The first 200 lines.
ඇහුම්කන් දෙන්න
මේ සුළගත් එක කතන්දරයක් පවසනවා...
යාග්ඩ්‍රසිල්, ජීවයේ වෘක්ෂය, එහි මුල් ඇත්තේ ලෝකයේ මැද...
ඇස්ගාර්ඩ්වල, දෙවියන්ගේ අඩවියේ...
එහි සියල්ලෝම සේවය කරන්නේ, එක ඇසක් ඇති දෙවිවරුන්ගේ රජුවන ඕඩින් හටයි...
ඒවගේම බලවත් අකුණට අධිපති තෝර්ට..
ඇස්ගාර්ඩ්වල තමයි, වල්හල්ලා දෙවිවරුන් රැස්වන ස්ථානය තියෙන්නේ.
මනුෂ්‍ය සංහතියෙන් එන ප්‍රශංසාවෙන් තමයි....
දෙවිවරුන්ගේ ශක්තිය සහා ආයුෂ වැඩිවෙන්නේ...
වල්හල්ලා සිට ඔඩින් ලෝකයේ රාජධානි තුනක් දකිනවා...
ඔහුගේ කපුටන්ව යවනවා හැම භූමියකටම, තොරතුරු එක්රැස් කරන්න....
බිහිසුණු උට්ගාඩ්වලට....
යෝධයන් ලෙස හඳුන්වන ඉන්ද්‍රජාලික ජීවීන්ගේ නිවස
අන්ධකාරයේ අධිපතින් සිටින ස්ථානය...වෙතට
ඒවගේම පෘතුවියට... මනුෂ්‍යන්ගේ දේශයට...
වයිකින්වරු සහා ගොවියන් ජීවත්වන දේශයට...
නමුත් බලය සහා මහිමය තිබුන විදිහට නෙමෙයි දැන් තියෙන්නේ...
යෝධයන්ට එරෙහි වසර දහස් ගණනක යුද්ධය අඳුරේ වල්හල්ලා දක්වා දිව ගියා...
ඒ අදුරෙන් ඉවරයක් කරන්නට පුලුවන්...
රැග්නාරොක් ....
දෙවියනි, මාව කපුටෙක් බවට පත්කරන්න... එතකොට මට පුලුවන් ඈතට පියාඹන්න..
මේක ගෙදරට අරන් යන්න...
තජාෆි, මම එනවා...
රොස්කාවා., තජාෆි, එන්න...
ඉක්මන් කරන්න..
තජාෆි,, එන්න, එන්න... එන්න...
දැන්ම එන්න...
සුභ සන්ධ්‍යාවක්, ගොවියනි..
ඔබලාට අවස්ථාවක් ලැබිලා තියෙනවා, වල්හල්ලාවල ඉන්න බලවත් දෙවිවරු දෙන්නෙකුට සත්කාර කරන්න.. ඔයාලට ඒක කරන්න පුලුවන්ද?
අනිවාර්යයෙන්ම, ඔවුන්ට පුලුවන්..
මොනාද මේ ගද?
මාළු ... මාළු කැද..
කොල්ලා... නැගිටලා එන්න...
ගිහින් දර ටිකක් එකතු කරගෙන ඇවිත්, ගිනි මැලයක් ගහන්න...
ඔයා, කෙල්ලේ.. මෙහෙට එන්න..
ගිහින් මගේ එළුවන්ට වතුර දෙන්න..
නියමයි..
දෙමව්පියෝ ගාවට යන්න...
මං උදව් කරන්නම්... දැන්ම යන්න දෙමව්පියෝ ගාවට..
ඔයත් යන්න
ඉක්මන් කරන්න... කෙල්ලේ
හොදින් අහගන්න....
ඔයාලට ඇතිතරම් මස් කන්න පුලුවන්...
නමුත් කිසිම අස්ථියක් කඩන්න එපා...
හෙට මම අස්ථි ටිකයි හමයි අරගෙන...
මගේ මිටිය කරකවන විට...
එයින් මස් වැඩීගෙන එනවා..
එතකොට මගේ එළුවන් නැවත ජීවය ලබනවා... පැහැදිලියිනේ?
කතන්දරයක් අහන්න ඕනද?
දිනක් ලෝකි වනාන්තරයේ ඇවිදීමට ගියා...
වනාන්තරයේ එහෙ මෙහෙ ඇවිදිමින් ඉන්නකොට,
පොඩි බලු පැටියෙක් ඔහුගේ පස්සෙන් එන්න ගත්තා...
ඇස්ගාඩ්වලට එනකම්ම ඔහු පසුපස්සේ ආවා..
ලෝකි ඒ පැටියව අරගෙන ආවා වල්හල්ලා වලට...
වල්හල්ලා වල ඉන්න හැමෝම ඔහුට කැමති වුනා...
නමුත් ඔහු වැඩීගෙන වැඩීගෙන ආවා...
වැඩි කලක් යන්නට පෙර අපිට වැටහුණා මේ බල්ලෙක් නෙමෙයි...
නරියෙක් බව..
නරියා ඉතාමත් ඉක්මනින් උස් මහත් වුනා...
තජාෆි, මෙහෙට එන්න...
අවසානයේ, ඔහුව පෝෂණය කරන්න ප්‍රමාණවත් ආහාර මදිවුනා..
වැඩිකල් යන්නට පෙර, අපිට තේරුනා ඌ ෆෙන්රි නරියෙක් බව..
අනාවැකි කියන විදිහට, මේ මෘගයා දවසක...
හිරු ගිලගන්න පුලුවන් තරම් ලොකු වෙනවලු...
එතකොට මෙහේ හැමදාම රජකරන්නේ, අදුර සහා සීතලයි....
කොහොමද රසයිද?
ඉතිං අපි තීරණය කළා, ඌව බැද තබන්නට..
වාමනයින්ට පමණයි, බිදිය නොහැකි දාමයක් සැදිය හැක්කේ...
ඔයා ලොකු උනහම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?
ගොවිතැන් තමයි...
ඒක ශක්තිය අවශ්‍යයි. ශක්තිය?
මම ශක්තිමත්, අනිවාර්යයෙන්ම
ඔබ ඇට මිදුළු කනවද?
ඇට මිදුළු? ඒකට කමක් නැද්ද?
ඒකෙන් ඔයාව ගොඩක් ශක්තිමත් කරනවා...
නමුත් තෝර් කිව්වේ... එයා ඕනවට වඩා කියවනවා..
එළුවෙක්ගේ ඕනතරම් ඇට මිදුලු තියෙනවා...
කවුද ඔය එක ගනන් ගන්නේ...
නැහැ තමයි... නැහැ... හරි...
ඉතිං එහෙම කරන්න, එක අතක් මෘගයාගේ කට මත තියන්න වුනා...
ඒක නිසා ටයිර් දෙවියෝ ඔහුගේ අතක් මෘගයාගේ කටෙ තිබ්බා...
අපි ඉක්මනට දම්වැල් ටික දාන්න හැදුවා...
නමුත් එතකොටත් ඌ ඔහුගේ අත කාලා ඉවරයි...
ඔයාට බයවෙන්න දෙයක් නැහැ...
අද වෙනකොට ෆෙන්රි නරියා දම්වැල් දාලා ඉන්නවා ග්ලෙයිප්නර්වල
ජොටුන්හෙයිම් ගුහාවේ...
බැරිවෙලාවත් යෝධයෝ වෘකයාව අල්ලාගත්තොත්...
ඒක තමයි රැග්නාරොක්වල අවසානය..
කවුද මේක කරේ?
මනුෂ්‍යයිනි...
එලියට .. එන්න .. දැන්ම
දැන්ම එලියට එන්න...
මගේ එළුවගේ අස්ථියක් කැඩුවේ කවුද?
මම කිව්වනේ, අස්ථි කඩන්න එපා කියලා...
කවුද මගේ එළුවගේ අස්ථියක් කැඩුවේ?
කවුද කැඩුවේ?
මමයි කැඩුවේ
මම දැනගෙන හිටියා ඔයාගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.
තෝර්, ඔය වයසේ ළමයි ඔහොම තමයි... ඔයත් එහෙමනේ ඒ දවස්වල..
අපිට ගොඩක් දුර යන්න තියෙනවනේ වල්හල්ලා වලට, මොහු අපිට ප්‍රයෝජනවත් වෙයි මේ ගමනේදි..
ඒක මොහුට දෙන දඩුවමක් ලෙස සලකමු...
වල්හල්ලාවල සේවකයෙක් ලෙස රැගෙන යමු
සේවකයෙක්.... ඔහුට හරිහමන් ඇගක්වත් නැහැ
ඔහු ශක්තිමත්, පොඩි කාලයක් දුන්නහම හරියයි...
හොදයි, එහෙනම්....
සුභපැතුම්, පුතා.... තෝර්ට සේවය කරන්න අවස්ථාවක් ලේසියෙන් හම්බවෙන්නේ නැහැ...
ඔයාලට බැහැ අපේ දරුවව අරන් යන්න... ඔහු තමයි මගෙන් පසුව ගොවිතැන බලාගන්න ඉන්නේ...
ඔයාලට පුලුවන් මට ස්තූති කරන්න, වෙන දවසක...
එන්න..
මේ විදිහට, හෙමින් නිවැරදිව කරන්න....
ඊටපස්සේ බඩ හරහා කැපුමක් දාන්න
ඔයා දැක්කද ඒක ඇතුලේ යමක් තියෙනවා... ඒක දිගටම කපන්න..
ඇතුලේ තියෙන බඩවැල් ටික අරන් දාන්න හරිද? දැන් ඔයාගේ වාරේ..
ඇයි? මට යන්න වෙලා තියෙන්නේ
තාත්තගේ අතේ ප්‍රශ්නෙත් එක්ක මේක කරන්න බැහැ ඉතිං ඔයාට තමා මේක කරන්න වෙන්නේ
මටත් බැරිද ඔයත් එක්ක යන්න..
දැන් මේ මාළුවව කපන්නකෝ... ගන්න...
කෝ...කපන්න
පිහිය මෙතනින් දාලා....
ඔයා ඉක්මනට ඉගෙනගනියි...
ඒගොල්ලෝ එක්ක කතා කරලා, ඔයාට යන්නැතිව ඉන්න පුලුවන්ද කියලා බලන්න පුලුවන් නේද..
නමුත් මේක මට ලැබිලා තියෙන හොද අවස්ථාවක්..
රොස්ක්වා...
මට යන්න වෙනවා..
මට ඔයාව ගොඩක් මතක්වෙයි
හයියෙන් තල්ලු කරන්න...
අයියෝ, කොල්ලෝ...
ඔයාට අස්ථියක් කඩන්න තරම් ශක්තියක් තියෙනවම් මේක තල්ලු කරන්නත් ශක්තිය තියෙන්න ඕන..
තල්ලු කරන්න, දුර්වලයා...
මං කියනකොට තල්ලු කරන්න...
හොදට බර දාලා තල්ලු කරන්න..
ඔයා හිතාගෙන ඉන්නේ, ගොවිපලේ වගාකරනවා කියලද? තල්ලු කරන්න..
මං කියන කොටම තල්ලු කරන්න..
දැන් තල්ලු කරන්න...
තල්ලු කරන්න, දුර්වලයෝ....
මම කිව්වනේ, ඔහුගෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා
අදින්න කොල්ලනේ ....
ආව්...
රොස්ක්වා...
කරත්තේ ඇතුළේ මොකද වෙන්නේ? මොකක්?
ඔයා මොනාද මෙහේ කරන්නේ?
ඔයාට තව අත්උදව් කාරයෙක්ගේ සේවයක් වුවමනා වෙයි නේද? ඔයා තවමත් පොඩියි... යන්න ගෙදර..
ලෝකි ඔයාව ගිහින් ඇරලවයි... එපා
අපි ඇයවත් අරගෙන යමු...
මේ වගේ උදව්කාරයෝ ඉන්න එක ගොඩක් වටිනවා..
ඇය ඔයාගේ වගකීමක් එහෙනම්...
කරත්තෙන් බහිනවා... දැන්ම
ඔයා ඇයි අම්මවයි, තාත්තවයි දාලා ආවේ? ඔයා හරිනම් ඒගොල්ලෝ එක්ක ඉන්න ඕන..
තජාෆි, මෙහෙ එන්න
ඇය ඔයාගේ වගකීමක්... තේරුණාද?
කොහෙද ඔයාලා ගියේ? අපි බලාගෙන හිටියේ එනකම්...
කවුද මේ?
මනුෂ්‍ය ළමයි... දිග කතාවක් ඒක... මොකද උනේ?
ඔහු පොරොන්දු වුනා ඔහුව බැද තබාගන්නා බවට... ෆෙන්රිස්
වාමනයෝ කියපු දේ තමයි මම කිව්වේ... මට ඒකෙන් වැඩක් නැහැ, ඔයා පොරොන්දු වුනා
මට තේරෙන්නේ නැහැ ඔයා මොනාද මේ කියන්නේ කියලා.. අනිවාර්යයෙන්ම ඔයා දන්නවා
කවුද ඇතුළේ ඉන්නේ? හැමෝම
මෙහෙ එන්න
මොන දේ වුනත්, වචනයක්වත් කතා කරන්න එපා...
දෙවිවරුන්ගේ ශාලාවේ, කිසිම මිනිසෙක් කතා කරලත් නැහැ, කතා කරන්නෙත් නැහැ...
පැහැදිලියිනේ?
මගේ පිටුපසින් ඉන්න..
ෆෙන්රිස්ව කවුරුහරි නිදහස් කරලා දම්වැල් කඩලා තියෙන්නේ යෝධයෙක් විසින්...
යෝධයෙක්.... ඔව්...
ඒක මං හිතන්නේ අත්වැරදීමකින් වෙච්ච දෙයක්...
මම යෝජනා කරනවා, ඇස්ගාඩ්වල ආරක්ෂාව තර කරන ලෙස...
යෝධයේ මෙහෙට ආවේ නැත්තේ ඌ හිටිය නිසයි..
අපිට සිද්ධවෙනවා වෘකයාව අල්ලගන්න... බැරිවෙලාවත් යෝධයෝ වෘකයාව අල්ලගත්තොත්..
අපේ ලෝකේ අවසානය ඒක තමයි...
වෘකයා කොහෙද ඉන්නේ, ටයිර්? ඝන වනාන්තරයේ...
එහෙනම් අපි ගිහින් බලමු...
මේක සිද්ධවුනේ, ඔයා කොයිවෙලාවෙත් කොහේහරි යන නිසයි...
බෝල්ඩර්, ඔය කණ්නාඩිය ඉස්සරහට වෙලා බල බල ඉන්න වෙලාවේ, පොඩ්ඩක් යුධ පිටියට ගිහින් බලන්න...
එතකොට ඔයාට මාව වුවමනා වෙන එකක් නැහැ... බෝල්ඩර්, ඔයා හරි.... මෝඩයෝ...
ඔයා ඔහේ කැරකි කැරකි, බිබී ඉන්න එකනේ කරන්නේ....
ඔයාට අපි ගැන ගානක්වත් තියෙනවද?
ඒක ඇවිත් තියෙන්නේ, විකාර අදහස් තියෙන මොළයකින්....
මෘගයාව මුදා නොහැර තබා ගැනීමේ වගකීම පැවරිලා තිබුන කෙනාගෙන්...
තට්ටය සහිත, එක අතක් පමණක් ආයුධ සන්නද්ධ..
අපි විශ්වාස කරනවා යෝධයෝ ඇස්ගාඩ්වලට එන එක වලක්වයි කියලා...
ඔයාගේ ප්‍රශ්නය මොකක්ද, බේබදු අමනයෝ...
කොහෙද ඉන්නේ කියලා මතක තියාගන්න.. කට පරිස්සමින්.. ටයිර්...
ඔයාට වැදගත් එකම දෙයයි... කෑම සහා ගැහැණු....
මම මෙහෙට වෙනකම් ඔබව ලුහුබැදගෙන ආවා... නමුත් දැන් තමයි ඔබේ ගමන ආරම්භ වී තියෙන්නේ...
දෛවය ඔයාට ලොකු දෙයක් සැලසුම් කරලයි තියෙන්නේ බලාපොරොත්තුවෙන් ඉන්න...
නිර්භීත වෙන්න, වැදගත්ම දේ තමයි.... කවදාවත් ඔයාගේ ආත්ම විශ්වාසය නැත කරගන්න එපා....
මමද?
ඉදගන්න..
තව වචනයක් හරි කතා කළොත් හැමෝගෙම දිවවල් කපලා දානවා..
තෝර්, ඔයාගේ වහල්ලු ටික හදාගන්න...
ඔයාට සිද්ධවෙනවා වෘකයා අල්ලාගෙන බැද තබන්න...
ඔයාට සිද්ධවෙනවා ගිහින් ඔහු පසුපස හඹායන්න..
හොදට නිදාගන්න... හෙට ඔබ හොදින්, ශක්තිමත්ව නැගිටින්න ඕනේ...
බලාපොරොත්තුවෙන් ඉන්න, නිර්භීත වෙන්න...
දෛවය ඔබට ලොකු දෙයක් සැලසුම් කරලයි තියෙනනේ කවදාවත් ඔයාගේ ආත්ම විශ්වාසය නැතිකරගන්න එපා...
මොකක්ද ඒ...
අයින් වෙන්න....
මේ කුවාක්.... ඔහුට බයවෙන්න වුවමනා නැහැ.
කවුද ඔහු? මෝඩයෙක්
ලොකී ඔට්ටුවකින් පැරදිලා, ඔහුව අරන් එන්න සිද්ධවුනා දැන් ඔහු ඉන්නේ අපිත් එක්ක..
No comments yet. Be the first to leave one.