Aan

Aan

Download Sinhala Subtitle

Release info

Aan 1952
A Commentary by PRIYANTHA WITHANAGE

Tags

webdl
Published on: 2024-05-04
Downloads: 30
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

ඔහු ගම්වැසියෙක්.

සාමය කාලය තුළ නගුල් ගෙන ගොවිතැනින් අපිව පෝෂණය කරන...

...සහ සටන්වල දී එම නගුල් කඩු බවට පත්කර රට රකිනා.

"Aan" ඉන්දියාවේ පළමු වෛවර්ණ හින්දි සිනමාපටය.

1952 වර්ෂයේ තිරගත කළ මෙය, ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි.

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

රඟපෑම් :- දිලිප් කුමාර් (ජායි ටිලක්) නදීරා (රාජශ්‍රී කුමරිය) නිම්මි (මංගලා)

සංගීතය :- නවුෂාඩ්

ගායනය :- මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ෂම්ශාඩ් බෙගම්.

විමසීම්:- සජින්ද්‍රා වීඩියෝ ඇන්ඩ් ඕඩියෝ, අංක :- 31, සුපර් මාකට්, පාදුක්ක. 0112859409, 0714510793.

පහත සඳහන් පැරණි හින්දි සිනමාපට සිංහල උපසිරසි සහිතව ලබාදිය හැකිය :- දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත් ,අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්.

මිලන්, බයිජු බවාරා, ජග්ටේ රාහෝ, මේරේ ජීවන් සාති, ආන්, ජිස් දේශ් මේන් ගංගා බේතී හේ, පාකීෂා, ගයිඩ්, අභිමාන්, ආරාධනා, උරන් කතෝලා, බන්දනී, මහල්, මධුමතී, කොහිනුර්, ටජ් මහල්, හාතිමෙරේ සාති, අම්රපාලි, ජබ් ප්‍යාර් කිසිතේ හෝතා හේ, ආවාරා, අංගුලිමාල, රාජ් කුමාර්, මූගල් ඊ ඇසාම්.

චාන්දාන්!

කෝ...මගේ කඩුව?

ඇයි ඔබ මේ උදේ පාන්දරම?

අපේ රජතුමා ප්‍රතිකාර ගන්න වෙනත් රටකට යන්න හදන්නේ.

අපි හැමෝම ඔහු වෙනුවෙන් යාච්ඤා කරන්න ඕන.

ආච්චි අම්මා, මම දැන් එන්නම්.

එපා...!

මේ අහන්න චාන්දාන්!

නුඹ කපටි ලෙස මගේ වැඩය මඟ හරිනවා. නුඹට තදින්ම දඬුවම් දෙන්න වෙනවා.

නුඹ දන්නේ නැද්ද තරගය සඳහා මට රජ මාලිගය වෙත යන්නට තිබෙන බව?

එහෙත් ඔබේ කෝපය භයානකයි.

මගේ හදවත දුර්වලයි. මට හෘදයාබාධයක් ඇතිවේවි.

පහරදීම නතර වේවි.

මට කඩුව හදන්න බැරිවුණා.

මම කඩුව හදන්නේ නැහැ.

ඔබ මාව මරන්න හදයි. එත් මම එය හදන්නේ නැහැ.

දැන් නුඹ කඩුව හදාවි.

ඔබේ මව කිව්වා ඒක හදන්න එපා කියලා.

අම්මා, නුඹට එහෙම කිව්වා?

ඔව්, ඔබට නිතර කේන්ති යන නිසා.

ඔබ ළඟ කඩුවක් තිබීම ඔබටම හානිදායක නිසා.

ඔව්, ඔබට අනතුරක් වේවි.

අම්මාට මේ ගැන කියලා තියෙන්නේ කවුද? - ඇගේ සුරතලිය මංගලා.

මංගලා, ඇයට කියලා.

ඔබට ගැහුව එකේ තේරුමක් නැහැ. - එහෙනම් මෙන්න ඒක ආපහු ගන්න.

මේ වැඩෙන් ඔබ අන්දමන්ද වුණා නේද?

මංගලා දුවන්න, සිංහයාට කෙන්ති ගිහිල්ලා.

මාව අතහරින්න!

මාව අතහරින්න! මම ඔබේ අම්මාට කියනවා.

අම්මාට කියන්නට යන්න වෙන්නේ නැහැ.

මම මේ ළිඳට නුඹව දානවා.

එහෙනම් ඔබට මාව අහිමි වේවි.

මායාකාරී, කෑගහන්න එපා! එහෙම වෙන්නේ නැහැ.

උඩට ගන්න. දැන් මාව වැටේවි.

මට හුස්ම ගන්න අමාරුයි. ඔබ මාව මරන්නද හදන්නේ?

උඩට ගන්නම් එක කොන්දේසියක් මත. - ඔබ කියන ඕනෑම දෙයක්.

කඩුව සඳහා අම්මාගෙන් අවසර ලබාදෙන්න ඕන.

එය කළ නොහැකි දෙයක්. ඇය මාව මරන්න හදාවි.

එය කෙරෙන්නනේ නැත්නම් මැරෙන්න ලෑස්තිවෙන්න.

හරි, මම ඇයගේ කැමැත්ත ලබාදෙන්නම්. - එහෙනම් දැන් යන්න.

මම එය කරන්නේ නැහැ.

මාව බේරගන්න!

දැන් ඔබට බේරිලා යන්න බැහැ.

මොකද මේ? ලොකු මහත් වුවත්, වැඩ කරන්නේ පොඩි ළමයි වගෙයි.

අම්මා නිතරම දොස් කියන්නෙත් මටයි.

මට මේ තරම් කරදර කරන ඇයට කිසි දොසක් කියන්නේ නැහැ.

ඇය ගැහැනු ළමයෙක්.

ඔව්, මම පිරිමියෙක්නේ.

ඔව්, එයා පිරිමියෙක්. - දැක්කද ඇගේ හැටි?

අම්මේ, ඇයව විවාහකර දීලා මෙහෙන් යවන්න ඕන.

ඔව්,මෙහෙන් යවන්න ඕන.

මම මේ ලෝකයටම ඇහෙන්න ඇත්ත කතා කරන්නේ.

මම හිමාලයට ගොස් ශාප කරනවා...

ඇයව ගෙම්බෙක් කරන්න කියලා.

තාපසයාණනි...

ඔබට කඩුවක් අවශ්‍ය වන්නේ ඇයි?

ඔබට තාපස ඇඳුම් සහ සෙම්බුවක් ගෙනත් දෙන්නද?

පළමුව ඔබව ගවරෙකුට විවාහ කරලා දෙන්නට ඇඳුම් සකසන්න ඕන.

එය හොඳින් මතක තබා ගන්න?

ඊට පස්සේ තාපස ඇඳුම් සහ සෙම්බුවක් ගෙනත් දෙන්න.

එහෙනම් අම්මේ මම යන්නම්.

අම්මා, ජයග්‍රහණය සඳහා මට ආශීර්වාද කරන්න.

ජේයි, දැන් ඔබ තරුණයෙක් බවට පත්වෙලා.

දැන්වත් දඟ ළමා ගති අත්හරින්න.

ඔබට ලැජ්ජාවක් නැද්ද?

ඇය කුඩා කාලයේ සිටම මේ විධියට මා සමඟ සෙල්ලම් කළා.

ඉතිං, දැනුත් ඒකෙ වෙනසක් නැහැ අම්මේ.

ළමා වියේදී විහිළු ඒ කාලයට පමණයි.

ඔබ දන්නවාද?

මම හදන්නේ ඇයව, ඔබට විවාහ කරලා දෙන්නයි.

මේ මොනවාද කියන්නේ අම්මේ?

මම ඒ මායාකාරී එක්ක විවාහ වෙන්න කැමති නැහැ.

මම මායාකාරියක්? ඔබ කුමාරියක් එක්ක විවාහ වෙලා...

...ඇයව එක්ක ආවොත් මේකෙන් නහය කපලා දානවා.

සහෝදරයා, ඔබේ අවසරය මට ලබාදෙන්න.

මෙම රාජධානියේ ජනතාව එම අසිපතේ අභියෝගය හඳුනාගන්නට ඇති.

සෑම වසරකම මෙම විශේෂ අවස්ථාවේදී...

ශාම්ශාර් බහන්දුර් සිං නාමයත් මේ සමඟ කියවෙනවා.

ඒ වගේම මෙම නිර්භීත නාමය ගෞරව ආදරයට පත්වෙනවා.

මෙම අවස්ථාවේදී...

...නැවත වරක් රජතුමා අවසර ලබාදීලා තිබෙනවා...

...මෙම කඩුවෙන් ඕනෑම කෙනෙකුට තම ශක්තිය පෙන්වන්න පුළුවන්.

රජතුමා විසින් ජයග්‍රාහකයා සඳහා ලොකු ත්‍යාගයක් පිරිනමනවා.

ඔබ මෙහි අසිපතක් රැගෙන ආවේ ඇයි?

ශාම්ශාර් සිං නිහඬ කරන්න.

අම්මා ඔබ දන්නේ නැද්ද, මේ රාජ්‍යයේ පදනමට මෙම අසිපත බලපෑවා කියලා?

මම දන්නවා. නමුත් ඔබ දන්නවාද ඔබේ ආච්චිලා සීයලා මෙම අසිපතෙන්...

...මේ රාජ්‍යය ආරක්ෂා කළා කියලා?

එහෙනම් ශාම්ශාර් සිං අද මෙහෙම අපිට අභියෝග කරන්නේ ඇයි?

මේක අපහාසයක්.

ඒත් රාජ්‍යයට එරෙහිව මෙහි බලය පෙන්වන්න හොඳ නැහැ.

අපේ ගෞරවය රැකගන්න ඕන.

කාටවත් මගේ අභියෝගයට මුහුණ දෙන්න ශක්තියක් නැහැ වගේ.

මාගේ අසිපතේ බලය නිසායි මේ රාජ්‍යයේ අයිතිය අපේ අතේ තියෙන්නේ.

ඒ වගේම බලය පවත්වාගෙන යන්නේ.

මම, ඔයා එනතුරු බලාගෙන සිටියේ.

අයියේ, ඔබ දැක්කද ඒ වෙළඹගේ තේජස?

ඇය ගෞරවයේ සහ අභිමානයේ සංකේතයක් වගෙයි.

ඔබේ රාජධානියට ඇයව ගැළපෙන්නේ නැහැ.

දෙවියන් වහන්සේ මේ පොළොව මත අසමසම දෙයක් නිර්මාණය කර නැහැ.

ඇයව පාලනය කරගන්නට හැකි එඩිතර කෙනෙක් මෙහි නැහැ.

ඔව්, එය අමාරු කාර්යයක්.

නමුත් කවුරු හෝ ඇයව මෙල්ල කළහොත් ඔබ පරාජය වූවා හා සමානයි නේද?

එහෙම අභියෝගයකට මම සුදානම්. - ටිකක් කල්පනාකර බලන්න.

මම සුදානම්. ඔබ එය නිවේදනය කරන්න.

හරි, ඔබේ කැමැත්තක්.

දක්ෂ අශ්වාරෝහකයෙක්ට...

...තමාගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.

කුමරියගේ වෙළඹ මෙල්ල කරනා පුද්ගලයාට...

...රජතුමා විසින් රන්කාසි සියයක් පරිත්‍යාග කරනා බව දන්වා සිටිනවා.

රන්කාසි සියයක්!

රන්කාසි වලින් විශාල නිවසක්, භාර්යාවක්, පුතුන් දෙදෙනෙක්, දියණියන් හතරක්...

ඔය ඇති! ගිහින් වෙළඹ මෙල්ල කරන්න.

මොනවද මේ කියන්නේ? මට වෙළඹ මෙල්ල කරන්න පුළුවන්.

එත් මට බයයි, මගේ බිරිඳ වැන්දඹුවක් වේවි කියලා.

එහෙම වුණොත් මම ඇය ගැන බලාගන්නම්.

ජායි, ඔබ මේ පොරොන්දුවට සාක්ෂියක් වෙන්න ඕන.

මම ගිහින් වෙළඹ මෙල්ල කරන්නම්. ඔබේ පොරොන්දුව මතක තියාගන්න.

මම ඔබට බේත් සුදානම් කරන්නම්.

ඔබ, අපි ඔක්කොටම අපහාසයක් සිදුකළා.

මොනවද මේ කියන්නේ? ඔයාලාගේ ගෞරවය නැතිවුණේ නැහැ.

මගේ ගෞරවයයි නැතිවුණේ.

ආ...මගේ මේ වළලු ටිකත් දාගෙන මෙතැන වාඩිවෙන්න.

මම ගිහින් වෙළඹ මෙල්ල කරන්නම්.

ඔයා වාඩිවෙන්න!

ඔබ මේ වළලු දාගන්න. එත් වෙළඹ කිට්ටුවට නම් යන්න එපා.

ඇය ගොඩක් දරුණුයි. ඔහුට යන්න දෙන්න එපා.

ඔබ කටවහගන්න!

ඒ තරුණයා ධෛර්යයවන්ත කෙනෙක් වගෙයි.

ඔබ මේ මොනවාද කියන්නේ? ඔහු සාමාන්‍ය ගම්වැසියෙක්.

ඔහු වෙළඹව මෙල්ල කළොත්...

මම පරාදයි. ඔබේ අදහස කුමක්ද?

ඇයි මෙපමණ කලබල වෙන්නේ?

මගේ අදහස කියන්නම්.

මම කියන දේ අහලා දැන් වාඩිවෙන්න.

බලන්න, ඒ තරුණයා ත්‍යාගය ගන්න ඇවිත්.

ඔබේ අතින් ඒ ත්‍යාගය දෙන්න.

මේක ගන්න.

ඔබට ආචාර කරන්නෙමි, රජතුමනි!

සුබ පැතුම්!

ඔබේ දස්කමට මම සතුටුවෙනවා.

සොයුරිය, මෙවැනි ගැමියන් තමයි...

...ගොවිතැනින් අප රාජ්‍යය පෝෂණය කරන්නේ.

එසේම ඔවුන් යුධ සමයේ මේ රාජ්‍යය ආරක්ෂා කළා.

ඔවුන්ට ගෞරව කරන්න.

රාජ්‍යයේ උන්නතියට ක්‍රියාකළ මෙවැනි පුරවැසියන්ට...

...අපේ මුතුන් මිත්තෝ, "අණදෙන්නා" යන නාමයද පිරිනැමුවා.

මගේ දෑහට නොපෙනෙන්න ඔය වෙළඹ මෙතනින් අරන් යන්න.

මගේ ජයග්‍රහණය ඔබට අසතුටක් නම්...

...මේ තෑග්ග මට අවශ්‍ය නැහැ.

මා දිනූ වෙළඹ අරන් යන්නම්.

මම ඒ සතාට වෙඩි තියනවා.

දැන් මට ඇයව හිමිවෙන්නට යන නිසා හීලෑ කරගන්නට පහසු වේවි.

උරුමයන් ගන්නට නම් අසිපතෙන් එය ගන්නට ඕන.

නිර්භීත මිනිසුන් නිකන් අසිපත් අද ගන්නේ නැහැ.

නමුත් මේක ක්‍රීඩාවක් පමණයි, ජායි.

මගේ බලාපොරොත්තුව එකිනෙකාගේ දක්ෂතාවය...

...සහ ශක්තිය රජු ඉදිරියේදී මැන බැලීමටයි.

එසේ නම් රජතුමනි, ඔබේ අණ පරිදි සතුරන් ලෙස නොව මිතුරන් ලෙස.

ජායි! ජායි!

මට එරෙහිව අසිපත එසවීමට තරම් ඔබ වාසනාවන්ත වුණා.

මෙහෙම කළේ ඇයි? ඔහුට බාධා කළේ ඇයි?

ඔබ ඔහුව නතර කළේ ඇයි?

ඔහු පැරදුණේ නැහැ. මම රජතුමාට කියන්නම්.

ජායි, පැරදුනේ නැහැ.

රජතුමනි, ජායි පැරදුණේ නැහැ.

මම දිවුරනවා. රජතුමනි, මම මේ සත්‍යය කියන්නේ.

ඔහු හිතාමතා පැරදුණේ. ඔහුගේ මවගේ කීම අහලා.

රජතුමනි, ඒ සියල්ල මගේ දෑසින්ම දුටුවා.

රජතුමනි, ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න.

රජතුමනි, ඔබතුමා දෑත්වල ශක්තිය දැක්කා.

මගේ අසිපතින් රාජ්‍යය දිනුවා වගේම...

...එම අසිපතේ බලය රැකගන්නත් ඕන.

කුමරුනි, ඔබට වාසනාව තියෙනවා.

ජායිගේ අම්මා එවෙලේ කතා නොකළා නම් නියම ශක්තිය දැනගන්න තිබුණා.

ජායිව පරද්දන්න ඔබට කොහොමත් මේ ආත්මයේ බැහැ.

මගේ හිස ගසා දැමුවත් ඇත්ත කියන්න බය නැහැ.

ඔබට කවදාවත් ජායිව පරද්දන්න බැහැ.

ඇයව අතහරින්න.

ජායි, ඔබේ කවුද?

ඔහු ඉදිරි කාලයේ අණ දෙන්නා වේවි.

ඔහුගේ අම්මා මගේ විවාහය සුදානම් කරනවා...

...ජායි සමඟ විවාහ වෙන්න.

නමුත් ඔහු කියනවා මේ මායාකාරී සමඟ විවාහ වෙන්නේ නැතිලු.

එතෙක් මේ වෙළඹ ඔහු වෙනුවෙන් රැගෙන යනවා.

නැත්නම් ඔහුට කේන්ති යාවි. කෑම නොකා ඉඳීවි.

වෙළඹ අපේ අශ්ව ගාලට දාන්න. - ඔහොම ඉන්න.

සහෝදරිය, ඔබ මා යටතේ ඉන්නේ. මා කියන දෙය අහන්න.

Aan subtitles in other languages

More Sinhala subtitles for Aan

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left