The first 200 lines.
You Tube - Video Running Time 02:27:51
You Tube search name - Mahal CC
මැහැල්
තිස් වසරකට පෙර, වැසි සහ කුණාටු සහිත එක්තරා රාත්‍රියක්!
අලහබාද් නගරය ආසන්නයේ, දුම්රිය ස්ථානයට සැතපුම් දෙකක් දුරින්...
...ජමුනා නදී තීර්ථයේ, සංගම් භවන් නම් මන්දිරයක් වූ අතර එය...
...මිනිස් වාසයෙන් තොරව බොහෝ කාලයක පටන් පාළුවට ගොස් තිබිණි.
කටකතාවලට අනුව, වැසි සහිත රාත්‍රීකාලවලදී...
...කොහේ හෝ සිට මතුවන ඔරුවක්, නදිය ඔස්සේ පැමිණ...
...ජමුනා නදී තීර්ථයේ එක්තරා තොටුපොලක නතර කරන්නේ ය.
ඉන්පසුව මන්දිරය තුළින් කිසිවකුගේ විලාපයක් පිටතට ඇසෙන්නේ ය.
මේ ස්ථානයට බිය වූ ගම්වාසීහු එය අශුද්ධ ස්ථානයක් ලෙස සැලකූහ.
කෙසේ වුවත්, මේ පාළු මන්දිරය පසෙකින් වූ නිල නිවෙසක...
...වයස්ගත උයන්පල්ලෙක් තවමත් ජීවත් වන්නේ ය.
මේ වයස්ගත උයන්පල්ලා විසින් ප්‍රකාශ කෙරුණු...
...අමුතු ආකාරයේ කතාවකට අනුව මේ මන්දිරය...
...අතිශය සංවේගජනක පෙම් පුවතකට ජන්ම ස්ථානය වී ඇත.
ඔව් මහත්තයෝ, බොහොම දුක හිතෙන ආදර කතාවක් මෙහෙ උපන්නා.
අවුරුදු 40ක 45ක විතර මනුස්සයෙක්...
...මුහුදු මාර්ගයෙන් මෙහාට ඇවිත් මේ මන්දිරය හදලා...
...දවසක් උදේ පාන්දරම ආපහු යන්ඩ ගියා.
මන්දිරය සූදානම් වුණාට පස්සේ, උන්නැහේ බොහොම ලස්සන...
...ගෑනු කෙනෙක් මෙහාට එක්කගෙන ඇවිත් එකට ජීවත් වුණා.
උදේ ඉදන් හැන්දෑ වෙනකං, මුළු දවස තිස්සෙම...
බොහොම නොසංසුන්කමින් ඒ නෝනා...
ගං ඉවුරට වෙලා ඉඳගෙන තමුන්ගේ ප්‍රේමවන්තයා එනකං බලාන උන්නා.
කුණාටුවක් හරි වාසුලියක් හරි තිබුණු දාට,...
...ඒ මහත්තයා මහ රෑ මෙහාට ඇවිදින්...
...පහුවදා ඉර නැගෙන්ඩ කළියෙන් පිටත්වෙලා යනවා.
දවසක්දා රෑ, මහ තදේට වැස්සා.
ජමුනා ගංගාව මැද්දේ කුණාටුවකුත් හැමුවා.
ආදර යාත්‍රාව ගමනාන්තයට ළඟාවෙන අතරේ...
...වක්කලමකට අහුවෙලා දියේ ගිලුණා.
ඒත්, එහෙම ගිලෙන අතරේ, ඇහිච්චි අවසාන පණිවිඩේ තමයි...
"කාමිනී, අධෛර්යමත් වෙන්ඩ එපා."
"මේ අවාසනාවන්ත ප්‍රහාරයට පරදින්ඩ අපේ ආදරයට ඉඩ දෙන්ඩ එපා."
"අපේ ආදරේ පැරදිලා නැහැ. කවදාවත් පරදින්නෙත් නැහැ."
"මම ආපහු එනවා. නොවරදවාම එනවා"
මේ සහතියත් එක්ක, කාමිනී, දවසක් නෑර, ගඟ දිය දිහා බලාන...
...තමුන්ගේ සැනසීමයි ආදරෙයි දිය රැළි අතරේ හෙවුවා.
අන්තිමේ දවසක්දා රෑ...
...වක්කළමකට අහුවෙලා ඇගේ ජීවිතේ අවසාන වුණා.
ඒ දෙන්නට අයිතිවෙලා තිබිච්චි මේ ලස්සන ආදර මන්දිරේ පාළුවට ගියා!
අවුරුදු හතළිහකට පස්සේ, තමුන්නාන්සේ තමයි...
...ඉස්සෙල්ලම මෙහෙ පදිංචියට ආවේ.
එච්චරද? - ඔව්, මහත්තයෝ.
කතන්දරේ ඉවරයි.
නැහැ, ඒක ඉවර නැහැ.
අසම්පූර්ණව ඉතුරුවෙලා තියෙනවා.
ඉතින්, කවුද ඔය කියන ජෝඩුව?
ඒ උදවිය කවුද, කොහෙ ඉඳන් ආවද කියන එක...
...ඒ අයගෙ මරණින් පස්සේ රහසක්ම උණා.
ඒ අයගෙ මරණින් පස්සේ,...
... ඒ අයව හොයාගෙන කිසිකෙනෙක් මෙහාට ආවේ නැහැ.
උඹ කවදා ඉඳන්ද මෙහෙ ඉන්නේ?
මුල ඉඳන්ම ඉන්නවා.
මේ මන්දිරයේ ගෙවත්ත මම තමයි වගා කෙරුවේ.
තමුන්නාන්සේ මේක සල්ලිවලට ගත්තත් වෙලා...
...ඒ උදවියගෙ වාසදේස දන්නවා ඇති, නෙව?
නැහැ, මම දන්නේ නැහැ. මම මේක ගත්තේ වෙන්දේසියකින්.
කඩදාසිවල හැමතැනම, අයිතිකාරයගෙ නම හිස්.
ඒකයි, මට මුල් අයිතිකාරයා ගැන දැනගන්ඩ බැරි වුණේ.
උඹ වැඩි දෙයක් දන්නේ නැතුව ඇති. ඒත්...
...අඩුතරමේ අයිතිකාරයගෙ නමවත් දන්නේ නැද්ද?
වැඩකාරයෝ කවුරුවත් හාම්පුතාගෙ නම දැනං උන්නේ නැහැ.
උන්නැහේ කවදාවත් මට කිවුවේ නැහැ. මමත් ඇහුවේ නැහැ.
කිසිකෙනෙක් උන්නැහේගෙ නම මතක් කෙරුවෙත් නැහැ.
ඒ හන්දා, මට දැනගන්ඩ බැරි වුණා.
කෙහොම උණත්, ඒ වැරැද්ද ආපහු කරන්ඩ එපා.
තොරතුරක් විදිහට අලුත් හාම්පුතාගේ නම දැනගෙන ඉන්ඩ ඕනැහැ.
කොයිවෙලාවේ වුවමනා වෙයිද කියන්ඩ බෑ.
මගේ නම හරි ශංකර්. - මේ මොනවා කියනවද?</font
කාන්පූර්වලයි, අලහාබාද්වලයි කවුරුත් දන්නවා තමුන්නාන්සේ...
...ප්‍රසිද්ධ නඩුකාරයෙක්ගේ පුතෙක්ය කියලා.
දේව කරුණාවෙන්, තමුන්නැහේ මෙතන දියුණු කරයි.
මෙච්චර දුරක් ඇවිල්ලා දැන් මහන්සිත් ඇති.
ටිකක් විවේක ගන්ඩ. මම නිදන කාමරේ ලෑස්ති කෙරුවා.
ඇඳ සූදානම් කරලා තියෙන්නේ.
වෙන මොනව හරි, කෙරෙන්ඩ දෙයක් තියෙනවද, මහත්තයෝ?
තියෙනවා. ඒත්, මේ කුණාටුවේ එළියට යන්නේ කොහොමද?
කියන්ඩ මහත්තයෝ, මං ගැන කරදර වෙන්ඩ වුවමනා නැහැ.
මෙහෙ ඉඳන් ටවුමට කොච්චර දුරද?
හැතැප්ම හතරක් විතර.
ඒ දුර පයින් යන්ඩ පුළුවන්ද? - යන්නම්. මහත්තයෝ, කියන්ඩ.
ජෝර්ජ්ටවුන් දන්නවද? - මොන ටවුමද, මහත්තයෝ?
ජෝර්ජ්ටවුන්, බැරිස්ටර්ලගෙ බංගලා තියන පැත්ත.
උසාවිය කිට්ටුව තියෙන්නේ.
මම දන්නවා, එහෙ කොහාටද මම යන්ඩ ඕනෑ?
බැරිස්ටර් ශිව්නාත්ගේ දිහාට.
එයාට කියපන් කාන්පූර්වල ඉඳන් යාළුවෙක් ඇවිත් ඉන්නවා කියලා.
හොඳමයි, මම ගිහින් එන්නම්.
කොහොම අභිරහසක්ද මේක? ඔයා කවුද?
ඇයි මං වාගෙම පෙනුම තියෙන්නේ?
මම ඔයාගෙ පුනරුත්පත්තියද?
ලෝකය නිහඬය.
තාරකා නිහඬය.
ලෝකය නිසංසලව ඇත.
තවමත් මගේ හදවත නොසංසුන්ය.
අන්ධකාරය තුළ...
...පියවර හඬකින් මම තිගැස්සෙමි.
එහි දෝංකාරය මට දැනෙන්නේ, කිසිවකු ...
...මගේ හද තුළට පා නගන්නාක් මෙනි.
නැතහොත් මගේ හද...
...අපේක්ෂාවෙන් ගැහෙන්නේදැයි නොදනිමි
පැමිණෙනු ඇත, පැමිණිය යුතු අය!
පැමිණෙනු ඇත, පැමිණිය යුතු අය!
ගිනි දල්ලක් නැතිව, දැවීමෙන් පළඟැටියකු මිය යන්නේ කෙසේද?
විදින්නට කෙනෙකු නැතිව, යමෙකු ඊ තලයකින් තුවාල වන්නේ කෙසේද?
කෙනෙකුට මේ වේදනාවෙන් කොපමණ කාලයක් පෙළිය හැකිද?
එහෙත්, මගේ හදවත පවසයි...
පැමිණෙනු ඇත, පැමිණිය යුතු අය!
මගේ අමතක කර දැමුණු යෞවනය එහි ගමනාන්තය සොයන්නේ...
...තොටියකු රහිත ඔරුවක් වෙරළ සොයන අයුරිනි.
මේ ප්‍රේම යාත්‍රාවට කවදා වෙරළ හමුවනු ඇත්ද?
මගේ හදවත පවසයි...
පැමිණෙනු ඇත, පැමිණිය යුතු අය!
කවුද? - ශංකර්...
මොකද වෙලා තියෙන්නේ?
ඇයි, ශංකර්? මොකද වුණේ?
ටිකක් ඉන්ඩ... ආපහු සිහි කල්පනාව ලැබෙනකං...
...මට ටිකක් සැනසිල්ලේ ඉන්ඩ ඕනැහැ..
ඇයි, මගෙ පින්තූරයක් මෙහෙ තියෙන්නේ?
ශිව්නාත්, පහුගිය ආත්මේ මමවත්ද මේ මන්දිරය හැදුවේ?
එතකොට මගෙ අසම්පූර්ණ ප්‍රේමකතාව...
...සම්පූර්ණ කරන්ඩද, මම මෙහාට ඇවිත් ඉන්නේ?
මේක අහම්බයක්.
අහම්බයක් නං ඒක බොහොම භයානක අහම්බයක්.
ඒක අහම්බයක් නං, එතකොට, මම දැකපු දේවල්?
ඇයි එහෙනං මම අවතාරයක් දැක්කේ?
මේ පරිසරය ඔයාට නරකට හිටින්ඩ ඇති.
ඒක මායාවක් මිස වෙන මොකක්වත් නෙවෙයි.
නැහැ, මම මායාවක් නෙවෙයි, හැබෑවක්.
මම මායාවක් නෙවෙයි, හැබෑවක්!
ඇත්තටම, මෙතන බොහොම භයානකයි. ඒ වාගේම අශුද්ධයි.
මේක ගත්තු එක ගැන, ඔයාගෙ තාත්තා කණගාටු වෙච්චි එක, පුදුමයක් නෙවෙයි.
මහ රෑ තනියම මෙහාට ඇවිත් ඔයා කෙරුවේ බරපතල වැරැද්දක්.
මම මෙහාට තනියම ආවේ, මේ මන්දිරය ගැන ප්‍රසිද්ධවෙලා තියෙන...
...දේවල් අත්දැකලා බලන්ඩ ඕනෑ වෙච්චි හින්දා.
මම දැනගෙන හිටියෙ නැහැ, ඒ කතාව මගෙ පහුගිය ආත්මෙට සම්බන්ධයි කියලා.
නැහැ, නැහැ, ඒක සම්පූර්ණ බොරුවක්.
මගෙත් එක්ක එන්ඩ... මෙච්චර ඉක්මනට මේවට අහුවෙන්ඩ එපා.
ඔයා ඉගෙනගත්තු කෙනෙක්.
බුද්ධියෙන් කල්පනා කරලා බලන්ඩ.
ඔයා ආපහු කාන්පූර්වලට යනවනං තමයි හොඳ.
ආපහු කාන්පූර්වලට යන්ඩ හිතපු එක හොඳයි.
මෙහෙ, අලහාබාද්වල, ඔයාට මේ...
...අවාසනාවන්ත මන්දිරය අමතක කරන්ඩ බැරිවෙයි!
ඒකෙන් නැති කරදරත් ඇතිවෙයි.
ඔයා දන්නවනේ, ඔයාගෙ තාත්තා මට කීප වතාවක්ම කිවුවා...
...මේක ගත්තේ වැරදීමකින් හන්දා...
...පුළුවන් ඉක්මනින් විකුණන්ඩ හරි, වෙන්දේසි කරන්ඩ හරි, කියලා.
ඔයා වුණත්, තාත්තගෙ කැමැත්තට නෙවෙයි වැඩ කරන්නේ.
ඒක ලොකු වැරැද්දක්.
ඔයා හරි.
ඒක හින්දා, ඔයා මේවගෙන් ඈත්වෙලා ඉන්න එක හොඳයි.
මොකද, ඔයා ගැන වැඩි අයිතියක් තියෙන්නේ බඳින්ඩ ඉන්න ගෑනු ළමයට.
ඔයා අයිති එයාට.
හරි ඒත්, මන්දිරය විකුණන්ඩ එපා.
තාත්තට කියන්ඩ ඒක විකුණන්ඩ බෑ කියලා.
ඒක විකුණුවොත් ඒක මට දරාගන්ඩ බැරිවෙයි.
හොඳයි, මම යනවා.
අහන්ඩකෝ, මගෙ තව බඩු වගයක් එහෙ තියෙනවා.
ඔයාට පුළුවන්ද ඒවා එකතු කරගන්ඩ? - හොඳයි, මම ගිහින් බලන්නම්.
පැමිණෙනු ඇත, පැමිණිය යුත්තා
ගිනි දල්ලක් නැතිව, දැවීමෙන් පළඟැටියකු මිය යන්නේ කෙසේද?
විදින්නට කෙනෙකු නැතිව, යමෙකු ඊ තලයකින් තුවාල වන්නේ කෙසේද?
කොපමණ කාලයක් මා...
ඔයා ආවද?
මම දැනගෙන හිටියා ඔයා ආපහු එනවා කියලා.
ඇයි පුදුම වෙලා බලාගෙන ඉන්නේ?
මම ඔයාගෙ හිතේ මැවිච්ච දෙයක් නෙවෙයි.
මම හීනයක් නෙවෙයි.
හොඳට මගෙ දිහා බලන්ඩ.
මාව අල්ලන්ඩ එපා.
මගෙ දිහා බලන්ඩ. මගෙත් එක්ක කතා කරන්ඩ.
ඔයා කවුද?
මම මෙච්චර කියලත්, ඔයා ආපහු මෙහාට ආවා?
ආවා නෙවෙයි, එන්ඩ වුණා.
ඔයා මාව හරියට තේරුම් අරන් නැහැ.
මම ලස්සන හීනයක් දැක දැක හිටියේ.
ඔයා ඒක නැති කළා.
නැහැ, ඔයා මත්වෙලා ඉන්නේ.
බීමක් කියලා හිතාගෙන ඔයා බීලා තියෙන්නේ වහ, අපි යමු.
හිමීට වැඩකරන වහ සාමාන්‍යයෙන් බොහොම රසයි.
වංචාව කොයිවෙලෙත් ලස්සනයි!
මොලේ තියෙන මිනිහෙකුට මේක තේරෙන්ඩ ඕනැහැ.
පැමිණෙනු ඇත, පැමිණිය යුත්තා
පැමිණෙනු ඇත, පැමිණිය යුත්තා
පැමිණෙනු ඇත, පැමිණිය යුත්තා
ඔහොම ඉන්ඩ! ඔයාගෙ සිහිකල්පනාව නැතිවෙලාද?
ඔයත් එක්ක මේ සෙල්ලම් කරන්නේ මරණය කියලා තේරෙන්නේ නැද්ද?
ඔයා හරි ඇති.
මම අසරණයි.
වැරදියි... මනුස්සයෙකුට හදවතක් විතරක් නෙවෙයි බුද්ධියකුත් තියෙනවා.
උගුලක අහුවෙච්චි තිරිසන් සත්තුත්...
...ඒ උගුලෙන් ගැලවෙන්ඩ දඟලනවා.
ඒත් ඔයා, මනුස්සයෙක් වෙලත් එහෙම නැහැ.
පෙරකදෝරු මහත්තයා, ආදරයෙදි තර්කයට අවස්ථාවක් නැහැ.
ඔයාට කවදාවත් දිනන්ඩ බෑ. එන්ඩ.
එන්ඩ.
No comments yet. Be the first to leave one.