙට් කළේ මම කියලා.
ඒ නිසා මට ඕන තරම් ප්‍රශංසා කළාට කමක් නැහැ!
ඇත්තටම?
එහෙනම් ස්ටේෂන් එක ළඟ තියෙන උඹ කැමතිම කඩෙන් මම උඹට සංග්‍රහයක් දෙන්නම්.
නියමයි! අන්න ඒක නම් සුපිරි.
සුබ පැතුම් ෆුජිමියා!
ඉතින් උඹ අන්තිමේදී වැඩේ අතහැරියා නේද?
...අතහැරියා? පොඩ්ඩක් ඉඳපන් මචං.
ඇත්තටම කිව්වොත්, මම මෙයාව දිනාගත්තා වගේම මෙයත් මාව දිනාගත්තා කියලා කියන්න පුළුවන්.
උඹලා දෙන්නා වැඩේ ගොඩක් කල් ඇද්දනේ.
ඔව්, උඹලා දෙන්නා දිහා බලාගෙන ඉන්න එකත් අමාරු වැඩක්, දැන්වත් මේක ඉවර වුණ එක සහනයක්.
මු කියන එක හරි. අර පරණ කම්මැලි විදිහට අවුරුදු භාගයක් තිස්සේ උඹලා ඉන්නවා බලන්න වුණානේ.
මගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා මෝඩයෝ.
හරි හරි උඹ කියන දේ මට තේරෙනවා. මම සමාව ඉල්ලනවා.
පොඩ්ඩක් ඉන්න, ෆුජිමියා-කුන්?
වාව්! ඒ ඇත්තටම ඔයාද ෆුජිමියා-කුන්?
ඔයා ගොඩක් වෙනස් වෙලා. මට අදහගන්නත් බැහැ.
සම්පූර්ණයෙන්ම අලුත් පෙනුමක්නේ තියෙන්නේ.
සිරාවට! මේ වගේ කොල්ලෙක්ට "අමුතුයි" කියලා කියපු එක මෝඩ වැඩක්.
ඔව්, ඒක හරි ගොන් කතාවක්.
කලින් එහෙම කියපු එකට සමාවෙන්න ෆුජිමියා-කුන්.
ඒක අවුලක් නැහැ. ඔයාලා වැරදි නැහැ.
ඔයාගේ කොණ්ඩ මෝස්තරය සම්පූර්ණයෙන්ම වෙනස් කරලානේ.
මම හිතන්නේ එහෙම තමයි. ඒක අමුතුයිද?
නැහැ, කොහෙත්ම නැහැ. ඇත්තටම ඔයා දැන් ගොඩක් ලස්සනයි.
මම ඔයාගෙන් දෙයක් අහන්නද?
ඔව්, අහන්න.
ඔයාලා දෙන්නා ඇත්තටම යාළු වෙලාද ඉන්නේ? ඔයාලා අත් අල්ලගෙන ඉන්නවා මම දැක්කා.
ඔව්, ඒක ඇත්ත.
අපි ගිය සතියේ ඒක නිල වශයෙන් දැනුම් දුන්නා.
ඔයාට ශීනා-සන්ව මුලින්ම හම්බුණේ කොහොමද?
අපි ගිය අවුරුද්දේ හම්බුණා, ඊට පස්සේ නිකන්ම යාළුවෝ වුණා.
එහෙම නේද මහිරු?
ඔව්...
ඒක ටිකක් දිග කතාවක්, හැබැයි ටික කාලෙකට පස්සේ අපි පෙම්වතුන් වෙන්න තීරණය කළා.
මම එයාව ගොඩක් කාලෙක ඉඳලා අගය කළා, ඉතින් දැන් මම ඇත්තටම සතුටින් ඉන්නේ.
අපි අත් අල්ලගෙන ඉන්න එක අනිත් අයට පෙන්වන්න මම ලැජ්ජා වුණේ නැහැ.
හැබැයි මම හිතන්නේ මුලින්ම ඔයාට ආදරේ කළේ මම කියලයි.
නැහැ, මමයි මුලින්ම ආදරේ කළේ.
මොනවා වුණත්, ඔයාගේ හැඟීම් කියන්න ඔයා ගොඩක් කල් ගත්තා.
ඒ ගැන මම සමාව ඉල්ලුවානේ, මට ඒ ගැන කණගාටුයි.
මම අන්තිමේදී ඒක කිව්වනේ, ඒ නිසා කරුණාකරලා මට සමාවෙන්න.
ඒත් මමයි මුලින්ම ඒ පියවර ගත්තේ කියලා මම විශ්වාස කරනවා.
එහෙනම් ඊළඟ පාර මමම මුලින්ම හැමදේම කරන්නම්.
මොනවද ඔයා කරන්න හදන්නේ?
ඒක ඉතින් ඔයාට පස්සේ බලාගන්න පුළුවන්.
ඉතින් ඔයා ආයෙත් ප්‍රශ්නය මඟ හරිනවා.
මම අන්තිමට ඒක කියන්නම්, ඒ නිසා මාත් එක්ක තරහ වෙන්න එපා.
අමානේ, ප්‍රසිද්ධියේ ඔහොම ආදරේ පෙන්වන එක නම් මම අනුමත කරන්නේ නැහැ.
හරි... හරි බං.
ඉතින් මෙයාලගේ සම්බන්ධය තව දවස් කීපයකින් මීට වඩා දියුණු වෙයි.
No comments yet. Be the first to leave one.