Scorpion

Scorpion

Download Sinhala Subtitle

Season 2

Release info

Scorpion S02E01 720p HDTV X264-DIMENSION
A Commentary by sheringinige
www.baiscopelk.com

Tags

HDTV
hdtv
x264
720p
720
HD
Published on: 2015-10-13
Downloads: 41
Hearing Impaired: No

Sinhala subtitle preview

The first 200 lines.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා, ලෝකයට සිද්ධ වෙන තර්ජන වලට විසඳුම් සොයමින්

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

නියොජිත කේබ් ගැලෝ තමයි රජයේ නියෝජිතයා

පේජ් අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

සමහර වෙලාවට අපිට තියෙන ලොකුම ප්‍රශ්ණය වෙන්නෙ

එකිනෙකාව තේරුම් ගැනීම

අපි තමයි ' ස්කෝපියන් ' කණ්ඩායම

ඔයා පිටිපස්සෙන් යන්න, මං ඉස්සරහින් යන්නම්.

ඇති! ඇති, ඇති, ඇති, නවත්වන්න. නවත්වන්න!

මොකද ඇති කිව්වෙ?

- මොකක්ද ප්‍රශ්ණෙ? - තාක්ෂණික උපදේශකයට කියන්න දෙයක් තියෙනවලු.

තාක්ෂණික උපදේශකයට, ඇත්තට?

ඔයා තුවක්කව අල්ලන්නෙ වැරදි විදියට,

මම තුවක්කුව අල්ලන්නෙ වැරදි විදියට?

මේ අහනවා, මගේ මේ කාලය ඇතුළත මං පොලිස්කාරයෙක් විදියට ගොඩක් වැඩ කරලා තියෙනවා.

මං කරන දේ ගැන මං දන්නවා...

කතාව නම් හොඳයි, සිමන්ස් මහත්තයා විශ්වාස කරන්න හිතෙනවා,

ඒත් ඔයා මේකප් දාගෙන වේදිකාවක් උඩට වෙලා ඉන්නවා නෙවෙයිනෙ.

ඇත්ත ලෝකයෙදි ඇත්ත වගේ පේන්න ඕනෙ,

- ඔයා තුවක්කුව අල්ලන්න මේ විදියට. - මට පොඩි උදව්වක් කරනවද?

කඩේට ගිහින්, හොඳ කෝපි එකක් බීලා එන්න.

- සුභ දවසක්. - ගැලෝ,

ගැලෝ මහත්මයා, මං කතා කරන්නෙ හෝම්ලෑන්ඩ් ආරක්ෂක අංශයෙන්

අපේ අධ්‍යක්ෂකට ඔයා සහ ස්කෝපියන් කණ්ඩායම මුණ ගැහෙන්න ඕනෙ වෙලා තියෙනවා මිනිත්තු 45 කින් ගරාජයෙදි.

පොඩ්ඩක් ඉන්න, අපිට වැඩක් ලැබුණද?

මට මගේ රස්සාව ආපහු ලැබුණද?

ප්‍රශ්ණ දෙකටම උත්තරය ඔව්.

- මම මගේ නියෝජිතයට කතා කරන්නද? - එපා, එපා, එපා.

මේක පොඩ්ඩක් අල්ල ගන්නවද මොළකාරයා?

මට හොඳ ඇඳුමක් දෙන්න.

බොහොම හොඳයි. වර්ධනයක් පෙන්නුම් කරනවා.

කූරු ඇහිඳින වැඩේ කරනවද?

හරි, කරන්නම්.

නියමයි.

තව කූරු ඇහිඳින්න බෑ අප්පා...

හේයි, වෝල්ට්.

ඕහ්, හේයි.

හරි. අපි අද කූරු ඇහිඳින වැඩේ කරමුද?

හොඳමයි බොස්.

මං මේ ගැන කලින් කිව්වා නේද මේවා එක්ක සෙල්ලම් දාන්න එපා කියලා.

මට සමාවෙන්න, මං නිකන්...

අපිට බැරි උනා කූරු ඇහිඳින්න.

ඒක කොටස් 6 කින් යුක්ත රොබෝ අතක්.

ඔයාගේ කාලය නාස්ති කිරීමක්.

මෙයා කවුරුත් කියන දේ අහන්නෙ නෑ.

ඔයා මේ සතියෙ කලින්ම ඇවිත්.

අද මුකුත් ප්‍රහේලිකා නැද්ද?

මේ ආවේ ඔයාව බලන්න නෙවෙයි පුතා.

මාව ආයෙත් පත් කරලා.

අපිට වැඩක් ලැබුණා.

ඒක හොඳයි මෙරික් ඔයාට ආයෙත් රස්සාව දීපු එක.

ඒ කියන්නෙ දරුණු වැඩක් සෙට් වෙලා තියෙන්නෙ.

ඔයාට වැඩ කරන්න පුළුවන් තත්වයක ද ඉන්නෙ?

මං දන්නවා ඔයාගේ චිකිත්සාව ඉවර වෙන්න තව සති කිහිපයක් තියෙනවා කියලා.

අපොයි, නෑ නෑ නෑ අතේ කිසි අවුලක් නෑ.

මං ගිහින් චිකිත්සකයට කියල එන්නම්.

හේයි, මට එන්න කියලා තියෙනවා

උපදේශනය සම්බන්ධව දැනුම් දෙන්න.

ඊළඟ සති දෙකටම දොස්තර කිසි දෙයක් කරන්න කිව්වෙත් නෑ.

මට හොඳ සනීපයක් දැනෙනවා.

අන්තිමට කරකැවිල්ලක් වගේ දැනුණෙ කවදද?

මට එහෙම දෙයක් ගැන මතක නෑ.

හරි, ඔයා මානසික පීඩනයෙන් ඈත් වෙන්න ඕනෙ.

මේක විහිළුවක් නෙවෙයි, ඕ'බ්‍රයන් මහත්මයා.

මම තාක්ෂණික විශේෂඥයෙක්.

ඒකම කොච්චර මානසික පීඩනයක්ද?

හරි, ටූනා පැරඩයිස් එකයි,

කළුකුම් මස් එකයි එළවළු සහ මස් මිශිත පයි එකයි.

පේජ්!

මෙතන කෑම සීතල වෙනවා!

- තත්පරෙන් එනවා. - මට ඕනෙ ටූනා සැලඩ් එකක් මිසක්

- සැන්ඩ්විච් එකක් නෙවෙයි. - පේජ් අද එනවද?

නෙමෝස්, තත්පරයක් ඉන්නකෝ.

ටූනා පැරඩයිස් කියන්නෙ සැන්ඩ්විච් එකක්.

ටූනා පැරමෝර් කියන්නෙ සැලඩ් එකක්.

පේජ්, ඔයාට මේ රස්සාව කරන්න පුළුවන්ද බැරිද?

නෙමෝස්, දෙයියන්ගෙ නාමෙන්.. අපොයි, දෙයියනේ!

රස්සාව කරන්නෙ නැතුව නිදිකිරා වැටෙනවද?

පහුගිය සති ගානෙම කළේ මේකද?

ඔයාලා ආයෙත් මෙහේ ආවෙ ඇයි?

තාමත් වෝල්ටර්ගෙ චිකිත්සාව ඉවර නෑනේ.

කේබ් ගෙන් පණිවිඩයක් ලැබුණා.

කේබ් තවදුරටත් මෙහේ වැඩ කරන්නෙ නෑනේ. ඇයි මට මැසේජ් එකක් එවලා නැත්තෙ?

කේබ්ව ආයෙත් රස්සාවට අරන්. ඔයාට පණිවිඩයක් ආවා.

මොන මළ ජරාවක්ද ටූනා පැරමොර් කියන්නෙ?

ආව්, ඔයාට අළුත් සෙල්ලම් බඩුවක් හම්බවෙලා වගේ.

සෙල්ලම් බඩුවක් නෙවෙයි-- vintage Super Fun Guy කෙනෙක්.

කතා කරන්න පුලුවන්, දෙබස් කියවන්නත් පුළුවන්.

මං මේ දවස් වල කරන්නෙ

මේ වගේ දේවල් එකතු කරන එක.

මං නිවාඩු වෙලාවට ඒක වැඩි දියුණු කරන්න උත්සාහ කළා.

You'll take a lickin'

from my rubber chicken!

ඔයාට නම් හොඳ ගේම් දෙන්න පුළුවන් බව මට හිතා ගන්න පුළුවන්.

මං වැඩිපුර කාලය ගත කළේ එළිමහනේ, මගේ තියෙන හැකියාවන් වලින් ප්‍රයෝජනයක් ගත්තා

සත්ව රාජධානියේ,

එහෙම නැතුව සෙල්ලම් බඩු එකතු කළේ නෑ!

නැත්නම් අර වගේ ඒවා හැදුවෙත් නෑ,

ඒක කලින් සෙල්ලම් බඩුවක් උනාට දැන් ඒක තුවක්කුවක්.

ගොඩක් දුරට සම්පූර්ණ කරලා වගේ.

යුධ සංග්‍රාමයකට යවන්න සරසපු එකක් වගේ.

ආආආහ්!

මං ආසයි තීන්ත විදින්න!

අඩුගානෙ එක්කෙනෙක් හරි ස්කෝපියන් නැතුව අපහසුතාවෙට පත් වෙන්නෙ නැතුව හිටියනේ

පේන හැටියට පේජ් පහුගිය දවස් වල ගොඩක් පොත් කියවලා වගේ.

මෝඩ වැඩක්.

ඇත්තටම, වෝල්ටර්ට චිකිත්සාවන් තිබුණු කාලය ඇතුළත

ඔහු මට කිව්වා දවසගානේ වැඩකට ඇති දෙයක් කරන්න කියලා,

ඔයාලා කට්ටිය ඉතින් විද්‍යාත්මක දේවල් ගැන බලනවා.

මම ව්‍යාපාර ගැන බලා ගන්නවා.

"නායකත්ව න්‍යායන්"?

"උපාය මාර්ගික සබඳතා කළමණාකරණය"

"ව්‍යවසායකත්ව මනස."

මං අළුත් ලයිට් වගයක් සවි කරා.

අළුත් ද්වි පාර්ශව පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සවි කළා( ඉන්ටකොම් එකක්).

- එතකොට අපිට යටිගිරියෙන් කෑ ගහන්න ඕනෙ නෑනේ. - අයියෝ!

අළුත් වැඩේ ගැන අහනකම් ඉවසිල්ලක් නෑ.

අපිටත් එහෙම තමයි.

ඒත් අපි තාමත් බලන් ඉන්නෙ

හෝම්ලෑන්ඩ් එකෙන් කතා කරනකම්.

හේයි, කොහොමද ලෙඩා!

මොකා?

මං ඔයා නැතුව පාළුවෙන් හිටියේ.

ඔව්, මටත් එහෙම තමයි.

මට පුළුවන් ඔයිට වඩා හොඳ එකක් ඔයාට හදලා දෙන්න.

ඔයා ඇයි කේබ්ට විතරක් බලන්න එන්න දුන්නෙ?

අපේ ලොක්කා කැමති උනේ නෑ ඔහු දුර්වල වෙලා ඉන්න හැටි පෙන්වන්න.

සාම්ප්‍රදායික හර්කියුලිස් කෙනෙක්.

ඔව්, ඒත් මෙතන වැදගත් දේ මම ආයෙත් ආපු එක නේද...

මට විශ්වාසයි අපි හැමෝම...

බොහොම.... බොහොම කැමැත්තෙන් වැඩ කරන්න බලන් ඉන්නෙ කියලා.

ඉතින්...

ඒ ගැන කිව්වොත්, අධ්‍යක්ෂක මෙරික් එන්න ඉඩ තියෙනවා

ඕනම වෙලාවක. නියමයි!

ඔයා ආයෙත් ආපු එක හොඳයි.

මෙතන කිසිම සද්දයක් නැතුව පාළුවට ගිහින් තිබුණෙ.

My Whoopee Cushion of Doom

will blast you to atoms!

මොකක්ද ඔයා කිය කිය හිටියේ?

මම, ඔයා එවපු කප් කේක් කෑවා.

රහට තිබුණා.

එච්චරයි මට කරන්න පුළුවන් දේකට තිබුණෙ.

මම ගිහින් ඇඳුම් මාරු කර ගන්නම්.

මං කැමති නෑ ඔයා අළුතින් ගෙනාපු කාර්යක්ෂම පුටුවට.

මගේ පරණ පුටුව

මගේ පස්ස පැත්තට හරියන්න හොඳට වල ගැහිලා තිබුණෙ.

කියපු කිසි දේකින් වැඩක් නැද්ද?

හේයි.

හේයි, එන්න ඇතුළට.

මට තත්පරයක් දෙන්න.

- අවුලක් නෑනේ. - අනිවා.

මේ...

ඉන්න, මං උදව් කරන්නම්.

ස්තූතියි.

මං දැක්කා ඔයාගේ මේසෙ උඩ තිබුණු පොත් ටික

ඔයා ඇත්තටම ඔයාගේ වගකීම ගැන හිතලා තියෙනවා.

- මං ඔයාට පවරලා ගියපු වගකීම ගැන - ඔව්

ඒ හැම පොතකින්ම මං හොයා ගත්තු එක දෙයක් තියෙනවා.

එළිපිට ඇත්ත කතා කරන්නෙ නැති තාක් සබඳතා බිඳ වැටෙනවා.

හ්ම්ම්.

ඒ නිසා කණ්ඩායමේ හැමෝටම පුළුවන් වෙන්න ඕනෙ තමන්ගෙ අදහස්,

හැඟීම් සහ බලාපොරොත්තු ගැන එකිනෙකා එක්ක කතා කරන්න

ඒක ගැන තීරණයක් ගන්න හරි...

අවුලක් හිතන්න කලින්.

හරි, එහෙම කරමු.

හරි. ඒක තමයි.

නුමුහුන් තොරතුරු සන්නිවේදනය

තමයි හැමවෙලාවකම හරියන්නෙ

අන්න හරි..... මොකද...

මට කියන්න දෙයක්...

තියෙනවා.

ඔයා හොස්පිටල් එකේ සිහි නැතුව

හිටපු වෙලාවෙදි,

මම... ඇත්තටම එක්තරා විදියකින්...

ඔයාව සිප ගත්තා.

මට ඒ කරපු දේ ගැන හිතන්න ඇති තරම් කාලයක් තිබුණා.

මං තේරුම් ගත්තා, ඔයා මටයි රැල්ෆ්ටයි ගොඩක් උදව් කරලා තියෙනවා නේද කියලා.

රැල්ෆ්! එයාට කොහොමද? එයා?

මේන් වලට ගියා, Drew බලලා එන්න.

ඒත් මං කැමතියි කලින් මාතෘකාව ගැනම කතා කරන්න,

- නැත්නම් අපිට කවදාවත් මේක ඉවරයක් කර ගන්න වෙන්නෙ නෑ. - සමාවෙන්න.

ඒකට කමක් නෑ.

ඉතින්, රස්සාව නිසා

අපි ගොඩක් අමාරු තත්ව වලට මුහුණ දීලා තියෙනවා, ඒකෙන් හැඟීම් උද්දීපනය වෙනවා.

මම ඇත්තටම ඔයාට ගොඩක් ගරු කරනවා වගේම පුද්ගලයෙක් විදියට මම ඔයාට ගොඩක් කැමතියි.

මං හිතන්නෙ ඒ හැඟීම් නිසා

මාව නොසන්සුන් කලබල තත්වයකට පත් වෙලා

ඒ නිසා මම ඔයාව.... සිප ගත්තෙ.

ඔයා දන්නවා, මං හිතන්නෙ රහස් තියා ගන්නෙ නැති එක වැදගත්.

විවෘත සන්නිවේදනයක් තියෙන්න ඕනෙ.

හරි, මං දන්නවා

මට ඇත්තටම එහෙම හැඟීම් නෑ.

මං හිතුවෙ එහෙම තිබුණා කියලා

මං කැමති නෑ ඒ දේවල් නිසා ස්කොපියන් එක අවදානමකට දාන්න.

ඉතින් මං දන්නවා මම කියවනවා වැඩියි, ඒ නිසා මේක ඉවරයක් කරමු

වෘත්තිමය හවුල්කාරයන් විදියට, මොකද අපි ඇත්තටම එහෙමනේ.

More Sinhala subtitles for Scorpion

Comments

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left