The first 200 lines.
ඔබේ නහරවල දිවෙන්නේ ගිනිදැල්ය.....
ඔබ වැනි අන් අයෙක් ලොවේ නැත්තේය......
කාලයේ පලමු මොහොත ඔබය......
ඔබ ඔබේ ( තෙවැනි) ඇස විවරකලවිට විනාශය උදාවේ.......
හර් හර් හර් යැයි හඬගා පවසන්න....
හර් හර් හර් යැයි හඬගා පවසන්න....
ඔහුට ඇරඹුමක් හෝ අවසානයක් නැත......
ඔහු එක්අයෙකුගේ නොව සැමගේය...... නවගුණ වැලත් ඔහුයි, එහි ඇමුණූ පබළුද ඔහුයි.....
ඔහු තමන් ලද දෙයින් සතුටු වන්නෙකි......
යන්ත්‍රමන්ත්‍ර සියල්ල මනාකොට දත්තේය..... ස්වාභිමානීය , සර්වඥය.....
මරණයේ මන්ත්‍රය විනාශකාරීය........ ඔහුගේ දිවමතුර "ඕම්" නම් වන්නේය...........
ත්‍රිලෝක විජය පත්, දතුරා පත් සහ බෙලිපත්ය... තිලොවටම අධිපතියාණන් ඔහුය........
උග්‍ර විශ බිවු නමුදු අමරණීයය..... මහාදේව්යැයි හඬගා පවසන්න.....
උච්චය සේම ශුන්‍යයද ඔහුය......
උච්චය සේම ශුන්‍යයද ඔහුය......
උච්චය සේම ශුන්‍යයද ඔහුය......
ශිව අප සැම තුල සිටී.......
හර් හර් හර් යැයි හඬගා පවසන්න....
හර් හර් හර් යැයි හඬගා පවසන්න....
අගෝරා මන්ත්‍රය මන්ත්‍ර අතරින් ශ්‍රේෂ්ඨතම මන්ත්‍රයය.....
සියලු දෙනා අතරින් ශ්‍රේෂ්ඨ ගුරුදේවයන්ය......
නාගයන් පැලැඳි තෙඇස් දෙවිඳුන් වූද........
සිරුර පුරා අළු තවරාගත් මහා සෘෂිවරයානන් වූද.....
සිව්දිශාවන් අභරණ කොට පලඳින්නාවූද.....
ඔබහට නමදිමි , නමඃ ශිවාය........
නෙත් වසාගෙන සියල්ල දකින්නේය...... කාලය සමඟින් ක්‍රීඩා කරන්නේය.......
මහා දෙවියන් ඔහුම පමණකි....... විශ්වය ඔහුට හුදු කවුළුවක්ම පමණකි......
හිසේ ගංගා නදියය, කිරුළේ අඩසඳය..... විටෙක සෞම්‍යය, විටෙක බියකරුය........
මේ කෛලාසකූඨ වැසියා ගින්නෙන් උපන්නෙකි ...... ශක්තිය ඔහු දකින්නට පිපාසයෙනි....
පිපාසයෙනි...... ඔව්, පිපාසයෙනි.....
රාම දෙවිඳුන් ඔහුගේය, රාවණාද ඔහුගේය...... ජීවනයද ඔහුගේය, මරණයද ඔහුගේය.......
රුදුරු තාණ්ඩව නර්තනයද, ධ්‍යානයද ඔහුය...... නූගතුන්ගේ නුවණද ඔහුය......
ඔහුගේ තෙවැනි ඇස විවරවූ කල, මනුලොව සේම දෙව්ලොවද වෙවුලුම් කයි.....
ඔහුගේ නාමය දසත රැව්දේ...... එහි නාදය බම් බම් බෝලේය....
උච්චය සේම ශුන්‍යයද ඔහුය...... උච්චය සේම ශුන්‍යයද ඔහුය......
උච්චය සේම ශුන්‍යයද ඔහුය...... ශිව අප සැම තුල සිටී .....
ඔබයි ශිවා.......
ශිව ඔබ තුලය....
ඔබ හැර කිසිවෙක් මෙහි නැත.......
අළු ගසා දමා.......
නොනිමෙන පහන දල්වන්න.......
ඝණඳුර නිවාදමා.....
උදෑසන බවට පත්වන්න......
හර් හර් හර්යැයි හඬගා පවසන්න....
යන්න කෛලාසකූඨයට යන්න.... ගොස් විනාශය ඇතිකරන්න.....
යන්න කෛලාසකූඨයට යන්න.... ගොස් විනාශය ඇතිකරන්න.....
කෙස්කලඹ රොදබැඳගෙන ඇත්තාවූද.... යක්ෂ වෙස් ගන්නා වූද ....
දුනුදිය දරන්නාවූද..... අමරණීය වූද.....
දෙව්ලොව වසන්නාවූද...... සිව්දිශාවන් අභරණ කොට පලඳින්නාවූද........
ඔබහට නමදිමි ........
නමඃ ශිවාය......
ඔයා අපිව හරිවෙලාවට එතෙන්ට එක්ක නොගියනං....
...සතුරා අපේ කඳවුර අත්කරගන්න තිබුණා.
මෙහේ අපේ රාජකාරිය සාර්ථකවන්නෙ ඔයාට පින් සිද්ධ වෙන්න.
මම හමුදා ගෞරව සම්මානයකට, ඔයාගෙ නම නිර්දේශ කරනවා
ෂිවායි ඔය හැම නිලතලයකටම ඉහලිනුයි ඉන්නෙ, කර්නල්.
මේ කන්දට දෙවර්ගයක මිනිස්සු එනවා....
... එක් කාණ්ඩයක් තමන්ව හොයාගෙන එන අය...
..අනිත් කාණ්ඩෙ එතුමන්ව හොයාගෙන එන අය.
ඒගොල්ලන්ට පාර පෙන්නන එක සතුටක්.
මාව ඕනවෙනකොට උදවුවක් කරගෙන පාඩුවෙ ඉන්නම්. හ්ම්....
අදින් පස්සෙ ඔයාගෙ උදවු අවශ්‍ය නෑ.
පහළ ඉන්න අයට හැමවෙලේම උඩ ඉන්න අයගෙ උදවු ඕනවෙනවා.
හර් හර් හර් යැයි හඬගා පවසන්න....
ඒයි, කාන්චා.... මේක ඕනෙ නැද්ද?
ඕන කරන දේ දෙනවයැ? කන්ද නගින්න එක්ක යන්නෙ කවද්ද?
ලාමා....
ඉස්සෙල්ල ලොකු මිනිහෙක් වෙනව, තාම පොඩි එකෙක්නෙ.
අවුරුදු 8 කාලෙ ඉඳන් අහන්නෙ, කතාවක් නෑනෙ...
..අවුරුදු 8ක් තිස්සෙම ඔයා මට කතා කරන්නෙ පොඩිඑකා කියල.
8යි 8යි එකතු කලාම කීයද?
යෙං-චෙන්.....
ඔයාගෙ පුතා කොච්චර ලොකුද?
වැඩනං අවුරුදු 8 එකෙක් වගේ, ඒ වුනාට වයසනං අවුරුදුම 16ක්.
අද එයාගෙ උපන්දිනේ..
එහෙනං උපන්දින තෑග්ගක් දෙන්නම එපායැ.
මීට කලිනුත් මේ නඩේ ගිහින් තියද?
ඒක හොඳයි...
කී පාරක්ද?
මට ආරංචිවුනා ගිය අවුරුද්දෙ ජපන් සංචාරකයො 4ක් මැරුණ කියල...හිම පතනෙන්.
ඒක කොහෙද වුණේ?
අපි දැන් යන පාරෙමයි....
- ඒ පාරෙමයි? - ඇයි, බයද?
ඔව්..නෑ...නිකං..මේ...
මේව හිම කඳු....ඕන වෙලාවක කඩා වැටෙන්න පුළුවන්.
ඊට පස්සෙ.....
කියන්නද?
බුද්ධං සරණං ගච්ජාමි.... සංඝං සරණං ගච්ජාමි...
මහ බයගුල්ලෙක්.
සෑහෙන ලොකු බයගුල්ලෙක්.
මෙයා බයගුල්ලෙක් , ඔයා මහ ආත්මාර්ථකාමියෙක්.
ඒ මොකෝ?
සේරම කට්ටිය පිටිපස්සෙ, රතිඤ්ඤෙ ඔයාට එහා පැත්තෙ.
එයාමයි වාඩිවුණේ.. අතින් අල්ලල වාඩිකරගත්තෙ නෑ.
ටිකක් අමාරුකාර කෙල්ලෙක්...
එක්ස්කියුස් මී... මොනාද ඔය දෙන්න කතා කරන්නෙ?
නිකං මේ ලස්සණ වර්ණනා කලා.
- මොකේද? - පරිසරයේ, කාළගුණයෙ එහෙම..
ලස්සණ කාලගුණේ, මැඩම්.. නැවුම් වාතය, වස විස නෑ, නියම ඔක්සිජන්.
කන්ද උඩහ ඔක්සිජන් අඩුද?
ඔක්සිජන් අඩු මෙහේ, උඩහ ඇත්තෙම නෑ.
ෂිවායි...ඇස් දෙක බලන්නකො, කොච්චර ලස්සණයිද අප්පා?
ඇගේ දෑසේ ඇති අහස් පැහැයෙන්... සුරඟන අප්සරාවක් මැවී පෙනේ.....
හිම විලිනවද්දීම....
... තාපස්තුමන්ගේ හදවතද බිඳෙන් බිඳ විලින වන්නේය....
ඔහෝ, ඒනිසාද හේමන්තයෙන් දෑස්වැසුනු අයට දසත හරිත වර්ණය පමණක් පෙනෙන්නෙ?
මේ වගේ වර්ණනාවක් මීට කලින් අහලම නෑ.
මං අවුරුදු 5ක්ම මෙහේ. ඉගෙන ගත්තෙ DUවල.
ඒ කියන්නෙ සල්ලිකාරියක්. තාත්තගෙ සල්ලිද, නැත්තං ඔයාගෙ සල්ලිද?
ශිෂ්‍යත්වෙ සල්ලි. තව මං සල්ලිකාරියකුත් නෙමෙයි, හැබැයි එහෙම වෙන්න ආසයි.
- මගේම බිස්නස් එකකින්. - ඔල්ගා..!
බිස්නස් එක අටෝගන්නෙ කොහෙද? ඔයාගෙ බල්ගේරියාව දැන් බංකොලොත්නෙ.
ඒකයි මාව එහෙට ඕනෙම කරන්නෙ.
ඒ කියන්නෙ මැඩම් ආපහු යනව?
මෙලහටත් ගිහින්... මේගොල්ල මාව නවත්තගත්තනෙ.
ඒක නෙමෙයි, ඔයාට කවුරු වෙන්නද ඕනෙ?
කවදාවත් අවශ්‍ය ප්‍රමාණෙට වඩා එතුමගෙන් ඉල්ලලත් නෑ.
- ඊට අඩුව එතුමා මට දීලත් නෑ. - ඒ කිව්වෙ?
ඒ කිව්වෙ , ශිවායි වුන කෙනාට ඊට වඩා කෙනෙක් වෙන්න අවශ්‍යතාවක් නෑ ...
.. හැබැයි, සුද්දියෙක්ගෙ කටකින් අපේ භාෂාව අහද්දි හරියට...
... ටකරමකට ගල් ගහන්නා වගේ.
එක්ස්කියුස් මී! මගේ හින්දි ගොඩක් හොඳයි!
හොඳයිද කියලං දන්නෙ නෑ , හැබැයි, හරි ෂෝක්.
ආව්...කොල්ල හරි හැන්සම්.
- ඇත්තමයි. -මල විකාර!
හැමෝම කරල ඉවරයි, ඔයත් අත්සන් කරන්න මේක.
- මොකද්ද මේක? - අරය එව්වෙ.
- ආ, ෂිවායිද? - ඔව්.
කන්ද නගින්න කලින් එයා හැමෝගෙන්ම මේ ලියවිල්ලට අත්සන් ගන්නව.
නියමයි..මොනවද මේකෙ ලියල තියෙන්නෙ?
ලියල තියෙන්නෙ, ගමන අතරතුර කාගෙහරි අතක් කැඩුණට....
..කකුලක් කැඩුණට, මැරුණට, සතෙක්ට අහුවෙලා කෑවට.....
..මෙයාගෙ කිසිම වගකීමක් නෑ කියල, ඔයාටත් අත්සන් කරන්නම වෙනවා.
බෑ..මං කරන්නෑ ඒක!
ඒයි! කන්චා!
මල විකාර!
නම අමුතුයි ඔයාගෙ... ශිවා "Y" ( Shivaa 'y')අකුරකුත් එක්ක.
ඇයි වෙන්න බැරි?
නම විතරද ශිවායි...
ශිවාගෙ අනිත් දේවල් තියද ඔයා ලඟ?
හැමදෙයක්ම.
හරි, දිග කොණ්ඩෙ කොහෙද...
...ශිවගෙ වගේ?
තව අර ශිවගෙ සර්පයා...නාගරාජයා?
එතකොට ත්‍රිශූලේ?
හඬගා පවසන්න....
ඕගොල්ලො ඉන්නෙ අඩි 16,300ක් ඉහළින්.
මුදුනට ගියා කියන්නෙ උස අඩි 20,000.
මේ ගමන සම්පූර්ණ කරන්නෙ කොටස් 4කට.
හිතුවෙත් නෑ.. ඕනෙකමක් තිබුණෙත් නෑ, ඒ වුනාට ඉබේම සිද්ධ වුණා.
ඒක මගෙ වර්ෂන් එකනෙ.
ඇත්තට! එතකොට මගෙ වර්ෂන් එක මොකද්ද?
හිතුවා, ඕනවුණා, ඉබේම ලැබුණා.
හරි... ඔයා දොස් කියනවද?
දොස් කියන්නෙ නෑ හැබැයි, හිතනවා, දැන් මොකෝ?
දැන් මුකුත් නෑ. දවස් හතරයි තියෙන්නෙ.
සඳ එළිය වැටුණ රාත්‍රීන් හතරක්, මටත් තියෙයි , තව....
ඒකෙන් පස්සෙ, අමාවක දවස් මටත් තියෙයි, තව.....
මටත්?
දන්නවද? ඔයයි මමයි හිතන්නෙ ගොඩාක් වෙනස් විදියට.
යනවා!
වාව්!
ලස්සණයි!
මාරයිනේ!
මාර ලස්සණයි!
මේ වගෙ කඳු තියද ඔයාගෙ රටෙත්?
කඳුනං ගොඩක් තියෙනවා හැබැයි මේ වගේ....නෑ.
එහෙට ඉර පායද්දි මෙහෙම පාටද?
එහාටත් හැමදාම ඉර පායනවා හැබැයි...ඔව්...
... මේ වගේ පාටනං නෑ.
එහෙන් හම්බවෙයිද කෙනෙක්....
ශිවායි වගේ කෙනෙක්ද?
කවුරුහරි හම්බවුනා වුනත් එයා ශිවායි වගේ වෙන එකක්නං නෑ, මං දන්නව ඒක.
වුනොත් එහෙම?
ශිවායි, මට මගෙ ජීවිතේ ප්ලෑන් තියනවා.
ප්ලෑන් හදන්න අපි කවුද!
- යුන්- චාන්! - ඔව්, ශිවායි!
ශිවායි!
ප්ලෑන් හදන්නෙ අර කන්දෙ හැංගිලා ඉන්න කෙනා.
ඉන්න! කවුද ඉන්නවා! අර බලන්න!
ඕම් නමඃ ශිවාය.. ඕම් නමඃ ශිවාය......
ශිවායි ඉක්මනට!
ඕම් නමඃ ශිවාය.. ඕම් නමඃ ශිවාය......!!
ඉක්මන් කරන්න!
දෙයියනේ බේරගනියෝ!!
බෑ..බෑ!
යනවා!
දෙයියනේ උදාවු!!
යන්න..යන්න! යන්නකො!
මාව බේරගනියෝ!!
දෙයියනේ මාව බේරගන්නෝ!!
කකුල කැඩිල. වේදනා නාශක දීල තියෙන්නෙ.
මට ගොඩක් බයයි! මයි ගෝඩ්!
මට බයයි! මට මැරෙන්න බෑ!
මැරෙන්න බයද?
මගෙ මරණෙට නෙමෙයි බය....
මට බය මගෙ මරණෙන් පස්සෙ ජීවත් වෙන්න බැරිවෙන අය ගැන.
මගෙ අම්මට හදවත් රෝගයක්, මගෙ නංගිට යන්තං වයස 12යි.
මට මැරෙන්නනං බෑ... මම මැරිල බෑ.
මට මැරෙන්න බෑ! මට මැරෙන්න බෑ!
No comments yet. Be the first to leave one.